Saturday, April 14, 2018

ආත් අම්මාගේ පාඩම 16....................ආත් අම්මා නැවත මා අසලට පැමිණියේ පනාවක්ද අතැතිවය......දුවට කොන්ඩෙ පීරගන්න තේරෙන්නෙ නෑනෙ පොඩ්ඩක් ඉන්න ලස්සනට පීරල බඳින්න ......ආත් අම්මා මගේ කෙස්වැටිය පීරන්ට වූවාය......දිගටම මෙහෙම කොන්ඩෙ කඩාදාගෙන ඉන්න එපා.....හොදට පීරල ගොතාගන්න නැත්නම් පෝනිටේල් එකක් වගේ ගැටගහ ගන්න. අපේ කාලෙනම් කොන්ඩෙ අබරවල ගැටගහනව දැන් කාලෙ ලමිස්සියො එහෙම ගැටගහන්නෙ නෑ නෙ......ආත් අම්මා කොන්ඩය පීරන අතර තුර අවවාද දෙන්ට වූවාය......දුවත් දැන් ටික ටික මේව ඉගෙනගන්න.....අවසානයේදී ඇය පැවසුවාය......ඕනෙ නෑනෙ ආත්තම්මෙ තව ටික දවසකින් මාව ආයෙත් නිමල් වෙනවනෙ......මා කීවෙමි....ඒ කොහොමද එහෙම වෙන්නෙ. එහෙම වෙන්න ඕනැනම් කොහොම හරි ලබන අවුරුද්දෙ විභාගෙන් පාස්වෙන්න ඕනැ.....ඒකටත් තව කොච්චර කල් තියෙනවද.....තව අවුරුදු දෙකකට කිට්ටුවෙන්න තියෙනව නේද....ඔයා විභාගෙන් පේල් උනොත්නම් සදහටම ගැහැනු ලමයෙක් තමා....ආයෙත් ඉස්කෝලෙ වෙලාවටවත් කොල්ලෙක් වෙන්න පුලුවන් වෙයිද කියල මටනම් සැකයි.....ආත් අම්මා කියාගෙන යන්ට විය........විභාගෙ පේල් වුනොත් ආයෙත් මට ටික වෙලාවකටවත් කොල්ලෙක් වෙන්න බැරි වෙයිද...මගේ සිතට බියක් ඇතිවිය......අනේ එහෙමනම් වෙන්න එපා.....සිතෙන් ප්‍රාර්ථනා කලෙමි.....දැන් ඉතින් මේසේරම අමතක කරල දාල විභාගෙ පාස්කරගන්න දැම්ම ඉදම්ම වැඩකරන්න ඕනැ.....මා අධිෂ්ඨාන කරගත්තෙමි. මාගේ කොන්ඩය පීරා ඉවර කල ආත් අම්මා එය මුලින් ගැටගැසුවාය.....ආත් අම්මා පවසන පරිදි ගැහැනු ලමයෙක් ලෙස මගේ කොන්ඩය පීරා ගැනීමට පුරුදු විය යුතුබව කල්පනා කලෙමි. ගැහැණු ළමයෙක් උනාම තව කොච්චර දේවල් තියෙනවද මුහුන මේකප් කරන්නෙ කොහොමද කියල දන්නෙ නෑ.....නිය පොතු පාට කරන්නෙ කොහොමද කියල දන්නෙත් නෑ....මේව ඉගෙන ගන්නෙ කොහොමද....මාගේ මීලඟ ගැටලුව විය.
             දිනපතා සවස් වනවිට නාගැනීම මගේ පුරුද්දක් විය. මේ නිසා ඇදුම් රැගෙන නාන කාමරය දෙසට යනු දුටු ආත් අම්මා......ඉස්සර වගේ නෙවෙයි දැන් දුව මෙච්චර හවස්වෙලා නාන්න එපා......අව්ව තියෙන වෙලාවට නාගන්න නැත්නම් කොන්ඩෙ වේලෙන්නෙ නෑ......එහෙනම් ආත්තම්මෙ හෙටම නාන්නම්.....මා නෑම කල් දැමීමට සැරසුනෙමි.....දැන් නාන්න හදපු එකේ නාගන්න.....නාගෙන මාගාවට එන්නකො කොන්ඩෙ වේලගන්න විදිය කියා දෙන්න.....ඇය කීවාය......දිය රෙද්ද ඇදීමට පුරුදු වන්නත් එක්ක ආත් අම්මා දුන් චීත්තය ඇදගෙන නෑවෙමි....එය සැරෙන් සැරේ බුරුල් වන බවින් නැවත තදකර ගැනීමට සිදුවිය. නෑමෙන් පසු සායක් සය බ්ලවුසයක් ඇදගත් මා ආත් අම්මා හමුවීමට ගියේ කොන්ඩය වේලා ගැනීමේ ශාස්ත්‍රය දැන ගැනීමටය........ඇය වියලි සාලුවක් ගෙන එය වටා මගේ කොන්ඩය ඔතා ගැට ගැසුවාය.....ඔය විදියට තියාගත්තහම කොන්ඩෙ වතුර ටික සාලුවට උරාගන්නව.....ඇය පැවසුවාය.....ඒක තමයි සමහර ගැහැණු නාල කොන්ඩෙ සාලුවක් ඔතාගෙන ඉන්නෙ....මා මෙය දැක තිබුනත් හේතුව දැනගත්තේ අදය.
               රාත්‍රී නින්දට යනවිට ඊයේ මෙන් නයිට් ගවුම ඇදගත්තෙමි.....උදෑ සන අවදි වනවිට මාව නැවත පිරිමි ලමයෙකු බවට පත්වීමේ වෙලාව ආසන්න වී තිබුනි...ඇද සිටි නයිට් ගවුම ඉවත් කල මා...එම වේලාව පැමිනෙන තුරු කැඩපත අසලට ගොස් බලාගෙන සිටියේ මගේ විපර්යාසය කැඩපත තුලින් හොදින් නිරීක්ෂණය කිරීමට හැකි නිසාය......වේලාව ආසන්න විය අතපය පිම්බෙන්නාක් මෙන් දැනුනි......සිහින් අත් සහ පාද මහත් වන්ට විය......පියයුරු දෙක පපුවට මට්ටම් වන ආකාරය කැඩපත තුලින් හොදින් බලා ගැනීමට හැකිවිය.....මුහුනේ තිබුනු පැහැපත් භාවය මැකීගොස් ගොරෝසු බවක් ඇතිවන බව දුටුවෙමි. ස්ත්‍රී ලින්ගය පිටට නෙරා එන බව දැක ගනීමට ලැබුනි කුසතුලට ගිලී ගොස් තිබුනු වෘෂන කෝශ දෙක සහ සිශ්නය ක්‍රමයෙන් එලියට මතුවන්ට විය....මෙතෙක් වේලා අහිංසක පෙනුමකින් යුක්තව සිටි රූමත් තරුණිය හැඩි දැඩි පිරිමියෙකුගේ වෙස් ගනිමින් තිබුනි.සුලු වේලාවකින් මගේ වෙස් මාරුව අවසන් විය.....මා නැවත පිරිමි ලමයෙකු ලෙස සාලුවක් ඉනෙහි දවටාගෙන නාන කාමරය දෙසට ගියෙමි.....මා පිරිමි ලමයෙක් වීම ගැන අද එතරම් හිතට සතුටක් නාවේ සවස් වනවිට මට නැවත ගැහැනු ළමයෙක් වීමට සිදුවන නිසාය.
              මා සුපුරුදු පරිදි නිමල් ලෙස පාසැල් ගියෙමි. මෙතෙක් කල් මාව ඇසුරු කල මිතුරන් අද දින මාව එතරම් ගනන් ගන්නා බවක් නොපෙනුනි. මේ නිසා මගේ සිතට යම් දුකක් හට ගත්තද.....මේ සදහා කල යුතු කිසිම විකල්පයක් නොතිබුනි......මුන් එක්ක සෙල්ලම් කරන්න ගිහින් මාව එක පාරට කෙල්ලෙක් උනොත් මුන් මට මොනව නොකරයිද...අපි කෙල්ල්න් ගැන කතාවෙන දේවල් සිහිවීම්න් එසේ සිතුනි.....මට යහලුවන් ගැන බියජනක හැගීමක්ද ඇතිවිය......මචන් උඹේ තීරනේ වෙනස්කර ගත්තෙ නැද්ද....අද දිනද යහලුවන් විමසන්ට විය. එහෙත් මට ඔව්න්හට බැහැ නොකියා වෙන මොනවා කියන්නදැයි.....නොතේරුනි.
                 අද දින මගේ වෙනස් වීම කැඩපතෙන් නිරීක්‍ෂණය කිරීමට සිතාගෙන ගෙදරට ගොඩවුනෙමි. කාමරය තුලට ගිය මා සියලු ඇදුම් ගලවා දමා කැඩපත ඉදිරියේ හිටගත්තෙමි......උදේ කොල්ලෙක් වෙන හැටිනම් දැක්ක දැන් බලාගන්න ඕනැ කෙල්ලෙක් වෙන හැටි.....සිතූ මා වේලාව බැලුවෙමි.....දෙකහමාරට තව විනාඩියයි තියෙන්නෙ දැන් පටන්ගනියි.....මා කැඩපතින් පිලිබිබුවන මගේ නිරුවත් සිරුර දෙස ඕනෑ කමින් බලා සිටියෙමි....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: