ආත් අම්මාගේ පාඩම 18........................................................ආත් අම්මා ඊයේ පැවසූ පරිදි නෑම සඳහා සවස් වනතුරු නොසිට කෑම ගැනීමට පෙරම නාන කාමරයට ගොස් නා ගත්තෙමි. .......දුව අද ආවගමන්ම නාගත්ත නේද.....මා කෑම බෙදාගන්නවා දුටු ආත් අම්මා ඇසුවාය.....ආත් අම්ම කිව්වනෙ කොන්ඩෙ වේලෙන්නෙ නෑ කියල...ඒ හින්ද ආවගමන් නෑව.....මා පිලිතුරු දුන්නෙමි.....ඒක හොදයි.... සිනාසෙමින් කී ඇය ඔය කොන්ඩෙ වේලුනාට පස්සෙ එන්නකො පීරගන්න.....පැවසුවාය......ඕනෙ නෑ ආත් අම්මෙ මම පීර ගන්නම්......මා කීවෙමි.......දුවට තාම තේරෙන්නෙ නෑනෙ දුව......ඇය කීවාය.....දැන් ඒවත් ඉගෙනගන්න ඕනැනෙ ආත් අම්මෙ.....මා කීවෙමි....පුරුදු වෙන්නත් එක්ක පීරගන්න.....පැවසූ ඇය මාදෙස බලා සිනාසුනාය.
කොන්ඩය වියලුනු පසු මා පනාව ගෙන සෙමින් සෙමින් කෙස් වැටිය පීරන්ට වුනෙමි. සමහර කෙස්ගස් පනාවේ පැටලීම නිසා හිසෙන් ඇදෙන්ට විය. තරමක් රිදුනත් පැටලුම් ඇරගෙන පීරාගත්තෙමි......මා හිස පීරන දෙස බලා මා අසලින් වාඩිවූ ආත් අම්මා....ඔන්න ඔහොම ටික ටික ඉගෙන ගන්න.....පැවසුවාය.....ඒක නෙවෙයි දුවේ දැන් දුවට රත්තරන් බඩු ටිකකුත් අරන් දෙන්න ඕනැ......ගැහැනු ලමිස්සියෙක් උනාම කනකර පාලුවට තියෙන්න හොද නෑ.....කරාබු දෙකක් නැතුව දුවගෙ ලස්සන ටිකක් අඩුයි වගේ පේන්නෙ.....ලබන සෙනසුරාද වගේ සප්පුවට යමු.....ඇය යෝජනා කලාය.....එතකොට ආත් අම්මෙ මගෙ කනුත් විදින්න වෙනවද.....මා ඇසුවෙමි......කන් විදින්නෙ මොකටද දුවේ දැනටම විදලනෙ තියෙන්නෙ....ඇය කීවාය.......ආත් අම්මට විකාරද කොහේද කවද්ද මම කන් විද්දෙ..... මා කන් පෙත්තක් අතගාමින් කල්පනා කලෙමි......අත ගාන්න දෙයක් නෑ ඔයලමය වෙනස් වෙනකොටම කන් පෙතිවලත් කරාබු දාන්න පුලුවන් වෙන්න සිදුරත් හැදෙනව.....ඇය එසේ පැවසූ විට පුදුමයෙන් මෙන් ඇය දෙස බැලුවෙමි.....ඔයාට සැකනම් කන්නඩියෙන් බලන්න සිදුරු දෙක පේන්නෙ නැද්ද කියල.....ඇය පැවසුවාය.....මේකනම් පුදුම වැඩක් නෙ මාව කෙල්ලෙක් වෙනකොට අංගසම්පූරනව කෙල්ලෙක් වෙනවනෙ.......අඩුවෙන්නෙ ඇදුම් ටිකයි ආභරන ටිකයි විතරනෙ......පුදුමයෙන් කල්පනා කල මා.....ගැහැනු ඇදුම් ටික ඇන්දිල ආභරන ටිකත් නිකම්ම පැලදුනානම් කොච්චර ශෝක්ද.....එහෙනම් මට එදා ඉස්කෝලෙදි උන වැඩේ වෙන්නෙ නෑ ... ගැහැණු ලමයි අදින පාසැල් නිල ගවුම ඇන්දිලාම කෙල්ලෙක් වෙනව.....එහෙම උනානම් කිසි ගැටලුවක් නැතුව ගෙදර එන්න තිබුන....එහෙම දේවල් කරන්න ඒ කට්ටඩි අන්කල්ට බැරුව ඇති.
කොන්ඩය පීරා අවසන් වූ පසු කොන්ඩය ගැටගැසීමට උත්සාහ කලත් අපහසු විය......ඔහොම ඉන්න දුවේ ඔයාට තාම තේරෙන්නෙ නෑනෙ කී ආත් අම්මා කොන්ඩය ලස්සනට ගැටගැසුවාය......කන් පෙතිවල සිදුරු බැලීම සඳහා කැඩපත අසලට ගියෙමි. ආත් අම්මා පැවසූ දේ ඇත්තක් බව තේරුනේ ඒවායේ සිදුරු හොදින් දිස්වූ නිසාය......එහෙම උන එකත් හොදයි නැත්නම් කන විදින්න ගියානම් ඒ වේදනාවත් විදින්න වෙනව.....මා සතුටින් ක්ල්පනා කලෙමි.
නයිට් ගවුම ඇඳ රාත්‍රී නින්දට ගොස් ඇදේ දිගාවී මා නිමල් වී සිටිකල කල කී දේවල් සිහිකලෙමි.....මම කොයි තරම් ගැහැනු ළමයිනට ජරා කතා කියමින් විහිලු කරල තියෙනවද. ලැජ්ජාවට පත්වුන ඒ ළමයි...... මමයි මගෙ අමන යාලුවො ටිකයි හින්ද කොයි තරම් අපහසු තාවලට පත්වෙන්න ඇද්ද.......මටත් දැන් ඒවගෙ දේවල් වලට මුහුන දෙන්න වුනොත්......මාත් ගැහැනු ලමයෙක් හින්ද මටත් කරකියාගන්න දෙයක් නැතිවෙයි.....මාවත් ගැහැනු ලමයෙක් උනාට පස්සෙ තමා ඒවයෙ බරපතල කම තේරෙන්නෙ. .....අපි හුගක් වෙලාවට ගැහැනු ලමයි දිහා බැලුවෙ එයාල අපේ පිපාස සන්සිදවගන්න තියෙන පින්තාලි කියල......අපේ අශාවන් සන්සිදවගන්න කොච්චර කෙල්ලො පස්සෙ යන්න ඇද්ද......මට මේවා මතක් වෙනවිට.....මේ කල අමන කම් වලට මටම දඩුවම් කරගැනීම සුදුසු යයි කල්පනා කලෙමි......එහෙත් මම දැන් එවාට දඩුවම් විදිමින් සිටින බව මාව කෙල්ලෙක් වීමෙන් පෙනීගියෙමි.
පසු දින උදෑසන අවදි වූ පසු නයිට් ගවුම ගලවා පිරිමියෙක් වීම සදහා සිරුරට ඉඩ ලබා දුන්නෙමි. මා ඇදේම ඇලවී සිටිමින්ම නිමල් බවට පරිවර්තනය විය....පිරිමියෙක් උනාට පස්සෙ අදින්න ඇදුමක් නැති හින්ද ආත් අම්මට කියන්න ඕනැ.....කොට කලිසමක් වත් අරන්දෙන්න කියල......සිතමින් වෙනදා මෙන් සාලුව ඉනේ ඔතාගෙන නාන කාමරය දෙසට ගියෙමි.
පාසැල් ගිය පසු මගේ යහලුවන් පෙරදින කල විකාර වැඩ ගැන කියවන්ට විය.....ඒ අතර අපි සුපුරුදු පරිදි කරන ගැහැනු ලමුන්ට කල විහිලුද මතක් කරමින් කතාකරන්ට විය.....උඹට දැන් අපිගන්න සොමිය ගන්න බෑනෙ ඉස්කෝලෙ ඉවර විච්චගමන් ගෙදර දුවනවනෙ.....ඔව්න් මා දෙස බලා කියන්ට විය.....මට දැන් ඕව වැඩක් නෑ බන් මට ඕනැ කොහොම හරි විභාගෙ පාස්වෙන්න.....මගේ සිත තුල ඇති දේ ඔවුන්ට කීවෙමි. දිනපතා නිමල් ලෙස පාසැල් ගිය මට මගේ මිතුරන් ටිකෙන් ටික මගෙන් ඈත්වෙන බව තේරුනි....එහෙත් මා ඒවා ගනනකට නොගෙන පාසැල් වැඩටික හොදින් කරන්ට වුනෙමි.
සිකුරාදා දින රාත්‍රියේ නයිට් ගවුම ඇගලාගෙන නින්දට ගියේ පසුදින උදෑසන නැවත නිමල් වීමේ බලා පොරොත්තුවෙනි. උදෑසන හය පසුවී විනාඩි ගනනක් ගතවුවද මාගේ වෙනසක් සිදු නොවීම ගැටලුවක් විය....ඔයාට කොල්ලෙක් වෙන්න පුලුවන් ඉස්කෝලෙ වෙලාවට විතරයි.....ආත් අම්මා මීට ඉස්සර පැවසූ දේ සත්‍යය බව අද දින ඔප්පුවී හමාර බව තේරුනි.....දැන් ඉතින් අදයි හෙටයි දවස් දෙකේම මට කෙල්ලෙක් විදියට තමා ඉන්නවෙන්නෙ.....කල්පනා කල මා නයිට් ගවුම පිටින්ම නාන කාමරයට ගොස් මුහුන සෝදා අලුත් ගවුමක් ඇදගත්තෙමි.....
No comments:
Post a Comment