දුව චතුරිකා.....දැන් කවද ඉදන්ද අර පන්තියට යන්නෙ.....මා පාඩම් කරනවිට කාමරයට පැමිණි ආත් අම්මා වෙනදා පවසන දුව අගට චතුරිකා යන අලුත් නමද එකතුකරගෙන ඇසුවාය.......හෙට වුනත් යන්න පුලුවන්....ඒත් ආත් අම්මෙ මම කොහේද කොහේ ඉස්කෝලෙද ඉගෙනගන්නෙ කියල ඇහුවොත් මොනවද කියන්නෙ....මා ඇසුවෙමි.....නමේ ප්‍රශ්නෙ තිබුන දැන් ඒක හරියනකොට තව ප්‍රශ්නයක්ද ......ඇසූ ඇය මගේ ඇඳ උඩින් වාඩිවී කල්පනා කරන්ට වූවාය.....ඔයා මගෙ නංගිගෙ පුතාගෙ දුව..... හිටියෙ කොත්මලේ. ඔයාගෙ අම්මයි තාත්තයි රට ගිහින් .....එනකන් මෙහෙ ඉන්නෙ......ඇය කතාවක් ගොතමින් කියන්ට වූවාය.....අනේ ආත්තම්මෙ ඔයටිකත් මට පාඩම්කරගන්න ඕනැනෙ......මට තියා ආත්තම්මටවත් ඔය ටික මතක තියාගන්න පුලුවන්ද.....මා සිනාසෙමින් කීවෙමි.....මම බොරුවක් යෑ කිව්වෙ මගෙ නංගි ඒ කියන්නෙ ඔයාගෙ පොඩි ආත්තම්ම හිටියෙ කොත්මලේනෙ. එයාට පුතෙක් ඉන්නව තමා ඒ ඔයාගෙ මෙන්ඩිස් මාම. එයාටත් ඔයාවගේ දුවෙක් ඉන්නව. මට හිතෙන්නෙ ඔයාගෙ වයස වගේ. පොඩි ප්‍රශ්නෙකට අපේ ආස්සරේ අඩුවුනානෙ. ඒ හින්ද ඔයා එයාල ගැන දන්නෙ නෑ.... ඇගේ ඇත්ත කතාව කියාදුන් පසු මට තිබුනේ මගේ කතාව එයට අමුනා කීමටය......එහෙනම් මම හෙටම පන්තියට යන්නම්....මා කීවෙමි......හෙට කීයටද යන්නෙ.....ඉස්කෝලෙ ගියගමන් එහෙමම යනවද....ඇසුවාය.....ආපෝ එහෙම උනොත් හරි වැඩේනෙ ආත්තම්මෙ වෙන්නෙ.....ගෙදර ඇවිත් මාව වෙන්ස්වුනාට පස්සෙ ගවුමක් ඇදගෙන යන්නෙ.....මා කීවෙමි.
පසුදින පාසැල් ගිය මා නන්දනගෙන් පන්තියේ විස්තර තව දුරටත් ඇසුවෙමි.....ඉස්කෝලෙ ඇරුනට පස්සෙ මාත් එක්කම යමු. එතකොට ගැටලුවක් නෑනෙ.....නන්දන යෝජනාකලේය.....අපෝ ඒකනම් බෑ ගෙදර ගිහින් ආත්තම්මට කියන්න ඕනැ එයා කැමතිනම් විතරයි යන්න වෙන්නෙ......මා ඔහු සමග යෑම මග හරිමින් එසේ පැවසුවෙමි.....ආත් අම්මට ඔයා ගැන තාම සැක ඇති ඒකයි ඔයාට හොද දේකටවත් යන්න දෙන්නෙ නැත්තෙ....නන්දන පවසනවා ඇසුනි.
පාසැල ඇරුනු පසු ගෙදර ගිය මා. මගේ වෙනස් වීමෙන් අනතුරුව ගවුමක් ඇදගෙන කුස්සිය දෙසට ගියෙමි......කීයටද චතුරිකා දුවේ පන්තිය තියෙන්නෙ.....තුනහ මාරට පටන්ගන්නවලු.....මා පිලිතුරු දුන්නෙමි......දැන් පරක්කු වෙනවනෙ....ඇය ඔරලෝසුව දෙස බලා කීවාය.....නෑ ආත්තම්මෙ මෙතැනිනි බස් එකේ නැග්ගම පන්තිය ගාවෙන් බහින්න පුලුවන්.....කෑම ගන්න ගමන් ආත් අම්මාට කීවෙමි.....එහෙනම් ඉක්මනට කාල ලෑස්ති වෙන්න.
කාමරයට ගිය මා සාප්පුවෙන් ගත් ලස්සන ගවුමක් ඇදගත්තෙමි. ආත් අම්මා අරන් දුන් කාන්තා අත් බෑගය කරේ එල්ලා ගත් මා. කොපි පොතක් සහ ලියන කොල කිහිපයක් පයිල් කවරයකට දමා එය අතට ගෙන ගැහැනු ලමයෙක් ලෙස ඒවා පපුවට තුරුලු කරගෙන. ආත් අම්මාට වැද ගැහැනු ලමයෙකු ලෙස තනියම යන ගමන ආරම්භ කරමින් ආත් අම්මා ගේ මුහුන දෙස බැලුවෙමි.....දුව දැන් ගැහැනු ලමයෙක් හින්ද පරිස්සමින් යන්න.....ඇය එසේ පවසන විට ඇගේ ඇස්වල කදුලු පිරී තිබුනු බව දුටුවෙමි.....ඇය ඒවා අල්ලෙන් පිසදමාගෙන මගේ මුහුන සෙමින් සිපගත්තාය.....ඇය අඩන්නේ මා පන්තියනවාට සතුටින්ද එසේ නොමතිනම් මාට ගැහැනු ලමයෙක් ලෙස මෙලෙසට යෑමට සිදුවීම ගැන දුකෙන්ද.....ගැටලුවක් ඇතිවිය....ඇගෙන් සමුගත් මා පාර දෙසට ගමන් කලෙමි......ආත් අම්මා තවමත් ගේ අසල සිට මා දෙස බලා සිටින බව දුටුවෙමි...
No comments:
Post a Comment