පරම්පරාව 6.............ඉන්පසු පැමිනි කිසිම ගුරුවරයෙකුට මාව වෙනස් කෙනෙකු ලෙස නොපෙනීම පුදුමයක් විය. පාසැලේදී මා කැමතිම ක්රීඩාව වොලිබෝල් ක්රීඩාව විය. අපේ පන්තියේ කිසිම ගැහැනු ලමයෙක් එම ක්රීඩාවට සහභාගී නොවීය. ඒවෙනුවට ඔවුන් තෝරාගෙන තිබුනේ නෙට් බෝල් ක්රීඩාව විය. අද දිනද අපි ක්රීඩා පුහුනු වීම සදහා ගියෙමු.මා අද ගැහැණු ළමයෙකු බැවින් වොලිබෝල් ක්රීඩාව සඳහා යෑමට ඉඩක් නොතිබුනි. නවෝදා මාව රැගෙන ගියේ ගැහැණු ලමුන්ට සුපුරුදු නෙට්බෝල් ක්රීඩා කරන ස්ථානයටය. මම ගැහැනු ළමයි නෙට්බෝල් ගහනව දැකල තිබුනට සෙල්ලම් කරල නෑ...ඉතින් මම කොහොමද මේ ක්රීඩාව කරන්නෙ.....ගැහැනු ලමුන් අතරසිටි මා.....ගැටලු කාරී ලෙස කල්පනා කලෙමි. ගහැනු ලමයෙක් මා අතට බෝලය පාස්කලාය. මා දැක පුරුදු ආකාරයට එය කනුව දෙසට රැගෙන ගොස් රවුම අතරින් වැටීමට බෝලය විසිකෙලෙම්. මාගේ වාසනාවකට දෝ එය රවුම අතරින් වැටුනි.....එය දැක සතුටු වුනු ගැහැනු ලමුන් කිහිප දෙනෙක් මා අසලට පැමින සතුටින් මාව බදාගන්ට විය......මෙච්චර කාලෙකට ගැහැනු ලමුන්ගේ ඇගේවත් නොගෑවී සිටි මාව ගැහැනු ලමුන් කිහිප දෙනෙක් බදා ගැනීම මට ඇදහිය නොහැකි කාරනාවක් විය.....මා සුපුරුදු ක්රීඩිකාවක් මෙන් එම ක්රීඩාවේ යෙදීමට හැකිවීම මටම පුදුම වීමට කාරනයක් විය.....මා රවුම අතරින් බෝලය යවන හැම අවස්තාවකම ඔවුන් මාව බදාගෙන සතුට පලකරන්ට විය.
පාසැලේදී මා මෙතෙක් කලක් පාවිච්චි කලේ. පිරිමි ලමුන් පාවිච්චිකල වැසිකිලියකි. එහෙත් අද පාවිචිකිරීමට සිදු වූවේ ගැහැනු ලමුන් පාවිච්චි කරන වැසිකිලි පද්ධතිය විය. මා බියෙනුත් චකිතයෙනුත් යුතුවය එය තුලට ගියෙමි. පිරිමි ලමුන්ගේ වැසිකිලි පද්ධතියේ මුත්රා කිරීමට පමනක් වෙනම ස්ථානයක් තිබුනද මෙහි එවන්නක් නොතිබුනු බැවින් වැසිකිලියක් තුලට ගොස් දොර වසා ගත්තෙමි. මා ඉන් පිටතට ගොස් බලනවිට කුනු භාජනයක් දක්නට ලැබුනු අතර එය තුල ලේ ගෑවුනු සනීපාරක්ෂක තුවා කිහිපයක් තිබෙනු දක්නට ලැබුණි. මා එවැනි දේවල් ගැන අසාතිබුනද ඇත්තටම දුටුවේ අද දිනදීය. වැඩිහිටි බවට පත්වූ සෑම කාන්තාවකට මසකට වරක් මෙවැනි දෙයක් සිදුවන බව මේ වනවිට දැන සිටියෙමි. මට ලැබී තිබෙන මෙම ගැහැනු බව නොවෙනස්ව පැවතුන හොත් නොබෝ දවසකින් මටද මෙම අත්දැකීම විද ගැනීමට සිදුවන බව සිහිවිය.
පාසල ඇරුනු පසු මා අසලට පැමිනි සෙවුනි....මට අද එන්න පරක්කු වුනා.....ඒ හින්ද ඔයාල එක්ක එන්න බැරිවුනා...මාගේත් නවෝදාගේත් අත් අල්ලා ගත් ඇය පැවසුවාය. අපි තනියම යනවට වැඩිය හොදනෙ අපි ඔක්කොම එකට යන එක පැවසූ ඇය. ගෙදර යන ගමනට අපිට එකතුවුනාය.....මෙතෙක් කල් පිරිමි ලමයෙකු ලෙස තනියම පාසැල් ගිය මට අද යෙහෙලියන් දෙදෙනෙකු ලැබීම එක්තරා ආකාරයකට සතුටු වීමට කාරනාවක් විය. එහෙත් මාව හෙට වෙනකොට ආයෙත් සචින් වෙයිද දන්නෙ නෑ.....එහෙම උනොත් මෙයාල ආයෙත් මට නැතිවෙනව......මගේ සිත තුල කනගාටුදායක සිතුවිල්ලක් පහල විය. ගමන අතර තුර අපි එකිනෙකාට විහිලුකරගනිමින් නොයෙක් විහිලු කතා කියමින්.....විනෝදයෙන් ගෙදර යෑමට ලැබීම කෙතරම් වාසනාවක් දැයි සිතට දැනුනි.....හෙටත් මට මෙහෙම එන්න ඇත්නම්....ප්රාර්ථනා කරමින් ඔවුන්ට සමුදුන් මා ගෙදරට ගොඩවුනෙමි.
කාමරයට ගිය මා ඇදසිටි පාසැල් ඇදුම් ගලවා සායක් සහ බ්ලවුසයක් ඇදගත්තෙමි....මා අසලට පැමිණි අම්මා....අද උදේ..එහා ගෙදර සෙවුනි ඇවිත් ඇහුව ඔයා ස්කෝලෙ ගියාද කියල.....මම කිව්ව ගිහින් ටිකක් වෙලා කියල. එයාට පරක්කු වුනා කියල ගියා. ඔයාට හම්බවුනේ නැද්ද....ඇසුවාය......ස්කෝලෙදි හම්බවුනා අම්මෙ....මා කීවෙමි......එතකොට සෙවුනි මාව දකින්නෙ නැතුවම දැනගෙන තියනව මාව දැන් කෙල්ලෙක් වෙලා කියල....මේකනම් පුදුමාකාර දෙයක්....මා කැඩපත අසලට ගොස් ගැහැනු රුවේ හැඩබලමින්......කල්පනා කලෙමි.....කවද වෙනකන් මට මෙහෙම ඉන්නවෙයිද දන්නෙ නැ.....මා නෑම සදහා ගෙතූ කොන්ඩකැරලි ලෙහමින්.....එහෙම නැත්නම් මට මේ පේන්නෙ සිහිනයක් ද....ඒක වෙන්නත් බෑ කෙනිත්තුවාම රිදෙනව......එහෙනම් මම මෙච්චරකල් දැකල තියෙන්නෙ හීනයක් ද ඒ හීනෙ මම ජීවත්වෙලා තියෙන්නෙ සචින් කියන පිරිමි ලමයෙක් විදියටද......ඒත් එහෙම වෙන්න පුලුවන්ද.....එහෙමනම් මම උපන්දවසෙ ඉදන් දැකල තියෙන්නෙ සිහිනයක්නෙ.....ඒකත් වෙන්න බෑ....මට හිතෙන්නෙ මේ ඔක්කොම සිද්ද වෙලා තියෙන්නෙ ඇත්තටම.....අවසානයේදී මා කල්පනා කලෙමි. බාත්රූම් එකට ගොස් නාගත් මා .....කෑම ගැනීම සදහා කුස්සියට ගියෙමි. එහෙත් අම්මා එහි සිටියේ නැත . මා බත් බෙදාගෙන කෑම සදහා කුස්සියේ පුටුවේ වාඩිවුනෙමි. කුස්සිය තුලට පැමිනි තාත්තා. කෝ පුතේ අම්ම... මගෙන් ඇසුවේ කෑම ගැනීමට සූදම් වී බව තේරුම් ගත් මා.....දැන් හිටිය තාත්තේ.....ලගට යන්න ඇති...... පැවසු මා ඔහුට බත් පිගානක් බෙදා දීම සදහා නැගිට්ටෙමි.....පුතා කන්න මම අම්ම ආවට පස්සෙ කන්නම්.....පැවසූ තාත්තා එම ස්ථානයෙන් ගියේය.....අම්ම කතාකරන්නෙ මට දුව කියල ඒත් තාත්ත එදා වගේ අදත් මට පුතා කියල කතාකරනව. අනිත් අයට මාව කෙල්ලෙක් වගේ පෙනුනට තාත්තට තාමත් මාව පේන්නෙ පරන කොල්ල විදියටද.....මට ගැටලුවක් ඇති විය.
No comments:
Post a Comment