Saturday, April 7, 2018

ආත් අම්මාගේ පාඩම 7...............මා ආත් අම්මා සමඟ වාහනය දෙසට ගියෙමි. මා වෙනදිනවල මෙවැනි අවස්ථාවලදී වාඩිවන්නේ රියදුරු මහතා අසල ඇති ඉදිරිපස ආසනයේය. එම පුරුද්දට  මා ඉදිරි පසින් ගොඩ වීමට සූදානම් වනවිට.....ඔය කොහේද.....පිටිපස්සෙන් වාඩිවෙන්න....පිටුපස අසුනේ වාඩිවී සිටින ආත් අම්මා  කියනු ඇසුණි. .......ඇයි ආත් අම්මෙ මම වෙනද යන්නෙ ඉස්සරහනෙ.....මා ඇය අසලට ගොස් පැවසුවෙමි.....ඒ වෙනදටනෙ.......අද වාඩිවෙන්න ඕනැ මෙතැනින්......ඇය මගේ අතින් අදිමින් කීවාය.....මැඩම්ගෙ දුවට ඉස්සරහ සීට් එකේ යන්න ආශ ඇති....මෙය අසා සිටි රියදුරු මහතා සිනාසෙමින් පැවසුවේය.....ගෑනු ලමිස්සියෙක් උනාම ඒ විදියට ඉන්න ඕනැනෙ පුතේ.....ආත් අම්මා ඔහුට කීවාය......ගැහැනු ළමයෙක් උනාට කොල්ලෙක් වගේ නේද මැඩම්....ඔහු නැවත සිනහසෙමින් කීවාය......ඔව් පුතේ මෙයාට කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ කොල්ලෙක් වගේ හැසිරෙන්න එපා කියල.......ඇය නෝක්කඩුවට මෙන් කතා කරනු අසා සිටි මා....මේ ඩ්ර්යිවර් අන්කල් නොදන්නවවුනාට මම ඊයෙ වෙනකම්ම කොල්ලෙක් තමයි......කිසිවක් නොකියා සිතමින් ආත් අම්මා අසලින් වාඩිවුනෙමි.
            ටවුම වෙත ළඟාවූ  අපේ වාහනය නතර කලේ විශාල රෙදි සාප්පුවක් ඉදිරි පිටය. වාහනයෙන් බැස්ස පසු කුලිය ගෙවූ ආත් අම්මා මාව රැගෙන සාප්පුවට ගොඩවූවාය.......ආ නැන්දෙ බොහොම කාලෙකින්නෙ.....ඉදිරි පස සිටි මැදිවියේ කාන්තාවක් ආත් අම්මා දැක සුහදව පිලිගන්නා අයුරු දුටු විට ඇය හොදින් හදුනන තැනැත්තියක් බව අවභෝද විය....ඇය සුලුවෙලාව ආත් අම්මා සමග පැරනි තොරතුරු කතාකරමින් සිට......ඉතින් නැන්දෙ මොකද මේ පැත්තෙ ආවෙ කියල අහන්න බැරිවුනානෙ.......කීවාය.....මේ මිනිබිරීට ඇදුම් ටිකක් ගන්න දුවේ.....ආත් අම්මා මාදෙස බලා කීවාය......නැන්දට ලස්සන මිනිබිරියෙකුත් ඉන්නවනෙ....ඇය මා දෙසබලා සිනාසී....කොල්ලෙක් වගේනෙ ඇදගෙන ඇවිත් තියෙන්නෙ....මගේ ඇදුම් දෙස බලා පැවසුවාය.....මා කෙසේ පිරිමියෙකු ලස ඇද පැලද ගෙන සිටියත් මේ වන විට මට ලැබී ඇති සුරුබුහුටි ගැහැණු රුව කෙසේවත් එසේ සැගවීමට නොහැකි බව අවභෝද කර ගත්තෙමි.....බලන්නකො දුවේ මයාට කොච්චර කිව්වත් අදින්නෙ ඔය ඇදුම්මනෙ. දැන් ලොකු ලමිස්සියෙක් හින්ද මම කිව්ව දැන්වත් ගැහැණු ලමයෙක් වගේ අදින්න කියල.....කොහෙද මේකට කැමති කරව ගත්තෙ බොහොම අමාරුවෙන්.....ආත් අම්මා එසේ පවසන විට.....ඒකනෙ ගැහැනු ලමයෙක් වුනාම කොයි තරම් ලස්සන ඇදුම් තියනවද. ඒව ඇන්දම දුව කොයිතරම් හැඩට හිටියිද. මේ පිරිමි ඇදුම් වලට දුව මේ තරම් ලස්සන නම් මට හිතාගන්න බෑ කෙල්ලෙක් වගේ ඇන්දම කොයි තරම් ලස්සනට හිටියිද කියල......ඇය මගේ රුවදෙස බලා පවසන්ට වූවාය.....අනේ දුවේ මෙයාට ඇදුම් ටිකක් තෝරල දෙන්න. මෙයාට ඕව ගැන තේරෙන්නෙ නෑ....කවද ගැහැනු ඇදුම් ඇදලද......ආත් අම්මා මා කෙල්ලෙක් වී ඇති බව නොකියා ඇයට මෙසේ පැවසීමට නුවන පහල වූවේ කෙසේදැයි මා පුදුමයෙන් කල්පනා කලෙමි. එන්න දුවේ.....කී ඇන්ටී මාව ගැහැනු ඇදුම් තිබෙන ස්තානයට රැගෙන ගියාය.....මෙතැන ලස්සන ගවුන් තියෙනව.....මට හිතෙන්නෙ මෙතැන තියෙන ඒව ඔයාට ගැලපෙයි කියල......ඔයා කැමති ගවුන් තෝරගන්න....ඊට පස්සෙ පිටොන් කරල බලන්න පුලුවන්......ඇන්ටී ගවුන් එකින් එක පෙන්නමින් කීවාය..... මෙවැනි ගැහැනු ඇදුම් තිබෙන ස්ථානය කට පැමිනිලාවත් ඒවා අල්ලාවත් පුරුදු නැති මගේ සිත තුලට ලැජ්ජාසීලී ගතියක් ඇතිවන්ට විය......මා ලැජ්ජාවෙන් ඒවා දෙස බලා සිටියා මිස ඒවා ඇල්ලුවේවත් නැත. .......බයවෙන්න එපා ඕව ඇගට තියල බලන්න දුවේ ගැලපෙනවද කියල......මා කිසිවක් කරකියාගත නොහැකිව බලා සිටිනු දුටු ඇන්ටී ගවුමක් ගෙන මගේ ඇගට තබා හැඩ බලමින් කීවාය.....දුව දැන්වත් ඔය පිරිමි ඇදුම් අදින එක නවත්ත්ල ගැහැනු ලමයෙක් වගේ ලස්සනට ඇදගෙන හැඩට ඉන්න බලන්න......ඇය තවත් ගවුන් තෝරමින් මට අවවාද දෙන්ට වූවාය.....මා ඒවා නොතේරුවත් ඇය තෝරාගත් ඇදුම් ටික එකින් එක පෙන්වා මේව ලස්සනයි නේද දුවේ ඇසුවාය...මා කිසිවක් නොකියා හිසෙන් ඔව් යනුවෙන් සංඥා කලෙමි.......මේ ටික ඇදල බලමු නේද... ඇය එසේ පවසන විට මා ඇදසිටි කමිසය ඉවත් කිරීම සදහා බොත්තම් බුරුල් කිරීමට සූදානම් උනෙමි. හා...හා...මෙතැන නෙවෙයි...කලබලෙන් මගේ ක්‍රියාව නවත්වා...පිටොන් කාමරේට යම්මු....ඇය මගේ අත අල්ලාගෙන එම ස්තානයට ගොස් ඕකට ගිහින් ඇදලබලන්න...පවසා.....මාව ඇඳුම්  සමග එය තුලට දමා දොර වසා  එලියට ගියාය......කොච්චර ලැජ්ජ හිතුනත් දැන් මේව  ඇදල බලන්න වෙනවනෙ....සිතූ මා කමිසය ගලවා පැත්තකින් තැබුවෙමි......ගවුමක් අතට ගෙන එය අදින අයුරු කල්පනා කරමින් සිටින විට වසා තිබුනු දොරට තට්ටු කරන හඬ ඇසුනි.....කවුද...මා ඇසුවෙමි.....දුවේ මම....ඇතුලට එන්නද......කඩේ ඇන්ටිගේ කටහඩ ඇසුනි......මා ඉක්මනින් නැවත කමිසය ඇඳ පියයුරු වසාගෙන ඇයට දොර ඇරියෙමි.....ඔයාගෙ ආත්තම්ම කිව්ව ඔයාට මේව අදින්න තේරෙන්නෙ නැති හින්ද පොඩ්ඩක් ගිහින් උදවු කරන්න කියල.....ඇතුලට පැමිනි ඇය කීවාය......ගවුමක් අතට ගත් ඇය දැන් ඔය සර්ට් එක ගලවන්න කීවාය. මා ඇයට පියයුරු නොපෙනෙන ලෙස හැරී බොත්තම් නොදැමූ කමිසය ඉවත් කලෙමි.......ඔයා යටට බ්‍රා එකක් ඇදල නැද්ද....පුදුමයෙන් මෙන් මා දෙස බැලූ ඇය කීවාය.....නෑ ඇන්ටි....මම ඒව ඇදල නෑ.....මා සෙමින් කීවෙමි......අයියෝ.....ගෑනු ලමිස්සියෙක් උනාම ඒව අදින්න ඕනැනෙ.....නැත්නම් පපුව එල්ල හැලෙනකොට කැතයිනෙ දුවේ....කී ඇය...ගවුන් අදින්න ඉස්සෙල්ල ඒක අදින්න ඕනැනෙ එතකොටනෙ ගවුමෙ හැඩ පේන්නෙ.....ඉන්නකො මම ඔයාට බ්‍රා එකක් අරගෙන එන්න.....දොරවසා එලියට ගියාය. ඇය පැමිනෙන තෙක් මා ගවුන් වල මසා තිබුනු රෙදි අතගාමින් සිටියෙමි......කොල්ලන්ගෙ ඇදුම් වගේ නෙවෙයි මේ රෙදි හරි සිනිදුයි ... ඇන්දහම සනීපෙට හිටියි වගේ....ඒ වගේම ලස්සනටත් හිටීවි.....ඒ කොචචර සනීප උනත් ලස්සන වුනත් මට බෑ හැමදාම මේ විදියට කෙල්ලෙක් වෙලා ඉන්න. මට ඕනැ ඉක්මනට ආයෙත් කොල්ලෙක් වෙලා....කොල්ලො කට්ටියත් එක්ක විනෝද වෙන්න.....දැන් උන්ටික මැච් එක පටන් අරගෙනත් ඇති මම නැති හින්ද උන් මට බනිනවත් ඇති.....මා කනගාටුවෙන් කල්පනා කරමින් සිටිනවිට.....දොරට තට්ටු කරන හඩ ඇසුනි......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: