Monday, April 23, 2018

ආත් අම්මාගේ පාඩම 31.......................මගේ පන්තියේ ඉගෙනගන්නා ගැහැනු ලමුන් කිපදෙනෙක් සමඟ ළඟින් ඇසුරු කිරීමට ලැබුනත් එම ඇසුර පැවැත්වීමට හැකිවූවේ මා චතුරිකා ලෙස පමනි. නිවාඩු කාලය තුල මා හට කිසිම දිනක පිරිමියෙකු ලෙස හැසිරීමට නොහැකිවිය. මට නිතරම හැසිරීමට සිදුවූවේ නියම ගැහැනු ලමයෙකු ලෙසටය . ඇසුරු කිරීමට ලැබුනේද ගැහැණු ළමුන් පමනි. ගැහැනු ලමුන්ගේ ඇසුර නිසා එම ගැහැනු හැසිරීම් රටාව හොදින් හුරුවීමට හැකිවිය.  මේ නිසා මා මුලින් හිතුවාක් මෙන් දිනෙන් දින මගේ පිරිමි ජීවිතය අමතක උනාසේ දැනෙන්ට විය. මා නිමල් ලෙස නොපෙනෙන බැවින් මගේ පැරනි යහලුවන් මා ගැන කුමක් සිතනවාදැයි නොදනිමි. එහෙත් ඔවුන් සිතනවා ඇත්තේ මා දුර පලාතකට ගොස් ඇතැයි කියාය. නිවාඩුවෙන් පසු පාසැල් ගියවිට ඔවුන් මේ ගැන ප්‍රශ්න කරනබව මට සහතිකය. එයට පිලිතුරක් හදාගෙනම පාසැල් යෑමට සිතාගත්තෙමි.
               මෙම සති තුන තුල හොඳින් පාඩම් වැඩ කිරීමට හැකිවූ අතර. විටින් විට ආත් අම්මාටද උදවු කරමින් කුස්සියේ වැඩද ඉගෙනගත්තෙමි. ඉස්සර මගේ රෙදි ටිකවත් සෝදා නොගන්නා මා දැන් සමහර දිනවල ආත් අම්මාගේ රෙදිද සෝදා දුන්නෙමි.මේ නිසා චතුරිකා ලෙස මට ආත් අම්මාගේ ආදරය දිනා ගැනීමට හැකිවිය. මට මෙම ගතකරන ගැහැණු ජීවිතය කරදරයක්ලෙසෙ නොදැනීම විමතියට කරුනක් විය. එදා මා පිරිමි ලමයෙකු ලෙස සිතා සිටියේ ගැහැනු ළමුන් යනු අපිරිසිදු කිසිවක් නොදන්නා මෝඩ ජාතියක් ලෙසය. ඒ සියල්ල වැරදි බව තේරුම් ගැනීමට ලැබුනේ මාවත් ගැහැණු ලමයෙකු බවට පත්වී ගැහැණු ළමුන් අසුරු කිරීමට ලැබීමෙන් පසුය. වැඩිහිටි කාන්තාවක මසකට වරක් සිදුවන ක්‍රියාවලිය මෙම නිවාඩුකාලය තුල දීද විදීමට සිදුවිය. එහෙත් එය එතරම් විශාල කරදරයක් ලෙස නොදැනුනි...... ඇයි පිරිමි අය ගැහැණු ජාතිය පහත් කොට සලකන්නෙ.....එසේ සිතීම මහත් අසාධාරනයක් ලෙස මට සිතුනේ මා කලක් පිරිමියෙකු ලෙස ජීවත් වී ගැහැනු ලමයෙකු ලෙස වෙනස්වීමෙන් පසුවය.
                නිවාඩු කාලය අවසන්විය. පසු දින පාසැල් යෑමට නියමිතව තිබුනි. ලොන්ඩරියට දී තිබුනු මගේ පිරිමි පාසැල් නිල ඇදුම් ආත් අම්මා නැවත කාමරය තුල තැබුවාය. කලකින් හෙට දින මට නැවත පිරිමි කම ලැබෙන බව දැනගෙන නින්දට ගියෙමි.......මේ මන්තරේ හෙට ඉස්කෝලෙ පටන් ගන්නව කියල කොහොමද දන්නෙ නෑ දන්නෙ....ඒ කෙසේ වෙතත් මාව හෙට නිමල් වෙන බව මගේ විශ්වාසය විය.....පසුදින අවදිවිය.....සිතූ සේම උදෑසන හයවනවිට මගේ පෙරලිය සිදුවිය......මට කලින් තිබුනු පිරිමි ජීවිතය ලැබුනි.....කලින් මෙන් නොව අද දින මෙම වෙනස්වීම අමුත්තක් ලෙස දැනුනි. දිගට තිබුනු කොන්ඩය නැතිවීම අඩුවක් සේ දැනෙන්ට විය. පපු පෙදෙසේ විශාලව තිබුනු පියයුරු දෙක හිස්වීමද ඇඟෙන් කොටසක් අහිමිවූවාක් මෙන් දැනුනි .නැවත එලියට පැම්නි පුරුෂ ලිංගික පද්ධතිය  නිසා දින ගනනාවක් හිස්වතිබුනු ස්ථානයට බරක් මෙන් දැනෙන්ට විය.....මෙතෙක් කල් මට තිබුනු සුරු බුහුටි රූමත් සිරුර නැතිවීමගැන දුකක් ඇතිවිය.....මා වෙනදා මෙන් සාලුව ඉනේ ඔතාගෙන බාත් රූම් එකට ගොස් මුහුන සෝදාගත්තෙමි....දැන් මුත්‍රා කිරීම සදහා වාඩිවීමට අවශ්‍ය නොවන බව දැනගත්තත් පුරුද්දට මෙන් වාඩිවූවේ මෙතෙක් කල් ගැහැනු ලමයෙකු ලෙස එසේ වාඩිවීමට පුරුදු වීම නිසාය. ගැහැනු ඇදුම් පමනක් ඇද පුරුදු වූ මට කලිසම් කමිස ඇද සිටීම අමුත්තක් ලෙස දැනෙන්ට විය.මාව ගැහැනු ලමයක් බවට පත්වූ මුල් දින වලදීද ගැහැනු ඇදුම් ඇද සිටීම අමුත්තක් ලෙස දැනුනු බවත්. පියයුරු යුගල එල්ලීම කරදරයක් ලෙස දැනුනු  බවත් සිහිවිය. ඒ ලෙසම අද දින මාව නැවත පිරිමියෙකු ලෙස වෙනස්වීම අමුත්තක් ලෙස දැනෙන්ට විය.......ගැහැනු ලමයෙකුව සිටි මාව පිරිමියෙකු ලෙසට වෙනස්වූවාක් මෙන් දැනුනා මිස පිරිමියෙකුව සිටි මට නැවත පිරිමි බව ලැබුනාසේ නොදැනුනි......අපරාදෙ මාව නිමල් උනේ චතුරිකා වගේම හිටියනම් සුදු ගවුම ඇදගෙනනෙ ඉස්කෝලෙ යන්නෙ.....කල්පනා කල මට.....පාසැලේදී මාව හදුනන්නේ නිමල් ලෙසට බැවින් හැකියාව තිබුනත් එසේ කල නොහැකිබව තේරුනි. මේ සති කිහිපය ගැහැනු හැසිරීම් රටාවට හුරුවූ මට පාසැලේදීද පුරුද්දට මෙන් එසේ හැරෙන්ට වේවිදැයි බියක් ඇතිවිය.
              පාසැලේදී මාව හමුවූ රන්ජිත්......උබ කොහේද බන් ගිහින් හිටියෙ දකින්නවත් හිටියෙ නෑ නේද........මා සිතා සිටියාක් මෙන් ප්‍රශ්න කරන්ට විය.........කොත්මලේ මාමලගෙ ගෙදර ගිහින් හිටිය.....මා සිතා සිටි කතාව කීවෙමි......ඔවුන් ඊට වඩා කිසිවක් ඇසුවේ නැත.....එහෙත් මට ගැහැනු පුරුදු ඉස්මතුවේයැයි බියකින් පසුවූ අතර හැකිතරම් පිරිමියෙකු ලෙස සිටීමට උත්සාහ කලෙමි.
                ගෙදර ගිය පසු මාව නැවත චතුරිකා ලෙස වෙනස්වීම නිසා මගේ නිවැරදි ජීවිතය ලැබුනා සේ දැනෙන්ටවිය..නැවත ගැහැනු ඇදුම් ඇදගත් මා කැඩපත ඉදිරියට ගොස් හැඩබලන්ට වුනෙමි.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: