ආත් අම්මාගේ පාඩම 30.....................මා එසේ කල්පනා කලත් මෙම නිවාඩු දවස් පුරාවටම මට නිමල් බවට පත්වීමට නොහැකි වුවහොත් ජීවත් වන්න වන්නේ චතුරිකා ලෙසටය. එසේ වුවහොත් මගේ පිරිමි ජීවිතය අමතක වී යාවිදැයි සිතට බියක් ඇතිවිය......පන්ති යන්න බැරිවුනත් කමක් නෑ......වරුවක් හරි නිමල් වෙන්න පුලුවන්නම්..... එතකොට ඒ පිරිමි ජීවිතය අමතක වෙන එකක් නෑ....මා තවදුරටත් සිතුවෙමි.
අපිට නිවාඩු දුන්නේ සිකුරාදා දිනයේදීය. එදින සවස ගෙදර ගිය මට සුපුරුදු පරිදි චතුරිකා බවට පත්වීමට සිදුවිය. ඉන් පසු දින දෙක සෙනසුරාදා සහ ඉරිදා දින බැවින් ඒ දවස් දෙක ඇතුලත මට නිමල් බවට පත්වීමට ඉඩක් නොමැති බව හොදාකාරව දැන සිටියෙමි. ඉන් පසු එලබෙන සඳුදා දින උදේවරුව තුල මාව නිමල් බවට පත්වේවියයි බලා පොරොත්තු තබා ගත්තෙමි...... සදුද ඉදන් ඉස්කෝලෙ නිවාඩු කියල මට මතුරපු මන්තරේ දන්නෙ කොහොමද....මන්තරේ මතුරන්න ඇත්තෙ සනසුරාදා ඉරිද දින දෙකයි පෝය දිනයයි නිමල් බවට පත්වෙන බැරිවෙන්න වෙන්න ඇති.....මා වරුවක් හෝ නිමල්බවට පත්වීමට බලාපොරොත්තු තබාගෙන කල්පනා කලෙමි. බැරි වෙලාවත් සදුද උදේට මාව නිමල් උනොත් මොකද කරන්නෙ. ඉස්කෝලෙත් නැති හින්ද උදේ වරුවෙ හරි යාලුවොත් එක්ක සෙල්ලම් කරල එන්න පුලුවන්.....හැබැයි කොහොම හරි දෙකහමාරට ඉස්සෙල්ලනම් ගෙදරට පැනගන්න වෙනව.....උන්ටික ඉස්සරහ මාව චතුරිකා බවට පත්වුනොත්....සිතූ මම....වෙනදේ මට නම් හිතාගන්නවත් බෑ......බිය මුසුව කල්පනාකලෙමි.
මාව වරුවක් හෝ කොල්ලෙක් වීමේ බලාපොරොත්තු තබාගෙන සති අන්තදෙක චතුරිකාලෙස ගතකලෙමි. සදුදින උදෑසන අවදිවූ මා වෙනදාමෙන් නයිට් ගවුම ගලවා නිමල් බවට පැත්වීමට ඉඩලබා දුන්නෙමි. වෙලාව උදෑසන හයට ආසන්න විය...ඔය මන්තරේ අද ඉස්කෝල නිවාඩු දුන්න කියල දන්නෙ නෑනෙ......ඒ හින්ද මාව නිමල් බවට පත්වෙන්නම ඕනැ....මා ඔරලෝසුවේ කටු දෙස බලාගෙන සිතමින් සිටියෙමි. විනාඩි කටුව දොලහ ඉලක්කම උඩට පැමිනි අතර තත්පර කටුවද එම ස්ථානයට පැමිනියේය......දැන් හරි දැන් මාව පිම්බිලා ඇග නිමල් බවට පත්වෙයි.... මා අත් දෙක දෙස බලාගෙන සිටියෙමි....වෙනද මෙලහට අත් දෙක පිම්බෙන්න පටන්ගන්නව.....මගේ සුරුබුහුටි සිනිඳු කාන්තා දෑත් දෙස බලා කල්පනා කලෙමි......ඔරලෝසුවෙ වෙලාව වැරදිද දන්නෙ නෑ.....සැකයක් ඇතිවූ බැවින් නැවත.....නයිට් ගවුම ඇදගෙන සාලයට ගොස් එම ඔරලෝසුවේ වෙලාව බැලුවෙමි......මේ වනවිට ඔරලෝසු දෙකෙහිම වෙලාව හය පසුවී තිබුනි......බලා පොරොත්තු අතහැර ගත් මා ඇදෙහි වාඩිවුනෙමි......මේ මන්තරේට ඉස්කෝල නිවාඩුදෙන දවසුත් ඇතුලත් කරලනෙ..සිතූමා.....දැන් ඉතින් මේ සති තුන ඇතුල්ත මට ආයෙත් කොල්ලෙක්නම් වෙන්න හම්බවෙන්නෙ නෑ......දුක් බරව කල්පනා කලෙමි. බලාපොරොත්තු අතහැරගත් මා නයිට් ගවුම පිටින්ම නාන කාමරයට ගොස් මුහුන සෝදාගෙන. මේ සති තුන පුරාවට චතුරිකා ලෙස ජීවත් වීම සඳහා කාන්තා ඇදුම් ඇදගත්තෙමි. ....එක අතකට මෙහෙම උන එකත් හොඳයි......නිමල් උනානම් එහෙම හෙට පන්ති යන්න වෙන්නෙ නෑ......හෙට උදේ වරුවේ උපකාරක පන්ති පවත්වන බැවින් එම පන්තියට සහභාගී වීමට හැකිවීම ගැන සතුටක් ඇතිවිය. .....මොකද චතුරිකා දුවේ අද ඉස්කෝල නැති හින්දද නැගිටින්න පරක්කු වුනේ....මා වෙනදාට වඩා ප්රමාදවී කුස්සිය දෙස පැමිනීම නිසා ආත් අම්මා ඇසුවාය. .....නෑ ආත් අම්මෙ මම හිතුවෙ......මා එසේ පවසනවාත් සමගම......අදත් වෙනද වගේ කොල්ලෙක් වෙයි කියල බලාගෙන නේද.....එහෙම උනානම් ඉස්කෝලෙත් නැති එකේ උදේට ගිහින් කොල්ලොත් එක්ක නටල එන්න පුලුවන්නෙ.....ඇය මාගේ සිතේ තිබුනු අදහස දැක්කා මෙන් පවසන්ට වූවාය.....හොදට මතක තියාගන්න දුවේ ඔයාට ටික වෙලාවකට හරි නිමල් විදියට ඉන්න පුලුවන් ඉස්කෝලෙ දාට විතරයි කියල.....ඉස්කෝලෙ නැත්නම් කොහෙත්ම බෑ.....ඇය අවවාද ස්වරූපයෙන් කියන්ට වූවාය.
පසුදින උදෑසන අවදිවූ මා ගැහැණු ළමයෙකු ලෙස පන්ති යෑම සඳහා සූදානම් වී අත් බෑගයද කරේ එල්ලාගෙන පොත් ටික පපුවට තුරුලු කරගෙන බස් නැවතුම් පලට ගියෙමි...තවත් කාන්තාවන් කිහිප දෙනෙක් සහ පාසැල් වියේ ගැහැනු ලමයෙක් සිටින නිසා බියක් නොතිබුනි...දැන් එන බස් එකේ නිලන්තිත් ආවොත් හොදයි.....සිතමින් සිටිනවිට බසය පැමිනෙනු දුටුවෙමි.....බසයට ගොඩවූ සැනින් නිලන්තිව සෙවුවෙමි......චතූ.....නිලන්තිගේ කටහඩ ඇසුනි......සෙනග වැඩිබැවින් ඇය සිටගෙන සිටිනු දුටුමා සෙනඟ අතරින්ඇය දෙසට ගියෙමි.....අද සෙනඟ වැඩියි.....වැඩට යන අයත් ඉන්නවනෙ.....සෙනග අතරේ තෙරපෙමින් කීවාය. මා ඇය අසලට ගොස් හිට ගත්විට මාව ඇයට තදවිය.....එපාවෙනව නේද අනේ ඇය මා දෙස බලමින් කීවාය.....මා නිමල් ලෙස මෙවැනි ගැහැනු ලමයෙකුගේ සිරුරට තදවූවානම්.....හොද බැනුම් ටිකකින් හෝ....කනහරහා එල්ලවන පහරකින්......සංග්රහයක් ලැබීමට ඉඩ තිබුනි......එහෙත් අපි දෙදෙනාම උත්සාහ ගත්තේ පිරිමින්ගේ සිරුරු වලට තද නොවී සිටීමටය......නිලන්ති නිසා මගේ සිතටද එතරම් බයන් නොතිබුනි. ......හැමදාම මේ බස් එක අල්ලගත්තොත් අදවගේ දෙන්නටම එකට එන්න පුලුවන් ......බසයෙන් බැස පන්තිය දෙසට යනවිට මා කීවෙමි.....ඒක තමයි අනේ අපි මේ බස් එකම අල්ලගම්මු.....ඇයද එකඟ වූවාය.......එදින පන්ති ගොස් ගෙදර පැමිනි විට මා පාසැල් අදින පිරිමි නිල ඇදුම් කට්ටල් දෙකම පෙනෙන්ට තිබුනේ නැත...... මේ ඇන විමසීම සදහා ආත් අම්මා සොයාගන ගියෙමි......ආත් අම්මෙ කෝ අර මගේ ඉස්කෝලෙට අදින ඇදුම් ටික.....ඇසුවෙමි......ඔයාට දැන් මොකටද ඒව........ඒව ලොන්ඩරියට ගිහින් දුන්න හොදට සුදුකරල දෙන්න කියල....ආයෙත් ඕනැ වෙන්නෙ ඉස්කෝලෙ පටන්ගත්තට පස්සෙනෙ.......ආත් අම්මා එසේ පවසන විට මේ නිවස තුල කිසිම පිරිමි වස්ත්රයක් නොමතිබව තේරුනි......පිරිමි ඇදුමක් කියල තිබුනෙ එච්චරයි ...ඒකත් ආත් අම්ම ලොන්ඩරියට දාලනෙ.......සිතුනු මට .....සියලුම පිරිමි කම මගෙන් ගිලිහී ගියාක් මෙන් දැනෙන්ට විය.
මාත් නිලන්තිත් කතා වූ පරිදි දිනපතා පන්තියට ගියේත් ආවේත් එකටමය මේ නිසා අපේ යහලුකම දිනෙන් දින වර්ධනය වන්ට විය.
No comments:
Post a Comment