Friday, July 19, 2019

අනතුරේ පෙරලිය 82...........මාලන් සමඟ සියලු සබඳතා නැවැත්වූ මා දුකසේ ඔහු ගැන සිතමින් සතියක පමන කාලයක් ගතකලෙමි.......මාලන්ගෙ අම්ම අද හවස කෝල් එකක් දුන්නනෙ.....මා කොළඹ සිට පැමිණි විගසම අම්මා කීවාය..... මොකද.....මා ඇසුවෙමි.....මාලන්ට කොලේජෙ එකේ ප්රශ්නයක් තියෙනවද කියල දුවගෙන් අහන්න කිව්ව.....ඇය කීවාය.....එහෙම දෙයක් දැනගන්නනම් නෑ අම්මෙ...පැවසූ මා... මොකද එහෙම ඇහුවෙ...... ඇසුවෙමි.....එයාගෙ අම්මට දැනගන්න ලැබිල තියනව මාලන්ට මොකක් හරි ගැටලුවක් තියෙනව කියල.....ඒකයි ඇහුවෙ.....මොකක්ද දන්නෙ නෑ.....චකිතයට පත්වූ මා ඇසුවෙමි.....ඒක තමා අහන්නෙ....කී අම්මා.....ඇයි ඔයාට මාලන් අයියව මුනගැහෙන්නෙ නැද්ද...... ඇසුවාය.....දැන් සති දෙකකින් විතර කතා කරන්නවත් බැරිවුනා.....මා විස්තර නොකියා එසේ පැවසුවෙමි..... මොකද නිතරම ඔයත් එක්ක කතාකරන ලමය නේද....කතා කරන්නෙවත් නැති කොට මොකද කියල හොයල බලන්න ඕනැනෙ....ඇය කීවිට .....මට බැරිවුනා අම්මේ.....කීවෙමි.....ඔයානම් පුදුම ලමයෙක් තමයි දැන්වත් කෝල් එකක් දාල අහල බලන්න.....අම්මා සැරෙන් මෙන් පැවසුවත් ඔහු සමග කතා නොකිරීමට තීරනය කල මට නැවත කතා කිරීමට හිත නොදිනි.....ඉතින් බලා ඉන්නෙ කෝල් එකක් අරන් කතාකරල බලන්න......ඇය මට බල කරන්ටවිය.......තව පොඩ්ඩකින් කතා කරන්නම් අම්මේ.....ඇයගෙන් ගැලවීම සදහා කීවෙමි......වෙනදට කියන්නත් ඉස්සෙල්ල කතාකරන ඔයා දැන් මොකද මග අරින්නෙ......දෙන්න එක්ක මොකක් හරි ප්‍රශ්නයක්ද.....ඇසුවාය.....එහෙම එකක් නෑ අම්මේ.....පැවසූ මා කාමරය තුලට ගියෙමි.ටික වේලාවක් ගතවිය....දුවේ මෙන්න දුවට කෝල් එකක්......අම්මාගේ කටහඩ ඇසුනු නිසා මා සාලයේ තිබුනු දුරකතනය අරගත්තෙමි....මේ මාලන්ගෙ අම්ම කතාකරන්නෙ.....අනිත් අන්සයෙන් ඇසුනු විට ඇයට කෙසේ පිලිතුරු දෙන්නේදැයි බියක් ඇතිවිය......ඔව් ඇන්ටි කතාකරන්න......මා කීවෙමි.....මාලන්ගෙ අයිය අපිට කතාකරල කිව්ව මාලන් දැන් ටික දවසක ඉදන් ගොඩක් වෙනස් වෙලා කියල.....ඉස්සර හොදට විහිලු කරල කතාකරන පුතා දැන් කා එක්කවත් කතා කරන්නෙ නැතිලු.....පොඩ්ඩ බැරිවෙනකොට කේන්ති යනවලු....අනේ දුවේ.....දුවට පුලුවන්නම් අපේ පුතාට මොකද වෙලා තියෙන්නෙ කියල හොයල කියන්න....ඇය පවසන්ට වූවාය.....ඉතින් මේ ගැන මාලන් අයියගෙන් ඇහුවෙ නැද්ද ඇන්ටි.... ඇසුවෙමි.....ඇහුවට කියන්නෙ නෑනෙ දුවේ.....ඒකනෙ දුවට කිව්වෙ.....ඇය පැවසූ විට මගේ සිතටද දුකක් මෙන්ම මාලන් ගැන බියක්ද දැනෙන්ට විය.....හරි ඇන්ටි මම හෙටම කොලේජ් ගියහම බලන්නම්.....මා පොරොන්දු වුනෙමි......මොකද කියන්නෙ.....මා දුරකතනය තැබූ විගස අම්මා ඇසුවාය.....මාලන් අයියට මොකක් හරි මානසික ප්‍රශ්නයක් වෙලා තියෙනවලු අම්මෙ....මම හෙට කොලේජ් එකට ගියහම හොයල කියන්නම් කිව්ව....මා පැවසුවත් මාලන්ට කුමක් වීදැයි මගේ සිතට ගැටලුවක් ඇතිවිය.
                   කාමරය තුලට ගිය මා මාලන්ට ඇමතුමක් ගන්දෝ නොගන්දෝයි දුරකතනය අතේ තබාගෙන කල්පනා කරන්ට වුනෙමි......නෑ මේක පෝන් එකෙන් අහන්න ඕනැ නෑ හෙට හම්බවෙලාම අහනව....අන්තිමේදී සිතාගත්තෙමි. එහෙත් පසු දින වනතුරු සිටීමට මගේ සිත ඉඩදුන්නේ නැත.....මා දුරකතනයෙන් ඔහුගේ අන්කයට ඇමතුමක් ගත්තෙමි....සොරි රෝන් නම්බර්....කී ඔහු ඇමතුම විසන්දි කලේ මා හලෝ කීමටත් පෙරය.....මාලන්ට ලොකු ගැටලුවක් වෙලා වගේ.....සිතූ මා නැවත ඇමතුම ගත්තත් ඔහු පිලිතුරු දුන්නේ නැති බැවින් පසුදින මෙය කුමක්දැයි විසදා ගැනීමට තීරනය කරගත්තෙමි.

               පසුදින මා ගෙදරින් පිටවූවේ මාලන්ව මුනගැසිමේ දැඩි බලා පොරොත්තුවෙන් යුක්තවය. එහෙත් ඔහුව මුනගැසීමට නොහැකිවිය.....දුව මාලන් අයියව මුනගැහුනද......ගෙදර පැමිනි පසු අම්මා ඇසුවාය....එයාව හම්බවෙන්න බැරිවුනා අම්මෙ....මා කීවිට.....මොකක්ද දුවේ..... මටනම් පේන්නෙ ඔයදෙන්න අතර මොකක් හරි ගැටලුවක් තියෙනව කියල......ඇය සැකයෙන් යුතුව මා දෙස බලා කීවාය....ඇයි ලමයෝ ඒදරුව කොච්චර හොද ලමයෙක්ද....ඇයි ඔයා ඒලමයට ඔහොම කරන්නෙ.....ඇය මට දොස් කියමින් කතාකරන්ට විය......මම මොකුත් කලේ....නෑ අම්මෙ....මා ඇයට පිලිතුරු දුන්නද ඔහුට මෙහෙම වූයේ මා ඔහු සමග කතා කිරීම නැවත්වූ පසුබව තේරුනි.....එහෙනම් ඔයා එක්ක හරි කතාකරන්න ඕනැනෙ.....ඔයදෙන්න කොච්චර ලගින්ද ආස්සරේ කලේ.....ඉන්නවකො මම කතා කරල බලන්න......ඇය දුරකතනය දෙසට ගොස් අන්ක සටහන් කර තිබුනු පොත පෙරලන්ට විය......ඕක පෙරලන්න ඕනැ නෑ අම්මෙ කී මා ඔහුගේ අන්කය මතකයෙන් කියන්ට වුනිමි......ගන්නෙ නෑනෙ.....ටික වෙලාවකින්.....කී ඇය.....එයාගෙ අයියගෙ ගෙදරට කතා කරල බලමු....ඇය එම අන්කය ගන්නා අයුරු දුටුවෙමි.....මාලන් පුතා ඉන්නවද දුවේ.....ඇය එසේ අසනවිට මාලන්ගේ අක්කා කතා කරන බව තේරුනි......ටිකවෙලාවක් කතා කල අම්මා....දුරකතනය තබා.....මාලන් තාම ඇවිත් නැහැල්ලු දුවේ.....හෙට එයාල මෙහෙ එනව කිව්ව..හෙට සැටඩේනෙ.......ඔයත් ගෙදර ඉන්නවනෙ ....ඇය කීවිට .... මොකටද....මාලනුත් එනව කිව්වද.....මා පුදුමයෙන් ඇසුවෙමි.     

No comments: