ආත් අම්මාගේ පාඩම 36.....................පසු දිනද මා පාඩම් කිරීම සඳහා නිලන්තිගේ නිවසට ගියෙමි.......නිලන්තීද මා පැමිනෙන තෙක් බලා සිටිබව දැකගැනීමට ලැබුනි......ආ චතුරිකා දුව ආවද.....ඔයා එනකන් අපේ දුව මග බලබලා හිටියෙ......කී නිලන්තිගෙ අම්මා......නිලන්තිට දැන් ඔයා නැතුව බෑනෙ......පැවසුවාය.......තනියම පාඩම් කරන කොට කම්මැලිනෙ අම්මෙ.....පැවසූ නිලන්තී මාගේ අතින් ඇඳගෙන කාමරය දෙසට යන්ටවිය.......ඔව් ඉතින් කයිය ගහන්නත් පුලුවන්නෙ.....නිලන්තිගේ අම්මා සිනාසෙමින් කියනු ඇසුනි.
නිලන්තිගේ පාසැල් අදින සුදු ගවුම රාක්කය මත තවමත් තිබෙන බව දුටුවෙමි. මේවගෙ ගවුමක් ඇදල නැති හින්ද මේක ටිකක් ඉල්ලගෙන ඇදල බලන්න බැරිවෙයිද දන්නෙ නෑ.....මා කල්පනා කලෙමි.....ඒ උනාට මේක ඉල්ලන්නෙ කොහොමද....මට ගැටලුවක් ඇතිවිය. මා ඇය සමග පාඩම් කරන අතරතුර මෙය ඉල්ලාගැනීමට ක්‍රමයක් කල්පනා කලෙමි.....ඔයාගෙ සුදු ගවුම දැක්කම මගෙ ඉස්කෝලෙ කාලෙ මතක් උනා.....ඇයට එසේ පැවසුවේ මෙම ගවුම ගැනීම සඳහා ආරම්භයක් වශයෙනි. .....ඇයි බෝයි ෆ්‍රෙන්ඩ් වත් මතක් උනාද.....ඇය සිනාසෙමින් ඇසුවාය.....එහෙම කෙනෙක් හිටියෙ නෑ අනේ...කී මම..මම හරි ආසයි ඔය සුදුගවුම ඇදන් ඉන්න...ඉස්කෝලෙ යන එක නැවතුනාට පස්සෙ... ඔය ගවුම ඇන්ද කාලයක් මතක නෑ.... කීවෙමි....විභාගෙ පාස් වුනාට පස්සෙ ආයෙත් ඔය ගවුම ඇදගෙන ඉස්කෝලෙ යන්න පුලුවන්නෙ.....නිලන්ති කීවාය.....ඒ විභාගෙ පාස්වුනොත්නෙ...අපරාදෙ මගේ පරන ගව්න්ටික අම්ම කාටද දීලනෙ ...තිබුනනම් ආසාවට ඇදල බලන්න තිබුන....මා දුකෙන් මෙන් පැවසුවෙමි....ඇයි බැරි.....උත්සාහ කලොත් බැරිවෙන්නෙ නෑ..... බලාපොරොත්තු සහගතව පැවසූ ඇය....චතූටත් හිතෙන ඒව......ඔච්චරටම ආසනම් මගෙ ගවුම ඇදල බලන්න.......අපි දෙන්නම එක සයිස් හින්ද හරියනව ඇති. කී ඇය. රාක්කයේ තිබුනු සුදු ගවුම අතට ගත්තාය.....සතුටින් පිනා ගිය මා......ඒ බව සගවා පස්සෙ ඇදල බලමු.....දැන් මේ වැඩටික කරමු......කීවෙමි. ඉස්සෙල්ල මේ ගවුම ඇදගන්නකො ඊට පස්සෙ වැඩ කරමු.....ඇය කීවාය......පුටුවෙන් නැගිට්ට මා එම ගවුම අතට ගෙන එය ඇදගැනීමට ඇදුම් ගැලවීම සදහා සුදුසු තැනක් සොයන්ට වුනෙමි......මොනවද හොයන්නෙ.....ඇය ඇසුවාය.....මේ බ්ල්වුස් එක ගලවන්න......මා ලැජ්ජාසහගතව පැවසුවෙමි.....ආ ඒකද මටත් තියෙන්නෙ ඕවම තමා කොහේවත් යන්න ඕනෙනෑ මෙතැන ඉදන් ගලවන්න......ඇය කීවාය.....මා ඇයට පිටුපා ඇදසිටි බලවුසය ගලවා ගවුම ඇදගත්තෙමි.ඉන් අනතුරුව සායද ඉවත්කලෙමි.......දැන් කොන්ඩෙත් කැරලි දෙකට ගෙතුවනම් ඉස්කෝලෙ යන්නත් තිබුන......ඇය කීවාය.....මා ඇගේ කන්නාඩි මේසය අසලට ගොස් හැඩ බලන්ට වුනෙමි.....ලස්සන පාසැල් යුවතියකගේ රුව කැඩපතින් දිස්විය......කැඩපතින් බලමින් කොන්ඩය කඩා දැමූ මා එය කැරලි දෙකට ගෙතීමට ලෑස්ති වුනෙමි...... එහෙත් මා එය උත්සාහ කරන ආකාරය වැරදි බව දැනගත් නිලන්ති.......දැන් මෙයාට කොඩෙත් කැරලි දෙකට ගොතාගන්නත් අමතක වෙලාවගේ..........කී ඇය පනාව ගෙන කොන්ඩය ගොතන්ට වූවාය......ජීවිතයේ පලමු වරට පාසැල් වුවතිය්ක මෙන් සැරසුනු මා ටික වේලාවක් හැඩ බලමින් සිට එම ඇදුමෙන්ම. පාඩම් වැඩ කිරීමට පටන්ගත්තෙමි.......ටික වෙලාවකින් තේ රැගෙන කාමරය තුලට පැමිනි නිලන්තිගේ අම්මා ........මේ මොකද මේ මම මේ බැලුව ඉස්කෝලෙයන ලමයෙක් මෙහාට ආවෙ කොහොමද කියල......මා දෙස බලා කීවාය.....චතූට ගොඩක් කාලෙකින් මේවගේ ගවුමක් අදින්න බැරිවුන හින්ද ආසයි කිව්ව........ මේ ගවුම ඇදල බලන්න ඒකයි ඇදල බලන්න දුන්නෙ......එයට සිනාසුනු.....නිලන්තිගේ මව....මේ ලමයින්ටත් හිතෙන ඒව.....පවසා සිනාසුනාය. ........ඇන්ටිත් ආස නැද්ද මේවගෙ ඇදගෙන ආයෙත් ඉස්කෝලෙ යන්න......අනේ මන්ද දුවේ.....අපි ඉතින් ඔයවයස පහුකරලනෙ......දුකෙන් මෙන් පැවසූ ඇය ආපසු ගියාය.........අනේ මටත් මේවගෙ ඇදගෙන ඉස්කෝලෙටත් යන්න ඇත්නම්......මා පාඩම් කරන අතරතුර ගවුමේ සාය අතගානින් කල්පනා කලෙමි. .........සවස් වනවිට නැවත ඇදුම් මාරුකරගත් මා ආපසු පැමිනීමට පිටත්වුනෙමි.
නිලන්ති හදුනගන්න ලැබුනු එක කොයිතරම් වාසනාවක්ද. එයා කියාදුන්න දෙයක් හින්ද ඊයෙ මම ගොඩක් සතුටු වුනා. අද මම අදින්න ආසාවෙන් හිටිය සුදු පාට පාසැල් ගවුමක් අදින්න පුලුවන් වුනා....දිගටම මෙයාව ආස්සරේ කරන්න පුලුවන් වුනොත් තවදේවල් දැනගන්න පුලුවන් වෙයි.....ගෙදර ගිය මා කල්පනා කලෙමි.
චතූ...... අපි ලඟදි කතරගම යනව දවස් දෙකයි ඉන්නෙ ඔයත් එන්නකො යන්න.....නිලන්ති කීවාය..තව කවුද යන්නෙ...මා ඇසුවෙමි..මායි අම්මයි තාත්ත්යි විතරයි වෙන කවුරුවත් නෑ ඇය කීවාය......ආත් අම්මගෙන් අහන්න ඕනැ අනේ.....ඔයා අහන්න ඕනෙ නෑ අපේ අම්මට කියන්නම් ආත් අම්මගෙන් අහන්න කියල......නිලන්තී පැවසුවාය......ඒක හොදයි ලොකු අය කතාකලාම අපිට වැඩිය හොදයි .....මම කීවෙමි.
No comments:
Post a Comment