පසුදින උදෑසන අවදිවූ මා මුහුණ සෝදාගෙන කුස්සියට ගියෙමි.....දුව මුහුන හෝද ගත්තද...මාව දුටු ආත්තම්මා ඇසුවාය.....මා ඔව් කීවිට..මෙහෙ එන්න දුවේ කී ඇය මගේ අතින් ඇදගෙන ඇගේ කාමරය තුලට ගියාය. මොකටද දන්නෙ නෑ.....මා ඇය දෙස ගැටලු සහගත බැල්මක් හෙලුවෙමි. පනා වක් අතට ගත් ඇය.....දුවට ඉතින් තාම කොන්ඩෙ පීරගන්න තේරෙන්නෙ නෑනෙ....පැවසූ ඇය මගේ දිගු කොන්ඩය පීරන්ට වූවාය. ටික වේලාවක් පීරූ ඇය එය පෝනි ටේල් ආකාරයට ගැටගසන්ට විය.
දුව අද උදේ නවයට විතර ටවුම පැත්තෙ යන්න ඕනැ.....අපි උදෑසන ආහාර ගන්නා අතරතුර පැවසුවාය....ආත්තම්ම යන්න මම ගෙදර ඉන්නම්....මා කීවෙමි. ඔයා ගෙදර ඉදල පුලුවන්ද. ඔයාට ඇදුම් ගන්නනෙ යන්නෙ.....ඇය කීවාය.....ඇයි ආත්තම්මෙ මට තියෙන්නෙ....මා කීවෙමි.....දැන් ඔයාට ඒව අදින්න පුලුවන්ද ලමයො. ඒ ඔක්කොම පිරිමි ඇදුම් නෙ......ඒකත් ඇත්තනෙ....මට සෙමින් කියවුනි. ...අනේ ආත්තම්මෙ මටනම් මේවිදියට පාරෙ යන්න බෑ නිමල් කෙල්ලෙක් වෙලා කියල අදුනන අය මට හිනාවෙයි.....කවුද දුවේ ඔයාව දැන් හදුන ගන්නෙ හිටපු නිමල්ගෙ හැඩේවත් තියෙනවද.....ප්‍රශ්න කල ඇය.....අපි යන්නෙ වාහනයක ඒකෙ යනකොට කාටවත් පේන්නෙ නෑ.....කීවාය. නවය වෙනකොට ලෑස්තිවෙලා ඉන්න....ඇය මට උපදෙස් දුන්නාය.
කොල්ලො ටික අද මැච් එක ගහයි මට තමයි යන්න වෙන්නෙ නැත්තෙ. මීටපස්සෙ කවදාවත් එයාලත් එක්ක සෙල්ලම්කරන්න බැරිවෙයි.....කාමරයට ගිය මා.....දුක් මුසුව කල්පනා කලෙමි.....නවය ආසන්න වනවිට කලිසමකින් සහ කමිසයකින් සැරසුනු මා ආත් අම්මා අසලට ගියෙමි.....ඒ වනවිට සාරියකින් සැරසී සිටි ඇය මා දෙස හොදින් බලන්ට වූවාය.....වෙනදට මම ඇදගත්තම මෙච්චර හොදට බලන්නෙ නෑ.....අද මොකද දන්නෙ නෑ....මගේ මොකක් හරි අඩුපාඩුවක්ද .....මා කලිසම සහ කමිසය නැවත නිරීක්ෂණය කලෙමි.....දුව සර්ට් එකට යටින් බැනියමක් ඇදලද ඉන්නෙ.....වෙනදා නාසන ප්‍රශ්නයක් ඇසුවාය....නෑ ආත්තම්මෙ නිකන් සර්ට් එක දාගත්ත.....මා කීවෙමි.....මේ.... මේ ....ගිහින් බැනියමක් ඇදගෙන සර්ට් එක ඇදගෙන එන්න.....ඇය වෙනදා නොමැති නීතියක් දැම්මාය......මම වෙනදටත් මෙහෙමනෙ යන්නෙ.....මා කීවෙමි.....වෙනද ඔයා කොල්ලෙක් අද ගැහැනු ළමිස්සියෙක් ....ඇය සැරෙන් මෙන් කීවාය......මා ඉකමනට ගොස් බැනියමක් ඇද කමිසය ඇදගත්තෙමි.....ඉස්සර වගේ මට දැන් ඕනැ ඕනැ විදියට අදින්නත් බෑ වගේ....කල්පනා කරමින් එලියට බසිනවිට වාහනයේ නලා ශබ්දය ඇසුනි......
No comments:
Post a Comment