Friday, July 19, 2019

අනතුරේ පෙරලිය 63.............ඔයා කොහොමද ඇන්ටි ගැනදන්නෙ...මගේ අතින් වැරදි දෙයක් කියවුනු බව තේරුම් ගියේ ඇය එසේ ඇසූවිටදීය.....දැන් මොකද කරන්නෙ මා කල්පනා කලෙමි.... ඇන්ටි මට මොකක් හරි උදව්වක් කරල තියෙනව වගේ තේරුනා....මා එසේ පැවසුවේ මා එම ප්‍රියන්ත බව යන්තම් හැඟවීම සඳහාය.......දැන් නංගිට මොනව හරි මතක් වෙනවද....ඇය ඇසුවාය......දැන් ඉතින් මේක හංගගෙන ඉදල හරියන්නෙ නෑ...  අක්කට මම කවුද කියල යාන්තමට දැනෙන්න මොනව හරි කියන්න ඕනැ.....සිතූ මා.....මට යන්තම් වගේ මතකයි අක්කෙ පල්ලියෙදි ඇන්ටි මට උදවු කලා වගේ.....මා කිවිට ..... කොයි දවස් වලද..ඇසුවාය....මේ ඇක්සිඩන්ට් එක වෙන්න ඉස්සර මම පල්ලියෙ හිටිය වගේ මතකයි..... දවස්වල තමා ඇන්ටි ආවෙ....මා පැවසූ විට මා දෙස පුදුමයෙන් මෙන් බැලූ ඇය..... දවස්වල ඔයා පල්ලියෙ මොනවද කලේ....ඇසුවාය....පල්ලියෙ මංගල්‍යය වලට සහභාගී වෙනව මතකයි.....මා පැවසුවෙමි....දැන් තමයි නංගිට අතීතය මතක් වීගෙන එන්නෙ....සතුටින් පැවසූ ඇය....තව මොනවද මතක් වෙන්නෙ කියල කල්පනා කරන්න......පැවසුවාය....මා නිකමට මෙන් කල්පනාකරන්ට වුනෙමි..... දවස්වල ඔයාගෙ ගෙදර තිබුනෙ කොහේද....මා කල්පනාකරමින් සිටිනවිට ඇසුවාය....ගෙයක් ගැන මතක නෑ අක්කෙ.....මා කීවිට.....එතකොට ඔයාගෙ අම්ම තාත්ත....සහෝදර සහෝදරියො......ප්‍රශ්නාර්තව ඇසුවාය. .... මොකුත් දන්නෙ නෑ...මා කීවෙමි..... දවස්වල ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද.....ඇය විමසන්න විය.....මට සිහිය ආව මුලදි.....ඇඟට අමුත්තක් වගේ දැනුන.....හරියට කවදාවත් මේ විදියට ඉදල නෑ වගේ.....මේ ගැහැනු ඇදුම් අදින එකත් අමුත්තක් වගේ දැනෙන්න ගත්ත.......... ඒකතමයි ඔයාට සිහිය ආවගමන් කලිසම් සර්ට් හොයල තියෙන්නෙ.....ඇය පැවසූවිට.....අක්ක දන්නෙ කොහොමද.....මා පුදුමයෙන් මෙන් ඇසුවෙමි.....ඔයාගෙ අම්ම ඔක්කොම මට කිව්ව...මුල්දවස්වල කෙල්ලෙක් විදියට ඇදුම් ඇදගන්නවත් බැරිවුනාලු නේද....ඇසුවාය.....මේ ඔක්කොම අම්ම කියලනෙ....මා කල්පනා කරන්ට වුනෙමි.....දැන් මට හිතාගන්න පුලුවන් ඔයාට වෙලා තියෙන දේ.....ඇය ජයග්‍රාහී විලාසයෙන් කියනු දුටුවෙමි...... මොකක්ද.....මා ඇසුවෙමි.....නංගි කලබල වෙන්න එපා මම මෙහෙම කියනවට.....මේක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් ඒත් ඔයාගෙ කතාව ඇහුවට මට සැකය තවත් තහවුරුවුනා.......දැන්නම් අක්කට මම කවුද කියල තේරිලා වගේ....සිතූ මා.....මම කවුද කියන එක කියන්න ඕනැනෑ....මෙයාම තේරුම් ගත්තාවෙ..... සිතූ මා ඇය දෙස බැලුවෙමි.... මොකක්ද අක්කෙ මා කිසිවක් නොදන්නාවාක් මෙන් ඇසුවෙමි.....ඔයා සමහර විට මැරුන ප්‍රියන්ත වෙන්න ඕනැ.....කී ඇය......ඔයා කලබල වෙන්න එපා නංගි මේක මගේ සැකයක් විතරයි.....ඇය කියනවිට.....එහෙම වෙන්න පුලුවන්ද....මා නිකමට මෙන් ප්‍රශ්න කලෙමි......මේවගේ දේවල් වෙන්න පුලුවන් කියල මම නංගිට කලිනුත් කිව්වෙ.....ඇය සිනාසෙමින් කීවාය......එහෙනම් ඉතින් මම කලින් හිටිය දේශානි නෙවෙයිනෙ....ඔයා දැන් ගැහැනු ලමයෙක් වුනත් ප්රියන්තනම් මම ගොඩක් කැමතියි......අක්කා කී විට මා පුදුමයෙන් මෙන් ඇය දෙස බැලූ මා....එහෙමනම් ඉතින් මම ඔයාලගෙ එක්කෙනෙක් නෙවෙයිනෙ.....කීවෙමි.....අපෝ හිටිය දේශානිට වඩා ඔයා කොච්චර හොඳද නංගි. ඩෙසි ඇන්ටි කිව්ව විදියට ප්රියන්ත හුගක් හොද ලමයෙක්ලු..... ඩේසි ඇන්ටි කිව්ව විදියට මට පේනව ඒලමයගෙ ගතිගුන තමයි ඔයාටත් තියෙන්නෙ කියල....හිටිය දේශානිට වඩා ඔයා වගේ කෙනෙක් අපේ සහෝදරියෙක් වෙන එක කොයිතරම් දෙයක්ද නංගි ....ඇය පවසන්ට වූවාය.....අක්ක ඔහොම කිව්වට අනිත් අය මම වෙන කෙනෙක් කියල දැනගත්තොත්....මා බියෙන් මෙන් ඇසුවෙමි.... මම මේව හොයාගත්තෙ මගේ පරීක්ෂණයකට හින්ද....මේව කාටවත් කියන්න යන්නෙ නෑ....ඔයාගෙ ගෙදර අය බයිබලය කරේ තියාගෙන ඉන්න හින්ද මේව කිව්වත් පිලිගන්නෙ නෑ....මටත් එක්ක හිනාවෙයි.....ඇය පැවසුවාය....දැන් මේ ගැන දන්නෙ මායි....එන්ගලන්තෙ ඉන්න අක්කයි විතරයි. අපි දෙන්න මේවගේ අමුතු දේවල් ගැන හොයනවනෙ...කී ඇය.....ඔයාට මොනව මතක් උනත් අපි දෙන්නට කියන්න... වෙන අයට එහෙම කියන්න යන්න එපා.....ආයෙත් ඔයාගෙ ඔලුව නරක් වෙලා කියල ඩොක්ටර්ස්ල හොයාගෙන යයි.....ඇය සිනාසෙමින්  පැවසූ විට මගේ සිතට සහනයක් ඇතිවිය.
             මාගැන සම්පූරන විස්තර දේශානි අක්කාට නොපැවසුවද ඇය මා ගැන තරම්ක් දුරට හෝ සොයාගනීම ගැන පුදුමයක් මෙන්ම සතුටක්ද දැනුනි......මේ අක්කල මේ ගැන දැනගත්ත එක හොදයි වෙන කෙනෙක් දැනගත්තනම් අම්මටයි තාත්තටයි කියනව ....එයාල මේව පිලිගන්නෙ නැති හින්ද හොදයි නැත්නම් එහෙම හරිවැඩේ වෙන්නෙ....මා කල්පනාකරන්ට වුනෙමි.
              අපත් සමග සෑහෙන වෙලාවක් ගතකල අක්කා සහ අයියා ආපසු ගිය අතර අපේ ගුවන් ගමන යෙදී තිබුනේ පසුදින බැවින් කෙලින්ම ලන්කාවට පැමිනීමට සූදානම් උනෙමු...... 


No comments: