ආත් අම්මාගේ පාඩම 14.................මේව අදින විටත් බ්‍රෙසියර් යට සාය අඳින්න ඕනැද..දන්නෙ නෑ....කල්පනා කලෙමි.....ආත් අම්මගෙන්ම තමා අහගන්න වෙන්නෙ..... ආත් අම්මා සොයාගෙන ගියෙමි.....මොකද නයිට් ගවුමත් අරගෙන.....ඇගට හරියන්නෙ නැද්ද.... ඇසුවාය........ දන්නෙ නෑ ආත්තම්මෙ මම තාම මේක ඇන්දෙ නෑ.....මා කීවෙමි.....එහෙනම් ඇදල බලන්නකො.....ඇය කීවාය.....ආත් අම්මා අසලට ගියත් අහන්න අවශ්‍ය දේවල් අසාගැනීමට ලැජ්ජා හිතුන මා ආපසු හැරුනෙමි....ඔහේ යන්න ඕනෙ නෑ මට බලන්නත් එක්ක මෙතැන ඉඳගෙන ඇඳගන්න .......ආපසු හැරුනු මා ඇයදෙස ලැජ්ජාවෙන් මුසුව බලා සිටියෙමි.......ලැජ්ජවෙන්න දෙයක් නෑ දුවේ මාත් ගෑනියෙක්නෙ.......ඔය ඇඳන් ඉන්න ගවුම ගලවල ඕක ඇඳගන්න ඇය නැවත ඉල්ලා සිටියාය.......මා ගවුම ගලවා බ්‍රෙසියරය පිටින්ම එය ඇඳීමට සූදානම් වුනෙමි.....ඔය බ්‍රෙසියර් එකත් ගලවල ඇදගන්න දුවේ.....මට අසා ගැනීමට අවශ්‍යය වූදේ ආත්තම්මා පැවසීම නිසා සතුටක් ඇතිවිය. එහෙනම් මේව අදිනකොට යටට අදින්න ඕනෙ නෑ.....රෑට ඉතින් කාට පේන්නද...සිතමින් නයිට් ගවුම ඇදග්ත්තෙමි...හරි වගේ නේද දුවේ.....මම හිතේ හැටියට ඔයටික ගෙනාවෙ....ඇය ගවුම දෙස බලමින් සතුටින් පැවසුවාය. ආත් අම්මා පැවසූ පරිදි එය ඇදගත් විට ඇගට සැහැල්ලුවක් දැනුනි....දුවේ ඉස්සර වගේ රෑට එලියට එහෙම යන්න එපා. මොකක් හරි ගැටලුවක් උනොත් මට කතාකරන්න. කවුරු හරි කතාකලත් එක පාරට දොර එහෙම අරින්න එපා.....තමන්ට විස්වාස කෙනෙකුට මිසක් දොර අරින්න එපා.....මාව ගැහැණු ලමිස්සියෙක් බවට පත්වූ නිසාම. ගැහැණු
ළමයෙකුට දියයුතු අවවාද මටද දෙන්ට වූවාය......කෙල්ලෙක් උනාම නීති කීයකට යටත් වෙන්න වෙනවද.....කොච්චර පරිස්සම් වෙන්න ඕනැද....ඉස්සරනම් ඔය නීති මොකුත් නෑ මට හිතුන දේ මම කලා...මේවගෙ නීතිවලට යටත් වෙන්නයි බයෙන් ජීවත් වෙන්නයි ගියාම.....මාව කොච්චර ලස්සන කෙල්ලෙක් උනත් වැඩක් තියෙනවද......මා ගැහැනු කම ගැන කලකිරීමෙන් යුක්තව කල්පනා කලෙමි.
අතේ තිබුනු ඇදුම් ටික රාක්කයේ තබා තවමත් ඇදගෙන සිටි යට සාය සහ යට කලිසම ගලවා ඇදේ දිගාවුනිමි.දැන් ඉතින් කලකිරිල වැඩක් නෑ හැමදාම මට ජීවත්වෙන්න වෙන්නෙ මේ විදියට තමා..ඒත් ආත් අම්ම කිව්වනෙ විභාගෙ හොදට පාස්වුනොත් ආයෙත් හිටිය වගේ කොල්ලෙක් විදියට ඉන්න පුලුවන් කියල.....විභාගෙටත් තව අවුරුදු එකහමාරක් විතර තියෙනව......එතකන් හරි මේ විදියට ඉන්න වෙනව. ඒ හින්ද කොහොමහරි ගැහැනු ජීවිතේට හුරුවෙන්න ඕනැ......මා කල්පනා කලෙමි.
පසු දින උදෑසන ඇහැරෙන විට මා වෙනස්වී ඇද්දැයි පරීක්ෂා කලෙමි. එහෙත් මාව නිමල් බවට පත්වූ බවක් පෙනෙන්ට තිබුනේ නැත. එලියත් වැටිල ඒත් මාව කොල්ලෙක් වෙලා නෑනෙ. දැන් ඉස්කෝලෙ යන්නෙ කොහොමද මා බිය මුසුව කල්පනා කරමින් ඔරලෝසුව දෙස බැලුවෙමි.....තවම වෙලාව හයට පහයි මාව ආයෙත් නිමල් වෙන්න තව විනාඩි පහක් තියෙනව.....මාව වෙනස් වෙනකොට ඊයෙ වගේ අමාරු වෙයිද දන්නෙ නෑ.......සිතමින් ඇදේ ඇලවී සිටියෙමි....ටික වෙලාවක් ගතවිය.....ශරීරය ඇතුලතින් පිම්බෙනවාක් මෙන් දැනුනි. සිහිනියට තිබෙන අත්දෙක ක්‍රමක් ක්‍රමයෙන් මහත් වෙන බව පෙනුනි. දිගු වරලස කෙටිවන්ට විය. කකුල් අතරින් ඇදෙනවාක් මෙන් දැනුනු බැවින් ලිංග ප්‍රදේසය අත ගෑවෙමි.....පුරුෂ ලිංගය පිටතට පැමිනෙමින් තිබුනි. පපුවේ තිබුනු විශාලත්වය අඩුවෙමින් පියයුරු දෙක පපුවේ මට්ටමට තුනී වනබව දැනුනි.....මා කැඩපත ඉදිරියට ගොස් බැලුවෙමි.....මට තිබුනු ගැහැනු හැඩය නැතිවී ගොස් කොල්ලෙකුගේ හැඩය ලැබී ඇති බව දුටුවෙමි....මාව නැවත නිමල් බවට පත්වී ඇති බව දැක ගැනීමට ලැබුනි. මා තවමත් නයිට් ගවුම ඇදගෙන සිටි බැවින් පෙර තිබුනු රූමත් බව නොමති නිසා මොකෙක්ද මෙන් දිස්විය.....කොල්ලන්ට ගවුන් ඇන්දුවාම වගේ නේද....සිතූ මා ඉක්මනින් ගවුම ගැලෙව්වෙමි.....එය අදිනවාට වඩා ඇගට තද බවක් දැනුනි.....මගේ ගැහැනු ශරීරයට වඩා පිරිමි ශරීරය මහතින් වැඩි බැවින් එසේ වී ඇති බව අවභෝධය විය. දැන් ගවුමක් ඇදීමට නොහැකි බවින් සාලුව ඉන දවටා ගත් මා මුහුන සෝදාගැනීම සදහා පිටතට ගියෙමි.......මාව දුටු ආත් අම්මා කට කොනකින් සිනහසෙන අයුරු යාන්තමින් දුටුවෙමි. උදෑසන ආහරය ගත් මා පාසැල් නිල ඇදුමෙන් සැරසී නිමල් මෙන් පාසැලට ගියෙමි.
උඹ ඊයෙත් අපිට ලනුවක් දුන්න නේද...ඇසූ..යහලුවො කට්ටිය මාව වටකර ගන්ට විය.....උඹල එනකන් බලාගෙන හිටිය.....මටත් බඩ ගිනි හින්ද ගෙදර ගිහින් කාල එනව කියල හිතාගෙන ගියේ....කොහේද ආත් අම්ම එන්න දුන්නෙ නෑනෙ.....මට සිදුවූ දෙය නොකියා එසේ කීවෙමි.....අනේ බොරු නොකිය පලයන් බන්...ඊයෙ පෙරෙයිද ඉදන් උඹට ආත්තම්මගෙ වැඩ තියෙනවනෙ....රන්ජිත් ඇනුම් පදයක් මෙන් තරහෙන් කීවේය.....ඉතින් අදවත් ඉන්නවද තව කෙනෙක් ඇසුවේය.....උබලට බොරු කියන්නෙ මොකටද මට මීට පස්සෙ උබලත් එක්ක සෙල්ලම් කරන්න එන්න වෙන්නෙ නෑ බන්......මා දුකෙන් මෙන් පැවසුවෙමි....ඒ මොකද බන්....ඔවුන් පුදුමයෙන් මෙන් අසන්ට විය.....
No comments:
Post a Comment