ආත් අම්මාගේ පාඩම 19...............අද දුවට අරුංගල් දෙකක් අරන්දෙන්න හිතාගෙන ඉන්නෙ තවටිකකින් යමුනේද.....මා උදෑසන ආහාර ගත් පසු ආත් අම්මා පැවසුවාය......මාත් එන්න ඕනැද ආත් අම්මෙ .....මා එසේ ඇසුවේ ගැහැණු ලමයෙකු ලෙස සෙනඟ අතරට යෑමට තිබුනු ලැජ්ජා සහගත තත්වය නිසාය......දුව යන්නෙ නැතුව පුලුවන්ද දුවට කැමති එකක්නෙ ගන්න ඕනැ.....ඇය කීවාය.....මම ඕව ගැන දන්නෙ නෑනෙ ආත් අම්මෙ....මොකද මම ඕව පාවිච්චි කරල තියෙන එකක්යෑ.....මා එසේ කීවිට මාදෙස බලා සිනාසුනු ඇය......පාවිච්චි නොකලට කමක් නෑ දැන් පාවිච්චි කරන්න වෙනවනෙ.. අනිත් එක මට ඉස්සර වගේ දුවව මේගෙදර තනිකරල යන්නත් බෑ........කී ඇය ......ගිහින් ගවුමක් ඇදගෙන ලෑස්ති වෙන්න.....කීවාය. ආත් අම්මගෙන් ගැලවීමට නොහැකි බැවින් කාමරයට ගිය මා ටවුමට යනවිට ඇදීමට සුදුසු ඇදුමක් තෝරන්ට වුනෙමි.....එවිටම දුවේ යනුවෙන් ආත් අම්මා කතාකරනු හඩ මගේ පිටුපසින් ඇසුනි.....මා ගවුමක් අතට ගෙන පිටුපස බැලුවෙමි......ඕක නෙවෙයි දුවේ අර හොඳ ලස්සන ගවුමක් ගත්ත නේද ඒක ඇඳගන්න ......පැවසූ ඇය....දුවට ඉතින් ගමනක් යන කොට අදින ඇදුම් තෝරන්න තේරෙන්නෙ නෑනෙ ඒකයි මම ආවෙ.....ඇය මගේ ඇදුම් රාක්කයෙන් හොදම ගවුම තෝරා මගේ අතට දුන්නාය......ඇන්ද යට ඇදුම් අදින්නෙ නැතුව අලුත් ඒව ඇඳගන්න .....අනතුරුව කී ඇය මාත් යනව ලෑස්ති වෙන්න......පවසා කාමරයෙන් පිටවූවාය....අලුතෙන් ගත් බ්රෙසියරයක් සමඟ යට ඇදුම් ඇදගත් මා ආත් අම්මා තෝරාදුන් ගවුම ඇදගත්තෙමි. එම ගවුමට මා තවත් හැඩවී ඇතිබව කැඩපත තුලින් දුටුවෙමි......කොන්ඩෙ කොහොමද හදාගන්නෙ කොන්ඩය පීරන ගමන් සිතුවෙමි......මා ආත් අම්මා අසලට ගොස්.....කොන්ඩෙනම් පීර ගත්ත ආත් අම්මෙ.....ලස්සනට හදාගන්න එක තමා ගැටලුව......ඔසරියක් ඇද එහි පොට සකස් කරමින් සිටි ආත් අම්මා......චුට්ටක් ඉන්න දුවේ මම මේ සාරිය හදාගෙන එන්නම්.....දුව මුහුනට පවුඩර් එහෙම දාගත්තද......කන්නඩිය දෙස බලාගෙනම ඇසුවාය.....මා කොල්ලෙක්ව සිටියදී එතරම් පවුඩර් පාවිච්චියක් නොමැති බැවින් මා ඒවා මුහුනේ ගාගෙන තිබුනේ නැත.....ආත් අම්ම දන්නවනෙ මම වැඩිය ඒව පාවිච්චි කරන්නෙ නෑ කියල.....මා කිවෙමි.....ඒ ඉස්සරනෙ ළමයො ......දැන් ඔයා ගෑණු ළමයෙක් හින්ද ඒව පාවිච්චි කරන්න ඕනැ.....කොල්ලො වගේ නෙවෙයිනෙ දුවේ කෙල්ලෙක් උනාම මුහුන ගොඩක් ලස්සනට තියාගන්න ඕනැ.......අවවාද දුන් ඇය ,,,,,,,,,,,මම මේ සාරිය අදිනකන් යන්න ගිහින් පවුඩර් ටිකක් දාගෙන එන්න......කීවාය......මා නැවත කාමරයට ගොස් පවුඩර් බෝතලයෙන් පවුඩර් ටිකක් අතට ගත්තෙමි. එහෙත් ආත් අම්මා පාවිච්චි කරන පවුඩර් තරම් ඒවායේ සුවදක් නොමැති බව තේරුනි.........වැඩිය පාවිච්චි කරන්නෙ නැතුව පරන වෙලාද මන්ද සුවදත් නෑ.........කොල්ල කාලෙ වගේ නෙවෙයි දැන් මගෙ මුහුනෙ හම සිනිදුයි..........ඒ හින්ද මේ පරන ඒව පාවිච්චි කරල මොකුත් වුනොත්...........බෝතලය අතට ගෙන කල්පනා කල මා......ආත් අම්මා සොයාගෙන ගියෙමි....ඒ වනවිට සාරිය ඇද අවසන් වී සිටි ඇය.......මාව දැක කෝ තවම පවුඩර් ටිකක් දාගෙන නෑ නේද .....මගේ මුහුන දෙස හොදින් බලා ඇසුවාය.....මේ පවුඩර් බෝතලේ පරනවෙලා වගේ ආත් අම්මෙ....මා එය පෙන්නා කීවෙමි....පරන ඒව පාවිච්චි කරන්න එපා ඕක අහකට විසි කරල මේකෙන් දාගන්න.....ආත් අම්මාගේ පවුඩර් බෝතලය දෙමින් කීවාය. එය අතට ගත් මා අල්ලට ටිකක් දමාගෙන මුහුනේ අතුල්ලා ගත්තෙමි......එයින් විහිදුනු සුවද නිසා මගේ මුලු ගතම සුවදවත් වනබව දැනුනි.......දුවගෙ කොන්ඩෙ හදන්න ඕනැ නේද... ඇසූ ආත් අම්මා පනාව රැගෙන මා අසලට පැමින එය ක්රමවත්ව සකස් කරමින් කොන්ඩා කටු ගසමින් සකස් කරන්ට වූවාය.......ආත් අම්මට ලස්සනට කොන්ඩ හදන්න පුලුවන්නෙ......මා සකස් කල කොන්ඩය කැඩපතින් නරඹමින් කල්පනා කලෙමි.
අද දිනද අපිට නගරය යෑම සදහා කුලී රතයක් ගෙන්වාගෙන ඇති බව දැන ගත්තේ එය මිදුලේ නවතා නලාව නාදකරන විටය. ......වාහනෙත් වෙලාවට ඇවිල්ල දුවේ....... යමු නේද....එදා කඩෙන් ගත් කාන්තා සෙරෙප්පු දෙක පයේ දමාගත් මා...මා අත් දෙක වනමින් වාහනය දෙසට යන දෙස බලා සිටි ආත් අම්මා..... මට පේනව දුවට මොකක් හරි අඩුවක් තියෙනව කියල.....කීවාය......මොනවද ඉතින් මගෙ නැතිවුන පිරිමි කමේ අඩුව තමා.........මා සිනාසෙමින් විහිලුවට මෙන් කීවෙමි......ඒක ලබාගන්න තව කල් තියෙනව.........ඇනුම් පදයක් මෙන් පැවසූ ඇය........ඒක නෙවෙයි මම කියන්නෙ.....මා දෙස හොදින් බලා කල්පනා කල ඇය.....ගෑනු ලමයෙක් උනාම අතේ පොඩි ලේන්සුවක් තියෙන්න ඕනැ....තව....
No comments:
Post a Comment