ආත් අම්මාගේ පාඩම 21..........අලුත් ඇදුම ඉවත්කල මා ඊයේ ඇදසිටි ඇදුම් ඇඳගත්තෙමි. කිසිදිනක පලදා නැති කරාබු ජෝඩුව පැලද ගත්පසු කනට කිසියම් අමුත්තක් දැනුනු නිසා නිතර ඒවා අතගෑවෙමි. මා කුස්සියට ගියවිට ආත් අම්මා උයන්න සූදානමින් සිටිනබව දැක ගන්ට ලැබුණි. හොදටම පරක්කු වුනා දුවේ ඉක්මනට මොනවහරි හදන්න ඕනැනෙ.....දුවට බඩගිනි නම් උදේ ඉතුරු වුන පාන් කෑලක් ඇති ඒක කන්න.....ඕනැ නෑ ආත්තම්මෙ.....මට බඩගිනි නෑ ආත්තම්ම කන්න.....කීවෙමි.....මාදෙස බැලූ ආත් අම්මා....මොකද දුවේ නිතරම කරාබු දෙක අතගාන්නෙ රිදෙනවද....මා නිතර ඒවා අතගාන බැවින් ඇසුවාය.....නෑ ආත්තම්මෙ නිකන්...........මා කීවෙමි......පාලුවට තිබුනු කන් දෙකට දැන් අමුතු වගේ ඇති.....ටික වෙලාවකින් ඕක හරියයි.....ඇය සිනාසෙමින් කීවාය....ආත් අම්මා පොල් ගෑම සඳහා සූදානම් වනු දුටු මා.....මම ගාල දෙන්නද.....ඇසුවෙමි.....මොකද අද කවදක්වත් නැතුව.....මා දෙස අමුතු ආකාරයකට බලා ඇසූ ඇය.....දුවට තේරෙනවද....ඇසුවාය. මා වෙන දිනවල ආත් අම්මාට උදවු වෙනවා තබා පාසැල් නිවාඩු දිනවල ගෙදරට එන්නේ කෑම වෙලාවටත් රාත්‍රියටත් පමණි. අනිත් සෑම වෙලවකදීම මගේ වැඩේ සෙල්ලම් කිරීමට යහලුවන්ගේ ගෙවල්වල යෑමත් ඔවුන් සමඟ රස්තියාදුවේ යෑමත් පමනි. ආත් අම්මා මාව ගැහැණු ළමයෙකු බවට පත්කලේ නැත්නම් අදත් කරන්නේ ඒටිකමය.......කෙල්ලෙක් උනාම ඕවත් ඉගෙනගන්න ඕනැනෙ.....කී මම කකුල් දෙක දෙපැත්තට දමා හිරමනයේ වාඩිවුනෙමි.....හා....හා ...ඔහොම වාඩිවෙන්න එපා කකුල් දෙක එක පැත්තකට දාල වාඩිවෙන්න.....මම වාඩිවෙනව දැකල තියෙනව නේද.....ආත් අම්මා මට ගැහැනු ලමයෙකු ලෙස වාඩිවෙන ආකාරය කියාදෙන්ට විය....කෙල්ලෙක් උනාම හැම දේම වෙනස්....දැන් මට මේ හැමදෙයක්ම අලුතෙන් ඉගෙනගන්න වෙනව......කල්පනා කල මා ඇය පැවසූ පරිදි වාඩිවුනෙමි.....බලාගෙන දුවේ අත හීරෙයි......මා නුහුරු ලෙස පොල්ගාන අයුරු බලාසිටි ඇය කීවාය......පොල්බැයෙ මැද ඉස්සෙල්ල ගානෙ නෑ අයිනෙ ඉදන් ගාගෙන යන්න.....පොල්බෑයේ ටිකක් ගා පෙන්නූ ඇය කීවාය.....නුහුරු බව නිසාම ම්ට තරමක් වෙලා ගත්වූවද ආත් අම්මා කිසිවක් පැවසුවේ නැත....දුවේ පුලුවන්නම් මේ ලූනු ගෙඩි ටිකත් සුද්ද කරල දෙන්න....ඇය ලූනු ගෙඩි ටිකක් මේසෙ උඩින් තබා කීවාය....ලූනු ගෙඩි දෙකක් පමන සුද්ද කලෙමි.....ඇස් දවිල්ල ගෙන කදුලු වැක්කෙරෙන්ට වීම නිසා එය අත හැරියෙමි.....පුරුදු නැති වුනාම ඔහොම තමයි ........ සිනාසෙමින් කී ආත් අම්මා ඒවා සුද්ද කරන්ට වූවාය. ඉස්සර ආත් අම්මා උයන විට කුස්සිය පැත්තෙවත් සිටීමට හිත නොදුන් මට අද ආත් අම්මා උයන දෙස බලා සිටීමට කැමැත්තක් ඇතිවිය.....උයන එක ගෑණු ගතියනෙ මාත් ගෑණියෙක් උනාට පස්සෙ ගෑණු ගතිත් හුරු වෙලා වගේ.....කල්පනා කරන්ට වුනෙමි. මම මේටික උයන්නම් දුවේ ඔයා ගිහින් නාගෙන එන්න.... උයන දෙස බලා සිටිනු දුටු ඇය කීවාය.
වෙනදා මගේ රෙදි සේදුවේ ආත් අම්මාය. කවදාවත් නැතිව මා ඇන්ද රෙදිටික සෝදා ගැනීමට සිතුනි....මා රෙදි ගොඩ අරන් යනවා දුටු ....ආත් අම්මා ඔයාට බැනෙ දුවේ ඔහොම තියෙල නා ගන්න....මම තව ටිකකින් ඔය ටික හෝදල දෙන්නම්.....ආත් අම්මා කීවාය.......ඕනෙ නෑ ආත්තම්මෙ.....ඉස්සර හේදුවට දැන් හෝදන්න ඕනැ නෑ....මම හෝදගන්නම්.....කී මම ඒවා රැගෙන රෙදි සෝදන ස්ථානයට ගියෙමි....මා ඇන්ද ඇදුම් සමග කාන්තා යට ඇදුම් ද සෝදාගැනීමට සිදුවිය.....මා දැන් ගැහැනු ලමයෙකු බැවින් මේවා සේදීම ලැජ්ජාවට කාරනයක් නොවුනි.......මේ සමගම පාසැල් අදින කලිසම් දෙක සහ කමිස දෙකද සේදුවෙමි.....පිරිමි කලිසම් සහ යට ඇදුම් කාන්තා ඒවාට වඩා ගොරෝසු බැවින් හයියෙන් ගලේ ගසා ඇපිල්ලීමට සිදුවිය.....දුවේ ඕව හයියෙන් ගලේ ගහන්න එපා. ඉරෙන්න බලයි.......මා අපුල්ලනවා කන වැකුනු ආත් අම්මා කීවාය......මගෙ ගවුන් නෙවෙයි ආත්තම්මෙ මේ නිමල්ගෙ කලිසම් දෙකයි ලන්කට් දෙකයි....ඒව ගොරෝසු හින්ද ටිකක් හයියෙන් ගලේ ගැහුව......කීවෙමි.....නිමල්ගෙ නේද......ඇසූ ආත් අම්මා හයියෙන් සිනාසී.......ඔව් ඉතින් කොල්ලො ගාගන්න කුනු අරින්න හයියෙන් ගලේ ගහන්න ඕනැ තමයි.....එහෙම අරින්නත් බැරිවුනාම මකලම හදන්න වෙනව.....මට ඇනුම් පදයක් එල්ල කල ඇය කුස්සිය දෙසට ගියාය......මා කාන්තා ඇදුම් වල සබන් ගාමින් සෙමින් ගලේ තට්ටු කලෙමි......ඕවනම් හයියෙන් ගලේ ගහන්න ඕනැ නෑ ඕවයෙ කුනු අඩුයිනෙ.....කුස්සියේ සිට ආපසු පැමින. එයත් ඇනුම් පදයක් මෙන් කී ආත් අම්මා......මගේ මුහුන දෙස බලා නැවත හයියෙන් සිනා සුනාය......මේ සැරේ මොන හින්ට් එකක් ගහන්නද දන්නෙ නෑ හදන්නෙ.....සිතූ මා බිම බලා ගත්ත්මි.....දුගෙ මුහුන පුරාම සබන් පෙන ඒක දැකල හිනාගියෙ......පැවසූ ඇය......කවද රෙදි හෝදගෙනද...ඇසුවාය....මා ඇඳගෙන සිටි බලවුසයේ අත් වලින් මුහුන පිසදාගෙන ඇය දෙස බැලුවෙමි......හරි හරි දැන් ගියා......ඇය සිනාසෙමින් කීවාය. රෙදි සෝදා නා ගත් මා කුස්සියට ගොස් කෑම බෙදාගන්න අතරතුර ......ආත් අම්ම නාන්නෙ නැද්ද...... ඇසුවෙමි.......දැන් බඩගිනියි දුවේ කාලම නානව පැවසූ ඇය මාත් සමග කෑම බෙදාගත්තාය.
කොන්ඩේ වියලුනු පසු එය පීරා ගත් මා. දන්නා තරමින් ගැටගසා ගත්තෙමි. හෙට ඉරිදා දින බැවින් හෙට දිනයේද මට නිමල් බවට පත්වීමට නොහැකි බව තේරුම් ගත් මා.....හෙට දවස පුරා පාසල් වැඩ කිරීම්ට සිතාගත්තෙමි......උදේට ආත් අම්මට උයන්න උදවුවෙලා පාඩම් වැඩ ටික කලාම කම්මැලි නැතුව දවස ගෙවාගන්න පුලුවන් වෙයි.....මා හෙට දවස ගැන කල්පනා කලෙමි....
No comments:
Post a Comment