Friday, July 19, 2019

අනතුරේ පෙරලිය 60.............මට පේන හැටියට ඔයා වෙන කෙනෙක්නම් ඔයා ඉස්සර ආගම ධර්මයට ලැදි සුද්දො තරමට බැරිවුනාට ඉංග්‍රීසි දැනුම තියෙන ක්‍රිස්තු භක්තිකයෙක්. ඒවගේම හොඳට  ගුණධර්ම තියෙන කෙනෙක් වෙන්න ඕනැ....දෙශානි නංගිට ඔයාට වඩා හොදට ඉංග්‍රීසියෙන් කතාකරන්න පුලුවන් වුනාට ඔයාට දැන් තියෙන ගතිගුණ පොඩ්ඩක්වත් තිබුනෙ නෑ....ඇය පවසන්ට වූවාය....මගේ ඇත්ත තත්වය මෙයාලට කියන්න එපා පොඩ්ඩ පොඩ්ඩ හගවන්න කියල එදා පාදර් කිව්වනෙ... හින්ද නියම ඇත්ත කියන්න හොද නෑ....මා කල්පනා කලෙමි.
              අද සවස් වනවිටද ඊයේ මෙන් සංගීත කන්ඩායමක සංගීතය ශ්‍රවණය කිරීමට ඉඩලැබුනු අතර අක්කා සහ අයියා ඩාන්ස් කිරීමට ලෑස්ති වනු දක්නට ලැබුනි..මල්ලී කාමරය තුලට වී චිත්‍රපටයක් නරබන බව අයියා පැවසුවේය......අපිනම් ඩාන්ස් කරන්න යනව ඔය දෙන්නට ඉතින් සුද්දො සුද්දියියොත් එක ඩාන්ස් කරන්න බැරිනම් ඔය දෙන්නවත් ඩාන්ස් කරන්න....අක්කා මටයි මාලන්ටයි යෝජනා කලාය.....ඇය එසේ කීවිට ලැජ්ජාවක් හටගත් මා ඇඹරෙන්ට වුනෙමි.....ඕකට ඔය හැටි ලැජ්ජවෙන්න දෙයක් නෑ නන්ගි....එන්න....මගේ අතින් අල්ලාගෙන  මාලන් අසලට ගියාය....අනේ අක්කෙ මට ඩාන්ස් කරන්න තේරෙන්නෙ නෑනේ.....මා එසේ පැවසුවේ..... කොල්ලෙක් හැටියටවත් මෙලෙස ඩාන්ස් කර පුරුද්දක් නැති මට කෙල්ලෙක් ලෙස කෙසේ නටන්නදැයි ඇතිවූ බය නිසාය.....අනේ මල්ලි ඔයා මෙයාට නටන හැටි කියල දෙන්න.....අක්කා මාලන්ට කීවිට...... මෙයා මාත් එක්ක ඩාන්ස්කරන්න කැමති නැතුව ඇති අක්කෙ....ඔහු කීවේය.....දැන් පරන ඒව ඉවරනෙ යමු යමු....අක්කා ඔහුට බලකරන්ට විය.....මෙය ඇසුනු අයියාද අපිට බලකරන්ට විය.....මොනවද මාලන් ඔය නන්ගිත් එක්කගෙන වරෙන්කෝ....ඔහු පවසන්ටවිය.....ඔව්න්ගෙන් බේරුමක් නොමැති තැන ඔහු මගේ අතින් අල්ලාගෙන නැටුම් පවත්වන ස්තානයට ගියේ බයෙන් මෙනි.....අනේ සොරි නංගි මෙයාලගෙන් බේරෙන්න බෑනෙ ඒකයි ඔයාගෙ අතින් හරි ඇල්ලුවෙ.....ඔහු මගෙන් සමාව ඉලන්නාක්මෙන් බැගෑපත්විය....අයිය මගේ අතින් ඇල්ලුවෙ නරක චේතනාවකින් නෙවෙයි කියල මම දන්නවනෙ.... ඉතින් මොකටද සමාව ගන්නෙ.....මා පැවසූ විට ඔහුගේ මුවට සිහින් සිනහවක් බව දුටුවෙමි.....එහෙනම් ගැටලුවක් නැනෙ.... කී ඔහු එක් අතක් මගේ ඉනවටා දමා අනිත් අතින් අගේ අත අල්ලාගත්තේය....අනේ අයියෙ මට ඩාන්ස් කරන්න තේරෙන්නෙ නෑනෙ....මා කීවෙමි....ඔයා බොරුනෙ කියන්නෙ නංගි .....ඉස්සර සුද්දො අල්ලගෙන හොඳට නටන්නෙ.... ඉස්සර හිටිය දේශානිනෙ අයියෙ...... දැන් මම එහෙම නෑ.....මා කීවිට.....ඔයා ඇත්තමද ඔය කියන්නෙ....ඇසුවේය....ඇත්තමයි අයියෙ මම මොකටද බොරුකියන්නෙ....කීවෙමි.....ඔයා මෙන්න මෙහෙම අතදාගන්න කී ඔහු මට පාද තබන ආකාරය කියාදෙන්ට විය.....ඔහුව අල්ලාගෙන සිටිනවිට මගේ සිතට අමුතුම හැගීමක් ඇතිවන්ට විය.....හින්දි සිනමාවේ අමීර් කාන් ලස්සන නිලියක් සමග නටන අයුරු සිහිවන්ට විය......මේ අමීර් කාන් නම් මමද ලස්සන නිලිය.....කල්පනා කරමින් පාතබන විට කකුල පටලී වැටෙන්න ගිය නිසා ඔහු මාව බදාගෙන අල්ලා ගත් බව තේරුනි.....සොරි නංගි ඔහු මාව අතහැර කීවේය.....ආයෙත් සොරි කියනව.... ඔයා මාව අල්ලගත්තෙ නැත්නම් වැටෙනවනේ....මා කීවෙමි......වරද්දන්නෙ නැතුව මම කියාදුන්න වගේ කකුල් තියල ඩාන්ස් කරන්න.....ඔහු කිවිට නැවත වැටෙන්න සිතුනේ ඔහුගේ සිරුරට නැවත තුරුලුවීමට හැකිබව දන්නා නිසාය.... මෙවර බොරුවට වැටුනාදැයි සැක හිතේවි යයි සිතුන නිසා එම අදහස අතහැර ගත්තෙමි.....මා ඔහුගේ ගෙල පෙදෙස අල්ලා ගෙන සිටිනාවිට දැනුනු හැගීම මෙතෙක් කලක් කොල්ලෙක් අසල සිටිනවාට වඩා අමුතුම සුවදායක හැගීමක් විය.....මේ තරම් සතුටක් දැනෙන්නෙ මාත් දැන් කෙල්ලෙක් වෙලා හින්ද නේද.....කල්පනා කලෙමි......මාලන් මාව තුරුලු කරගෙන සිපගන්නවනම්......මට සිතෙන්ට විය.....එහෙත් ඔහුගේ සිත තුල දේශානිට තිබුනු බිය ගතිය තවමත් ඇති නිසා එසේ කරාවිදැයි සැකයක් ඇතිවිය.....එයාට බයනම් මටවත් එයාගෙ මුහුන ඉඹින්න  ඇත්නම්.....සිතුනු මට... එසේ කිරීම කෙල්ලෙක් වසයෙන් හොදනෑ යනුවෙන් සිතුනි......සංගීත රාවය නැවතුනු බැවින් ඔහු නැටුම නවත්වා මාව අතහැරියේය. අනේ තව ටිකක්වෙලා තිබුනනම් මාලන්ගෙ බෙල්ල අල්ලගෙන ඉන්නවනෙ.... සිතන විට මා අසලට පැමිනි සුදු තරුනයෙක් ඔහු සමග නැටීමට ආරාදනා කලේය....නෑ එයා ඩාන්ස් කරන්නෙ මාත් එක්ක විතරයි....මාලන් කීවිට......මෙයා ලස්සන ඒසියන් ගර්ල් කෙනෙක් හරියට බොලිවුඩ් ඇක්ට්රස් කෙනෙක් වගේ....මට ආසයි ටිකක් මෙයා එක්ක ඩාන්ස් කරන්න.....ඔහු බැගෑපත් වන්ට විය.....මෙයා කැමතිනම් මගේ ගැටලුවක් නෑ ....ඔහුගෙන් බේරීමක් නොමැති තැන මාලන් පැවසුවේය.....නෑ..නෑ මට බෑ....මම ඩාන්ස් කරන්නෙ මෙයා එක්ක විතරයි.....මා කීවෙමි.....ඇයි අපි නරකද...ඔහු ඇසුවේය.....නෑ මේක අපේ කල්චරල් එක.....අපි බෝයි ප්‍රෙන්ඩ් එක්ක මිසක් වෙන බෝයිස්ල එක්ක ඩාන්ස් කරන්නෙ නෑ......මා එසේ කීවිට මේ ඔයාගෙ බෝයි ප්‍රෙන්ඩ් ..... මාලන්ව පෙන්වා ඇසුවේය......මා වෙන කියන්න දෙයක් නොමැති නිසා....ඔව්..... යනුවෙන් පැවසුවෙමි.....සුවර්....ඔහු සැක හැර ගැනීම සදහා නැවත ඇසුවේය.....මා නැවත ඔව් යනපිලිතුරු දුන්නෙමි.....එහෙත් සැක සිතුනු එම තරුනයා.....නුඹ මෙයාගෙ බෝයි ප්රෙන්ද මාලන්ගෙන් ඇසුවේය.....දැන් මාලන් මොනව කියයිද දන්නෙ නෑ..... මට බියක් ඇතිවිය.  

No comments: