ආත් අම්මාගේ පාඩම 25...............මට සුදු පාට ඇදුමක් නම් නෑ.......හෙට සතියෙ දවසක් හින්ද මාව නිමල් උනාම ඉස්කෝලෙට අඳින සුදු ඇදුම් ඇඳගෙන යන්න පුලුවන්.....ඒත් උදේ වරුවෙ විතරයි....හවසට ආයෙත් ගැහැණු ලමයෙක් උනාම ඒව අඳින්න බෑනෙ.....මා පැවසුවෙමි......හෙට ඔයාව කොල්ලෙක් වෙන්නෙ නෑ ළමයො හෙට ඉස්කෝලෙ නිවාඩු දවසක්නෙ....පැවසූ ඇය......කවද වුනත් ඉස්කෝලෙ නිවාඩුනම් ඒ දවස්වලට ඔයාට නිමල් වෙන්න බෑ......තව දුරටත් කීවාය......ටිකක් කල්පනා කල ආත් අම්මා.....මම දැක්ක ටිකක් සුදුපාට වැඩි සායකුයි බ්ලවුස් එකකුයි තියෙනව....ඒව ඇදගන්න.....පස්සෙ ඔයාට සුදු ගවුන් ටිකක් අරන්දෙන්නම්.......ඇය කීවාය.
මා මින් පෙර පන්සල පැත්තේ නොගියත් පන්සල පිහිටා තිබුණේ අපේ ගෙදර සිට ඇවිදගෙන යන දුරකිනි. පසුදා උදෙන් අවදිවූ මා බලා සිටියේ වැරදිලාවත් මාව නිමල් බවට පත්වේවි යයි සැකසිතුනු නිසාය. එහෙත් මට වැරදුනා මිස මට කරතිබුනු ගුරුකමට වැරදී තිබුනේ නැත....ගැහැනු කම නොවෙනස්විය. කොයි වෙලාවටද ආත් අම්මෙ පන්සල් යන්නෙ.....මුහුන සෝදාගත් මා ඇසුවෙමු......අපි හවස් වෙලා පහට විතර යමු.....දුවට බෝධි පූජාවකුත් කරන්න පුලුවන්නෙ.....ඇය කීවාය. ..මට...බෝධි පූජාවක්.....ඒ මොකටද.....මාව කෙල්ලෙක් විදියට දිගටම තියාගන්නද බෝධි පූජා කරන්නෙ....කලබලයට පත්වූ මා එසේ ඇසුවේ බෝධි පූජා කිරීමෙන් පැතුම් ඉටුවන බව අසා තිබුනු නිසාය....ආත් අම්ම පතනවනම් පතන්නෙ මාව දිගටම කෙල්ලෙක් කරල තියාගන්නනෙ.....මා සිතුවෙමි.....මට ඔයාව කෙල්ලෙක් කරල දිගටම තියාගන්න ඕනැ කමක් නෑ.......මට ඕනැ ඔයාව කොහොම හරි විභාගෙ පාස්කරව ගන්න......ඇය සැර සවරූපයෙන් පවසන්ට විය......මටත් ඕනැ විභාගෙ පාස්වෙන්න තමයි....පාස්වෙලා මට තියෙන මේ ශාපයෙන් ගැලවෙන්න....මා කල්පනා කලෙමි.
මා සවස ආත් අම්මා පැවසූ සුදු පහැයට හුරු සාය සහ බ්ලවුසය ඇදගත්තෙමි....පන්සලේදී ගමේ අය මුන ගැසුනත් මාව නිමල් යනුවෙන් හදුනා ගැනීමට නොහැකි බැවින් ගැහැණු ලමයෙකු ලෙස මට ඕනෑම තැනකට යෑමට හැකියාව ලැබුනි.....මාව කවුදැයි ඇසුවොත් ආත් අම්මා එයට පිලිතුරක් සූදානම් කරගෙන සිටින බවත් මා දැන ගත්තෙමි.....පූජා භාන්ඩ ගත් අපි පාරදිගේ පන්සල දෙසට ගියෙමු.....මා ආත්තම්මා පිටුපසින් ගියේ මා කවුදැයි අසාවිදැයි බියෙනි.........ආ නැන්දෙ පන්සල් යනව වගේ...... මගදී ආත් අම්මාට එකතුවූ මැදිවියේ කාන්තාවක් වන රංජනී ඇන්ටී ඇසුවාය.....ඔව් දුවේ....දුවත් යන්නෙ පන්සද.....ඇසුවාය.....ඔව් නැන්දෙ යමු...... කී ඇය මා දෙස බලා මේ දුව කවුද නැන්දෙ ඇසුවාය......මේ මගෙ නංගිගෙ පුතාගෙ දුව......මෙයාගෙ අම්මයි තාත්තයි රට ගිහින් හින්ද මේ දවස් ටිකේ මාගාව ඉන්නෙ...ආත් අම්මා ඇගට නොදැනීම පිලිතුරු දුන්නාය....ලස්සන දුවෙක්නෙ කී ඇන්ටි.......කෝ නැන්දෙ නිමල්....ඇසුවාය......ඒක ගැන මතක් කරන්න එපා දුවේ...... මෙලහක්ටත් කොහේ හරි රස්තියාදුවෙ ගිහින් ඇති......තරහෙන් මෙන් කීවාය......අනේ මන්ද නැන්දෙ නිමල් ගෙ හිතුවක් කාරකම් කවද ඇරෙයිද කියල.......රංජනී ඇන්ටී දුකෙන් මෙන් කීවේ.....මාව හොදින් දන්නා නිසාය......ඒක තමයි දුවේ....මාත් මේ කල්පනා කලේ......කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ......ආත් අම්මා මගේ නිමල් ආත්මයට බනිමින් මට ඇසක් ගැසුවේ මේවා ගනන් නොගන්නා ලෙස සංඥා කරමිනි.....එක වරම සිනහ ගිය මා අතේ තිබුනු ලේන්සුවෙන් කට වසාගෙන සිනහව මැඩපවත්වා ගත්තෙමි.
......... ආත් අම්ම පන්සල් ඇවිත් පන්සිල් ගත්තට එනගමන් බොරු ටොන් එකක් විතර කිව්ව නේද.......අපි විහාරය වැඳ එලියට එනවිට මා ආත් අම්මාගෙන් විහිලුවට ඇසුවෙමි....මොනව කරන්නද දුවේ මොනව හරි කියල ඇඟ බේරගන්නත් ඕනැනෙ.......ආත් අම්මා දුකෙන් මෙන් කීවාය......ආත් අම්ම කොච්චර මම වෙනුවෙන් මහන්සි වෙනවද..මේ ඔක්කොම මගෙ හිතුවක්කාර වැඩ හින්දනෙ.......මට ඇය කෙරෙහි අනුකම්පාවක් ඇතිවිය. මගේ විභාගය වෙනුවෙන් බෝධි පූජාවක් කල අපි දෙවියන්ට පින්දී ගෙදර බලා පිටත් වුනෙමු.....ටිකක් ඉක්මන් කරල යමු දුවේ කරුවල වැටෙන්න ඉස්සෙල්ල.....ආත් අම්මා එසේ පැවසුවේ කරුවල වැටුනු පසු මා වැනි රූමත් තරුනියක් පාරේ එක්ක යෑම අනතුරු දායක බව සිහිවූ නිසා දැයි සිතුනි.
ගෙදර ගිය පසු ඇදුම් ගලවා නයිට් ගවුම ඇද ගන්නා විට උදේට මා නිමල් බවට පත්වූ පසු ඇද ගැනීමට කලිසමක් අවශ්‍ය බව සිහිවුනු මා ආත් අම්මා අසලට ගියෙමි......කෑම කමු නේද දුවේ.....මා සමග කුස්සියට ගියාය....ආත්තම්මගෙන් කලිසම් ඉල්ලල මට බනියිද දන්නෙ නෑ....එයා මට නියම කරල තියෙන්නෙ ඉස්කෝලෙට අදින ඇදුම් ඇරෙන්න වෙන පිරිමි ඇදුම් අල්ලන්නවත් එපා කියල.....ඉතින් මම කොහොමද තව කලිසමක් ඉල්ලන්නෙ.....කෑම කන අතර තුර කල්පනා කල මා.....බනිනවනම් බැනපුදෙන් ඔන්න ඔහේ ඉල්ලල බලනව....නැත්නම් හැමදාම සාලුව ඇදගෙන නාන කාමරේට යනව...සිතාගත් මා......ආත්තම්මේ....මට පිරිමි අදින කොට කලිසමක් ඕනැ......නැත්නම් සරමක් ඕනැ.....මා එසේ කියනවාත් සමගම......
No comments:
Post a Comment