අනතුරේ පෙරලිය 66.............මාලන්ට කතා කිරීම සඳහා කිහිපවරක්ම දුරකතනය අතට ගත්තද හිතේ ඇතිවූ චකිතය නිසා කතාකිරීමට නොහැකිවිය....මාලන් අයියට කතාකලාද.....මීට දවස් දෙකට පසුව අක්කා ඇසුවාය.....තාම බැරිවුනා අක්කෙ.....ඒ මොකද.... ඇය ඇසුවාය....මට මොකක්ද වගේ අක්කේ....මා පැවසුවිට....ඔයාට බැරිනම් මම මාලන්ට කියන්නම්කො කතාකරනකන් බලා ඉන්නව කියල.....අපෝ එහෙම කියන්න එපා අක්කෙ....මා එසේ පැවසුවද ඔහු මා සමඟ කතා කරනවනම් කොයි තරම් දෙයක්ද යනුවෙන් සිතුනි.....කොල්ලො වගේ නෙවෙයි කෙල්ලො ඉක්මන් වෙන්න හොද නෑ.......දැන් මාත් ඉස්සර වගේ කොල්ලෙක් නෙවෙයි කෙල්ලෙක්නෙ.....මට සිතුනි.....ඇයි එපා කියන්නෙ....ඇය ඇසුවාය.....එයා මොනව හිතයිද දන්නෙ නෑ....මා කීවිට....මොනව හිතන්නද එයා ඔයාට කැමතිනම් කතාකරයි....පැවසුවාය.....අනේ මන්ද අක්කෙ මේ ඔක්කොම මගේ වැරදිනෙ......මා දුකෙන් මෙන් කීවෙමි....ඒ ඉස්සර හිටිය දේශානිගෙ වැරදිනෙ නංගි..... දැන් ඔයා ඒ දේශානි නෙවෙයිනෙ.......ඇය කීවිට....දිශ්නි අක්ක මෙයාට මගේ ගැන විස්තර කියල වගේ.....කල්පනා කලෙමි.....මොකද එහෙම කිව්වම එකපාරටම ගොලුවුනේ...අක්කා සිනාසෙමින් ඇසුවාය...මොකුත් නෑ අක්කෙ ....මා පැවසුවෙමි......ඔයා බයවුනා නේද මම මේක දැනගත්තෙ කොහොමද කියල.....මට දිශ්නි අක්ක එයා ඔයා ගැන හොයාගත්ත ඒව කිව්ව.....එයාට සැකයිලු ඔයා අර මැරුනයි කිව්ව ප්‍රියන්ත කියල.....ඔයා බයවෙන්න එපා අපි මේව කාටවත් කියන්න යන්නෙ නෑ.....ඔයා හිටිය දේශානිට වඩා හොදයි කියල අපි දන්නව......ඒ හින්ද මේව අවුස්සල ඔයාව නැතිකරගන්න අපිට බෑ....අනික ඕවගෙ දේවල් කවුරුවත් පිලිගන්න එකකුත් නෑ.....ඇය පවසන්ට වූවාය.....අනේ මන්ද අක්කෙ මටත් මේව හිතාගන්න බෑ......මා කීවෙමි.....හිතාගන්න බැරි දේවල් ගොඩක් මේ ලෝකෙ සිද්ද වෙනව නංගියෙ.....ඕකත් ඒ දෙවල් වලින් එකක් වෙන්න බැරිනෑ.....ඇය කීවාය.
වෙන කවුරු නැතත් අක්කලා දෙදෙනා මගේ අතීත සිදුවීම් ගැන සොයමින් සිටින බව තේරුනි. මගේ අතීතය ගැන සම්පූර්න විස්තර ඔවුන්ට පැවසිය හැකිවූවද පල්ලියේ පියතුමා අවසර දුනහොත් එසේ පැවසීමට සිතාගත්තේ ඔවුන් මගේ සත්‍යයය දැනගත්තත් මට කිසි වරදක් සිදුනොවනබව තේරුම්ගිය නිසාය. පසුදින ඉරුදින බැවින් පල්ලියේ පූජා මංගල්‍යයට ගිය පසු පියතුමා සමග මේ සම්බන්දව සාකච්චා කිරීමට හිතාගත්තෙමි.
ඉරුදින සුපුරුදු පරිදි අපි සැවොම පල්ලියට ගොස් පූජා මෙහෙයට සම්බන්ධ වුනෙමු.....පූජා සියල්ල අවසන් වූ පසු මා පුද්ගලිකව පියතුමා හමුවී අක්කලා දෙදෙනාගේ සොයාගැනීම් ගැන පැවසුවෙමි....ඔයාගෙ අක්කල මේ ගැන හොදට ස්ටඩි කරල තියෙනව එහෙනම්.....සිනාසෙමින් පැවසූ එතුමා.....එක පාරටම විස්තර කියන්න යන්න එපා... ටිකෙන් ටික මතක් වෙන විදියට කියන්න....නැත්නම් මෙච්චර කාලයක් දැනගෙන ඉදල බොරුකලා කියල සැක කරයි....උපදෙස් දෙන්ට විය. පල්ලියේ පූජාවෙන් පසු ගෙදර ගිය අපි දහවල ආහාරගෙන ටික වේලාවකින් දේශානී අක්කා සමග සම්බන්ද වීමට හැකිවිය.....මාලන් අයිය කතාකලාද නංගි.....දිශ්නි අක්ක කොහොමද ඒක දන්නෙ......පුදුම වූ මා....ඒ මොකටද ඇසුවෙමි.....අපිට බොරුකරන්න එපා ඔයා සාංකාවෙන් ඉන්නෙ කියල සචිනි අක්ක මා එක්ක කිව්ව......එහෙම දෙයක් නෑ අක්කෙ මම නිකමට වගේ අක්කගෙන් මාලන් අයිය ගැන ඇහුව එච්චරයි.....මා පැවසුවෙමි......නොම්බරෙත් ඉල්ලගත්තෙ නිකමට වෙන්න ඇති නේද.....අක්කා ඇනුම් පදයක් මෙන් ඇසුවාය.....ඒ වුනාට මම එයා එක්ක කතාකලේ නෑනෙ......මා කීවෙමි.....ලැජ්ජ වෙන්න එපා නංගි හිතේ මොකක් හරි තියෙනවනම් කියන්න.....මාලන් කියන්නෙ හොද කොල්ලෙක්.....ඇය පැවසුවාය.....එහෙම වෙන්නෙ නෑ අක්කෙ එයාට තාම අතීත සිද්දි මතකයි....ඒ වුනාට ඔයා දැන් වෙනකෙනෙක් හින්ද අවුලක් වෙන එකක් නෑ.....ඇය පැවසුවාය.....ඒව මාලන් අයිය දන්නෙ නෑනෙ අක්කෙ........ඒක පස්සෙ එයාම තේරුම් ගනියි....ඇය කීවාය.....ඒක නෙවෙයි නංගි තවම ඔයාට අතීත සිද්ධී මොකුත් මතක නැද්ද....ඇසුවාය....අද පල්ලි ගියාම මම එහෙ හිටිය වගේ මතක්වුනා අක්කෙ.....පියතුමා පැවසූ ලෙස කීවෙමි....පල්ලියෙ නැවතිලා හිටිය වගේද මතක් වුනේ....ඔව් අක්කෙ ඒවගෙ තමා....මා කෙටියෙන් පිලිතුරු දුන්නෙමි......ඔයාට ම්තකද ඔයා එහෙ ඉන්නකොට ඔයාව හොදට ආස්සරේ කල යහලුවෙක් ගැන.....මට ආරන්චිවුන හැටියට එයාව විතරයි ගොඩක් ලගින් ආස්සරේ කරල තියෙන්නෙ.....ඇය තවදුරටත් කීවාය...ඔය කියන්නෙ බ්‍රියන් ගැනද බ්රියනුයි මායි ගොඩක් ලගින් තමා ආස්සරේ කලේ.....මා එලෙස පැවසූ විට ඇය අත්දෙක උස්සා සතුටින් සිනාසෙන බව දුටුවෙමි.....ඇයි අක්කෙ මා ඇසුවෙමි......මම හිතුව හරි.....ඔයා ප්‍රියන්තම තමයි......ජයග්රාහි විලාසයෙන් පැවසුවාය.....ඒ කොහොමද අක්ක හරියටම කියන්නෙ.....මා ඇසූවිට .....ඇයි ලමයො ඔයාමනෙ කිව්වෙ බ්‍රියන් කියන යාලුව ඔයා හොදට ආස්සරේ කලා කියල.....අක්ක කොහොමද ඒක දන්නෙ.....කොහොම දැනගත්තත් ඒ කතාව ඇත්තනේ....ඇය කීවාය......ඒ විදියට තමා මතක .....මා කීවත් බ්‍රියන් ගැන අක්කා දැනගත්තේ කෙසේදැයි සැකයක් ඇතිවිය.....සමහර විට ඩේසි ඇන්ටි වෙන්න ඇති බ්‍රියන් ගැන කියන්න ඇත්තෙ......කල්පනා කල මා.....ඩේසි ඇන්ටි නේද කිව්වෙ ඇසුවෙමි......දැන් නංගිට ඔය ඔක්කොම මතකයි කියන්නෙ ඇත්තට්ම ඔයා අර මැරුනයි කියන ප්‍රියන්තම තමයි......දැන් නන්ගිටම මතක් වෙනව නේද ඔයා ඒ දවස්වල පිරිමි ලමයෙක් වෙලා හිටිය කියල....ඇය ඇසූ විට...දැන් මොකක්ද කියන්නෙ......මා කල්පනා කරන්ට වුනෙමි.
No comments:
Post a Comment