Sunday, April 1, 2018

පරම්පරාව 4...........මා වාඩිගෙන සිටියදීම පනාව ගෙන මගේ දිගු කොන්ඩය පීරීමට පටන්ගත්තාය. කොහේද ඉතින් පාඩම මිසක් කොන්ඩෙවත් පීරගන්න වෙලාවක් තියෙනවයෑ........කී ඇය පැටලුනු කෙස්ගස් පනාවෙන් අදිමින් කඩන්ට වූවාය. සමහර කෙස්ගස් හිසෙන් ඇදීම නිසා වේදනාවක් ඇතිවිය.....ඌයි...මා හිස අල්ලා කීවෙමි.....මේ අවුල් උන ඒව දැම්ම කඩාගත්තෙ නැත්නම් අමාරුවෙනව.....කී ඇය නැවත පීරන්ට විය.....ඇය මගේ කොන්ඩය තුනට බෙදා ගොතන බව දැනුනි......එය ගොතා කෙලවර රිබන් පටියකින් ගැටගසා .......දවල් වෙන්න ඉස්සෙල්ල කන්න එන්න පවසා මා අසලින් ඉවත්ව ගියාය.  ගෙතූ කොන්ඩය පපුව ඉදිරියට ගෙන පරීක්ෂා කරන්ට වුනෙමි. එය ලස්සනට ගොතා තිබුනි....කෙල්ලෙක් උනාම මේවගේ දිග කොන්ඩයක් තියෙන්න ඕනෑ....මා එය සෙමින් පිරිමදිමින් කල්පනා කලෙමි....
             උදෑසන කෑමගත් අයියලා වැඩට යන්ට විය....මා නැවත පාඩම් කිරීමට වාඩිවුනෙමි......මම කොච්චර පාඩම් කලත්......ඉස්කෝලෙ මගෙ නම තියෙන්නෙ පිරිමි ලමයෙක් විදියටනෙ. මම කොහොමද එහෙට ගිහින් කියන්නෙ මම දැන් පිරිමි ලමයෙක් නෙවෙයි ගැහැනු ලමයෙක් කියල......මගේ නමත් පොත්වල ලියල තියෙන්නෙ සචිනි කියල ඒත් ඉස්කෝලෙ ලියවෙලා තියෙන්නෙ සචින් සෙවුවන්ද කියලනෙ.....සචිනි කියල කෙල්ලෙක් අපේ පන්තියෙ ඇත්තෙත් නෑ.....මා තවදුරටත් කල්පනා කලෙමි......දුව හෙට ඉස්කෝලෙට අදින්න මම ඔයාගෙ සුදු ගවුම මැද්ද......ඇය සුදු ගවුමක් අතේ තබාගෙන ගොස් රාක්කයේ එල්ලා ඒ අසලින් පාසැල් ටයි පටියද තැබුවාය.....ඇය ගිය පසු මා එම ගවුම අල්ලා බැලුවෙමි....එහි තිබුනේ අපේ පාසැල් සලකුනම වූ අතර ටයි පටියද පාසැලේ ගැහැනු ලමුන් පාවිච්චි කරන එකම විය.....අම්මට මේ ගවුමයි ටයි එකයි හම්බවුනේ කොහෙන්ද මන්ද. මෙච්චර කාලයක් මම ඇන්දෙ සුදු දිග කලිසමයි කමිසයයි නේ.....මගෙ අනිත් ගවුන් හම්බවුනා වගේ මේකත් හම්බවෙන්න ඇති....අවසානයේ සිතන්ට වුනෙමි. ගැහැනු ලමුන් අදින සුදු සපත්තු දෙක සහ හෝදා වේලී තිබුනු මේස් දෙකද ඇය මගේ කාමරයෙන් ගෙනත් තැබුවාය......ඔක්කොම ගැහැනු ඒවනෙ තියෙන්නෙ පිරිමියෙක් කියල තිබුනු කිසිදෙයක් මට දැන් නැද්ද. මා මගේ බඩුමුට්ටු තබා තිබුනු ලාච්චුව ඇර බැලුවෙමි...පුදුමයකි ....මා මෙහි දමා තිබුනු පිරිමියෙකුට අවශ්‍යය කිසිම දෙයක් නෑ වගේ මා ඒවා අවුස්සා බැලුවෙමි. එහි තිබුනේ....කොන්ඩ කටු නූල් බෝල බොත්තම්.....නොයෙක් වර්ගයේ මාල වලලු......රිබන් පටි යන ගැහැනු ලමුන්ට අවශ්‍යය් දේවල් පමනි.....මගේ පරන ඒවට මොකද උනේ.....මා පුදුමයෙන් කල්පනා කලෙමි. දුව දැම්ම නා ගන්න......හවස්වෙනකොට කොන්ඩෙ වේලෙන්නෙ නෑ....අම්මාගේ කටහඩ ඇසුනි......මින් පෙරද...පාසැල් ඇරී ගෙදරට පැමිනි විගස නාගනීමේ පුරුද්දක් තිබුනි. අම්මා එයට කොන්ඩය වේලෙන්නෙ නැති බව එකතු කර කතා කලේ මා දැන් ගැහැනු ලමයෙකු නිසාය.
             නාන කාමරයට ගොස් දොර වසා ගත් මා ඇදසිටි ඇදුන් ඉවත්කලෙමි.....ගහැනු සිරුරකට උරුමකම් කී මගේ නග්න දේහය නැවත නරබන්ට උනෙමි....මේ වනවිට උදෑසන තිබුනු ලජ්ජාසහගත බව තරමක් දුරට අඩුවී තිබුනි  . විශාල වී තිබුනු පියයුරු තුඩු ඇගිලි වලින් ස්පර්ශ කලෙමි....පිරිමියෙකුගේ මෙන් නොව ඒවා ඊට වඩා සන්වේදී බවක් ඇති බව දැනුනි. මා ඒවායේ හැඩ බලමින් සෙමින් අත ගෑවෙමි...පෙර තිබුනු රලු සිරුර වෙනුවට සම ඉතාමත් තුනීවී පැහැපත් වී ඇතිබව උදේට වඩා හොදින් පෙනෙන්ට විය. .හිසට ජල පහර අල්ලා දිගු කොන්ඩය දිගේ ගලායන ජල ධාරාව දෙස බලමින් සතුටු වුනෙමි  වෙනාදාට වඩා ජලයේ සිසිල් බවක් දැනෙන්ට විය මොකද මන්ද අද වතුර හරි සීතලයි වගේ....මා ගැටලු සහගතව කල්පනා කලෙමි . කකුල් අතර තිබුනු හිස් බව සෙමින් අත ගෑවෙමි. පෙර මෙන් නොව එහි යම් සැහල්ලු බවක් දැනුනි......පෙර තිබුනු පපු පෙදෙසේ සැහැල්ලු බව නැති වී පියයුරු දෙකක් එල්ලෙමින් තිබෙන අතර....පුරුෂ ලිංගික පද්ධතිය  නොමැති වීමෙන් පපු පෙදෙසේ තිබුනු එම සහැල්ලු බව දෙකකුල් අතරට ගොස් තිබුනි..............කොයි එකද වඩා හොද ඊයෙ වෙනකන් තිබුන පිරිමි ශරීරෙද...... දැන් තියෙන ගැහැනු ශරීරෙද......... මා සන්සන්දාත්මකව කල්පනා කරන්ට වුනෙමි........... ඒත් දැන්ම ඒක තේරුම් ගන්න බැරිවෙයි තව ටික දවසක් ඉදල බලනව.....මා කල්පනා කලෙමි.
                 මට පසුදින පාසැල් යෑමට සිදුවිය. මා ගැහැනු ලමයෙකු ලෙස එහියනවිට කුමක් සිදුවේවිද....සිතමින් පාසැල් නිල ගවුම ඇදගත්තෙමි....අම්මා ටයි එක ගෙලේ ගැට ගසා මගේ කොන්ඩයද කැරලි දෙකකට බෙදා අගිස්ස රතු රිබන් පටිවලින් ගැටගැසුවාය. පොත් බෑගය කරේ එල්ලා ගත්තෙමි....මේ වනවිට පොත් බෑගයේ හැඩයද කාන්තා පොත් බෑගයකට සමාන වී තිබුනි. මා වෙනදා මෙන් කිසි වෙනසක් නොමැතිව අම්මාට සහ තාත්තාට වැද අයියලා දෙදෙනාටත් වැද පාසැල් යෑමට පිටත් වුනෙමි.....මා යනවිට තාත්තා මා දෙස බලා වෙනදා නොමැති අමුතු සිනහවක් පලකරනු දුටුවෙමි.....මොකද දන්නෙ නෑ තාත්ත අද අමුතු විදියට හිනාවුනේ...මා කල්පනා කලෙමි......අපේ පාසැල පිහිටා තිබුනේ ගෙදරට කිට්ටුව බැවින්  මා පාසැල් ගියේ පයින්ය.......එදා මා එසේ ගියේ පිරිමි ලමයෙක් ලෙසය එහෙත් අද යෑම්ට සිදුවී ඇත්තේ ගැහැනු ලමයෙක් ලෙසය.....මා පියවර තබන වාරයක් පාසා මගේ උකුල පෙදෙස වෙනදාට වඩා වැඩිපුර  පැද්දෙන බව තේරුනි.....මා එම පැද්දීම නවත්වා වෙනදා මෙන් කෙලින් යෑමට උත්සාහ කලත් කෙසේවත් නොහැකිවිය......ගැහැනු වුනාම ඇවිදින කොට උකුල වැඩිපුර ගැස්සෙනව තමයි මටත් ඒකම තමා දැන් වෙලා තියෙන්නෙ......මාත් දැන් ගැහැනු ලමයෙක් හින්ද ඔහේ ඕනැ තරම් පැද්දුනාවෙ.....මා උකුල නිදහසේ පැද්දීමට ඉඩදී ගමන් කලෙමි.....ටික දුරක් ගමන් ගමන්කලවිට ....එකවරම......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: