Sunday, April 1, 2018

පරම්පරාව 3...............තද මුත්‍රා බරක් දැනුනි. මා කොමඩය දෙසට ගොස් වෙනදා පුරුද්දට එය අසල හිටගත්තෙමි.....මට දැන් මේවිදියට බෑනෙ ඔක්කොම බිමට වැක්කෙරෙයි...... .එකවරම සිහිවිය.....ගැහැනු අය මුත්‍රා කරන ආකාරය සිහිවූ මා කොමඩයේ වාඩිවුනෙමි.....වෙනදා මෙන් නොව එම ස්ථානය තෙත් කරමින් මුත්‍රා පිටවූබව දැනුනු මා ඒවා සෝදා ගත්තෙමි.....මට හැමදාම මේවිදියට ඉන්න උනොත් මට වෙන්නෙ මේවගෙ වෙලාවට මෙතැන හෝද ගන්න නැත්නම් පිහදාගන්න..කල්පනා කල මට....පිරිමින්ට මේවැනි ගැටලුවක් නොමැති බව සිහිවිය......මගේ දත් බුරුසුව වෙනසකට පත් නොවී තිබෙන බව දුටු මා එය අතට ගෙන දත් බෙහෙත්  දමා දත් මැදීමට පටන්ගත්තෙමි. මා ඊ කියන විට මෙම දත් වෙනදා තිබුනු දත් නොවන බව කැඩපතින් දුටුවෙමි. මට වෙනදා තිබුනේ මීටවඩා විශාල දත් දෙපලකි.අද ඒවා සිහින් සහ කුඩා වී ඇත. පිලිවෙලකට නොතිබුනු මගේ පැරනි දත් දෙපල අද පිලිවෙලකට ලස්සනට පිහිටා තිබුනි.....මගේ මුහුන විතරක් නෙවෙයි දත් ටිකත් ලස්සන වෙලා වගේ...... මා කිරි සුදු මුතුවන් දත් දෙපල දෙස බලා තවදුරටත්  කල්පනා කලෙමි.....මුව සෝදා ගැනීමට කරාමය දෙසට පහත් උනෙමි. මගේ පියයුරු යුගලයද ඒ අනුව පපුව පහලට එල්ලුනු දුටු මට යම් ලැජ්ජාවක් ඇතිවිය. සාලුවෙන් ඒවා වසාගත් මා මුහුන සෝදා ගත්තෙමි. මින් පසු මට තිබුනේ ගෙන ආ ඇදුම් ඇද ගැනීමටය.....මින් පෙර මෙවැනි ඇඳුම් ඇද නොපුරුදු මගේ හිත තුල යම් චකිතයක් ඇතිවිය. මා බ්‍රෙසියරය අතට ගෙන එය අදින අයුරු කල්පනා කලෙමි.අම්මා මේවා අදින අයුරු කිහිප වරක් දැක පුරුදු මා එහි උරහිස් පටිදෙක අතරින් දෑත් රින්ගා ගත්තෙමි. පිටු පස ඇති හුක් දැමිය යුතු බැවින් මාද දෑත් පිටුපසට ගෙන ඒවා දැමීමට උත්සාහ ගත්තෙමි. තරමක උත්සාහයෙන් පසු එය ඇද ගත් මා දුටුවේ පියයුරු යුගල එහි කප් අතර හොදින් පිහිටා නොමැති බවය.මා ඒවා කප් අතරට යවමින් සකසා ගත්තෙමි......සුදු පැහැති යට සාය ඉනට ඇද ගත් මා බැනියමක් අදින ආකාරයට ගවුම කරෙන් හිස ඇතුලුකොට එහි සායෙන් අල්ලා පහලට ඇදැගත්තෙමි.....මගේ දිගු කෙස්වැටිය ගවුමට යටවී තිබෙනු දැනුනු මා ඒවා පිතටට ඇද පිට මැදින් පහලට වැටෙන ලෙස සකසා ගත්තෙමි. ගවුම ඇදගත් පසු මා ගේ හැඩරුව තවත් වර්ධනය වී ඇති බව කැඩපතින් දිස්විය.....පිරිමි ලමයෙක් වී සිටිමා මෙලෙස එක්වරම රූමත් ගැහැනු ලමයෙකු බවට පත්වීම සම්භන්දව මාගේ සිතතුල සතුටක් හෝදුකක් හටගත් බවක් නොහැගුනු අතර යම්කිසි ලැජ්ජා සහගත හැගීමක් ඇතිවී ඇති බව තේරුනි.....මෙයාල හැමෝම මාව කෙල්ලෙක් හැටියට පිලිගත්තොත් හොදයි......මාව කෙල්ලෙක් උනා කියල දැනගත්තොත් තමා ගැටලුවක් වෙන්නෙ....ඇද සිටි නයිට් ගවුම අතට ගත් මා එම ලැජ්ජා සහගත සිතුවිල්ලෙන් යුක්තවම එලියට ගියෙමි....ගුඩ් මෝනිං නන්ගි...කී...ලොකු අයියා මා දෙස බලා සිනහවක් පලකර ඇතුලට ගියේය.....මෙයාල ඔක්කොම හිතාගෙන ඉන්නෙ මම හැමදාම මේ ගෙදර කෙල්ලෙක් විදියට හිටිය කියල......මා කාමරයට ගමන් කරන අතර තුර කල්පනා කලෙමි........යට ඇදුමක් නොමැතිව ගමන් කල මට සෙලුවෙන් සිටිනවා මෙන් දැනෙන්ට විය. එහෙත් ගවුමේ සාය නිසා පහල නොපෙනුනි.....එසේ උවද යටට ඇද ගැනීම සුදුසු යයි කල්පනා කල මා යට ඇදුමක් අතට ගත්තෙමි.....ඒවා පෙර ඒවා මෙන් නොවුනු අතර සිනිදු රෙදිවලින් මසා තිබුනු බව දුටුවෙමි....මෙක ඇදගත්තම සනීප ඇති..... මා එය කකුල් අතරින් ඉහලට  අදිමින් කල්පනා කලෙමි...දැන් එම ස්ථානයේ පුරුෂ ලිංගයක් නොමැති බැවින්...එය හොදින් දෙකකුල් අතරට හිරවූ බව තේරුනි. ඒ සමගම අමුතු හිස් බවක්ද දැනුනි.මා මුලින් හිතුවාක් මෙන් එම ඇදුමෙන් යම් සනීපයක්ද දැනුනි.
             මා සෙමින් සෙමින් කුස්සිය කරා පිය මැන්නෙමි......මෙච්චර වෙලා මොකද කලේ දුවේ.....තේ එක නිවිලත් ඇති ඉක්මන බොන්න .....අම්මා ඉදි ආප්ප තම්බමින් මා දෙස බලා කීවාය......අද ඉරිද දුවට ස්කෝලෙ නැති හින්ද මාත් ටිකක් දවල් වෙලා නැගිට්ටෙ....ඒකයි ඉදිආප්ප ටික වෙලා ගියේ.....ඇය තැම්බුනු ඉදිආප්ප බාමින් කීවාය....අම්මාගේ කතා බහෙන් මට වෙන්සක් සිදුවී ඇතිබවක සලකුනක් වත් දක්නට ලැබුනි.ඇය කතාකලේ උපන්දා සිටම මා ඇගේ දුව ලෙස පිලිගෙන ඇති ආකාරයටය . මා තේ එක හිස් කර  කාමරයට ගියෙමි....දැන් මේ අයනම් හිතාගෙන ඉන්නෙ මම එදා ඉදම්ම කෙල්ලෙක් කියල ඒවුනාට ඉස්කෝලෙ යන්නෙ කොහොමද.....එයාලනම් එකත් එකටම මම කවුද කියල අහයි....මා කල්පනා කරමින් මගේ සටහන් පොත් දෙස බැලුවෙමි.....මගේ නම සචින් සෙව්වන්ද වඩුගේ විය.....එහෙත් මෙහි ලියා තිබුනේ සචිනි සෙව්වන්දි වඩුගේ යන ගැහැනු නමකි. මා අනිත් පොත් ටිකද බලුවෙමි එම සෑම පොතකම ලියා තිබුනේ එම ගැහැනු නම පමනය.....කවුද මේව මෙහෙම වෙනස් කලේ....මා හිසට අත තබාගෙන කල්පනා කලෙමි. මා පුටුවේ වාඩිවී පොතක් ගෙන එහිසටහන් කියවීම්ට පටන්ගත්තත්.....මට සිදුවී තිබුනු මෙම පුදුම සහගත විපර්යාසය  හිතට වද දෙන්ට විය....දුව ඔයා පාඩම් කරනවද... මා අසලට පැමින ඇසූ අම්මා ....කෑම ලෑස්තියි කාලම ඉන්න මගේ හිසේ විසිරී තිබුනු හිසකෙස් සකස්කරමින් කීවාය....බඩගිනි නෑ අම්මෙ....තව පොඩ්ඩකින් කන්නම් මගේ මියුරු ගැහැනු කටහඩින් පැවසුවෙමි .........එහෙනම් ඔහොම ටිකක් ඉන්නකෝ කී ඇය......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: