Friday, April 13, 2018

ආත් අම්මාගේ පාඩම 12...............මා ඇය පිටුපසින් ගොස් කාමරයට ඇතුල් වුනෙමි.........ඈ... ළමයො මේ තියෙන්නෙ ඇදුම් නෙවෙයිද......ඇදුම් රාක්කයේ තිබුනු ගැහැණු ඇදුම් පෙන්වා ඇසුවාය......ඕව නෙවෙයි ආත්තම්මෙ මගෙ පිරිමි ඇදුම් ටික.....මා ඇසුවෙමි......ඔය ලමය දැන් ගෑණු  ලමිස්සියෙක් නේද.....ගැහැනු ලමයි උනාම පිරිමි ඇදුම් අඳිනවද........ඇය මට බනින්ට වූවාය....මට බෑ ආත්තම්මෙ මගෙ පරන ඇදුම් ටික දෙන්න....මා ඇඩුම්බරව කීවෙමි......ඒ ටික මම එකතුකරල විසිකලා.....ඇය එසේ පැවසූ විට ......කොහාටද විසිකලේ....මා ඒවා නැවත ගෙන ඒමේ අදහසින් කලබලයෙන් ඇසුවෙමි.....ඒව දැන් ඔයාට හොයන්න හම්බවෙන්නෙ නෑ.....ඒ ටික ඔක්කොම පුච්චල දැම්ම......ඇය එසේ පවසනවාත් සමගම මට සියල්ල එපා වුනා මෙන් දැනුනි......ඇදේ වාඩිවූ මම දුක සහ ආත්තම්මා කෙරෙහි ඇතිවූ තරහ මුසුවූ මා කිසිවක් නොකියා ඇය දෙස බලා සිටියෙමි......ඔයාට දැන් තියෙන්නෙ ඉස්කෝලෙට අඳින කලිසම් දෙකයි කමිස දෙකයි විතරයි.....මීටපස්සෙ ඔය ලමය පිරිමි ළමයෙක් විදියට ඉන්නෙ ඉස්කෝලෙ වෙලාවට විතරයි...ඒකයි ඒ ටික විතරක් ඉතුරුකලේ...අනිත් හැම වෙලාවකම ඉන්න වෙන්නෙ ඔය විදියට තමයි....ඒ හින්ද ගැහැනු ළමයෙක් විදිහට ජීවත් වෙන්න ඉගෙන ගන්න....ඇය මට තවදුරටත් පවසන්ට වූවාය.....මේ ඇදගෙන ඉන්න කලිසමත් ඉරුන.....ඉතින් මොනවද අඳින්නෙ....මා ඉරුනු තැන පෙන්වා ඇසුවෙමි......ඕක ගලවල දෙන්න මහන්න පුලුවන්ද කියල බලන්න......පැවසූ ඇය කාමරයෙන් ගියාය.
            ආත් අම්මා මගේ පිරිමි ඇදුම් සියල්ල පුලුස්සා දැමීම නිසා  දැන් ඇදීමට පිරිමි ඇදුමක් නැත. අදින්න වන්නේ ගැහැනු ඇදුම් පමනි. මා සෙමින් ඉරුනු කලිසම ඉවත් කලෙමි. කමිසය ඉවත් කලවිට පියයුරු දෙක බෝල ගෙඩි දෙකක් මෙන් දිස්විය. මා ඒවා සෙමින් අතගෑවෙමි. ඒවායේ අමුතු සුමට බවක් අතට දැනෙන්ට විය.....මට දැන් හැමදාම මේව තියාගෙන ඉන්න වෙනව.....සිතමින් ඇදුම් රාක්කය දෙසට ගියෙමි. ගවුමක් අතටගත් මට ගවුමට පෙර බ්‍රෙසියරය සහ යට සාය ඇඳිය යුතුබව සිහිවිය. බ්‍රෙසියරය අතට ගත් මා ඊයේ සාප්පුවේ ඇන්ටී එය ඇන්දූ ආකාරය සිහිකලෙමි. ඇය කලාක් මෙන් උරහිස් පටි දෙක අතරින් අත්දෙක දමා කප් දෙක පියයුරු මැදිවන ලස තබා පිටුපස හක් දෙක ඇමිනීමට උත්සාහ ගත්තෙමි. තරමක උත්සාහයකින් පසු ඒවා අමුනා ගත්තෙමි. සුදු පැහැති යට සායද ඇදගත් මා ගවුමේ ඉදිරි පස පිටුපස පරීක්ෂාකර  බලා එයද ඇදගත්තෙමි. මේ වනවිටත් ඇදගෙන සිටි පිරිමි යට කලිසම ගැලවූ මා කාන්තා යට ඇදුමක් ඇදගත්විට පෙර ඇදුමට වඩා යම්කිසි සුවදායක බවක් දැනෙන්ට විය. සියල්ල ඇදගත් පසු කැඩපත ඉදිරියට ගියෙමි. මා ජීවිතයට දුටු රූමත්ම යුවතිය කැඩපත තුලින් දිස්විය..... කෙල්ලෙක් උනාට පස්සෙ මාව මේතරමටම ලස්සනද.....ඇගේ හැඩ බලම්න් කල්පනා කලෙමි......පින්තූර වලින් දැක ඇති කෙල්ලන්ගේ එක් එක් ඉරිවයවු වලින් සිටිමින් කැඩපතින් නැරබුවෙමි. එම පින්තූර වලින් දුටු කෙල්ලන්ට වඩා  මගේ රුව කෙතරම් රූමත් දැයි සිතුවෙමි......මම කොල්ලෙක් වෙලා ඉන්න කොට මෙච්චර වෙලා කන්නාඩිය ඉස්සරහ ඉදගෙන මගේ රූපෙ ලස්සන බලල නෑනෙ......දැන් මම කෙල්ලෙක් හින්දද මන්ද හරි ආසයි හැඩබල බලා ඉන්න....රූපෙත් ලස්සන හින්ද තවත් ආසහිතෙනව......ආපෝ... මෙහෙම කල්පනා කලොත් එහෙම මට පිරිමි කම අමතක වෙයි.....කොච්චර ලස්සන වුනත් මට ආයෙත් නිමල් වෙන්න ඕනැ.....මා ඉක්මනින් කුස්සිය දෙසට ගියෙමි.....ඔය ලස්සනට ඉන්නෙ.....මා දෙස බලා පැවසූ ආත් අම්මා......නිමල් වගේ නෙවෙයි...... දුව ගොඩාක් ලස්සනයි......ඕවගෙ ලස්සන ගහැනු ලමයෙක් ගෙදරක ඉන්න කොට ඒ ගෙදර පහනක් පත්තු කලාවගේ එලිය වැටෙනව..සතුටින් පැවසූ ඇය.....දුව කෑම කන්න...මගේ හිස අතගාමින් ආදරයෙන් කීවාය....ආත් අම්මා මගේ හිස අතගාමින් ආදරයෙන් කතාකල දිනයක් මතක නොතිබුනි.....එහෙත් මා ගැහැනු ලමයෙකු බවට පත්වූ පසු ඇය දැඩිසේ මට ආදරය දක්වන බව තේරුනි.... ..මේ වනවිට මා සෑහෙන බඩගින්නකින් සිටියද මට ඇතිවුනු අවුල් සහගත තත්වය නිසා කෑම ගැනීමද අමතක වී තිබුනි......ආත් අම්මා කෙරෙහි ඇතිවී තිබුනු තරහා අමතක කල මා කෑම බෙදාගත්තෙමි.
          දැන් කොල්ලො ටික ඇවිල්ල මාව හොයල මට බනිනව ඇති.ගිය ඉරිදත් බැරිවුනා. අද ප්‍රැක්ටිස් කරමු කියල පොරොන්දු වුනාට ඒකත් බැරිවුනා.පොරොන්දුවුනාට මම දැන් දන්නව ලබන ඉරිදටත් මැච් එක ගහන්න යන්න වෙන්නෙ නෑ කියල. ඉස්කෝලෙ වෙලාවට විතරක් කොල්ලෙක් වෙන මම කොහොමද කොල්ලො ආස්සරේ කරන්නෙ. මා සාලයේ සැටිය මත වාඩිවී කල්පනා කලෙමි.......දුව මොනවද කල්පනා කරන්නෙ.....ඇසූ ආත් අම්මා මා අසලින් වාඩිවී මාව ඇයට තුරුලු කර ගත්තාය..... දුක් වෙන්න එපා දුව මම ඔයාට හොදක්නෙ කරන්න හදන්නෙ....ඇය මගේ හිස අතගාමින්...පැවසුවාය.....මා කුඩාකල මගේ අම්මා මෙලෙස මාව තුරුලු කරගෙන සිටි ආකාරය සිහිවිය....අම්මා මියගිය පසු මගේ හිතුවක් කාර ජීවිතය නිසාදෝ ආත් අම්මා මට මෙලෙස ආදරය දැක්වූ බවක් මතක තිබුනේ නැත...ඇයට තුරුලුව සිටියදීම මගේ ඇස්වලට කදුලු උනන බව තේරුනි.....කවදාවත් නැතිව මගේ ඇස්වලට කදුලු ඉනුවේ මගේ මෑනියන් සිහිවීමෙන්ද...ආත් අම්මා දක්වන මෙම දැඩි සෙනෙහස නිසාදැයි මට සිතාගත නොහැකිවිය......මාව කෙල්ලෙක් උනාට පස්සෙ නේද ආත් අම්ම මට මෙච්චර ආදරේ කරන්න පටන් අරන් තියෙන්නෙ....කල්පනා කරමින් ගවුමේ සායෙන් ඇසට ඉනූ කදුලු පිසදා ගත්තෙමි.
           නාගන්න ඕනැ දුවේ.....මා අසලින් නැගිටන ගමන් පැවසූ ඇය දුවත් නාගන්න....පිරිමි ලමයි වගේ නෙවෙයි ගැහැණු ලමයෙක් උනාම පිරිසිදුව ලස්සනට ඉන්න ඕනැ..සිනාසෙමින් පැවසුවාය.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: