Friday, July 19, 2019

 අනතුරේ පෙරලිය 88.........කවුද අම්මෙ එහෙම කියන්නෙ....මාලන් අයිය මගෙ සහොදරයෙක් වගේ තමා.....මා එසේ පැවසුවේ ඇත්ත කිව්වොත් අම්මා මට දොස් කියාවි යන සැකයෙනි.....දුව ඔහොම කිව්වට කියන්නෙ ඇත්ත නෙවෙයිනෙ....අම්මා මා දෙස සැකයෙන් මෙන් බලා ඇසුවාය....කවුද අම්මෙ අම්මට ඕව කිව්වෙ.....මා ඇසුවෙමි.....මාලන්ගෙ අම්ම එංගලන්තේ ඉදන් කෝල් කරල මාත් එක්ක කිව්වෙ.... ඇන්ටි කොහොමද දන්නෙ......මා ඇසුවේ ගැටලු කාරී ලෙසය.....මට මේව ආරන්චි නොවුනට එයාට කොහොමහරි ආරන්චි වෙලානෙ.....අම්මා පැවසූ විට....කවුරු හරි ඇන්ටිට බොරුවක් කියන්න ඇති අම්මෙ.....පැවසූ මා හිමින් සැරේ කාමරය තුලට ගියෙමි.....මාලනුයි මමයි ආස්සරේ කරනවට මෙයාල කැමතිවුනාට ඊට වඩා සම්බන්ධයක් ඇතිකරගන්නවට කැමති නෑවගේ.....දුකෙන් මෙන් කල්පනා කල මා.....ඔව්න්ට අපේ සම්භන්දය ආරංචි වූවේ කෙසේදැයි ගැටලුවක් ඇතිවිය. මා දුරකතනය අතට ගෙන මාලන්ට කතා කලෙමි....හරි වැඩේනෙ වෙලා තියෙන්නෙ.....මා කියනවිට..... මොකක්ද....ඔහු කලබලයෙන් මෙන් අසන බව තේරුනි.....අපේ සම්බන්ධය ගැන අම්ම දැනගෙනනෙ... මා පැවසුවෙමි.....ඉතින් ඒක හන්ගන්න දෙයක් නෑනෙ එයාල දන්නවනෙ......ඔහු කිසි ගානක් නොමැතිව සිනාසෙමින් කීවේය....ඔයාටනම් විහිලු......සිතේ තිබුනු බිය නිසා අමනාපයෙන්මෙන් කී මා.....අපි නිකන් ආස්සරේ කලාට ආදර සම්බන්ධතාවයක් තියෙනව කියල එයාල දන්නෙ නෑනෙ.....මා කීවෙමි....ඉතින් අම්ම බැන්නද.....ඔහු ඇසුවේය.....බැන්නෙනම් නෑ ඒත් අම්ම මගෙන් ඇහුව විදිය නම් තරම් හොද නෑ.....පැවසුවෙමි......බැන්නෙ නැත්නම් ගැටලුවක් නෑනෙ.....ඔහු කිවිට ....මට ගැටලුව තියෙන්නෙ මේක ඔයාගෙ අම්ම දැනගත්තෙ කොහොමද කියන එක......මා පැවසුවෙමි.......මම දවසක් අක්කත් එක්ක ඔයා ගැන කිව්ව....එහෙනම් අක්ක තමයි....ඔයාගෙ අම්මට කියන්න ඇත්තෙ...මම පැවසුවෙමි.....එඉතින් මේව හන්ගගෙන ඉන්න බෑනෙ කවද හරි කියන්නත් ඕනැනෙ.......ඔහු කීවිට.....ඔයා තමා වැඩේ කාල තියෙන්නෙ.....තව ටික දවසක් ගිහින් කිව්වනම් ඉවරනෙ.....මා නෝක්කඩු ස්වරූපයෙන් කීවෙමි....ඔයා ඔච්චර බය වෙයි කිඅල මම හිතුවෙ නෑ.....සොරි....ඔහු කීවේය.

මෙම කතාවෙන් පසුව මසක් පමන ගතවන තුරු අම්මා මගෙන් කිසිවක් නොඇසීම ගැන පුදුම හිතුනි. මා සිතුවේ ඇය මේ ගැන එතරම් ගනන් නොගත් බවය......මාලන් පුතාගෙ තාත්ත මාත් එක්ක කිහිප ගමනක් කතා කලා....මැටිල්ඩ....දිනක් තාත්තා පැවසූ විට....මොකක් හරි බිස්නස් එකක් ගැනද.....අම්මා ඇසුවාය......මේකත් එක්තරා බිස්නස් එකක් වගේ තමා..... මොකද මේව පාඩුවෙන්න කරන වැඩ නෙවෙයිනෙ.....තාත්තා සිනාසෙමින් කීයනවිට....අම්මා ඔහු දෙස පුදුමයෙන් මෙන් බලා සිටිනු දුටුවෙමි....මේ ගැන කතා කරන්න ඉස්සෙල්ල දුවගෙනුත් අහන්න වෙනව.....ඔහු මා දෙස බලා පැවසුවේය.....මොකක්ද තාත්තෙ.....මා ඇසුවෙමි.....මාලන්ගෙ තාත්ත කිහිප සැරයක් මාලන් ගැනයි දුව ගැනයි ඇහුව.....මම ටිකක් කතාකරල බලන්නම් කිව්ව මිසක් ....මොකුත් වචනයක් දුන්නෙ නෑ.....ඔහු කියනවිට...මා කිසිවක් නොකිවත්...ඒකතමා මීට ටික දවසකට ඉස්සෙල්ල මාලන්ගෙ අම්ම මේ දෙන්න ගැන කිව්වෙ.....අම්මා කීවේය... මොනවද.... තාත්තා ඇසුවේය......මාලන් පුතාට අපේ දුව ගැන හිතේ තියෙනව වගේ කිව්ව......ඒත් මම කිව්ව ලගින් ආස්සරේ කලාට අපේ දුවට මාලන් ගැන එහෙම අදසක් නැතුව ඇති කියල....කොයි එකටත් එදාම මේ ගැන දුවගෙනුත් ඇහුව.....දුවත් කිව්වනෙ එහෙම එකක් නෑ කියල.....ඊටපස්සෙ එයාල මොකුත් ඇහුවෙත් නෑනෙ.... ඉතින් මම කතාව තරන් ගනන් ගත්තෙ නෑ.....ඇය විස්තර කලාය.....මාලන්ගෙ පවුලෙ අය අපි අස්සරේ කරන්නෙ ලමය පුංචි කාලෙ ඉදන්......මාලන් පුතා කියන්නෙත් අපේම දරුවෙක් වගේනෙ....එයාගෙ පවුලෙ විස්තර ගත්තත් වැරැද්දක් නෑනෙ.....මැටිල්ඩා...ඉතින් මේ දෙන්න කැමතිනන් මගේ අකමැත්තක් නෑ.....තාත්තා පැවසූවිට..... දරුව අපේ පවුලට සම්බන්ධකරගන්න තියෙනවනම් කොච්චර දෙයක්ද.....අම්මා සිනාසෙමින් සතුට ප්රකාශ කරනවිට....මගේ සිත තුල ඇතිවූ සතුට කියා ගැමට නොහැකිවුවද මා දැන් ගැහැනු ලමයෙකු බැවින් හිතට ඇතිවූ ලැජ්ජා ස්වභාවය නිසා ඒබව නොපෙන්වා සිටියෙමි...... වුනාට විජේ... දුවගෙනම් තරම් කැමැත්තක් නෑ වගේ.....අම්මා සෙමින් කියනු ඇසුනි.

No comments: