ආත් අම්මාගේ පාඩම 11...........................තදබල මුත්‍රා බරක් දැනුනි පොත් බෑගය ආපසු පුටුව උඩින් තැබූ මා වැසිකිලිය අසලට ගියෙමි. මුත්‍රා බර සමඟ බඩේ අපහසුවක්ද දැනුනු බවින් වැසිකිලිය තුලට ගොස් දොර වසාගත්තෙමි. සිප් එක ඇද කලිසම බුරුල්කරගත් මා එය ඉනෙන් පහලට කර වාඩිවීමට සැරසුනා පමණි මුලු සිරුර පුරා යම්කිසි වේදනාවක් දැනෙන්ට විය. හිස කැරකෙනවාක් මෙන් දැනුනි අසිහියෙන් මෙන් කලිසම පහත් කර වාඩිවුනෙමි. සුලු වේලාවක් මට කුමක් වූවාදැයි නොදැන සිටියෙමි. ක්‍රමයෙන් සිහිය එනවිට වටපිට බැලුවෙමි. ඉදගත් ආකාරයටම සිටිනබව දුටුවෙමි. මා වැසිකිලිය තුල ඇදවැටී නොසිටීම වාසනාවක් විය. ටිකෙන් ටික වේදනාවත් කලාන්ත ගතියත් පහවී යනබව දැනුනි. සෙමින් නැගිට කලිසම ඉන දක්වා ඉස්සුවෙමි. එහෙත් එය තට්ටම් පෙදෙසෙන් හිරවෙන බවක් දැනුනි.....මොකක්ද මේ කලිසමට වෙලා තියෙන්නෙ.....සිප් එකත් බුරුල්කරල තියෙද්දි මෙච්චර තද ඇයි.....සිතූ මා ඉතාමත් තදින් එය ඉහලට ඇද්දෙමි.....බ්‍රාස් යනුවෙන් කලිසමේ පිටුපස පැලෙනු දැනුනි....මා එය බලනු සදහා හිස පහත් කලෙමි. එවිට දිගු කොන්ඩයක් හිසෙන් පහතට වැටුනු බව දුටුවෙමි. නැවත හිස කෙලින් කරගත් මා හිස අතගෑවෙමි...අපෝ දෙයියනේ....ආයෙත් සැරයක් මගෙ කොන්ඩෙ වැවිල නේද.....දිගුවට වැවී තිබුනු කොඩය අතගාමින් කල්පනා කලෙමි.....පපුවට අතගියේ නිරායාසයෙනි. නැවත පියයුරු දෙක විශාල වී අතිබව දැනුනි.....ලිංගික පෙදෙස අතගානවිට දිගුවට තිබුනු පුරුෂ ලිංගයද අතුරුදහන් වී තිබුනි......මාව ආයෙත් සැරයක් කෙල්ලෙක් වෙලා නේද......දැන් මොකද කරන්නෙ....මට කිසිවක් සිතාගත .නොහැකිව ස්වල්ප වේලාවක් බලා සිටියෙමි.......දැන් ඉතින් මෙතැන ඉදල හරියන්නෙ නෑ...කලිසම ඇදගෙන එලියට යන්න ඕනැ.....සිතූ මා නැවත කලිසම ඉන දක්වා එසවීමට උත්සාහ කලෙමි. එය පැලුනු නිසාදෝ තරමක් දුරට උඩට එන බව දැනුනි......පිටුපස අතගානවිට මගේ තට්ටම් පෙදෙස ඊයෙටත් වඩා මහත් වී ඇතිබව දැනුනි......කොල්ලන්ගෙ වගේ නෙවෙයි කොල්ලන්ගෙ උකුල ලොකුයි. මටත් වෙලා තියෙන්නෙ ඒකම තමයි.....කල්පනාකල මා පිටුපස පැලුනු කලිසම යන්තම් රදවාගෙන කලිසම වැසෙන සේ කමිසය උඩින් දාගත්තෙමි.....මම දැන් මෙතැනින් එලියට යනකොට කොල්ලෙක් එහෙම දැක්කොත් හරි වැඩේ වෙන්නෙ....සිතට බියමුසු හැගීමක් ඇතිවිය. දොර තරමක් ඇර එලියට එබිකන් කර බැලුවෙමි. මගේ වාසනාවට කිසිවෙක් පෙනෙන්ට සිටියේ නැත....හෙමින් සීරුවේ එලියට පැමිනි මා ක්‍රීඩාගාරය දිසාවට පිය මැන්නෙමි.....වෙලාවට තවමත් යහලුවො ටික පැමින සිටියේ නැත.......දැන් මම ගැහැනු ළමයෙක් මම දන්නව මාව දකින කවුරුවත් මාව පිරිමි ලමයෙක් කියල පිලිගන්නෙ නැතිබව.ඒ හින්ද කොහොමද මේ විදියට කොල්ලො අදින පාසැල් නිල ඇදුම ඇදගෙන පාරෙ යන්නෙ. අනික කලිසමේ ඉරුනු තැන පේන්නෙ නැතුව තියාගන්නත් වෙනව....අර අක්ක කිව්ව ගවුම ඉල්ල ගත්තනම් ඇදගෙන යන්න තිබුන.....මා අක්කලා සෙල්ලම් කරන දෙස බලා කල්පනා කලෙමි.....මම කොහොමද එක පාරටම කොල්ලෙක් වගේ ඇදගෙන ගිහින් ඒ අක්කගෙන් ගවුමක් ඉල්ලන්නෙ....කෙල්ලන්ගෙ ඩ්‍රෙසින් රූම් එකේ මෙයාලගෙ ගවුන් ඇති ඒ එකක් ගත්තොත් ඇදගෙන යන්න පුලුවන්......සිතූ මා ඔවුන්ගේ ඇදුම් මාරුකරන කාමරය දෙසට සෙමින් පියමැන්නෙමි. වසා තිබුනු කාමරයේ දොර සෙමින් විවුර්ත කලෙමි....ඒ තුල සුදු පැහැති පාසැල් නිල ගවුන් කිහිපයක් තිබෙන බව දුටුවෙමි......මම මේ ගවුමක් ගත්තොත් ඒ අක්ක ගෙදර යන්න ඇදගෙන යන්නෙ මොකක්ද.....මට එකවරම සිහිපත් විය......මගෙ ප්‍රශ්නෙ විසඳගන්න ඒ අක්කව අමාරුවෙ දාන්න හොද නෑ සිතූ මා ආපසු හැරුනෙමි.....මේ විදියට කොහොම හරි යනව සිතාගත් මා පොත් බෑගය කරට ගෙන ඉක්මන් ගමනින් පාරට බැස්සෙමි..... වාසනාවට මේ වනවිට මගේ යහලුවන් කිසිවෙක් පැමින සිටියේ නැත.
මා කඩිනමින් යනවිට උකුල ප්‍රදේසය වැඩිපුර ගැස්සෙන බව දැනුනි. කෙල්ලන්ගෙ කොහොමත් ඇවිදින කොට වැඩිපුර ගැස්සෙනවනෙ මගෙත් දැන් ඒවගෙ ගැස්සෙනව ඇති......මා නිමල් ලෙස මෙලෙස ගස්සමින් ගමන් කරන ගැහැණු ලමුන් දෙස බලා කෙතරම් රසවිදින්න ඇත්ද....මම වින්ද ඒ රසය කොල්ලො මා දිහා බලල විදිනව ඇති.....සිතුනු මට ඒ ගැන ලැජ්ජාවක් හිතට දැනෙන්ට විය. මා උකුල නොපද්දා ගමන් කිරීමට උත්සාහ කලත් එය නවතා ගැනීමට අපහසු විය....මැදි වියේ කාන්තාවක් මා දෙස බලා සිනාසී.....දුව ඇයි මේ පිරිමි ලමයෙක් වගේ ඇදගෙන ඉස්කෝලෙ ගියෙ.. ....ඇසුවාය.....නෑ ඇන්ටි මම මේ....එහෙත් එතනින් එහා කීමට තරම් වචනයක් මගේ මුවින් පිට නොවුනි. ලැජ්ජාවට පත්වූ මා ඉක්මන් ගමනින් ඇය දෙස නොබලාම ඈත් වුනෙමි.....සමහරු මා දෙස අමුතු ආකාරයට බලන බව තේරුනත් මා බිම බලාගෙන ගමන් කලෙමි......මචන් කොල්ලෙක්ද කෙල්ලෙක්ද.. මා අසලින් ගමන් කරන පිරිමි ලමයෙක් ඔහුගේ මිතුරාට පවසනු ඇසුනි...කෙල්ලෙක් බව පේන්නෙ නැද්ද බන්...අනිකා පිලිතුරු දුන්නේය...මොකද දන්නෙ නෑ කොල්ලෙක් වගේ ඇදගෙන ඉන්නෙ....මුල් තැනැත්තා නැවත ප්‍රශ්න කරනු ඇසුනි.....කෙල්ලන්ට ඉතින් කොල්ලෙක් වගේ ඇන්ද කියල කවුරුවත් හිනාවෙන්නෙ නෑනෙ....කොල්ලෙක් ගවුමක් ඇදගෙන මෙහෙම ගියොත් ඌට ගල්වලින් ගහල මරයි.....එම පිලිතුරට අනිකා සිනාසෙනු ඇසුනි. ......මොකද දුවේ පිරිමි ලමයෙක්ගෙ ඇදුම් ඇදගෙන.....සුපුරුදු ගැහැනු කටහඩක් බැවින් මා ඇය දෙස බැලුවෙමි.ඇය අපිට විද්‍යාව උගන්වන රීටා මිස් විය.....ටීච මාව අදුන ගත්තද දන්නෙ නෑ......මට එකවරටම බියක් ඇතිවිය.....ඔයා අපේ ඉස්කොලෙ ලමයෙක් නේද ....ඇය මගේ මුහුන දෙස බලා ඇසුවාය....ඔව් යනුවෙන් හිසෙන් පිලිතුරු දුන්නෙමි.....මොකද මේ පිරිමි ලමයෙකුගෙ ඇදුමක් ඇදගෙන.....ඇය නැවත ප්‍රශ්නකලාය.....මාව වැටිල ගවුමෙ හැම තැනම මඩ ගෑවුනා සායත් ඉරුන.....ලග හිටිය අයිය කෙනෙක් එයාගෙ මේ ඇදුම දුන්න ඇදගෙන යන්න කියල....ඉතින් ඒ ලමය ඇදගෙන ගියෙ මොකක්ද.....එයා ස්පෝර්ට් ඇඳුම පිටින් ගෙදර යනව කිව්ව......මේ ප්‍රභන්දය මගේ සිතට කෙසේ ආවාදැයි මා නොදන්නෙමි......හරි කමක් නෑ පරිස්සමින් යන්න දුව.....පැවසුවාය.
මා සියල්ලන්ගෙන්ම බේරෙමින් වත්තට අතුලු වුනු විට සිතට සහනයක් ඇතිවිය.....ඇති යන්තම්....දිගු සුසුමක් පිටකල මා ගෙට ගොඩවුනෙමි.......ආ ආවද....ආත් අම්මාගේ කටහඬ ඇසුනි.....මා ඇයව ගනනකට නොගෙන ඉක්මනින් කාමරයට ගියෙමි......ඇද සිටි ඉරුනු කලිසම ගලවා වෙන කලිසමක් ඇදීමට සූදානම් වූ මට මගේ ඇදුම් කිසිවක් නොමැති බව දැක ගැනීමට ලැබුනි......මා ඉක්මනින් ආත් අම්මා සොයාගෙන ගියෙමි......ආත්තම්මෙ කෝ මගෙ ඇදුම් ටික.....කලබලයෙන් ඇසුවෙමි.....කාමරේ ඇති ලමයො ඕව කවුරු ගෙනියන්ද.....ඇය පිලිතුරු දුන්නාය....එක ඇදුමක්වත් නෑ.....මා කීවෙමි.....වෙන්න බෑ යමු බලන්න....ඇය කලබලයෙන් යුක්තව මට පෙර මගේ කාමරය දෙසට යන්ට විය.......
No comments:
Post a Comment