ආත් අම්මාගේ පාඩම 33...............................දැන් හොඳයි කිව්වට ඒ කොල්ල මහ එපාකරපු එකෙක්. ඒ දවස්වල කෙල්ලන්ටවත් ඉන්න දෙන්නෙ නෑ එක එක ඒව කියනව......ඇය මට සහ නිලන්තිට විස්තර කරන්ට වූවාය........ආපෝ එහෙම එකෙක්ද....එහෙනම් ඔයාගෙ ඔය අදහස අතහැරල දාන එක හොදයි......නිලන්තී කීවාය.......මම එයාව යාලුකරගන්න බැලුවෙනෑ.....මම කිව්වෙ අපිට දැන් කරදර නැතුව ඉන්න පුලුවන් කියල.....විනෝදනී කීවාය.......දැන් ඔහොම උපාසකය වගේ හිටියට කොයි වෙලාවෙ නරක් වෙයිද කියල කවුද දන්නෙ ඔයාල පරිස්සමින් ඉන්න......නිලන්තී අවවාදයක් දුන්නාය......ඔව් අනේ ජන්ම ගතිය කොයි වෙලාවෙ මතුවෙයිද කවුද දන්නෙ....විනෝදනී පැවසුවාය.ඔවුන් මේ කතා කරන්නේ මා ගැන නේද.....නිමල් හැටියට මම ඒ දවස්වල ගතකල ජීවිතය මෙයාලට කොයිතරම් කරදරයක් වෙලා තියෙන්න ඇද්ද....මට දැනුයි තේරෙන්නෙ පොඩි වචනයක් උනත් කෙල්ලන්ට කොච්චර හිතට වදිනවද කියල එයාල කොයිතරම් බයවෙනවද කියල......මා කල කීදේවල් සිහිකරමින් කල්පනා කලෙමි....මෙයාල නිමල් ගැන වැරදියට හිතුවත් දැන් ඉතින් නිමල්ගෙන් කිසිම කරදරයක් වෙන්නෙ නෑ......ඒත් ගිනිපෙල්ලෙන් බැටකාපු මිනිහ කලාමැදිරිය දැක්කත් බයවෙනව වගේ ......මෙයාල දිගටම නිමල්ට බයවෙයි වගේ.....මා කනගාටුවෙන් යුතුව කල්පනා කලෙමි.
දෙසැම්බර් නිවාඩුව ලංවන විට අවසන් වාර විභාගය පවත්වන්ට විය.....වෙනදා නොමැති උනන්දුවකින් ඒ සදහා සූදානම් වුනෙමි. මා එම විභාගයට හොදින් මුහුන දුන් අතර ජීවිතයේ පලමු වරට පන්තියේ තුන්වැනියා විය.....කිසිම වැඩක් උනන්දුවෙන් නොකර සිටි මා මෙතරම් ඉහලට යෑම ගැන සියලු දෙනා පුදුම විය.මා මෙම ආරන්චිය ආත් අම්මාට පැවසුවෙමි......ඕක වැඩක් නෑ දුවේ ඕක ඉතින් වාර විභාගෙනෙ.....ඔයා ආන්ඩුවෙ විභාගෙන් පාස්වුනොත් තමයි ඔයාට කැමති විදියට ඉන්න පුලුවන් වෙන්නෙ......ඇය වාර විභාගය ගනන් නොගෙන පවසන්ට වූවාය. පාසැල් නිවාඩුවත් සමගම පන්තියද නිවාඩු බව දන්වා තිබුනි......චතූ.... ඔයා නිවාඩු කාලෙ කොහේ හරි යනවද......මේ වසරේ අව්සාන පන්තියේදී නිලන්ති ඇසුවාය......නෑ අනේ අපි කොහේ කියල යන්නද මා කීවෙමි.....එහෙනම් අපි දෙන්නට එකතුවෙලා පාඩම් කරන්න පුලුවන්......අපේ ගෙවලුත් තියෙන්නෙ ලඟනෙ......ඇය සතුටින් කීවාය.......ඒකනම් ඇත්ත තමයි.....කී මා කොහේ ඉදන්ද පාඩම් කරන්නෙ..... ඇසුවෙමි.......අපේ ගෙදර පුලුවන්.....එහෙ දවල්ට ඉන්නෙ මායි අම්මයි විතරයි. තාත්ත වැඩට ගිහින් එනකොට ගොඩක් හවස්වෙනව......සමහර දාට රෑත් වෙනව.....ඇය කීවාය......සුලුවෙලාවක් කල්පනා කල මා......ආත් අම්මගෙන් අහල තමයි උත්තරයක් දෙන්න වෙන්නෙ.....මා කීවෙමි......එහෙනම් අහලම කියන්න්කො......කී ඇය......ඇගේ නිවසට පැමිනෙන ආකාරය පවසන්ට වූවාය.
ගෙදර ගිය මා නිලන්තිගේ යෝජනාව ආත් අම්මාට කීවෙමි......ඒකටනම් කමක් නෑ දුවේ ......පලවෙනි දවසෙ මටත් ගිහින් බලන්න ඕනැ......ගෑනු ලමයෙක් උනාම හිතූ මතේ ගෙවල් වලට අරින්න බෑනෙ.....පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්නත් ඕනෑ.....ඇය පවසන්ට වූවාය.....ලබන සඳුදා නිලන්තිගේ ගෙදර යෑමට අපි යොදාගත්තෙමු.
පාසැල් නිවාඩුව දුන් දින සවස් වරුවේ පටන් චතුරිකා බවට පත්වූ මා නැවත නිමල් බවට පත්වන්නෙ පාසැල පටන්ගන්නා දින උදේ හයටය. ඊයේ උදේ නිමල් ලෙස පෙනී සිටි මට නැවත මේ වසරේදී පිරිමි ළමයෙකු ලෙස සිටීමට නොහැක. මසක පමන කාලයක් එක දිගට චතුරිකා ලෙස ජීවත් වීමට සිදුවී ඇති නිසා කිසිදු ගැටලුවක් නැතිව නිලන්තිගේ නිවසට යා හැකි බව දැනගත්තෙමි. ආත් අම්මා මගේ පාසැල් නිල ඇදුම් ටික ගෙන ගියේ මේ කාලය තුල මට පිරිමි ඇදුම් අවශ්‍යය නොවන බව පවසමිනි.
සදුදා දින සවස මා ආත් අම්මා සමඟ නිලන්තිගේ නිවස කරා ගියෙමි. පන්සලට තරමක් එහායින් නිවෙස පිහිටා තිබෙන නිසා අපිට පයින් යා හැකිවිය. අපි නිවසට ලඟාවනවිට නිලන්තිගේ අම්මා විය හැකි කාන්තාවක් අපිව දැක බලාසිටිනු දක්නට ලැබුනි.....නිලන්ති ඉන්නවද......මා ඇගෙන් ඇසුවෙමි.....නිලන්තී......ඇය නිලන්තිට කතාකලවිට මිදුලට ආ ඇය සිනහ මුසු මුහුනෙන් යුතුව මගේ අත අල්ලාගෙන .....අම්මෙ මේ තමයි මම කිව්ව චතුරිකා.....පවසා...... ගෙට එක්ක ගියාය......ආත් අම්මාද අපි පිටුපසින් පැමිනියාය........දුවව තිනියෙම එවන්න බැරි හින්ද මාත් ආව.....ආත් අම්මා .....චතුරිකාගේ අම්මාට කියනු අසුනු අතර......ආත් අම්මා තවත් දේවල් ඇය සමග කතාකරනු ඇසුනි.....දුවේ මම යන්නම් රෑවෙන්න ඉස්සෙල්ල ගෙදර එන්න කී ඇය ආඅසු ගියාය......මා ඇගේ කාමරයට ඇතුල් වුනෙමි. මගේ වයසේ පසුවන ගැහැණු ළමයෙකුගේ කාමරයක් තුලට ගිය පලමු අවස්ථාව මෙය විය......කාමරය තුල වටපිට බැලුවෙමි.......ඇගේ ලියන මේසයේ පොත් පත් ඉතා පිලිවෙලට අසුරා තිබුනි. කන්නාඩි මේසයක් තිබුනු අතර ඒ මත ගැහැනු ලමයෙකුට වුවමනාකරන නොයෙක් වර්ගයේ උපකරන තිබුනි..එය අසල ඇද පිහිටා තිබුනි. අල්මාරියක් සහ ඇදුම් තබා ඇති රාක්ක්යක් තිබුනි.......මා ඇය අදින ඇදුම් දෙස බැලුවෙමි......ඒමත සුදු පැහැති පාසැල් නිල ගවුමක්ද තිබුනි......අනේ මට මේ ගවුම ඇදල බලන්න ඇත්නම්.....මා එය දෙස බලා කල්පනා කලෙමි....
No comments:
Post a Comment