පරම්පරාව 8...................පුතේ පොඩ්ඩක් මෙහාට එන්න....තාත්තා මට....පුතා යනුවෙන් අඩගසනු ඇසුනි.....ඇයි තාත්තෙ .....පැවසූ මා පාඩම් පොත පැත්තකින් තබා ඔහු අසලට ගියෙමි. ඔහොම වාඩිවෙන්න පැවසූ ඔහුද සාලයේ හාන්සිපුටුවේ ඇලවිය......මා දෙස බැලූ ඔහු.....ඔයාට දැන් තේරෙනව නේද මම කිව්ව දේ නාහපු එකේ විපාකෙ.....පිට කෙනෙකුට නො ඇසෙන සේ සෙමින් ඇසුවේය.....මා ඔහු දෙස පුදුමයෙන් බැලුවෙමි......මාව කෙල්ලෙක් උනේ තාත්ත කිව්ව එක නාහපු හින්දද.....කල්පනා කලෙමි.....ඒත් එහෙම වෙන්නෙ කොහොමද.....මා තව දුරටත් සිතන්ට වුනෙමි.....ඔයාට මම දන්න තරම් කිව්වනෙ මේ වඩු කර්මාන්තය අතහරින්න එපා කියල....ඔයා ඒ කීම ඇහුවෙ නෑනෙ.....ඉතින් ඒක අත හැරිය කියල මෙහෙම වෙන්න විදියක් නෑනෙ.....මා අහක බලාගෙන සෙමින් කීවෙමි.....ඔයා දන්නෙ නෑ පුතේ මේක අපේ පරම්පරාවෙ රස්සාව . අපේ පරම්පරාවෙ පිරිමි කෙනෙක් වුනොත් මේ වඩු කර්මාන්තෙ කරන්න ඕනැ.....ඔහු පැවසූ විට......එහෙනම් වෙන අයත් එයාලගෙ පරම්පරාවෙ රස්සාව අත හැරල වෙන රස්සවල් කරන්නෙ.....මා කීවෙමි....එයාලට වගේ නෙවෙයි පුතේ අපිට....මේක අපේ පරම්පරාවෙ නීතියක්.....ඔහු කනගාටු සහගත ලෙස පවසන්ටවිය.......මම මේ අම්ම නැතිවෙලාවක් බලාගෙන හිටියෙ ඒ නීතිය ගැන පුතාට කියන්න. මේක වෙන කාටවත් කියන්න එපා. මගෙ අයිය ගාව.... ඒ කියන්නෙ ඔයාගෙ මහප්ප ගාව පුස්කොල පොතක මේ නීතිය ගැන ලියල තියෙනව.....මම ඔයාට ඒ විස්තරේ කියන්නම්කො....පැවසූ ඔහු.....මා දෙස බලා......එම විස්තරය පවසන්ට විය.
මගෙ තාත්ත.... එයාගෙ තාත්ත.... එයාගෙත් තාත්ත..... ඒ කියන්නෙ පරම්පරා හතරකට විතර ඉස්සෙල්ල තමයි. මේ වඩුකර්මාන්තෙ පටන්ගත්තෙ......එදා ඒ කර්මාන්තෙ පටන්ගෙන තියෙන්නෙ ගැහැනු කෙනෙක්......ඒ කාලෙ ගෑනු කෙනෙක් මේ කර්මාන්තෙ කරනවට ගොඩක් අය විරුද්ධ වෙලා තියෙනව. ඒත් එයා අහල නෑ...මේක දිගටම කරගෙන ගිහින් තියෙනව.....මෙයාට නොයෙක් චෝදනා හිරිහැර එල්ල වෙනකොට ඉවසන්නම බැරි තැන මේකට විසදුමක් හොයාගෙන නොයෙක් දේවාල වලට කපු මහත්වරු ගාවට ගිහින් තියෙනව ඒත් ඒ එකකින් වත් වැඩක් වෙලා නෑ. අන්තිමට මෙයාට හම්බවෙලා තියෙනව සිරීපාද අඩවියෙ ඉන්න රුසිවරයෙක් වගේ අමුතු පුද්ගලයෙක්. එයා විසදුමක් යෝජනා කලාලු. ඒ යෝජනාව තමයි මෙයාව පිරිමියෙක් බවට පත්කරන එක....පිරිමියෙක් උනාම මේවැඩේ ගැටලුවක් නැතුව දිගටම කරගෙන යන්න පුලුවන් හින්ද මෙයත් මේකට කැමති වෙලා....පස්සෙ එයා මෙයාට අමුතු භාවනා ක්‍රම කියාදීල මෙයාව පිරිමියෙක් බවට පත් කලාලු.......ඒත් ඒ රුසිවරය මෙයාට එක කොන්දේසියක් දැම්මලු.....ඒ මොකක්ද....මා කුතුහලයෙන් යුතුව ඇසුවෙමි......මෙයා පිරිමියෙක් උනාට පස්සෙ බැදල හම්බවෙන හැම පිරිමි ලමයෙක්ම වඩු කර්මාන්තෙම කරන්න ඕනැ....ඒ විතරක් නෙවෙයි එයාලට ඉපදෙන පිරිමි දරුවොත් මේ කර්මාන්තෙම කරන්න ඕනැ....ඒ හින්ද අපේ පරම්පරාවෙ ඉපදෙන හැම පිරිමියෙක්ටම වඩු කර්මාන්තෙ අතහ්රින්න බැරුවුනා......ඉතින් තාත්ත කිව්වෙ නෑනෙ එහෙම අත හැරියාම මොකද වෙන්නෙ කියල.....මා ඇසුවෙමි.....වෙන්නෙද....ප්‍රශ්නකල ඔහු....වෙන්නෙ ඔයාට දැන් වෙච්ච දේ තමයි.....කී තාත්තා....එහෙම අත හැරිය හැම පිරිමි ලමයෙක්ම ගැහැනු ලමයි බවට පත්වෙනව.......කනගාටුවෙන් මාදෙස බලා ඔයාටත් වෙලා තියෙන්නෙ ඒ දේම තමයි.....කීවේය.....මට කනගාටුයි පුතේ පුතාට මේ වෙච්ච දේට.....තව දුරටත් පවසන්ට විය...........දැන් මට වෙන රස්සවක් කරන්න පුලුවන්ද....මා ඇසුවෙමි. දැන් ඔයා ගැහැනු ලමයෙක්නෙ පුතේ ගැහැනු ලමයින්ට මේ ශාපය බලපාන්නෙ නෑ....ඔයාට ඕනැ තරම් ඉගෙනගෙන කැමති රස්සාවක් කරන්න පුලුවන්......ඔහු කීවේය.....පුතේ ඔයා ගැහැනු ලමයෙක් උනා කියල දන්නෙ ඔයාගෙ තාත්ත විදියට මායි ඔයයි විතරයි. අනිත් හැමෝම දැන් හිතාගෙන ඉන්නෙ ඔයා උපන්න දවසෙ ඉදලම ගැහැණු ලමයෙක් කියල..... මද සිනහවක් පාමින් කී ඔහු.....පුතත් මේ රහස කාටවත් කියන්න එපා....දැන් ඉතින් කරන්න දෙයක් නෑ කනගාටුවෙන්නත් එපා ගැහැනු ලමයෙක් විදියටම ඉන්න......පැවසුවේය. ....දැන් මට වඩු කර්මාන්තෙම කරන්න ඕනැ නැති හින්ද කනගාටුවක් නෑ තාත්තෙ......මා සතුටින් පැවසුවෙමි......ඒ වුනාට ඔයාගෙ වටිනා පිරිමිකම නැතිකරගත්තනෙ ලමයො......ඔහු නැවත දුකෙන් මෙන් පැවසුවේය.....මට ඊටවඩා මේ විදිය හොදයි තාත්තෙ.....මම දැන් ඉස්සරට වඩා ගොඩක් සන්තෝසෙන් ඉන්නෙ.....මගේ දිගු කෙස්වැටිය පපුව ඉදිරියට ගෙන ආශාවෙන් අතගාමින් පැවසුවෙමි......ඔයා කැමතිනම් ගැටලුවක් නෑ....මට හිතුනෙ පුතා දුකෙන් ඉන්නෙ කියල.....ඔහු කීවේය.....අපෝ නෑ තාත්තෙ මට පොඩ්ඩක්වත් දුක නෑ.....මා කීවිට මට තව පුතාල දෙන්නෙක් ඉන්න හින්ද හොදයි. මට ඔයා විතරක් පුතෙක් විදියට හිටියනම් බලෙන් හරි වඩුවැඩට ගන්නව.....අපේ පරම්පරාව ගෙනියන්න පුත්තු දෙන්නෙක්ම ඉන්නවනෙ.......ඒ හින්ද ගැටලුවක් නෑ..... පැවසූ ඔහු දැන් අපිට දුවෙකුත් ඉන්නව ....සතුටින් පවසනු ඇසුනි.
මාව ගැහැනු ලමයෙකු බවට පත්වූ සත්‍යය කාරනාව දැනගත් මගේ සිතට සතුටක් දැනුනි.....මම බයේ හිටියෙ මාව කෙල්ලෙක් උනා වගේ ආපහු සචින් කියන කොල්ල බවට පත්වෙයි කියල.....ඒත් කවදාවත් එහෙම වෙන්නෙ නැ ...මම දැන් සදහටම කෙල්ලෙක් ලස්සන සුරූපිනියක්........කාමරයේ කැඩපත අසලට ගිය මා එම තරුනියගේ සුරූපී රුව නරඹමීන් සිනවිට....ඔච්චර හැඩ..බලන්න දෙයක් නෑ ඔයා කොහොමත් හැඩයි......සෙවුනිගේ කටහඩ බව තේරුම්ගත් මා පිටුපස බැලුවෙමි......සෙවුනි ඔයා.....මා පුදුමයෙන් ඇසුවෙමි......මම මෙහාට එන්න එනකොට ඔයාලගෙ අම්ම ඉන්නව දැක්ක එයාගෙන් ඇහුව ඔයා ගැන....මට කිව්ව කාමරේ ඇති කියල ඒකයි මෙහාට ආවෙ....මා අසලට පැමින මගේ දෑත් අල්ලා ගත් ඇය....කීවාය......අම්මත් මාර්කට් ගිහින් ඇවිල්ලද.....මම දන්නෙත් නෑනෙ....මා පුදුමයෙන් යුතුව කීවෙමි.....මෙලෝ සිහියක් නැතුව කෙල්ලගෙ හැඩ බලනකොට ඒවදන්නෙ නෑ......මොකද ඔය තරම් හැඩ බලන්නෙ කොල්ලෙක්වත් ඉන්නවද..... විහිලු කරන්ට වූවාය.....මෙයාල දන්නෙ නැතිවුනාට ඊයෙ පෙරයිද මට හම්බවුන මේ ලස්සන ශරීරෙ දිහා කොයිතරන් වෙලාවක් බලා හිටියත් හිතට මදි.....මා කල්පනා කලෙමි.
දැන් කවදාවත් පිරිමියෙක් ලෙස සිටීමටවත් පිරිමි ඇදුම් ඇදීමටව්ත් පිරිමින් අතර සිටීමටවත් නොහැක.. මා පිරිමියෙකුව සිටිබවට කිසිම සාක්සියක් නැත කුඩාකල ගත් ඡායාරුප වල පවා මාසිටින්නේ කුඩා ගැහැනු දැරියක ආකාරයටය. එකම සාක්ෂිය වන්නේ මගේ තාත්තා පමනි. ඔහුත් මාත් හැර මෙහි රහස කිසිවෙකු නොදනී. ඔව්න්ට මෙය දැන ගැනීමට ඉඩක්ද නොමැත.මාගේ අයියලාට කෙසේ වෙතත්...මා දැන් පරම්පරා ශාපයෙන් මිදුනු තැනැත්තියක්මි. මගේ දරුවන්ටද මෙහිශාපය බලපාන්නේ නැත.
මට දැන් මාල වලලු මුදු කරාබු වැනි කාන්තා ආභරන පලදින්න පුලුවන් . නොයෙක් හැඩ ඇති කාන්තා ඇදුම් ඇදිය හැක.ගැහැනු ලමුන් ඇසුරු කරමින් සතුටින් ඉන්න පුලුවන් ......මා සතුටින් කල්පනා කලෙමි.
කවුරු කෙසේ සිතුවත් මට හිතෙන ආකාරයට මෙයනම් පරම්පරාගත ශාපයක් නොව ආශීර්වාදයකි.
.......නිමි.......
No comments:
Post a Comment