Tuesday, April 24, 2018

ආත් අම්මාගේ පාඩම 32.........................දවසේ වැඩි කාලයක් ගැහැණු ළමයෙකු ලෙස ගතකරන මට උදෑසන කාලයට පමනක් පිරිමියෙකු බවට පත්වීම කරදරයක් ලෙස හැඟෙන්නට විය. එහෙත් පාසැල් යෑමට අවශ්‍ය බැවින් එසේ වීම අත්‍යාවශය කරුනක් විය. පාසැලේදී මා ගැහැණු ළාමුන් දෙස ආශාවෙන් බලා සිටියේ මුල් දිනවල සිටි නිමල් ලෙස නොව. ඒ දිනවල මා ඔවුන් දෙස බැලුවේ හිත තුල කාමුක අදහස් පුරවාගෙනය. එහෙත් අද එසේ නොව .......මාවත් මෙයාල වගේ උනානම් මටත් සුදු ගවුමක් ඇදගෙන මේ ගැහැණු ළමයි ගොඩට වෙලා ඉන්න තිබුනනෙ.....ඔවුන් දකින සමවිටම එසේ සිතුවෙමි.....මේ වනවිට ගැහැනු ලමුන්ගේ සිතැඟි තේරුන් ගෙන තිබු මට ඔවුන් අතරට ගොස් ඔවුන්සමග කෙලිදෙලෙන් ගත කිරීමට සිතුනි.එහෙත් මට ඒ වාසනාව ඇත්තේ සවස් කාලයට පමනි.....මටද ඔවුන් මෙන් පෑසැල් ගවුමක් ඇඳගෙන හැඩ බලීමට අශාවක් ඇතිවුවද මට එවැනි ඇදුමක් නොමැති නිසා එය කල නොහැකි කරුනක් විය.
            මා නිමල් ලෙස පන්තියේ කිසිවෙකු සමඟ වැඩිපුර ඇසුරට නොගියෙමි. වඩිපුර සිටියේ තනියමය..මගේ පැරනි මිතුරන්ගෙන් ඉද හිට හෝ කතාකලේ රන්ජිත් පමනි. අනිත් යහලුවන් මගෙන් ඈත්වී ඇති බව දුටුවෙමි. නන්දන සහ ඔහු ඇසුරු කරන යහලුවන් මා සමග කතා කලත් ඔවුන් සමගද වැඩිපුර ඇසුරකට නොගියෙමි. දිනෙන් දින පිරිමි මිතුරන් අඩුවුවද. උපකාරක පන්තියේදී මිතුරියන් ඇසුර වැඩිවිය. මේ අතර මගේම පන්තියේ සිටින විනෝදනී තාරුකා නදීශා ඒ අතර විය. මා කිසිම වෙනසක් නොමැතිව ඔවුන්ගේම මිතුරියක් මෙන් හැසිරෙන්ට උනෙමි. එහෙත් පාසැලේදී ඔවුන්ව ඇසුරු කිරීම තබා වචනයක් හෝ කතා කිරීමට නොහැකිවීම මගේ අවාසනාව විය. මේ අතර විනෝදනී හැඩකාර ගැහැණු ලමයෙකු සේම ඉතාමත්ම ගුනයහපත් තැනැත්තියක් බව දැනගත්තේ ඇය සමග ළඟින් ඇසුරු කිරීමට පටන්ගත් පසුය. මා නිමල් ලෙස ඇයට කෙතරම් වාරයක් අසැබි වචන පවසා විහිලු කරන්න ඇද්ද?  මා ඒ දිනවල කල මෝඩ වැඩ මතක් කරමින් දුක් වන්ට විය.
               දිනක් පාසැල් විවේක කාලයේදී මගේ පැරනි මිතුරෙකු ගැහැනු ලමයෙකු තනිකර අල්වාගෙන අසැබි වචන පවසන අයුරු දුටු මා එම ස්ථානයට ගියෙමි.....ඒයි සරත්....උඹ ඔතැන මොකද කරන්නෙ....මා ඇසුවෙමි.මාදෙස බැලූ ඔහු උඹත් දන්නෙ නැති එකා වගේනෙ මගෙන් අහන්නෙ....උඹත් ඔන්නන් වරෙන්.....මේකිගේ....ඔහු කිමට ගිය අසැබි වචනය පිට කිරීමට ඉඩ නොදුන් මා ඔහුගේ කමිසයේ කොලරයෙන් අල්ලා ගත්තෙමි....අඩෝ.....මේ කෙල්ලන්ට මොකුත් කිව්වොත් එහෙම ගහනව උඹේ දත් ටික බඩට යන්න.....එම ගැහැණු ළමයා අපේ රංඩුව දෙස බියවී බලා සිටිනු දුටු මා.....ඔයා මෙතනින් යන්න මම මූගැන බලාගන්නම් කීවෙමි....ඇය බිය මුසුව....අපි අසලින් ගියාය......මගේ පැරනි යහලුවන් අපි අසලට එනු දුටුවෙමි......මොකද සරත්.....ඔවුන් සරත් ගෙන් ඇසුවේය.....මූ මට ගහන්න හැදුව බන්.....ඔහු කීවේය.....ඒ මොකටද....ඔවුන් ප්‍රශ්නකරන්ට විය.ඔහු විස්තර කතාව පවසන්ට විය....මේ නිමලො උඹ දැන් සිල්ගත්ත කියල අපි සිල් අරන්නෑ....ඔවුන් මට බනින්ටවිය....මම සිල් ගත්ත කතාවක් නෙවෙයි කිව්වෙ.....උඹල මීට පස්සෙ කෙල්ලන්ට අනවශ්‍ය විහිලු කරන්න යන්න එප්පා......මා කීවිට......හරි... අපි විහිලු කලොත් මොකද කරන්නෙ.....සරත් ඇසුවේය.....මම ඌට දත්ටික බඩට යන්න ගහන්නෙ.....මා තර්ජනාත්මකව කීවෙමි.....අඩෝ උඹ අපේම එවුන්ට ගහන්න.... ....කී එක් අයෙක් මට ගහන්න ඉදිරියට පනින අයුරු දුටුවෙමි. ඔහුගෙන් බේරුනු මා ඔහුට පහරක් එල්ල කිරීමට සැරසුනා පමනි. මගේ අත අල්ලාගත් සුනිල්.....ඕව වැඩක් නෑ බන් ඔවුව අතහරල දාපන්....කීවේය. ශක්තිමත් සිරුරකට හිමිකම් කියන මගෙන් පහරක් කෑම අපහසු බව දැනගත් ඔවුන් පසුබසින්ට විය....ඉන්පසු ඔවුන් මා ඉදිරිපිට අපි ඒ දිනවල කරන ලද නොහොබිනා වැඩ කිරීමෙන් වැලකුනු බව දැකගන්ට ලැබුනි.
          මේ සිද්දියෙන් පසු නිමල් දැන් හොද කෙනෙක් වෙලානෙ යන කතාව ගැහැනු ළමුන් අතරද පැතිරුනි. නරක අයගෙන් වෙන්විච්ච එකනම් හොදයි නිමල්......විනෝදනී මා සමග පැවසුවත් ....මා ඔවුන්ගේ ළඟම මිතුරියක් වූ චතුරිකාම බව දැන සිටියේ නැත......කොල්ලන්ගෙන් ඔයාලට කරදරයක් උනොත් මට කියන්න.....මා ඇයට පැවසුවෙමි.....ඔයාලගෙ කොල්ලො කට්ටිය හින්ද තමයි අපි බයෙන් හිටියෙ.....ඔයා ඒක තේරුම් අරගෙන.....හැමෝටම උදවු කරගෙන ඉන්න තීරනය කල එක ලොකු දෙයක්.....ඇය පවසන්ට වූවාය.
            මා චතුරිකා ලෙස සවස පන්ති ගිය පසු විනෝදනී මෙම කතාව අපිට පවසන්ට විය......අපේ පන්තියෙ ඉන්නවනෙ මහ චන්ඩි කොල්ලෙක් නිමල් කියල....ඒ කොල්ලයි එයාගෙ යාලුවො කට්ටියයි හින්ද අපිට ඉස්කොලෙත් එපා වෙලා හිටියෙ......ඉතින්.....නිමන්ති....ඇසුවාය......ඒ කොල්ල දැන් උපාසකය වගේ වෙලානෙ.....ඇය කී විට .....ඉතින් උඹට ඒ කොල්ල ගැන හිත ගියා........ඇයගේ කතාවට භාධා කරමින් කී නිලන්තී සිනාසුනාය.....ආපෝ ඌත් එක්ක යාලුවෙනවට වඩා හොදයි වහටිකක් බොනව.....ඇය අසල සිටි තාරුකා තරහෙන් මෙන් කීවාය.....ඒ මොකද මා නොදන්නා මෙන් ඇසුවෙමි. ......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: