ආත් අම්මාගේ පාඩම 8..............සාප්පුවේ ඇන්ටී බව දැනගත් මා දොර ඇරියෙමි. බ්‍රෙසියරයක් අත තබාගෙන පැමිණි ඇය මේක ඇදල බලන්න හරිද කියල. ඇය මගේ අත්දෙක අතරින් එහි උරහිස් පටි දෙක රිංගවන්ට වූවාය. එහි කප් දෙක තුලට මගේ පියයුරු දෙක ඇතුලු කර ඉතුරු කොටස පිට මැදට ගෙන හක් වලින් ඇමුනුවාය.....හරි වගේ නේද ඇසූ ඇය උරහිස් පටිවල තිබුනු ගාන්චු හරහා ඒවායේ දිග වෙනස් කරන්ට විය.....දැන් හරි නේද දුවේ....හිර එහෙම නෑනේද....ඇසුවාය......මේ හරිය තදවෙලා වගේ.....එය ඇන්ද පසු පපුව හරහා රෙද්දකින් තදට වෙලුවාක් මෙන් හැගීමක් ඇතිවූ නිසා කීවෙමි. මා තදවී ඇතැයි පැවසූ ස්ථානය ඇගේ ඇඟිලි තුඩුවලින් පරීක්ෂාකර....... මට පේන විදියට හිර නෑ වගේ....දුව ඉතින් ඉස්සෙලම දවසෙනෙ මේක ඇන්දෙ ඒ හින්ද පොඩ්ඩක් හිරට දැනෙනව ඇති.පුරුදු වෙනකොට ගානක් නෑ.....ඇය සිනාසෙමින් කීවාය......දුවට යට සායකුත් නැති හින්ද ඒකත් අරන් ආව.....පැවසූ ඇය....අතේ තිබුනු යට සාය මගේ හිසමතින් ඇතුලුකර හිනමතට ගත්තාය....දැන් දුව යටට ඇදන් ඉන්න ඒව ඔක්කොම ගලවන්න......මා ඇදගෙන සිටි කලිසම සහ පිරිමි යට ඇදුම ඉවත් කර රාක්කය මත තෙබුවෙමි......ඔයා යටට ඇදලත් තියෙන්නෙ පිරිමි අදින පැන්ටියක් නේද.....ඒ දෙස බලා ඇසූ ඇය....මෙච්චර සනීප ගැහැනු යට ඇදුම් තිබිද්දි මේ ගනකම එකක් නෙ ඇදගෙන ඉදල තියෙන්නෙ. මේක අහකට විසි කරල ගැහැණු එකක් ඇදල බලන්න කොච්චර සනීපද කියල.....ඇය එසේ කීවිට....මම මෙච්චර කල් කොල්ලෙක් වෙලානෙ හිටියෙ....ඉතින් මට කොයින්ද එච්චර දුහුල් කෙල්ලන්ගෙ යට ඇදුම්......මා ඇය දෙස බලා කල්පනා කලෙමි. ගවුමක් අතට ගත් ඇය එය පරීක්ෂා කර බලා මගේ හිස මතින් බැනියමක් අන්දන්නාක් මෙන් ඇන්දන්ට වූවාය. ගවුමට යටවූ කෙස්කලබ පිටතට ගත් ඇය....දැන් බලන්න ඔයා කොච්චර ලස්සන කෙල්ලෙක්ද කියල....ඇය මගේ රුව කැඩපත මතින් පෙන්වන්ට වූවාය....ඇය පවසන්නාක් මෙන් මා ඉතාමත් ලස්සන කෙල්ලෙක් මෙන් දිස්විය. මා දුටු රූමත්ම ගැහැනු ලමයා ඇය වියයුතු යයි සිතුවිල්ලක්ද ඇතිවිය. මා ඇය දෙස ආශාවෙන් බලා සිටියෙමි...මේවගෙ ලස්සන ඇදුම් තියෙද්දි...මෙච්චර කල් ඔයා මොනවද ඇදගෙන ඉදල තියෙන්නෙ....මට දොස්කියමින් ගවුමේ ප්‍රමානය මගේ ඇගට හරියනවාදයි පරීක්ෂා කරන්ට වූවාය......මට මෙච්චර කල් ගවුන් අදින්න පුලුවන් කම තිබුනයෑ......එහෙම ඇදන් හිටියනම් කොල්ලො මට ගල්ගහයි.....මා සිතින් ඇයට දොස් කීවෙමි.......මේකනම් හරි වගේ දැන් අනිත් එක බලමු......නැවත ගවුම හිසෙන් ඉවත්කල ඇය අනිත් ගවුම ඇන්දුවාය....මට තිබුනු පිරිමි ඇදුම් මෙන් නොව මේවායේ මෝස්තර එකින් එකට වෙනස් බව දුටුවෙමි.....ජීවිතයේ කිසිම දිනක ගවුමක් ඇගට දමාගෙන නොසිටි මට මේවා අදිනවිට අමුතු සැහැල්ලුවක් දැනෙන්ට විය......අමුතුම ලොවකට ගියාසේ දැනුනි.....මේ ඇදුම් කොච්චර හොද වුනත් මටනම් ආයෙත් කොල්ලෙක් වෙන්නමයි ඕනැ.....මට බෑ කෙල්ලෙක් වෙලා හැමදාම ඉන්න.....නැවත මාතුල පිරිමියෙක් වීමේ සිතුවිල්ල මතුවන්ට විය...මේ ඔක්කොම ගවුන් ටික ඔයාට හරි.....ගවුන්ම හරියන්නෙත් නෑනෙ සාය බ්ලවුස් ටිකකුත් ගම්මු නේද .....පැවසූ ඇන්ටි......යමු ගිහින් තෝරගම්මු.....මට අඩගැහුවාය.....මා එවර සිටියේ අවසානයට ඇන්දවූ ගවුම ඇදගෙනය......ඇන්ටි යන්න මම මේ ටික ගලවල කලිසමයි සර්ට් එකයි ඇදගෙන එන්නම්......දැන් ඔයාට ඒ ඇදුම් වැඩක් නෑ ඔහොමම යමු......ඇය මට එලියට අඩගැසුවාය.....ගවුන් ඇදගෙන එලියට යෑමේ ලැජ්ජාවෙන් මා ඇබරුනෙමි.....අයියෝ.....ගැහැනු ලමයෙක් වුනාම ගවුන් අඳින්න ඔච්චර ලැජ්ජ වෙන්නෙ මොකටද . පිරිමි ලමයිනෙ ගවුන් අඳින්න ලෙජ්ජ වෙන්න ඕනැ ඔයා පිරිමි ලමයෙක් නෙවෙයිනෙ.....කියමින් මගේ අතින් අදින්ට වූවාය..ඇය එසේ පැවසුවද මා ගතින් ගැහැනු ලමක් වූවත් තවමත් සිත පිරිමියෙක් නිසා ..පලමු වරට ගවුමක් ඇදගෙන සමාජය ඉදිරියට යෑමට ලැජ්ජාවක් ඇතිවූ බැවින් බිම බලගෙන බලවුස් තිබෙන ස්ථානයට ගියෙමි.
අපි එතනට යනවිට ආත් අම්මාද අපි අසලට ආවාය....බලන්නකො ඇන්ටි දැන්නෙ දුව ලස්සනට පේන්නෙ.....ඇන්ටී මාව පෙන්වා කීවාය......ආත් අම්මා මා දෙස බලා සිනාසී ඇදුම් ටික හරිද දුවේ ඇසුවාය......ඒ ටික නම් හරි ඇන්ටි තව සාය බ්ලවුස් ටිකක් අරන්දුන්නොත් හොදයි නේද .....ඇන්ටි ආත් අම්මාගෙන් ඇසුවාය.....ඕනැ එකක් අරන් දෙන්න දුවේ....ආත් අම්මා කීවාය.....ඇන්ටී මට හරි යන යයි සිතූ බ්ලවුස් කිහිපයක් මගේ උරහිසට තබා බලමින් තෝරන්ට වූවාය.....මේවත් පිටෝන් කරල බලමි.....පැවසූ ඇය සායවල් කිහිපයක්ද තෝරන්ට වූවාය......ගොඩක්ම කොට ඒව අරන්දෙන්න එපා දුවේ.....ආත් අම්මා ඇයට කීවාය......දනහිසට වඩා අඟලක් දෙකක් කොටවුනාට කමක් නෑනේද ඇන්ටි.....ඇය ඇසුවාය.....ඒකට කමක් නෑ මම කිව්වෙ ගොඩක්ම කොට ඒව.....ආත් අම්මා පිලිතුරු දුන්නාය.....ගවුන් සොයා දුන්නාක් මෙන් සාප්පුවේ ඇන්ටි මට ගැලපෙන ඇදුම් රාසියක් තෝරා දුන්නාය......මා මේවන විට ඇදගෙන සිටියේද සාප්පුවෙන් ගත් ගවුමකි. මා ඊයේ සිට කමිසය ඇදගෙන ඇවිදින විට විශාල වී ඇති පියයුරු දෙක වැනෙනු දැනුනි...එහෙත් දැන් බ්‍රෙසියරය ඇද ගවුම ඇදගත් පසු එසේ වැනෙන බවක් නොදැනුනි....මා පපුව ටිකක් ගස්සා බැලුවෙමි එහෙත් ඒවා බ්‍රෙසියරයේ කප් අතර සිරවී තිබෙන නිසා සෙලවීමක් නොදැනුනි....ආත් අම්මා රෙදිවල සල්ලි ගෙවන අතර තුර....මට තව එකක් අරන්දෙන්න අමතක වුනානෙ ඇන්ටි.....පැවසුවාය.....ඒ මොකක්ද.....ආත් අම්මා ඇසූ විට ඇය දෙස බලා ලැජ්ජාවෙන් මෙන් සිනාසීන් මගේ අතින් ඇදගෙන සාප්පුව තුලට ගොස් මගේ තරමට කාන්තා යට ඇදුන් කිහිපයක් අතට ගෙන එකක් මගේ අතට දී ..ඔයා යටට ඇදල නෑ නේද පිටෝන් රූම් එකට ගිහින් මේක ඇදගෙන එන්න....මතක තියාගන්න මේ පැත්ත ඉස්සරහට අදින්න....කීවාය. මා පිටෝන් කාමරය තුලට ගොස් එය ඇදගත්තෙමි. දුහුල් ඇදුමෙන් මසා තිබුනු එය ඇදගත්විට ඉන් ඇතිවූ පහසු තාවය නිසා සප්පුවේ ඇන්ටි පැවසූ දේ සත්‍යය බව තේරුනි.....කොල්ලන්ගෙ ඒව වගේ නෙවෙයි මේව ඇගට හරි සනීපයි....මා කල්පනා කරමින් එලියට ගියෙමි. ඇය එම ඇදුන් රැගෙන ගොස් බිලට එකතුකර පාර්සල් කරන්ට වූවාය වෙනම පාර්සලයක් ආත් අම්මා අතට දුන් ඇය...
No comments:
Post a Comment