Friday, July 19, 2019

අනතුරේ පෙරලිය 58..........අපි මල් උද්යානයකට ගියත් එම පෙදෙස හිමෙන් වැසීගොස් ඇතිනිසා මේදිනවල මල් නොමැතිබව පෙනෙන්ට තිබුනි. .....මෙහාට එන්න ඕනැ වින්ටර් එකට නෙවෙයි නංගි.. සමර් එක තියෙන කාලෙක ආවනම් නංගි මෙහෙන් යන එකක්ම නෑ.... ඒතරන් ලස්සනයි.....අක්කා කීවාය.....ඉතින් අපි දවස්වලට ඇවිත් තියෙන්නෙ....අපි අප්‍රියෙල් නිවාඩුවට මෙහෙ ආවෙ....මල්ලී කියනවිට....ඒවුනාට දැන් අක්කට ඒව මතක නෑනෙ මල්ලි....අක්කා පැවසුවාය....ඒකත් ඇත්තනෙ....සිනාසෙමින් කී මල්ලී....ලබන අප්රියෙල් නිවාඩුවට ආවහම මතක්වෙයි....පැවසුවේය.....එතකොට අප්රියෙල් නිවාඩුවටත් මෙයාල මෙහෙ එනවද....මා කල්පනා කලෙමි.... නිවාඩුවටත් මාලන් එනවද දන්නෙ නෑ...ගැටලුවක් ඇතිවූ මට මේ ගැන අක්කාගෙන් ඇසීමට හිතුනත් ඇය මොනවා හිතයිද යන ගැටලුව නිසා එසේ නෑසුවෙමි.....අක්කේ අතන තියෙන්නෙ අයිස් ක්‍රීම් නේද....කිහිපදෙනෙක් එම ස්තානයට වී අයිස් ක්‍රීම් කනු දුටු මා අක්කාගෙන් ඇසුවෙමි.....ඔව් අපිත් ගම්මු...කී අක්කා මා සමග එම ස්තානයට ගියාය.....ඇය අපි සියලු දෙනාටම අයිස් ක්‍රීම් මිලට ගෙන මා අතට දී සියලු දෙනාටම බෙදන ලෙස දැන්වූවාය... අම්මා තාත්තාට සහ මල්ලීට දුන් මා ටිකක් ඈතට වෙන්න සිටි අයියාට සහ මාලන්ට දෙකක් රැගෙන ඔව්න් දෙසට ගියෙමි....අපි අයිස්ක්‍රීම් ගත්ත අයියෙ.....කියමින් එකක් අයියාට දී අනිත් එක මාලන්ට දුන්නේ ගනීදැයි සැකයෙන් යුතුවය....එහෙත් ඔහු එය රැගෙන ස්තුතිකලේය....මෙහෙ මල් තියෙනකොට හරිම ලස්සනයිලු නේද අයියෙ....මා මගේ අයිස්ක්‍රීම් එකෙහි රස බලමින් ඇසුවෙමි.....ඇයි නංගි මීට ඉස්සර මෙහෙ ඇවිත් නැතුව වාගෙනෙ කතාකරන්නෙ....අයියා පැවසුවේය....දැන් දේශානි නංගිට ඒව අමතක වෙලා ඇති විශල්.......මාලන් පැවසුවේය....ඒක නෙවෙයි....මචං.....උඹ අපේ ගෙදර ආව දවසෙ මේ නංගි මල්ලිගෙන් ඇහුවලු උඹ අමීර් කාන්ද කියල..... තරමට උඹව අමතක වෙලා මචං.....පැවසූ අයියා සිනාසෙන විට ඔහුද සිනාසෙන්ට විය....එයට තවදුරටත් සිනාසෙන්ටවූ මාලන්......ඉතින් මල්ලි මොකද කියල තියෙන්නෙ....ඔහු ඇසුවේය.....මල්ලි ඇත්තම කියල....අයියෝ උබලගෙ මල්ලි හරි මෝඩවැඩක් නෙ කරල තියෙන්නෙ.....මාලන් කිවිට.... මොකද....අයියා ඇසුවේය.....අමීර් කාන්තමා කිව්වනම්.....හොඳට අන්දන්න තිබුනනෙ....මාලන් කීවිට.... මාව එහෙම අන්දන්න බෑ අමීර් කාන් කොහොමද හොඳට සිංහල කතාකරන්නෙ...මා කීවිට....අපරාදෙ මේගැන දන්නවනම් මම ඉංග්ලිශ් වලින් විතරයි කතාකරන්නෙ...කී මාලන් නැවත සිනාසුනේය.....ඇත්තට මාලන් අයියව මුලින් දැක්කම මට හිතුනෙ අමීර්කාන් මයි කියල.....මම ආශම හින්දි නලුවත් අමීර් කාන්නෙ.....මා කීවිට.....නංගි දැන් හිංදි ෆිල්මුත් බලනවද..ඉස්සර බලන්නෙ නෑනේද.....අයියා ඇසූවිට....දේශානී හින්දි චිත්‍රපට එතරම් නොබැලූ තැනැත්තියක් බව මතක් විය.....ලඟදි ඉදන් බලනව....මා කීවෙමි.....ඒකනෙ කියන්නෙ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ නංගි හරිම වෙනස් චරිතයක් කියල.....උඹත් ඔය පරන ඒව ගනන් ගන්න එපා බන්.....ඒක තමයි..... ඒකනම් මටත් තේරෙනව විශල්... නැත්නම් මේ නංගි අපිට අයිස්ක්‍රීම් ගෙනත් දෙනව තියා අපිත් එක්ක කතාවත් කරනවද......මාලන් එසේ කියනවිට ඔහු මගේ දැන් තත්වය තේරුන්ගෙන ඇතිබව අවභෝදවිය.....මා ඔවුන් අසලසිට කතාකරමින් සිටිනවිට .....දැන් මෙයා මාලන් මල්ලිත් එක්ක සෙට්වෙලා වගේ....අපි අසලට පැමිනි අක්කා කීවාය.....මාත් මේ මාලන්ට කිව්වෙ ඔය පරන දේවල් අමතක කරන්න කියල.....ඒකනෙ දේශානි නන්ගිත් දැන් වෙනස්ම කෙනෙක් වෙලා හින්ද.....ඔය පහුගිය සිද්දි අමතක කරන්න මාලන් මල්ලි.....අක්කා පැවසුවාය.......මගෙ ඔලුවටත් හයියෙන් පාරක් වැදිල සිහි නැතිවුනොත් සමහරවිට අමතක වෙන්න පුලුවන්....සිනසෙමින් කී මාලන්.....කමක් නෑ මම කොහොමහරි අමතක කරන්නම්කො.....පැවසුවේය....ඔන්නන් මම උඹේ ඔලුවට හයියෙන් පාරක් තඩිබාන්නම්.....අයියා සිනාසෙමින් පැවසුවේය....නෑ ඕනෙ නෑ...මාත් ඉතින් අමතක වෙලා වගේ ඉන්නම්කෝ....මාලන් කීවේය.
             මාලන් සහ දේශානී අතර තිබුනු ගැටලුව අමතක කිරීමට පොරොන්දුවූ නිසා මගේ සිතට සතුටක් දැනුනි.....දැන් ඉතින් මටත් අනිත් අය වගේ මාලන් එක්ක කතා කරන්න පුලුවන්.....ඔහු අසලටවී කතා කිරීමට ලැබීමත් සතුටක් ගෙනදෙනබව දන්නා මා කල්පනා කලෙමි....මෙහෙ අයිස් ක්‍රීම් ගොඩක්වෙලා කන්න පුලුවන් නේද අක්කෙ....මා ඇසූවිට .....මෙහෙ තියන සීතලට ඉක්මනින් දියවෙන්නෙ නෑනෙ....අක්කා පිලිතුරුදුන්නාය.

            අද රාත්රියේ නැවත හෝටලයට ගිය අපි සංගීත සාදයක් තිබෙන ස්තානයකට ගියෙමු. සන්ගීතය අනුව නටන ජෝඩු කිහිපදෙනෙක් සිටිනු දක්නට ලැබුනි. මා අසලට පැමිනි සුදු තරුනයෙක් මගේ විස්තර අහන්ට විය. මා විස්තර පැවසූ පසු ඔහුත් සමග නැටීමට ආරාදනා කරන්ටවිය. මා ආසියානු ජාතිකයෙක් බැවින් මෙම නැටුම් පුරුදු නැතිබව පවසා ඔහුගෙන් මග හැරියෙමි....මොකද නංගි අර කොල්ල කියන්නෙ.....මා අසලට පැමිනි මාලන් ඇසුවේය....මට එයත් එක්ක නටන්න කතාකරනවනෙ අයියෙ මම බෑ කිව්ව......ඉස්සර ඔයා අපිව ගනන්ගත්තෙ නැති උනාට සුදු කොල්ලොත් එක්ක ඕනැ තරම් නටන්නෙ.......මා නොදන්නා එම කතාව මාලන් පැවසීම නිසා..... කියන්නෙ දේශානි අපේ කොල්ලො ගනන් ගන්නෙ නැතිවුනාට සුදු කොල්ලො ගනන් ගන්නව කියන එකද....එහෙනම් දේශානි කියන්නෙ මහ පුදුම ජාතියෙ කෙල්ලෙක්නෙ....අපෝ මටනම් ඔය සුදු එවුන් වැඩක් නෑ...මා කල්පනා කරන්ට වුනෙමි....අයියා සුදු ජාතික ගැහැනු ලමයෙකු සමගත් අක්කා සුදු ජාතික පිරිමි ලමයෙක් සමගත් නටන අයිරු දුටු මා....ඇයි මාලන් අයිය පැත්තකට වෙලා ඉන්නෙ සුදු කෙල්ලෙක් අල්ල ගත්තනම් නටනවනෙ.... කීවෙමි....මට ඔය සුද්දියො අල්ලන්නෙ නෑ නංගි .....කී මාලන්....මම මේ කල්පනාකලේ වෙනදට මේ වෙලාවට සුද්දො එක්ක ඩාන්ස් කරන නංගි මොකද අද මේ පැත්තකට වෙලා ඉන්නෙ කියල....අර කොල්ල කතාකලත් ගියෙ නෑ නෙ.....ඔහු පුදුමයෙන් මෙන් කියන්ටවිය.

No comments: