ආත් අම්මාගේ පාඩම 1............ මගේ මෑනියන් සහ පියා හදිසි අනතුරකින් මිය ගියේ මට වයස දහයේදීය. මට සහෝදර සහෝදරියන් කිසිවෙකුත් නොමැත. එදා සිට මාව බලාගත්තේ මගේ ආත් අම්මාය. ආත් අම්මාට වතුපිටි ඉඩකඩම් තිබෙන බැවින් එතරම් ගැටලුවක් නොතිබුනි. ඇයට උවමනාව වී ඇත්තේ මට හොදින් උගන්වා ලොකු තැනකට ගැනීමටය. එහෙත් මට එය වදයක් විය. මගේ ආශාව යහලුවන් සමග සෙල්ලමින් දවස ගතකිරීමටය. මේ නිසා මා ආත් අම්මාගෙන් බැනුම් ඇසූ වාර අනන්ත විය. එහෙත් මා ඒවා එතරම් ගනන්ගත්තේ නැත.
දැන් මගේ වයස පහලව පැන ඇත. පාසැල ඇරුනු පසුද පැය කිහිපයක් සෙල්ලම් කරමින් සිට ගෙදර පැමිනෙන විට පරක්කු වීම පුරුද්දකට ගොස් තිබුනි....බලනව දැන් වෙලාව කීයද කියල ...ඔහොම සෙල්ලමින් කාලෙ ගෙවල හරියනවද ළමයො. දැන් ආන්ඩුවෙ විභාගෙත් කිට්ටු නේද...පාඩම් කරන්නෙ නැද්ද...ඇය දිනපතා නොයෙක් ආකාරයට මට අවවාද දුන්නත් සැරකලත් මා ඒ කිසිවක් ගනන් ගත්තේ නැත......මම කියන ඒවනෙ ගනන් ගන්නෙ නැත්තෙ....හිටපන්කො මම උඹට හොද පාඩමක් උගන්වන්න.....දිනක් ඇය තදින් කියා සිටියාය.....මොනව උගන්වන්නද ආත් අම්මෙ.....මා ඇයට කීවෙමි.....මම ඒක වෙලාවට උගන්වන්නම්......ඇය කේන්තියෙන් කීවාය.
දින කිහිපයක් ගතවිය.....පුතේ හෙට කොහේවත් යන්න එපා අපේ ගේ ආරක්ශා කරන්න කට්ටඩි මහත්තයෙක් එනව......හෙට සෙනසුරාද හින්ද ඉස්කෝලත් නෑනෙ......ඇය මට වෙනදා නොමැති ආදරයකින් පැවසුවාය......හෙට යහලුයො සමග සෙල්ලම් කිරීමට නොහැකි වුවද.....කට්ටඩි මහතා කරන දේවල් බලා ගැනීමට මගේ ලොකු ආශාවක් ඇතිවිය.....හෙට කොයි වෙලාවටද ආත් අම්මෙ...කට්ටඩි මහත්තය එන්නෙ....මා ඇසුවෙමි.....හෙට නවය වෙනකොට එනව කිව්ව....අද මම එයාට උවමනා බඩුටිකත් ගෙනාව.....මා පාසැල් ගිය පසු එයට අවශ්‍යය බඩුද ගෙනවිත් තිබුනි.....හෙට මේ මනුස්සය මොනවද දන්නෙ නෑ කරන්නෙ.....ආත්තම්ම ගෙනවිත් තිබුනු ගොක්කොල අතු දෙස බලමින් කල්පනා කලමි. මා මින් පෙර මෙවැනි දෙයක් දැක තිබුනේ නැත......පුතේ හෙට කට්ටඩි මහත්තය ආපුවහම එයාට උදවු වෙන්න ඕනැ.....කොහේවත් එහෙම යන්න එපා....ඇය කීවිට......හා ආත් අම්මෙ හෙට මම කොහේවත් යන්නෙ නෑ.....හොද පුතා.....කාලෙකින් මගෙ වචනයක් ඇහුවෙ....සිනාසී මගේ හිස අතගෑවාය.....
පසු දින උදෑසන වාහනයක් පැමින අපේ නිවස ඉදිරිපිට නවතනු දුටුවෙමි. මා එය දෙස බලන විට සුදු සරමකින් සහ කමිසයකින් සැරසුනු ආත්තම්මා තරම් වයස ඇති පුද්ගලයෙක් වාහනයෙන් බැස්සේය. මා ඔහු අසලට ගියෙමි. මෙයාද පුතා. මා දෙස බලා ආත්තම්මගෙන් ඇසුවේය......ඔව් කට්ටඩි මහත්තයො.....මම පුතාට කිව්ව කොහේවත් යන්නෙ නැතුව.....කට්ටඩි මහත්තයගෙ වැඩ වලට උදවුවෙන්න කියල......ඔව් ඔව් ගෙයක් ආරක්ශා කරන එක ලේසි වැඩක් නෙවෙයි ගොඩක් වැඩ තියෙනව.....පුතා මට උදවු කරන්න ඕනැ.....ඔහු මා දෙස බලා සිනාසී පැවසුවේය......මම කොහේවත් යන්නෙ නෑ අන්කල් මම අද ගෙදර ඉන්නෙ....ඕනැ දෙයක් තියෙනවනම් කරන්නම්.....මා කීවෙමි.....පුතේ මේ බඩුටික ගන්න.....ඔහු පාර්සල් කිහිපයක් මගේ අතට දුන්නේය.....මා ඒවා ගෙනගොස් සාලයේ මේසය මත තැබුවෙමි.....පුතේ මට ලී පුටුවක් ගෙනත් දෙන්න....ඔහු මගෙන් ඉල්ලා සිටියේය......මා ඇදි පුටුවක් ගෙනත් දුන්නෙමි....මේක හරියන්නෙ නෑ.....ඇදි නැති සාමාන්‍යය එකක් ගෙන්න.....ඔහු මට කීවේය....... මා පුටුව ගෙනත් දුන් පසු එය සාලයේ මැද තැබුවේය.....ඔහු කෙසෙල් කොල කපමින් ඒ මත ඇතුරුවේය. පුවක් මල් කිනිති කිහිපයක් ඒ මත තබා......පුටු ඇන්දේද පුවක් මල් එල්ලන්ට විය.....පුතේ පාට පහකින් මල් ටිකක් කඩාගෙන එන්න ඔහු කීවේය. මා හබරල කොලයකින් ගොට්ටක් හදාගෙන මල් කඩන්න උනෙමි....සුදු මල් හරි රතු මලුත් හරි කහ මලුත් තියෙනව.......නිල් මල් තමයි..... ගැටලුව.....මා කල්පනා කලෙමි.....අල්ලපු ගෙදර නිල්මල් ඇති බව සිහිපත්වූ මා ඒවා කඩා ගැනීමට ගියෙමි......ආ මේ නිමල් පුතානෙ.....අද කවදාවත් නැතුව පන්සල් යන්න වගේ.......මාව දුටු රූපා ඇන්ටී.....සිනාසෙමින් කීවාය.....නෑ ඇන්ටි මේ ආත්තම්මට ඕනැ කිව්ව.....මා වෙන දිනවල පන්සල් පලාතේ නොයන නිසා ලැජ්ජාවෙන් කීවෙමි....නිල් මල් කිහිපයක් කඩාගත් මා.....අනිත් පාට මොකක්ද.....කල්පනා කරන්ට වුනෙමි.......අන්කල් පාට හතරකින්නම් කැඩුව අනිත් පාට මොකක්ද ....මල් ටික ඔහුට පෙන්වා ඇසුවෙමි......ඇයි දරුවො රෝසපාට තියෙන්නෙ.....මට එය මතක් වූවේ ඔහු කීවිටය....අන්කල් අපේ රෝස ගහේනම් මලක් තියෙනව.....ඒක කඩාගෙන එන්නම්.......ආත්තම්මා කිසිම දිනක රෝසමල් පූජා නොකරන බව සිහිවූ මා ඇසුවෙමි......
No comments:
Post a Comment