අනතුරේ පෙරලිය 81...........වෛද්‍යවිද්‍යාලයට ඇතුලු වීමෙන් පසුව මාලගේ සහයෝගය වැඩියෙන් ලැබෙන්ට විය. ටික කලක් ගතවනවිට ජේ්‍යෂ්ඨ ශිෂ්‍යයන් කිහිප දෙනෙක් මා සමඟ කුලුපහගව කතාකරන්ට වූයේ මාගැන බලාපොරොත්තුවෙන් බව තේරුනි....ඉස්සර පිරිමියෙකු ලෙස සිටි මට මෙලෙස කරදර විදීමට සිදු නොවුනද මා දැන් රූමත් ගැහැණු ලමයෙකු බවඩ පත්වී ඇති බැවින් මෙවැනි දේවල් වලට මුහුන දීමට සිදුවීම සාමාන්‍යය දෙයක් උවද මෙය කරදරයක් සහ ලගඑන අනතුරක් ලෙස හැගෙන්නට විය.... .හරිම කරදරේ බන් මේ කොල්ලො හින්ද.....මා ඉශානි සමඟ පැවසුවේ උපන්දා සිට ගැහැනු ලමයෙකු ලෙස සිටි ඇගෙන් උපදෙසක් බලාපොරොත්තුවෙනි ....රූපෙ ලස්සනට තියෙන කෙල්ලො දැක්කම කොල්ලො එහෙම තමයි බන්....ඇය පැවසුවාය.....ඉශානී පවසන්නේ සත්‍යයයකි. මාද පිරිමියෙකු ලෙස සිටි කාලයේ රූමත් ගැහැනු ලමුන්දුටුවිට එසේ යහලු වන්නට සිතුනුබව සිහියට නැගුනි..... ඔයාට බයවෙන්න දෙයක් නෑනෙ .....මාලන් ඉන්නවනෙ....ඇය කීවාය....මාලන් මාව ආස්සරේ කලාට අපි අතරෙ වෙන සම්බන්ධකමක් නෑ බන්..මා කීවිට...... ඒ මොකද එහෙම කියන්නෙ.....මාලන් උඹට කොච්චර ලව්ද...ඇය පැවසුවාය.....එහෙම එකක් නෑ බන් අපි අතරෙ තියෙන්න යාලුකමක් විතරයි.....මාලන් මට සැලකුවද ඔහුගෙන් ආදරයක් බලාපොරොත්තු තබාගත නොහැකි බැවින් පැවසුවෙමි.
මේ ජේ්‍යෂ්ඨ ශිෂ්‍යයන් අතර මාලන්ගේ යහලුවෙකු වන අසේල මා ගැන වැඩි බලාපොරොත්තුවෙන් කතාකරන බව තේරුනි. මා ඔහුගෙන් ඈත්වීමට උත්සාහ කලද ඔහු මාව සොයාගෙන ඒම කරදරයක් ලෙස දැනෙන්ටවිය.....අසේලගෙන් හරිම කරදරයි අනේ....මා ඉශානිට පැවසූවිට....මාලන්ට කිව්වනම් ඉවරනෙ....ඇය කීවාය....මාලන්ගෙ යාලුව හින්ද එයාල අතරෙ ප්‍රශ්න ඇතිකරන්න කැමති නෑ....මා එයට විරුද්ධව පැවසුවෙමි. අපි මෙලෙස කතාකර ටික දිනක් ගතවිය.....නන්ගිට අසෙලගෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද....මාලන් ඇසූවිට මා ඔහු දෙස පුදුමෙන් බලා..... අයිය කොහොමද දන්නෙ....ඇසුවෙමි.....කොහොමහරි දන්නවනෙ....සිනාසෙමින් පැවසූ ඔහු ......අසේල මගෙනුත් නංගි ගැන අහනව......නන්ගි කැමතිනම් මම අශේලට කියන්නම්.....පැවසූ ඔහු....අශේල හිත හොද කොල්ල...තවදුරටත් කිවේය.....අනේ යන්න මාලන් අයියෙ යන්න මට ඕනෙනෑ..... කිසිවිටක බලා පොරොත්තු නොවුනු ඔහුගේ වචන නිසා දැඩිලෙස දුකට පත්වුනු මා කීවෙමි. මෙම සිද්දියෙන් පසු මාලන් ගැන සිත තුල තිබුනු සියලු බලාපොරොත්තු සුනුවිසිනුවුනාසේ දැනෙන්ට විය. මින් පසු මා අශේල පමනක් නොව පමනක් නොව මාලන්වද මග හැරීමට පටන්ගත්තෙමි. මාලන්ගෙන් ඇමතුම් ලැබුනද ඒවා විසන්ධි කලෙමි.
මොකද නංගි ඔයා දැන් මාව මග අරින්නෙ මගේ කෝල්වලට ආන්සර් කරන්නෙ නැතුව කට් කරන්නෙ.....හදිසියේ මාව මුනගැසුනු මාලන් ඇසුවේය....මම ඔයාව මග හරින්නෙ නෑ අයියෙ.....අයියනෙ මාව මග හරින්නෙ....මා පිලිතුරු දුන්නෙමි.....මම මග හරින හින්ද්ද නිතරම ඔයාට කෝල් දෙන්නෙ....ඔයානෙ ඒව කට් කරන්නෙ.....ඔහු තරහෙන් මෙන් කීවේය.....මාව වෙන අයගෙ ඇගේ ගහන්න බලා පොරොත්තු වෙන අයත් එක්ක මොන කතාද අයියෙ......කී මා.....ඕව වැඩක් නෑ.... ඇඩුම්බරව කී මම....මම යනව....පවසා ඔහු සිටිතැනින් ඉවත්වුනෙමි.....මේ නංගි මම කියන්දේ අහන්න.....ඔහු මගෙන් ඉල්ලාසිටියද මා නෑසුනාසේ ඇතට ගියෙමි.
මා මෙලෙස ගැගැනු ලමයෙකු බවට පත්වූ පසු පිරිමි ලමයෙක් ගැන ආදරයක් ඇතිවුනානම් ඇතිවූවේ මාලන් ගැන පමනි. ඔහු මට අකමැතිබව දැනෙන හැමවිටම මගේ සිත කඩා වැටෙන්ට විය. මා ඉතා කනගාටුවෙන් සිටිනවිට....මොකද බන් දැන් දවස් දෙක තුනක ඉදන් දුකෙන් වගේ අපිත් එක්ක විහිලු කරකර කතා කල උඹට මොකද වෙලා තියෙන්නෙ.....ඉශානී ඇසුවාය....අසේලද මාලන්ද කියල තෝර ගන්න බැරුව කල්පනා කරනව ඇති බන්....අපි අසල සිටි යෙහෙලියක්වන උදානී පැවසුවේ විහිලුවට මෙනි.....මට ඔය එක්කෙනෙක් ගැනවත් කල්පනා කරන්න ඕනැ නෑ.....මා තරහෙන් මෙන් කීවෙමි.....මාලන් එක්ක තියෙන්නෙ යාලුකමක් විතරක් උනාට අසේලගෙ හිතේනම් මෙයා ගැන අදහසක් තියෙනව වගේ පේනව.....පැවසූ ඉශානි.....කෝ...මෙයා ඒ කොල්ලට කැමති නෑනෙ.....ඉශානි පැවසුවාය....අපරාදෙනෙ බන් මාලන් උඹට කැමති නැත්නම් අසේලට කැමතිවෙයන්....උදානි කීවාය.....මාලන් මට අකමැති උනාට මගේ හිතේ තියෙන්නෙ මාලන්නෙ.....මා ඔවුන්ට නොකියා කල්පනා කලෙමි.
දින කිහිපයකට පසු..... නන්ගී ඔයා මාලන් එක්ක ආයෙත් මොකක් හරි රංඩුවක් ඇදගත්තද......සචිනි අක්කා ලන්ඩන් වල සිට කතාකරමින් ඇසුවාය......එහෙම දෙයක් නෑ අක්කෙ.....මා කීවෙමි. ....නැති වෙන්න බෑනෙ.....මාලන් එක්ක කතා කරන කොට ඔයා ගැන ඇහුවම ඒව වැඩක් නෑ කියන්නෙ මොකද....ඇය අසන්ට වූවාය....මට එයාගෙ යාලුවෙක් එක්ක යාලුවෙන්න කිවුව අක්කෙ.....ඒ සැරේ මම ටිකක් සැරකලා ඒක හින්ද වෙන්න ඇති.....මට වෙන කොල්ලො ගැන හිතන්න බෑ අක්කෙ....මා කීවිට...ඒමොකද මාලන් කියන්නෙ හොද කොල්ලෙක්නෙ....ඇය ඇසුවාය......මාලන් අයිය ගැන නෙවෙයි අක්කෙ මම කියන්නෙ වෙන කොල්ලො ගැන....මාලන් අයියගෙ යාලුව මාත් එක්ක යාලුවෙන්න එනව අක්කෙ.....මාලන් අයියත් ඒකට උදවු කරනව.....මා පැවසුවෙමි......එහෙම කරනවද....පුදුමයෙන් මෙන් ඇසූ ඇය....ඉන්නකො මම මාලන්ගෙන් අහන්නෙ....ඇය කීවාය.....ඕව වැඩක් නෑ අක්කෙ....දේශානි මාලන්ට කියපුව තාම මතක ඇතිනෙ.....එයාගෙ හිතේ මම තාම ඒ පරන දෙශානිමයි කියලනෙ....මා දුක්බරව පැවසුවෙමි...
No comments:
Post a Comment