අපි පන්තිය කරා ගමන් කලෙමු. මා මගේ පොත් බෑගය රැගෙන මාගේ සුපුරුදු ස්තානයට යැවුනේ පුරුද්දට මෙනි......ඔය කොහේද සචිනි යන්නෙ....මෙයාට අද වාඩිවෙන තැනත් අමතක වෙලානෙ...පැවසූ නවෝදා....මගේ අතේ තිබුනු පොත් බැගය ගෙන ඇය අසල තිබුනු මේසය මත තැබුවාය.....මට හිතෙන්නෙ අද මම ඉන්න ඕනැ ඔතැන....මා එම ස්තානයට ගියෙමි.....ඒත් මෙතැන ඉන්න කෙල්ල ආවොත්.... මට ගැටලුවක් මතුවිය.....මොකක් හරි වෙන්නෙ නැතෑ.....මා වෙනත් ගැහැණු ළමුන් මෙන් ගවුමේ සාය හදාගෙන එය පොඩිනොවන ලෙස වාඩිවුනෙමි....මෙයාල හොදට වාඩිවෙලා අද පන්තිය අතුගාන්න තියෙන්නෙ අපිටනෙ......අපි අසලට පමිනි නිල්මිනි කීවාය.....ඒකත් ඇත්ත කී නවෝදා මා සමග නැගිට පන්තිය අතුගෑමට පටන් ගත්තෙමු....මට ඔයාගෙන් අර ගාන අහගන්න ඕනැ....පන්තිය අතුගෑමෙන් අනතුරුව...ඇගේ ගනන් පොත අදිමින් කීවාය. ...මා ඇය අසලින් වාඩිවී ඇයට එය සාදන අයුරු කියාදුන්නෙමි.....තෑන්ක්....සචිනි.....මට ස්තූති කල ඇය එය සෑදීමට පටන්ගත්තාය.....සුලු වෙලාවකින් මා අසල අනිත් පුටුවේ චතුරිකා වාඩිවන අයුරු දක්නට ලැබුනි. මම දැන් සිටියේ නොවෝදාට සහ චතුරිකාට මැදිවය.....මා මෙතෙක් කල් සිටියේ පිරිමි ලමුන් අතර බැවින් මෙය මට නුහුරු අත්දැකීමක් විය. එහෙත් එයට අකමැත්තක් නොතිබුනි. මා මෙතෙක් කල් වාඩිවී සිටි පුටුව දෙස බැලුවෙමි. මගේ යහලුවෙකු වන අජිත් එහි වාඩිවී සිටින අයුරු දුටුවෙමි......මගේ පුටුවෙ අජිත් වාඩිවෙලා මම නෑ කියල මේ කාටවත් ගානක් නෑ.....මාව කෙල්ලෙක් වෙලා මෙතෙන්ට ඇවිල්ල...ඒත් මේ එක කෙල්ලෙකුටවත් ගානක් නෑ.....මා වටපිට බලමින් කල්පනා කලෙමි. පාසැල ආරම්භ වීමෙන් පසු අපේ පන්ති බාර ගුරුතුමිය ආවාය. අපිට ආචාර කල ඇය නම් ලකුනු කිරීමට සූදානම් විය....පලමුවෙන් පිරිමි ලමුන්ගේ නම් කියවන්ට වූවාය......සචින් සෙවුවන්ද කියන නම කියවන තුරු මා අසාගෙන සිටියෙමි. එහෙත් එවැනි නමක් කියවෙනු නෑසුනි. මගෙ නම නැද්ද....මට ගැටලුවක් ඇතිවිය. ඉන් අනතුරුව ගැහැණු ලමුන්ගේ නම් කියවන්ට වූවාය. මගේ නම නොමැති බැවින් මා එයට එතරම් කන් නොදී මට සිදුවී ඇති ගැටලුව ගැන කල්පනා කරමින් සිටියෙමි......එකවරම නවෝදා මගේ අතට තට්ටු කලාය......මා ඇය දෙස බලන විට ගුරු තුමිය මා දෙස අමුතු ලෙස බලා සිටිනු දක්නට ලැබුනි.....මොකද සචිනි නම ඇහුනෙ නැද්ද.....මම සචිනි සෙවුවන්දි වඩුගේ කියනව ඇහුනෙ නැද්ද.....නැවත ඇසුවාය.....ටීච එයා ඒ වෙලාවෙ වෙන ලෝකෙක ඉදල තියෙන්නෙ. පීරිමි ලමයෙක් උපහාසයට මෙන් කියනු ඇසුනි.....සචිනි නරක ලමයෙක් නෙවෙයි.....එම පිරිමි ලමයාට දොස් කී ඇය නැවත නම් අඩගහ්නට වූවාය. අපේ පන්ති භාර ගුරු තුමිය කරුණාවන්ත තැනැත්තියක් විය. අපිට බනින්නේ එසේ නොකරම බැරි අවස්ථාවකදීය. ඇයගෙන් වැඩිපුරම බැනුන් අහන්නෙ පිරිමි ලමුන් වීම විශේෂත්වයක් විය. ඒ ඔවුන් කරන දඟවැඩ නිසාය.
No comments:
Post a Comment