Friday, July 19, 2019

අනතුරේ පෙරලිය 59.............මටත් ඔය සුද්දො අල්ලන්නෙ නෑ අයියෙ....අපිට හරියන්නෙ අපේ අය මිසක් මෙහෙ අය නෙවෙයි....මගේ හිතේ තිබුන අවංක අදහස කියනවිට ඔහු පුදුමයෙන් මෙන් මාදෙස බලන අයිරු දුටුවෙමි.මට තාමත් හිතාගන්න බෑ මේ ඉන්නෙ ඉස්සර හිටිය දේශානිමද කියල.....කෙනෙක් සිහිනැතිවෙලා ඉදල අතීතය අමතක වුනත් සමහර පුරුදු අමතක වෙන්නෙ නෑ.... වුනාට ඔයාගාව එදා තිබුනු පුරුදු එකක්වත් පේන්න නෑනෙ....ඔහු පැවසූවිට.... දේශානි ගාව තිබුන පුරුදු මට එන්නෙ කොහොමද....මම දවස්වල ප්රියන්ත කියන කොල්ලෙක්නෙ.......සිතූ මා...අක්කත් කියන්නෙ ඕකතමා....එයා කියන්නෙ මම හිටිය දේශානි නෙවෙයි වෙන කෙනෙක් කියල....මා පැවසූවිට....ඒකනම් මටත් පේනව...ඔයා දේශානි නැතුව වෙනකෙනෙක් වෙලානම් මම ගොඩක් කැමතියි....කී ඔහු...ඒත් එහෙම දේවල් වෙන්න බෑනෙ....පැවසුවේය....එහෙම දේවල් නොවෙනව කියල කියන්නත් බෑ නේද අයියෙ....මා ඇසුවේ ඔහුගේ සිතතුල ඇති දේශානි ගැන ඇතිවී තිබුනු තරහව තවදුරටත් ඉවත් කිරීමේ අදහසිනි......මමනම් එහෙම දේවල් වෙනව කියල විශ්වාස කරන්නෙ නෑ....ඒත් නන්ගිට එහෙම දෙයක් වෙලා තියෙනව නම් මම ගොඩක් කැමතියි කියල කිව්වෙ....... මොකද.... මා ඇසුවෙමි.....එතකොට තිබුන ගතිගුන ආයෙත් එන්නෙ නෑනෙ....ඔහු සිනාසෙමින් කීවේය.... ගතිගුන නරකද.... ඇසුවෙමි.....නරක කියන්නෙ නරකෙනුත් නරක....කී ඔහු... ඔයා දවස්වල මා එක්ක මේවිදියට කතාකරනව තියා බලන්නෙත් අහංකාර විදියට.... මෙහෙ ඉන්න අනිත් අය හොද හින්ද ආස්සරේ කරනව මිසක්....ඔයා ඉන්න පලාතෙවත් ඉන්න අදහසක් තිබුනෙ නෑ...ඔහු එසේ පවසන්ට වූයේ දේශානී ගැන තරහෙන්ද එසේ නැතිනම් හිතට ඇතිවූ දුකකින්දැයි ගැටලුවක් ඇතිවිය.....අයියට හොදටම බැන්නලු නේද ....මා ඇසුවේ ඔහුගේ හිත තුල තවමත් එහි තරහව ඇතිදැයි දැන ගැනීමේ අරමුනෙනි..ටිකවෙලාව කල්පනාකල ඔහු...ඒව දැන් වැඩක් නෑ නංගි ...ඔයාටත් ඒව මතක නෑ...මාත් අමතක කලා.....කීවේය....මට ආයෙත් අතීතය මතක් වෙන එකක් නෑ අයියෙ... පැවසුවෙමි.... කොහොමද එහෙම හරියටම කියන්නෙ...හදිසියෙ මතක්වුනොත් එහෙම....ඇසුවේය.....අක්ක කියන විදියට මම වෙන කෙනෙක්නම් හිටිය දේශානිගෙ අතීතය ගැන කොහොමද මම දන්නෙ....මා දැන් වෙන කෙනෙක් යනුවෙන් හැඟවීම සදහා කිවෙමි....එහෙම වෙනකෙනෙක් වෙලානම් දේශානි ගැන දන්නෙ නෑ තමයි... සිනාසෙමින් කී ඔහු....ඒත් කොහොමද එහෙම කියන්නෙ....ඔහු සැකමුසුව පැවසුවේය....මගෙ ගතිගුන ඔක්කොම වෙනස් වෙලා හින්ද මටත් හිතෙනව මම දැන් වෙනකෙනෙක්මයි කියල....මා කීවිට....අනේ මන්ද නංගි....ඔයා දැන් ඉංග්ලිශ් වලින් කතාකරනකොටත් මට තේරෙනව ඉස්සර තිබුන ෆ්ලුවන්ට් ගතිය නෑ කියල....ඉස්සර දේශානි මෙහෙ ඉන්න සුද්දො සුද්දියො එක්ක කතාකරනව මම අහගෙන ඉදල තියෙනව එයා කතාකරන්නෙ උන්ට දෙවෙනි නොවෙන්නනෙ....ඒත් ඔයාට දැන් එහෙම බෑනෙ..........මාත් කල්පනා කලේ ඒක තමයි අයියෙ....මට එයාල කතාකරන සමහර වචන තේරුම් ගන්න බෑ....මා කීවිට......  කියන්නෙ ඔයා ලන්කාවෙ අය එක්ක ඉන්ග්ලිශ් වලින් කතාකලාට මේ රටේ අය එක්ක කතාකරල පුරුද්දක් නෑ කියන එකනෙ....කීවේය......ඒක වෙන්න ඇති....කී මා .....මම ඇත්තටම වෙන එක්කෙනෙක් වෙන්න ඇති නෙද....ඇසුවෙමි....නන්ගි වෙන කෙනෙක් නන් ඔයා ගොඩක් හොද කෙනෙක් වගේම අහින්සක කෙනෙක්.....ඔයාගෙ රූපෙ හැටියට ඒවගෙ ගතිගුන තමා ගැලපෙන්නෙ.....ඔහු තවදුරටත් කීවේය.
          ... ඔයාල මෙතැනනෙ.....මම හිතුව නංගි සුදු කොල්ලෙක් අල්ලගෙන ඩාන්ස් කරනව ඇති කියල....වෙනදටත් එහෙමනෙ...අපි අසලට පැමිනි අක්කා කීවාය....කොහේද කොල්ලෙක් අඩගහලත් ගිහින් නෑනෙ......මාලන් කීවේය.... මොකද නංගි ...අක්කා පුදුමයෙන් මෙන් ඇසුවාය...මට ඔය කොල්ලො අල්ලනෙ නෑ අක්කෙ.....මා කීවිට..... දැන් නංගිත් කියන්නෙ මාලන් මල්ලි කියන ඒවනෙ....එයාටත් සුද්දියො අල්ලන්නෙ නැහැල්ලුනෙ....ඇය මාලන් දෙස බලා පැවසුවාය.....ඒකනෙ අක්කෙ දැන් නංගිගෙ ගතිගුන හැම අතින්ම වෙනස්වෙලා නෙ.....මාලන් සිනාසෙමින් පැවසුවේය.
          මා රාත්රී නින්දට යන්ට පෙර කන්නඩිය අසලට ගොස් මගේ රුවදෙස බැලූවිට මාලන් පැවසූ එක දෙයක් සිහියට නැගුනි.....ඔයාගේ රූපෙ හැටියට ඔය ගතිගුන තමා හරියන්නෙ.... මටත් හිතෙනව දැන් තමා දේශානිගෙ රූපෙ හැටියට ගතිගුනත් ලැබිල තියෙන්නෙ කියල....ඒක වෙන්න ඇති දෙවියන් වහන්සේ මගෙ ගතිගුනවල හැටියටම ගැලපෙන ගැහැනු ලමයෙකුගෙ ශරීරයක් දුන්නෙ.....මා දෙවියන් වහන්සේට සිතින් ස්තූතිකරමින් කල්පනා කලෙමි.
           පසුදින අපි කොහෙවත් නොගොස් මේ හෝටලයට වී විවේක ගත්තේ අධික සිතල තිබුනු බැවින් එසේ ඇවිදීමට යෑම ගැන අම්මා අකමැතිවූ බැවිනි.....මෙහෙ හැම තැනම හිම තියෙන්නෙ ලමයිනේ....සීතලයි හිමයි හින්ද ඇවිදින්නත් බෑ......මම මෙහෙට වෙලා ඉන්නම් ඔයාලට ඔන්නම් යන්න.....අම්මා පැවසූ විට ....අපි සැමදෙනාම හෝටලයට වී විවේක ගැනීමට තීරනය කලෙමු.....අපිට අගේ නැතිවුනාට අපේ රට මීටවඩා කොච්චර ලස්සනද......අම්මා පවසන්ට විය......එහෙත් මා ලංකාවේදිද එතරම් සංචාරය කර නොතිබුනි.....ලස්සනයි කියන නුවරැලිය බන්ඩාරවෙල පලාත් වලට ගොස්තිබුනේ නැත....කාත් කවුරුවත් නැතුව අනාතයෙක් වගේ හිටිය මට කොහේ ඇවිදින්නද.....පාදර්ට ස්තූතිවන්ත වෙන්න මාව මේවිදියටවත් හදාගත්ත නැත්නම් මට මොකද වෙන්නෙ....මා කල්පනාකරන්ට වුනෙමි.
             දහවල් වනවිට මටත් අක්කාටත් සුදු ජාතික ගැහැනු ලමුන් කිහිපදෙනෙක් හදුනා ගැනීමට ලැබුනි....ඔවුන් හොදින් හැදී වැඩී සිටියත් තවමත් නවයේ වසරේ ඉගෙනගන්න තරුනියන් පිරිසක් බව දැනගන්ට ලැබුනි.....ඔවුන් මේ පලාතට පැමින සිටියේ හිම ක්‍රීඩා පුහුනුවීමට බව පවසන්ට විය.....ඔවුන් මාසමග කතාකරනවිට සුපුරුදු පරිදි ඔවුන් කියන සමහර වචන නොතේරුනි.....අක්කා ඒවා පැහැදිලි කරන්ටවිය......මෙයාට ඔයාට වගේ අපිට වගේ ඉංග්ලිශ් කතාකරන්න අමාරුනෙ.....ඇයි ...එක් තරුනියක් අක්කාගෙන් ඇසුවාය....මම මෙහෙ හිටියට මේ නංගි ඉන්නෙ ලංකාවෙනෙ ඒකයි.....අක්කා පැහැදිලි කලාය.

             මෙච්චර හොදට ඉංග්‍රීසි කතාකල ඔයාට දැන් ගතිය අඩුවෙලා තියෙන්නෙ ඇයි නංගි ....ඔවුන් ගියපසු මගෙන් ඇසුවාය....ඇත්තටම මම දැන් වෙන එක්කෙනෙක් වෙන්න ඇති අක්කෙ.....මා පැවසුවෙමි....මටත් පේන්නෙ ඒක වෙන්න ඇති....අක්කා කීවාය.  

No comments: