Wednesday, April 18, 2018

ආත් අම්මාගේ පාඩම 26............ඒ මොකටද දැන් ඔයාට කලිසම් සරොන්.....නාට්ටියකටවත් පිරිමි චරිතයක් රඟපාන්නද.......ඇය ප්‍රශ්න කරන්ට වූවාය.....නෑ ආත්තමෙ උදේට මාව නිමල් උනාම අඳින්න පිරිමි ඇදුමක් නෑ......පිරිමියෙක් උනාම ගෑණු ඇදුම් අදින්නත් බැනෙ.....ඒ හින්ද මම කලේ සාලුව ඉනවටේ ඔතාගන්න එක.....මා ඇයට පැහැදිලි කලෙමි.....ඉතින් ඒක ප්‍රශ්නයක් නෑනෙ. .....පිරිමියෙක් උනාම ඉනට සාලුවක් ඇන්දට කමක් නෑ ඔය ඕනැතරම් පිරිමි ඇඟ හෝදන කොට සාලුව ඔතාගන්නෙ.  ඒ වෙලාවට ඔයා ගහැනු ලමයෙක් කියල හිතන්න එපා. ගැහැණු ළමයෙක් උනාම ගැහැණු ළමයෙක් විදියට හිතන්න. ඔයාට සාලුව ඔතාගෙන ඉන්න වෙන්නෙ කලිසමයි කමිසෙයි ඇදගන්නකන් විතරනෙ......ඇය මගේ ඉල්ලීම ඉවත දමමින් කතාකලාය......ආත් අම්මට පුලුවන්නම් ඉස්කෝලෙටත් ගවුමක් අන්දවල යවයි. ඒත් ඒවෙලාවට මාව පිරිමියෙක් වෙන හින්ද ඒක කරගන්න බෑ....මා ඇයගැන අමනාපව කල්පනා කරමින් කෑමටික කෑවෙමි. මට ආයෙත් පිරිමි ඇදුමකට කියල හම්බවෙන්නෙ ඉස්කෝලෙට අදින සූට් දෙක විතරයි.
               තවත් සතියක් ගෙවී ගිය අතර එම කාලය තුල ගැහැනු පිරිමි බව මාරුවෙමින් ජීවත් උනෙමි. එහෙත් මට වැඩිකාලයක් ගත කිරීමට සිදුවූවේ ගැහැණු ළමයෙකු ලෙසය...දිනක්..මා සවස් වරුවේ ගැහැනු ලමයෙකු ලෙස සිටින අවස්ථාවේදී  ආත්තම්මා පැවසූ පරිදි බඩේ කොරයක් මෙන් දැනෙන්ට විය. ආත් අම්ම කිව්ව වගේ ගැහැණු ලමයින්ට හැදෙන ලෙඩේ හැදීගෙන එනවද දන්නෙ නෑ....වැඩි වුනොත් ආත් අම්මට කියනව....... මා සිතාගත්තෙමි.....ටික වෙලාවක් යනතුරු සුලු වේදනාවක් පැවතියත් එය අඩුවීම නිසා මේ ගැන ආත් අම්මාට පැවසීමට අවශ්‍ය නොවුනි.....එහෙත් මේ ගැන කල්පනාවෙන් සිටියෙමි. එදින රාත්‍රියේ ඇදුන් මාරුකරන අවස්ථාවේදී ඇදගෙන සිටි පැන්ටිය දෙස බැලුවෙමි.....ලේ පැල්ලමක් මෙන් පෙනුනු මා ආත් අම්මා සොයාගෙන ගියෙමි......ආත් අම්මෙ.....මටත් අර ගැහැනු ලමයින්ට හැදෙන ලෙඩේ හැදිල වගේ......කීවෙමි........බඩ රිදෙනවද....ඇය ඇසුවාය......හවස පොඩි කොරයක් වගේ තිබුන දැන් ඒක නෑ ඒත් ලේ පැල්ලමක් තිබුන.....මා පැවසුවෙමි.....එහෙනම් ඔයාට අමාරුවක් නැතුවම වෙලා වගේ .....කී ඇය කුමක්දෝ පැකට් එකක් කඩන්න වූවාය......මේ පැකැට් එක ඔයාටයි ගෙනාවෙ......මේකෙන් එකක් ඇදගන්න එතකොට ඔය ලේටික මේකට උරාගන්නව.....කී ඇය මට එය ඇදගන්නා ආකාරය කියා දුන්නාය.......හෙට ඔයාව කොල්ලෙක් උනාට පස්සෙ මේව අඳින්න ඕනෙනෑ හවස ආයෙත් ගැහැනු ලමයෙක් උනාට පස්සෙ ඇදගන්න......එම පාර්සලය දුන් ඇය කීවාය.......කොල්ලෙක් වෙලා ඉපදුන මටත් කෙල්ලට වෙන ඒවට මුහුන දෙන්න උනානෙ.....කල්පනා කරමින් ඒවා අතට ගත් මා කාමරයට ගියෙමි.
            අලුතෙන් ඇතිවුනු මේ කරදරය දින පහක් පමන තිබුනි. ඒ කාලය තුල ආත් අම්මාගේ උපදෙස් අනුව කටයුතු කලෙමි.......ඉස්සරනම් ඔය දවස්වලට නාන්න හොද නෑ කියනව......ඒව බොරු කතා දුවේ..... මාත් ඕනැතරම් නෑව කෝ මට මොකුත් වුනේ නෑනෙ.....දුවත් බය නැතුව නාන්න ....ඇයගේ උපදේශය විය.
             නිමල් ලෙස පාසැල් ගිය මට මගේ පැරණි මිතුරන් අහිමි විය.  නන්දන යනු පන්තියේ සිටින ඉගෙනුමට දක්‍ෂ සිසුවෙක් විය. මා දින කිහිපයක් තනිවම සිටිනු දුටු ඔහු මා අසලට පැමිනියේය. නිමල් ඒ ගෲප් එකෙන් අයින් වෙලා ඉගෙනගන්න මහන්සිවෙන එක ලොකු දෙයක්. අම්ම තාත්ත අපිට වියදම් කරල ඉස්කෝලෙ එවන්නෙ පිස්සු කෙලින්න නෙවෙයි. නිමල් ඒක තේරුම් ගත්ත එක ලොකු දෙයක්. .....නිමල් ඔයාට මොනව හරි දන්නෙ නැති දෙයක් තියෙනවනම් මට කියන්න....මම ඔයාට ඕනැ සපොර්ට් එකක් දෙන්නම්......ඔහු මට හිතවත් ලෙස කතාකරන්ට විය........මා ඒ දිනවල ගනන් ගන්නේවත් නැති ඔහු මෙසේ කතා කිරීම ගැන මා පුදුමයට පත්වුනෙමි.....කෙනෙක් නරක් උනාම උන්ට හම්බවෙන්නෙ නරක යාලුවො හොද වුනාම හොද යාලුවො හම්බ්වෙනව කියන්නෙ මේකට තමයි.......මා ඔහුදෙස බලා කල්පනා කලෙමි.......ඔයාට අමතර පන්ති යන්න ඕනෙනම් මම යන පන්තියට යන්න පුලුවන් සතියක්ට දවස් හතරක් තියෙනව.....ඒකෙ සර්ල හොදට උගන්වනව ඔයත් කැමතිනම් ඒකට එන්න.....ඔහු තවදුරටත් පවසන්ට විය......ආත් ආම්මගෙන් අහල බලන්න ඕනැ.....මා එක්වරම හා නොකියා එසේ පැවසුවේ සවස් වරුවේ කොල්ලෙක් ලෙස එම පන්තියට සහභාගී වීමට නොහැකි නිසාය....ඒ පන්තියට ගියොත් හොදයි......ඒත් මම කොහොමද ඒකට යන්නෙ මා කල්පනා කරමින් ගෙදර ගියෙමි.
             මා ආත් අම්මාට මෙම පන්තිය ගැන කීවෙමි. දුව කැමතිනම් ඒ පන්තියට යන්න වියදම ගැන හිතන්න එපා.....ආත් අම්මා කීවාය....ඒත් ආත් අම්මෙ මාව හවස් වෙනකොට කෙල්ලෙක් වෙනවනෙ ඉතින් මේ විදියට මම කොහොමද ඔය පන්තියට යන්නෙ.....මගේ ගැටලුව ඉදිරිපත් කලෙමි.....ඉතින් ඔයා ගැහැනු ලමයෙක් විදියට යන්නකො.....එතකොට ගැටලුවක් නෑනෙ....ආත් අම්මා සිනාසෙමින් කීවාය......එතකොට එහෙට එන අය මගෙන් විස්තර ඇහුවොත් මොනවද කියන්නෙ.....මාව ගැහැණු  ලමයෙක් උනාට මට තාම ගැහැණු නමක් වත් නෑ....මගේ නම ඇහුවම මොකක්ද කියන්නෙ....ආත්තම්මනම් මට කතා කරන්නෙ දුව කියල......මම එහෙට ගිහින් මගෙ නම දුව කියල කියන්නද....මා දුක් මුසුව ආත් අම්මට කීවෙමි......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: