Tuesday, April 3, 2018

පරම්පරාව 7...........සුලු වේලාවකින් අම්මා පැමිණියාය ......තාත්ත කෑම කන්නද කොහේද ඇවිල්ල අම්මව ඇහුව....මම බෙදල දෙන්නද කියල ඇහුවම අම්ම ආවම කනව කිව්ව....මා ඇයට පැවසුවෙමි......ඇය තාත්තාට කෑම බෙදන්ට වූවාය.....එක අතකට බලන කොට අම්ම කොච්චර වැඩ කරනවද. උයන්න ගේ අස්පස්කරන්න රෙදි හෝදන්න...මම අද ඇඳගෙන ගිය ගවුමත් මැදල ලෑස්ති කරල දුන්නෙත් අම්මනෙ.....මමත් දැන් කෙල්ලෙක් හින්ද මටත් පුලුවන් අම්මට උදවු කරන්න....ඉස්සර මගෙ  කලිසම් කමිස අම්ම හෝදල දුන්නට....දැන් මගේ ගවුන් හෝදන්න අම්මට දෙන්න හොද නෑ...මාත් කෙල්ලෙක් හින්ද ඒව කරගන්න ඕනැ.....මා ඇය දෙස බලා කල්පනා කලෙමි....බත් පිගාන ඉවරකල මා කාමරයට ගොස් අද ඇදගෙන ගිය ගවුම පරීක්ෂාකර කිලුටු වී ඇත්දැයි බැලුවෙමි. අද බෝල සෙල්ලම් කල බැවින් එහි දූවිලි සලකුනු තිබුනි. එයද යට ඇදුම් ද අතට ගත් මා.....සේදීම සඳහා ගියෙමි.....මා දුටු අම්මා.....අද ගවුම කිලුටු වෙලාද දුවේ....ඇසුවාය....ඔව් අම්මෙ අද අපි බෝල සෙල්ලම් කලානෙ.....පිලිතුරු දුන්නෙමි......ඔහොම තියල ඔයා පාඩම් කරන්න දුවේ  මම මේ බත්ටික කාල ඔය ටික හෝදන්නම්..ඇය කෑම පිගාන අතේ තබාගෙන...... කීවාය.....ඕනෙ නෑ අම්මෙ මම මේ ටික ටක් ගාල හෝදල දාල පාඩම් කරන්නම්.....මා රෙදිටික බාල්දියටදමා අතට ගෙන කීවෙමි.....මම මෙච්චර කල් ඉද හිට හරි හෝද ගත්තෙ..... මම ඇන්ද පිරිමි ඇදුම් ...අද මට හෝදන්න වෙලා තියෙන්නෙ කෙල්ලන්ගෙ ඇදුම්.....මමත් දැන් කෙල්ලෙක් උන හින්ද හොදයි. පිරිමියෙක් උනානම් කීයටවත් ගෑණු ඇදුම් හෝදන්නෙ නෑනෙ.....මා සුදු ගවුමේ සබන් තවරා ගලේ තට්ටු කරන ගමන් කල්පනා කලෙමි.ඇදුම් ටික සෝදා වැලේ වැනූ මා ගෙට ගියෙමි....ඔයාගෙ අනිත් ස්කූල් යුනිපෝම් එක අයන් එක ගාව ඇති මම මැදල දෙන්නම්......අම්මා කීවාය......නෑ අම්මෙ මම ඒක මැදගන්නම්.....මා එයද මැදීමට පටන්ගත්තෙමි. කලිසම් මෙන් නොව ගවුමේ සාය මදින විට සායේ රැලි නැවුම් පොඩි නොවනසේ මැදියයුතු බව තේරුනි. මා සීරුවට එය මදින විට මා අසලට පැමිනි අම්මා  මදින දෙස බලා සිට ඔය මැදගන්නෙ අපූරුවට.......පවසා....ගෑනු ලමයි උනාම ඕව කරගන්න ඕනැ....සිනාසෙමින් පවසා මගේ පිට අතගෑවාය......මැද අව්සන් වූ මම  එය රැගෙන කාමරයට ගියෙමි......මගේ සපත්තු දෙකෙහි සහ මේස්දෙකෙහිද දූවිලි ඇතිබව පෙනුනි.....මට ඉස්සර තිබුනු කලු සපත්තුයි කලු මේස් ජෝඩුවයි වගේ නෙවෙයි මේව කුනු ගැවුනාම හොදට පේනව ඒ හින්ද මේවත් හැමදාම හෝදන්න වෙනව.....මා ඒවාද සේදීම සදහා රැගෙන ගියෙමි....සියලු වැඩ අව්සන් කල මා පාඩම් කිරීම සඳහා වාඩිවුනෙමි...... දුවගෙ අනිත් ගවුමත් මැදගෙන ආව......අම්මාගේ කට හඬ ඇසුනු මා ඇය දෙස බැලුවෙමි. ඇය තවත් සුදු ගවුමක් රාක්කයේ එල්ලනු දුටුවෙමි....මම දන්නෙත් නෑ..... මට පාසැල් ගවුන් තුනක් ම තියෙනවනෙ.....මා ඒවා දෙස බලා පුදුමයෙන් කල්පනා කලෙමි...
                පසුදින පාසැල් නිල ගවුම ඇදගෙන පෙරදින මෙන් සියල්ලන්ට වැද පාසල් යෑමට පිටත් උනෙමි.....පෙරදින මාසමග පැමිනි සෙවුනි මතකයට ආ මා ඇගේ නිවස දෙස බැලුවෙමි. ඉස්සර මා සචින් ලෙස ඇයගේ නිවස දෙස නොබලා තනියම පාසැල් ගියද දැන් මා ඇය වැනි තරුණියකි. අපිවැනි තරුනියන් තනියම පාරේ යනවාට වඩා කිහිප දෙනෙක් එකතුව යෑම ආරක්ෂා කාරී වනබව ගැහැනු ලමයෙකු ලෙස සිතන්ට වුනෙමි. මාව දුටු ඇය පොත් බෑගය කරේ එල්ලා ගෙන දුවගෙන එනු දුටුවෙමි......ගුඩ් මෝනින් සෙවුනි......කී මා ඇගේ අත අල්ලා ගත්තෙමි.....ඉස්සරනම් මම මෙහෙම කෙල්ලෙක්ගෙ අතින් ඇල්ලුවනම් හරි වැඩේ වෙන්නෙ.....දැන් මාත් මෙයාවගේ කෙල්ලෙක්නෙ..ඒ හින්ද ගානක් නෑ........කල්පනා කලෙමි. ටික දුරකින් නවෝදාද අපිට එකතුවිය.
                 ඊයේ මෙන් පාසැලේදී මට එතරම් චකිතයක් නොමැතිවිය. මා සුපුරුදු ගැහැනු ලමයෙකු මෙන් හැසිරෙන්ටවුනෙමි.......පාසැල අවසන්වූ පසු පෙරදින මෙන් අපි තිදෙනා එකටම ගෙදර පැමිනුනෙමු..... අපේ ගෙවල් ලග හින්ද .. අපි එකතුවෙලා පාඩම් කරමුද.....තනියම පාඩම් කරන්න කම්මැලියි අනේ......සෙවුනී යෝජනා කලාය.....ඒකනම් හොද අදහස....අපේ ගෙදර පාඩම් කරන්න පුලුවන්.....නවෝදා කීවාය......අම්මගෙන් අහල බලාන්න ඕනැ.....මා එසේ කීවේ පෙරමෙන් මට දැන් අම්මාගෙන් අවසර නොගෙන තනියම ගමන් යෑමට නොහැකි බව දන්නා නිසාය.
                   මා ගෙදර ගොස් සම්මිගේ යෝජනාව අම්මාට පැවසුවෙමි......සම්මිත් එක්ක යන හින්ද කමක් නෑ දුවේ . ඒත් පරිස්සමින්......රෑවෙන්න කලින් ගෙදර එන්න.....අම්මා අවසර දුන්නාය.....මා මින් පෙර යහලුවන්ගේ ගෙවල් වල ගියත් රෑවෙන්න කලින් ගෙදර එන ලෙස පවසා නැත එහෙත් මා දැන් ගැහැනු ළමයෙක්මි ගැහැනු ලමයෙක් පරිස්සම් කිරීම අම්මාගේ යුතුකම නිසා එසේ පැවසුවාට සැක නැත.
                    පසුදින මා පාසැල් ඉවරවී ගෙදර පැමිනි පසු අම්මා පොඩි අයියා සමග වාහනයෙන් නගරයට ගියාය. සාමාන්‍යයෙන් ගෙදරට අවශ්‍යය බඩු ගෙන ආවේ අම්මාය. ඇය සමග පොඩි අයියා යෑම පුරුද්දක් විය.....දුවේ මම මාකට් එකට යනව තාත්තට කිව්ව.... දුව පරිස්සමින් ඉන්න......යෑමට පෙර මට පැවසුවාය.......ටික වේලාවක් ගතවිය.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: