Thursday, April 19, 2018

ආත් අම්මාගේ පාඩම 28.................මා සාමාන්‍ය තරුණියක් මෙන් බස් නැවතුම් පල අසල සිටගත්තෙමි. පිරිමි ලමයෙකුව සිට  ගැහැනු ලමයෙකු බවට පත්වීමනිසා ලැජ්ජා ගතිය තවමත් මගේ සිතේ පැවතුනි. මාව දකින අයට මගේ වෙනස තේරේවිදැයි ඇතිවූ සැකය නිසා කිසිවෙකු දෙස නොබලා බිම  බලාගෙන සිටියෙමි. තවත් ගැහැණු කෙනෙකු මා අසල සිටි බැවින් එතරම් බියක් නොදැනුනි. ඇය නිමල් ලෙස මාව හදුනන තැනැත්තියක් උවද ඇයට දැන් මාව  හදුනාගත නොහැකිවීම මගේ වාසනාවක් විය. ඇය කිහිප වරක් මා දෙස බලනු දුටුවෙමි. එහෙත් මා නොදැක්කා මෙන් සිටියෙමි..........බස් රථය පැමිනෙනු දුටු මට සිතට සහනයක් ඇතිවිය.........ආසන කිහිපයක එක බැගින් හිස්ව තිබුණි. මා තරුණියක් සිටින ආසනයට ගොස් වාඩිවුනෙමි. මෙතෙක් කල් මා නිමල් වසයෙන් ගැහැණු  ළමුන්  සිටින ආසනවල වාඩිවීමට අශාකලේ මගේ සිතේ තුබුන කාමුක සිතුවිලි නිසාය. එහෙත් අද එවැනි හැගීමක් ඇති නොවුනි. මට සිතුනේ පිරිමින් සිටිනා ස්ථාන වල වාඩිවනවාට වඩා මෙතැන වාඩිවීම ආරක්ෂා කාරීබවකි.......මා මෙතෙක් කලක් කරදරයට පත් කල ගැහැණු ලමුන්ගෙන්ම මගේ ආරක්ෂාව පැතීම දෛවයෝපගත සිද්දියක් බව හැඟෙන්ට විය. ගෙදරදී පුරුදු වී ඇති පරිදි ගවුමේ සාය අතින් හරිගස්සා වාඩිවී අත් බැගය සහ පයිල් එක උකුල මතින් තබා ගත්තෙමි. මා අසලසිටි තරුණිය  මාදෙස බලා සිනාසුනාය.....මාද ඇයට සිනහවකින් සංග්‍රහ කලෙමි.......වෙනත් දිනවල මෙවැනි ගැහැනු ලමයෙකු අසල වාඩිවී මා ඇය දෙස බැලුවහොත් වැඩි දෙනෙක් කලේ ඔරවා බැලීම පමනි. ඒ මා කොල්ලෙක් නිසාවෙනි. එහෙත් දැන් මා ගැහැනු සමාජයේම සාමාජිකාවක් වී ඇති බැවින් ඔවුන්ට එසේ බැලීමට අවසයතාවයක්  නොමැත. පන්තිය අසලින් බැසගත් මා පන්තිය තිබෙන ස්තානයට ගියෙමි.....ලමුන් බාර ගන්නා ස්ථානයේ සිටියේ මට වඩා වැඩිමල් අක්කා කෙනෙකි.....ඇය මගේ නම ඇසුවාය....චතුරිකා සඳමාලි .....මා පිලිතුරු දුන්නෙමි.එය පොතක සටහන් කරගත් ඇය විශයන් අසා සටහන් කරගෙන මුදල් ගෙවූ බවට කාඩ්පතක් දුන්නාය.....මා එය රැගෙන පන්ති කාමරය තුලට ගියෙමි......එය ලමුන් සිය දෙනෙකුට පමන ඉගෙනීමට ඉඩකඩ ඇති ශාලාවක් විය.....මා වාඩිවීම සදහා ස්තානයක් සොයමින් ඉදිරියට ගමන් කලෙමි ....මගේ පන්තියේ නන්දන තවත් කිහිප දෙනෙකු සමග එක් පේලියක වාඩිවී සිටින අයුරු දක්නට ලැබුණි. එහෙත් මට දැන් ඔවුන් සමග කතා කිරීමට නොහැක. මා ඔවුන් නොදැක්කා මෙන් වාඩිවීමට තැනක් හෙවුවෙමි. ගැහැනු ලමුන් කිහිප දෙනෙක් දුටු මා එම ස්තානයට ගියෙමි.....ඔයා අදද පන්තියට ආවෙ.....එක් අයෙක් ඇසුවාය.....ඔව්....මා කීවෙමි......අමුතු විදියට වටපිට බලනකොට මට තේරුනා....ඇය සිනාසෙමින් කීවාය.....මෙතනින් වාඩිවෙන්න.... ඇය ටිකක් එහාට වී මට ඉඩදුන්නාය.....මා ඇයට ස්තූති කරමින් ඇය අසලින් වාඩිවුනෙමි......බන්කුවේ වාඩිවී පයිල් එක සහ අත් බෑගය මේසය මත තබා.....හොරහෙන් මෙන් පිරිමි ලමුන් සිටින දෙස බැලුවේ තවත් පන්තියේ අය සිටිනවාදැයි බැලීමටය......සමහර පිරිමි ලමුන් මා දෙස විශ්මිත ලෙස බලා සිටිනු දුටුවේ එවිටය........සිතට ලැජ්ජා සහගත හැගීමක් ඇතිවූ මා සටහන් පොත ගෙන ඒ මත බලාගෙන මගේ නම ලියන්ට වුනෙමි......මගෙ නම නිලන්ති....ඔයාගෙ නම.....මට ඉඩදුන් ලමයා ඇසුවාය.....චතුරිකා සඳමාලී ......මා කීවෙමි.......ඔයා වගේ ඔයාගෙ නමත් ලස්සනයි කී ඇය......කොල්ලො ටික ඔයාව ගිලින්න වගේ බලා ඉන්නෙ......මට රහසින් මෙන් කීවාය....මා කිසිවක් නොකියා ලැජ්ජාවෙන් සිනාසුනිමි.....ඔහොම තමයි මේ පන්තියට අලුතින් ලස්සන කෙල්ලෙක් ආවම.....ඕව ගනන් ගන්න එපා......ඇය තවදුරටත් කීවාය.
            ටිකවේලාවකින් මගේ පන්තියේ ඉගෙන ගන්නා ගැහැනු ලමුන් කිහිප දෙනෙක් ද පැමිනි බව දුටුවෙමි.....කාටවත් මාව අදුනගන්න බැරිවෙන එක ලොකු දෙයක්....මා සතුටින් කල්පනා කලෙමි.....මා කිසිවෙකුත් නාදුනවා සේ සිටියෙමි.....අපිට අද තිබුනේ ගනිතය විෂය විය.....ඔහු එම විෂය  ඉගැන්වූ ආකාරය මා කිසිදිනක දැක නොතිබුනි.....අපේ ඉස්කෝලවල ගුරුවරුත් මෙන්න මේවගෙ උගන්වනවනම් අපිට කොහේවත් යන්න ඕනැ නෑනෙ.....මා කල්පනා කලෙමි.....ඔයා කොහාටද යන්නෙ.....මාව හදුනා ගත් ලමයා පන්තිය ඇරුනු පසු ඇසුවාය. මිල්ලගස් දෙනිය බස් එකේ යන්න ඕනැ....මා කීවෙමි.....මාත් යන්නෙ ඒකෙම තමයි.....සතුටින් කී ඇය.....කොහෙන්ද බහින්නෙ ඇසුවාය.......පුරාන විහාරයට මෙහා හොල්ට් එකෙන්....මා කීවෙමි......ඉතින් මම බහින්නෙ ඊට පොඩ්ඩක් එහායින්නෙ..ඇය කීවාය......ඒ කොතනින්ද...මා පුදුමයෙන් ඇසුවෙමි.....පන්සලට පොඩ්ඩක් එහා......කී ඇය මටදැන් තනියම යන්න ඕනැ නෑ ඔයත් ඉන්නවනෙ.....ඇය මගේ අත අල්ලාගෙන සතුට ප්‍රකාශ කරන්ට වූවාය....අපි බසය නවත්වන ස්තානය ගොස් බසය පැමිනෙන තුරු සිටියෙමි.......පන්තිය ඉවරවෙන්නෙ පහමාරට උනාට සමහර දාට බස් එක පරක්කු වෙනව අනේ........ මට රෑවෙනකොට මෙතැන තනියම ඉන්න බයත් හිතෙනව......දැන් මට ඔයා ඉන්න හින්ද තනියක් නෑ........ඇය සතුටින් කීවාය ...ඔයා හම්බවුන එක මටත් හොදයි දැන් මටත් තනියක් නෑනෙ.....මා කීවෙමි......ඒක තමයි අපි දෙන්නටම.....පැවසූ අපි දෙදෙනාම කැකිරි පලමින් සිනාසුනෙමු. සුලු වේලාවකින් බසය පැමිනුනු බැවින් එයට ගොඩවුනෙමු......මා නිවස අසලින් බැස ඇයට අතවනමින් ආචාර කලෙමි......නිවස දෙස බැලූ විට ආත් අම්මා මා දෙස බලා සිටිනු දක්නට ලැබුනි......මම බයේ හිටියෙ රෑවෙයි කියල..... ඇය අසලට ගිය පසු පැවසූ ඇය.....කාටද අර බස් එකෙන් බැහැල අත වැනුවෙ......ඒ මගෙ යාලුවෙක් ආත් අම්මෙ..... මා කීවෙමි......යාලුවෙක්.....ඇය මා දෙස අමුතු ආකාරයකට බලා ප්‍රශ්නාර්තව Transgender body swap ගේ ඡායාරූපය කීවාය..........

No comments: