Thursday, April 19, 2018

ආත් අම්මාගේ පාඩම 29................මා ආත් අම්මාට පවසන්නේ කුමක්ද......කෙල්ලෙක් කිව්වොත් කොල්ලෙක් වෙන්න ඉන්න උඹ දැන්ම ඉදන් කෙල්ලො යාලු කරගත්තද කියල බනියි....බොරුවට හරි කොල්ලෙක් කිව්වොත්.....ගෑනු ලමිස්සියෙක් උනා විතරයි මගුල් විසේ ඔලුවට ගැහුවද.....කියල බනියි......ඕනැ එකක් කිවුවාවෙ ඇත්තම කියනව.....සිතාගත් මා......කෙල්ලෙක් ආත් අම්මෙ..... බියෙන් මෙන් කීවෙමි.......එහෙනම් කමක් නෑ ...මම උන්නෙ අර වල් කොල්ලො කියල......ඇයගේ ඒ කතාවෙන් ඇය මා ගැහැනු ළමුන් ඇසුරු කරනවාට විරුද්ධත්වයක් නොමැති බව තේරුම් ගත්තෙමි.....එයා මම අද යන පන්තියටමයි යන්නෙ ... ඉන්නෙ පන්සලට පොඩ්ඩක් එහාලු......එහෙනම් මේ ලගමයි.....කී ඇය....එහෙනම් දෙන්න එක්ක යන්න පුලුවන් චතුරිකා දුවටත් තනියක් නෑනෙ....ඔවු ආත්තම්මෙ එයාගෙ නම නිලන්ති......මා කීවෙමි. ආත් අම්මා සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.....පන්තියෙදි මොකුත් ගැටලුවක් උනේ නැද්ද ඇය ඇසුවාය.....නෑ ආත් අම්මෙ නිලන්ති ලගම තමා මාත් වාඩිවුනේ.....මා කිවිට......නැතුව ඉතින් ඉස්කෝලෙදි වගේ කොල්ලො ගාව වාඩිවෙන්න පුලුවන්යෑ......සිනාසෙමින් කීවාය.
             පසු දින පාසැලට ගිය පසු මා අසලට පැමිනි නන්දන......ඊයෙ මම බලා හිටිය නිමල් පන්තියට එයි කියල.....මොකද උනේ ආත් අම්ම එන්න දුන්නෙ නැද්ද.....ඇසුවේය......ආත් අම්ම මට දැන් කොහේටවත් යන්න දෙන්නෙ නෑ ......අපේ අක්ක කෙනෙක් විභාගෙ කරනව මට කියනව නොදන්න දෙයක් තියෙනවනම් එයාගෙන් අහගන්න කියල.....මා පිලිතුරු දුන්නෙමි....ආත් අම්ම බය ඇති ඔයා ආයෙත් අර වලටම වැටෙයි කියල.....අක්කගෙන් අහගෙන හරි විභාගෙ කරගන්න බලන්න.....ඔහු කීවේය.
              මා ඊයේ මෙන් ගැහැනු ලමයෙකු ලෙස පන්තියට ගියෙමි.....ඒ වනවිටද නිලන්තී පැමින සිටි බව දුටුවෙමි......ආ චතූ.....මම ඔයා එනකන් හිටියෙ එන්න එන්න....ඇය මගේ නම කොටකරමින් කතා කලාය......මා ඊයේ මෙන් ඇය අසලින් වාඩිවූවෙමි......මම ඉස්සර නිමල් විදියට මේවගෙ කෙල්ලො ගාව වාඩිවුනානම් මට මොන මොන ඒව හිතෙයිද.....මේ කෙල්ලන්ට මොන මොන අසැබි වචන කියයිද......ඒත් දැන් මට කෙල්ලෙක් විදියට ඒ මොකුත් හිතෙන්නෙ නෑ.කොල්ලන්ට දැනෙන කාමුක හැගීමක් දැනෙන්නෙත් නෑ මට හිතෙන්නෙ මේ ඔක්කොමල මගේ සහෝදරියො වගේ කියල.....මා සිතමින් සිටිනවිට......ඔයා ඉස්කෝලෙ යන්නෙ නැද්ද චතූ .....නිලන්ති ඇසුවය.....නෑ අනේ මම ප්‍රයිවෙට් ගන්නෙ ....මගේ ගම මෙහෙ නෙවෙයි කොත්මලේ.... අම්මයි තාත්තයි රට ගිහින් හින්ද ආත් අම්මගෙ ගෙදර ඉදන් ඉගෙන ගන්නෙ.......මා ආත් අම්මා කියාදුන් පරිදි පැවසුවෙමි......අපිටනම් ඉතින් ගෙදර ගිහින් එන්න බැනෙ.... ඒ හින්ද මේ ඉස්කෝලෙ ඇදුම පිටින්ම පන්තියට එනව.......ඇයගේ සුදු පැහැති පාසැල් නිල ඇදුම පෙන්වා කීවාය....මට තාම අදින්න බැරිවුනේ කෙල්ලන්ගෙ පාසැල් නිල ඇදුම විතරයි.....ඇගේ ගවුම දෙස බලා කල්පනා කලෙමි. ඇය අපේ පාසැලේ නොවුනු අතර  ටිකක් එහායින් තිබුනු පාසැලේ සිසුවියක් වන බව නිල ලාංචනයෙන් දැන ගත්තෙමි. දිනෙන් දින අපි දෙදෙනාගේ යහලු කම වැඩිවූ අතර මට තවත් යෙහෙලියන් කිහිප දෙනෙක්ද හදුනා ගැනීමට ලැබුණි. මේ අතර අපේ පන්තියේ නිල්මිනි සහ ගීතානිද විය......මෙම පන්තියේදී ගීතානි සහ නිල්මිනී ඇසුරු කිරීමට ලැබුනත් මා නිමල් ලෙස පාසැලේ සිටින විට ඔවුන් සමග කිසිම සම්භන්දතාවයක් හදා ගත්තේ නැත.
            මා තරුණියක  ලෙස සවස පන්ති යනවිට සමහර දිනවල බසයේ සෙනග පිරී සිටින බැවින් හිටගෙන යෑමට සිදුවිය......එවැනි අවස්ථාවලදී මා වැනි රූමත් තරුණියකට සිදුවන අන්තුරු දායක තත්වය දන්නා මා හැකිතරම් කාන්තාවන් සිටින ස්ථානවලට යෑමට උත්සාහ කලෙමි.....එක් දිනයක මා අසල සිටගත් මැදිවියේ පුද්ගලයෙක් මගේ ඇගට වැඩිපුර හේත්තුවන බව දැනුනි. මා ඉදිරියට ගියත් ඔහු ක්‍රමයෙන් මා අසලට පැමිනෙන බව දුටුවෙමි. මා නිමල් ලෙස සිටින කල මෙවනි දේවල් කිරීම මගේද පුරුද්දක් වී තිබුණි. මේ නිසා ඔහු එන්නේ කුමකට දැයි දැනගත් මා කිසිවක් නොකියා ඔහු දෙස  රවා බැලුවෙමි ..ඉන්පසු ඔහු මගෙන් ඈත් වූවේ මට බියවීමෙන්ද ලැජ්ජාවට පත්වීමෙන්දැයි නොදන්නෙමි......පන්තියට යනකොටත් මට කෙල්ලෙක් එක්ක යන්න පුලුවන් උනානම් බයක් නෑ....මට සිතුනි.......මා නිමල් ලෙස සිටියදී සුදුකල මෙවැනි දේවල් දැන් මා කරා පැමිනෙමින් තිබෙන්නේදැයි බියක් ඇතිවිය......එහෙත් මෙවැනි දේවල් මට පමනක් නොව මුලු ගැහැනු සමාජයටම විදින්න සිදුවන දෙයක් බව කල්පනා කලෙමි.....නිමල් වගේ නරකකොල්ලො ඉන්න කොට තමයි ගැහැනුන්ට මේතරම් කරදර විදින්න සිද්ද වෙන්නෙ......මා ගතකල ඒ හිතුවක්කාර ජරා පිරිමි ජීවිතය ගැන පිලිකුලෙන් යුතුව කල්පනා කලෙමි.
              මේ අතර අගෝස්තු නිවාඩුව ළඟාවිය එහෙත් පන්තිය නිවාඩු නොදෙන බව දැනුම් දුන්නේය......නිවාඩු කාලෙට අපි දෙන්නම එකට පන්ති එමු.....මා නිලන්තිට යෝජනා කලෙමි.....නිලන්තිද එයට කැමති වූවාය.....මේ අතර පාසැලේදී මා අසලට පැමිනි රංජිත් .....මචං නිමලො උඹට නිවාඩු කාලෙවත් අපිත් එක්ක සෙල්ලම් කරන්න එන්න බැරිද..ඇසුවේය....බෑ බන් උඹල දන්නවනෙ දැන් මම ඔක්කොම අතහැරිය කියල......මා කීවෙමි.....මගේ පැරනි යහලුවන්ට වුවමනා වී ඇත්තේ මාව නැවතත් ඔව්න්ගේ ගොඩට ගැනීමටය.....එහෙත් මට එය කල නොහැකි දෙයකි.
             නිවාඩු දවස උදාවුනි එම නිවාඩු කාලය සති තුනක පමන කාලයක් බව දැන ගැනීමට ලැබුනි.....ඒ අතර අපේ උපකාරක පන්තියේ වේලාව උදේවරුවේ තියන බව දන්වාතිබුනි.....උදේ වරුවෙ හින්ද මාව නිමල් උනොත් කොහොමද පන්ති එන්නෙ.........ආත් අම්ම කිව්ව වගේ........ඉස්කෝලෙ නිවාඩු දාට මාව කොල්ලෙක් නොවෙන කතාව හරිගියොත් ගැටලුවක් නෑ......මා කල්පනා කලෙමි.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: