Friday, April 6, 2018

ආත් අම්මාගේ පාඩම 2........... ආත් අම්මා වත්තෙන් කපා රැගෙන ඇවිත් තිබුනු කෙසෙල් කොටය පතුරු හැරි ඔහු ඒවා එකතු කර කොටුවක් වැනි යමක් නිර්මාණ කරන්ට විය....ඔය මොකක්ද අංකල් මීට පෙර මැවැනි දෙයක් දැක නොමැති මා ඇසුවෙමි. මේක තමයි. පෙරේත තටුව කියන්නෙ.....ඔහු එය ගොක්කොල වලින් සරසන්ට විය.......මාත් දැකල  තියෙනව අන්කල් මේවගෙ ඒව පාරවල් අයිනෙ දාල තියෙනව.....මා කීවිට.....මේව හැම තැනම දාන්නෙ නෑ. මේකට දොල තියල. පෙරේතයන්ට අඩගහනව. උන් ඒව කෑවට පස්සෙ....මේව ගිහින් දාන්නෙ තුම්මන් හන්දියකට හරි ගලාගෙන යන වතුරට හරි....පුතා දැකල තියෙන්නෙ තුම්මන්හන්දියක තිබුනු එකක්.....ඔහු පැහැදිලි කලේය.
               සියල්ල අවසන් කර ඔහු මගෙන් පොල්කටු පත්තු කර ගිනි කබලක් සාදන ලෙස දැන්වීය. සමහර දිනවල ආත් අම්මා ගේ පුරා සුවද දුම් අල්ලන්නේ මේලෙස බව මතක්වූ මට දැන් මෙයත් හදන්නෙ ඒවගේ දුම් අල්ලන්න වෙන්න ඇති.... කල්පනා කරමින් ගිනිකබල සකස් කලෙමි. මා එය ඔහු අතට දුන් පසු ගේ පුරා දුම් අල්ලනු වෙනුවට. ඔහු සෑදූ පුටුවටත් තටුවටත් දුම් අල්ලන්ට විය. පොල්තෙල් පහනක් පත්තු කර පුටුව මත තැබූ ඔහු හදුන් කූරු කිහිපයද පත්තු කර පුටුව මත එලා තිබුනු මල් අතර රැදෙව්වේය. මට කතා කර පැදුරක් දමා ඔහු අසල වාඩිවෙන ලෙස දන්වා පුටුව ඉස්සරහ තවත් පුටුවක් තබා එහි වාඩිවී....අතේ තිබුනු සුවද දුම් වලට මොනවාද සෙමින් මුමුනා දුම් කබලට දැමුවේය. ඉන් නිකුත්වූ දුම් පුටුවටත් මගේ ඇගටත් අල්ලන්ට විය. ඉන්පසු තබපතක් ආසනය මත තැබුවේය. මා හොදින් ඒ දෙස බැලුවෙමි. එහි මිනිස් රූපයක් ඇඳ මොනාවාද ලියා තිබුනි.....ඔහු ඒදෙස බලා මොනවාහෝ සෙමින් පවසන නිසා ඒ මොනවාදැයි ඇසීමට නොහැකිවිය.....ඔහු විටින් විට මටත් මෙම මල් පුටුවටත් දුම් අල්ලමින් මුමුනන්ට විය.......සුලු වේලාවකට මිමිනුම නතර කල ඔහු.......පුතා කොහාටවත් යන්න එපා මම මතුරන කොට මෙතැන තනිකරන්න හොද නෑ.....මා දෙස බලා කීවේය......මොකක්ද අන්කල් අර තඹ පත්‍රයේ ඇදල තියෙන්නෙ...... එම අවස්ථාවේදී ඇසුවෙමි.....ආ ඒද....ඒ තමයි පුතේ යක්ෂයා....ඔය යක්ෂයා තමයි පුතාගෙ ඇගට වැහිල ඉන්නෙ. පුතාට ඉගෙන ගන්න කම්මැලිත් ඔය යක්ශයා හින්ද තමයි. අද මම ඕකව පුතාගෙ ඇගෙන් එලියට අරන් පන්නනව.....පැවසූ ඔහු නැවත සෙමින් මුමුනන්ට විය......මේ අන්කල්ට පිස්සු...මගේ ඇගේ ඇති යකෙක් නෑ.....හැබැයි කවුරු හරි මට මොනවහරි කලොත්නම් මට යකා ආරූඩවෙනව. ඒ වෙලාවටනම් යකාට ඕනැ දේ තමා කරන්නෙ.....සමහර වෙලාවට මට කේන්ති යන බැවින් එසේ සිතුවෙමි.
           ආත්තම්මත් පිස්සු වැඩ කරනව. මේ අංකල්ගෙ බොරු වැඩවලට ආත්තම්මත් අහුවෙලා.....මට ආත්තම්මා ගැන අනුකම්පාවක්ද ඇතිවිය. ටික වෙලාවකින් ආත් අම්මාට කතාකල ඔහු......නෝන දැන් මේ තටුවට අවශ්‍ය දේවල් හදා ගන්න ඕනැ බත් ටිකයි එලවලුයි කැවිලි ටිකයි ලෑස්ති කරන්න.....කීවේය.....මමත් ගිහින් ඒවටික ලෑස්ති කරන්නද.....මා ඔහුගෙන් ඇසුවේ මට මෙතැන ඉදගෙන සිටීමට තිබුනු කම්මැලිකම නිසාය.....නෑ නෑ පුතා යන්න එපා....මෙතන තනිකලොත් ප්‍රශ්න ඇතිවෙනව.....ඔහු කීවේය....ඉතින් අන්කල් ඔතැන ඉන්නෙ....මා පැවසුවෙමි. මම ඉදල හරියන්නෙ නෑනෙ පුතේ මමනෙ මෙතැන මතුරන්නෙ.....මතුරන කෙනාගෙ ආරක්ෂාවට තමයි පුතාට ඉන්න කිව්වෙ....ඔහු කීවේය.....එහෙනම් අන්කල් මට මෙතැනින් යන්න එපා කියන්නෙ....අන්කල් මේ යකාට තියෙන බයට.....දැන් බලාගෙන යනකොට අන්කල් යක්කු එලවනව කිව්වට යක්කුන්ට බයනෙ.....මෙසේ සිතුනු මට එකවරම සිනහ පහල විය......මා අතින් මුව වසාගෙන අපහසුවෙන් සිනහව පාලනය කර ගත්තෙමි. ඔහු තවදුරටත් මතුරන්ට වූ අතර විටින් විට මගේ සිරුරටද දුම් ඇල්ලුවේය....මොන කරදරයක් ද මන්ද දුම් හින්ද හුස්ම ගන්නත් බෑ......මෙහෙම කලොත් නම් අන්කල් යකා එලියට ගන්න ඉස්සෙල්ල මගෙ යකා එලියට එයි වගේ.....ඒත් පිට මිනිහෙක් හින්ද එහෙම කරන්නත් බෑ කොහොමහරු ඌව හන්ගගෙන ඉන්නව.....මා කේන්තිය පාලනය කර ගිනිමින් කල්පනා කලෙමි.
                 ආත් අම්මා තටුවට අව්සය කලමනා සකස්කරගෙන පැමිනියාය.....ඔය බත් පිගාන තටුව මැදින් තියල එලවලු වෑන්ජන පිගානට බෙදන්න.....ඊලගට කැවිලි ටික ඔය තටුවෙ කොටුවල තියන්න.....මෙතෙක් වෙලා කම්මැලි කමේ සිටි මට වැඩක් බාර දීම ගැන සතුටින් එය කලෙමි.....හරි අන්කල්..කී මම..එහෙනම් මම යන්නද ඇසුවෙමි.....හා හා යන්න එපා තාම වැඩ ඉවර නෑ.....මෙතැනින් ඇවිත් වාඩිවෙන්න.....මොනව කරන්නද සිතූ මා කම්මැලි කමෙන් මෙන් පැදුරේ වාඩිවුනෙමි.....මැතුරුම නැවැත්වූ ඔහු මා දෙස බලා පුතාට කම්මැලිද ඇසුවේය.....මා කිසිවක් නොකියා සිනාසුනෙමි......පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකො පුතේ අන්තිමට තමයි හොද හොද දේවල් සිද්ද වෙන්නෙ....පැවසූ ඔහු....නැවත මැතුරුම පටන්ගත්තේය....මොකක්ද මේ අන්කල් කිව්වෙ.....අන්තිමට යක්කු පෙරේතයො ටික මෙතෙන්ට එයිද.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: