Friday, July 19, 2019

අනතුරේ පෙරලිය 85.....ස්වල්ප වේලාවකින් පසු.....මා ....සොරි අයියෙ.... කීමට මුව විවුර්ත කලා පමණි.....ඔහුද කුමක් හෝ කීමට ගොස් නවතා ගත්තේය. නිශ්සබ්ද වූ මා ඔහු දෙස බලා සිටියේ ඔහු කුමක් පවසාවිදැයි ඇසිමටය. .එහෙත් ඔහු නිශ්ශබ්දව සිටිනවිට...නැවත සොරි අයියෙ.... කීමට මුව වියුර්ත කලා පමණි.....ඔහුද කලින් වචනය පැවසීමට මුව විවුර්ත කලේය.....එවිට අපි දෙදෙනාටම සිනා යන්ටවිය.....සිනාව නවතා ගත් ඔහු....මොකක්ද ඔයා කියන්න ගියේ  ඇසුවේය......මම අයියට කල වැඩේට සමාව ගන්න ඕනැ.....කීවෙමි.....ඊට ඉස්සෙල්ල මම ඔයාට කල වැඩේට සමාව ගන්න ඕනැ....ඔහු කීවේය..... මොකක්ද මා ඇසුවෙමි.....මම අසේල ගැන ඔයාට කිව්ව එක ගැන.....මට පස්සෙ තමා තේරුනේ මගෙ අතින් ලොකු වැරැද්දක් උනේ කියල......මම ඒකට සමාව ගන්න ඔයාව කොන්ටෑක් කරගන්න ගොඩක් උත්සාහ ගත්ත ඒත් හරිගියෙ නෑ......පස්සෙ මට තේරුනා ඔයාට ගොඩක් තරහ ගිහින් කියල.....ඔහු පවසන විට ඉතින් මට තර ගිහින් හිටියනම් මමත් ඔයාට  කෝල් කරන්නෙ නෑනෙ......ම් කෝල් කඅමත් ඉතින් කෝල් කලානෙ වුනට ඔයත් ඒව සට් කලානෙ......මා කීවෙමි.....මට බය හිතුන....නන්ගි ඔයා මට එදාවගේ නරක විදියට බනියි කියල.....ඔහු දුකෙන් මෙන් පවසනවිට.....අනේ මාලන් අයියෙ.... මීට පස්සෙ කවදාවත් මගේ අතින් කිව්ව කියන දේවල් කියවෙන්නෙ නෑ......මා ඔහුගේ අතින් අල්ලා පැවසුවෙමි.....ඔහු කිසිවක් නොකියා මාදෙස බලා සිනසුනේය......ඇයි අයියෙ ඔයා අසේල ගැන එහෙම දෙයක් මගෙන් ඇහුවෙ......ඔහු එසේ අසනවාත් සමගම.....ඇති යන්තම් දෙන්න යාලුවෙලා වගේ.....දේශානි මේ දවස්ටිකේ අඬ අඬා හිටියෙ මාලන් එයත් එක්ක තරහවෙලා කියල.......ඉශාරි මා අසලට පැමින පවසා දැන් ලවු කලා ඇති.....ලෙක්චර්ස් පරක්කු වෙනව.....දන්නවනෙ ඩොක්ට ලියනගේගෙ හැටි.....එයා ලෙක්ච පටන්ගත්තට පස්සෙ කාටවත් ශාලාවට ඇතුලුවෙන්න දෙන්නෙ නෑ කියල....ඇය කියනවිට.....දැන් තියෙන්නෙ ඩොක්ට ලියනගේගෙ ලෙක්චර්ස්ද....විශ්මයෙන් මෙන් ඇසූ මාලන්......අම්මෝ එහෙනම් දැන්ම යන්න.....වෙලාව බලමින් පැවසුවේ එම වෛද්‍යවරයා නීතියට වැඩකරන කෙනෙක් බව දන්නා නිසාය.
              ඇයි මාලන් මට අසේලව යාලුකරල දෙන්න උත්සාහ කලේ.....කල්පනාකල මා.....ඒක අහගන්න හදන කොටනෙ.....ඉශාරී මාගාවට ආවෙ......එය අසාගැනීමට නොහැකිවීම ගැන දුකක් ඇතිවිය. මා සවස ඔහුව හමුවීමට උත්සාහකද ඔහුට අදික වැඩ තිබෙන බව දැන්වූ නිසා නොහැකිවිය.....අනේ සොරි නංගි අපි හෙට උදේට හම්බවෙමුකො.....ඔයා උදෙන්ම අද හිටිය තැනට එන්න මාත් එන්නම්.....ඔහු පැවසුවේය.
                    මාලන් අයියව හම්බවුනාද දුවේ.....මා නිවසට ගිය පසු අම්මා ඇසුවාය.....හම්බවුනා.....මා සිනාසෙමින් කීවෙමි.....මොකද දරුවෝ ඔය දෙන්න තරහවෙලා හිටියෙ......ඉස්සර වගේ නෙවෙයි මාලන් පුතාට ශොක් එක හොදටම දැනිල වගේ......ඒදවස්වල ඔයා මාලන්ට කොච්චර බැන්නයි කිව්වත් එයා ඕවගෙ හැසිරුනේ නෑ....  ....දැන් මොකද එයාට වෙලා තියෙන්නෙ..... අම්මා ගැටලු සහගත ලෙස විමසන අයුරු දුටුවෙමි......මේ සැරේ එන්ගලන්තෙ ගමනින් පස්සෙ මාලන් අයිය මට ගොඩක් ලන්වෙලා වගේ අම්මෙ......මා පිලිතුරු දුන්නෙමි......ඉතින් දුව ඒකට කැමති නැද්ද.....ඇසුවාය......එහෙම දෙයක් නෑ....මාලන් අයිය හරිම හොදයිනේ.....ලැජ්ජාවෙන් මෙන් පිලිතුරු දෙනවිට කටකොනකින් සිනාසුනු අම්මා අහක බලා ගත්තාය.....ඇයි අම්ම අහක බලා ගත්තෙ අපේ මේ සම්භන්දෙට අම්ම කැමති නැද්ද......මා කාමරය තුලට යන අතර තුර කල්පනා කලෙමි. එදින රාත්රියේ මාලන්ගෙන් දුරකතන ඇමතුමක් ආවද...වෙනත් දේවල් කතා කලත් අසේලගේ කතාව ඇසුවේ නැත.....හෙට උදේට එයාව හම්බවෙලාම අහනව......මා සිතා ගත්තෙමි.
             අද මොකද වෙනදට වඩා උදෙන්ම ලෑස්තිවෙලා.....මා වෙනදිනවලට වඩා උදෙන් ලෑස්තිවෙනු දුටු අම්මා ඇසුවාය......අද කොලේජ් එකේ වැඩ වගයක් තියෙනව අම්මෙ ඉක්මනට යන්න ඕනැ.....මා කීවිට....ඩ්ර්යිව රත්නායකට කිව්වද උදෙන්ම ලෑස්තිවෙන්න කියල.......ඔව් අම්මෙ  මම කෝල් කරල කිව්ව. මා උදෙන්ම යනවිට මාලන් ආසනය මත වාඩිවී සිටිනු දුටු මට මෙතරම් උදෙන් ඔහුද පැමිනීම ගැන පුදුම සිතුනි.....ඔයා මටත් ඉස්සෙල්ල ඇවිත්නෙ....ඔහු අසලට ගිය මා කීවෙමි.....උදෙන් එනව කිව්වොත් උදෙන් එන්න ඕනැ.....මම එහෙම තමයි....ඔහු සිනාසෙමින් කීවිට .....මාත් එහෙම තමයි....මාත් ඉතින් ආවනේ....ඔහු අසලින් වාඩිවෙමින් කීවෙමි.....මේ වනවිට එතරම් සිසුන් සන්කයාවක් පැමින නොසිටි නිසා තරමක පාලු ස්වභාවයක් ගත් බැවින් අපි දෙදෙනාට නිදහසේ කතා කිරීමට හැකියාව අතිබව තේරුනි......ඉතින් කෙල්ලේ.....ඔහු මගේ අතකින් අල්ලා ආදරයෙන් ඇසුවේය.....මා කිසිවක් නොකියා ඔහුගේ ඇස්දෙක දෙස බලා සිටියෙමි.....මොකද ගොලුවෙලා වගේ බලාගෙන ඉන්නෙ...ඔහු ඇසුවේය......ඔයා කාලද ආවෙ.....මා ඇසුවෙමි.....පස්සෙ කැන්ටිමෙන් මොනවහරි කන්න බැරියෑ.....ඔහු කීවිට......මාත් අද උදේ වැඩි හින්ද උදේ කෑම එක අරන් ආවෙ......දෙන්න එක්ක කමු.....මා බෑගයට අත යවමින් කීවෙමි.....ඔයායෙ කෑම එක දෙන්න එක්ක කැවම ඔයා බඩගින්නෙනෙ....එහෙම වෙන්නෙ නෑ අනේ.....මට කෑම පාර්සලේ හදන්නෙ දෙන්නෙකුට කන්න....මටත් ඉතින් තනියම කන්න බැරි හින්ද යාලුවන්ටත් දෙනව.....කියමින් උදෑසන කෑම පාර්සලය දිග හරීමට සූදානම් වනවිට .....එහෙනම් කැන්ටිමට ගිහින් කමු තාම සෙනගත් නෑනෙ.....ඔහු යෝජනා කලේය.


No comments: