Monday, April 16, 2018

ආත් අම්මාගේ පාඩම 22....................ඉරු දින පාන්දර මා ඇද සිටි නයිට් ගවුම ඉවත්කර සතියේ දිනවල මෙන් මාව නිමල් බවට පත්වේ යයි සිතමින් ඇදේම සිටියෙමි. හය පසුවුනත් වෙනසක් සිදු නොවූ බැවින් නැවත ගැහැණු ඇදුම් ඇඳගෙන නාන කාමරයට ගියෙමි......මම කොහොම හිතුවත් ඉස්කෝලෙ නිවාඩු දාට මාව නිමල් වෙන්නෙ නෑ....සිතමින් මුහුන සෝදාගෙන කුස්සිය දෙසට ගියෙමි........දැන් කොහොමද දුවේ කරාබු දෙක.....තාමත් අපහසුවක් දැනෙනවද.....මා කරාබු දෙකක් පැලඳගෙන සිටිනබව සිහිවූවේ.......ආත් අම්මා එසේ ඇසූවිටය.....දැන් ගානක් නෑ ආත් අම්මෙ......මා එසේ කීවේ කරාබු වලට නොපුරුදු බැවින් පැලදූ අලුත අමුත්තක් දැනුනද දැන් තිබෙන බවක්වත් නොදැනෙන නිසාය....මොනවද ආත් අම්මෙ උදේට හදන්නෙ.....මා ඇසුවෙමි.....රොටියක් පුච්චන්න හැදුවෙ දුවේ.....ඇය පිලිතුරු දුන්නාය.....අනේ ආත් අම්මේ මටත් කියාදෙන්නකෝ.....මා ආත් අම්මා පිටි අනන දෙසට ගොස් ඇසුවෙමි...ඇය පිටි අනන ආකාරය කියා දෙන්ට විය.......ඔයා දැන් ගැහැනු ලමයෙක් හින්ද මේව ඉගෙන ගන්න ඕනැනෙ......අවසානයේ ආත් අම්මා කීවාය......ආත් අම්ම හදන්නෙ මාව සදහටම ගැහැනු ළමයෙක් කරන්නද.....මා ඇසුවෙමි.....අපෝ නෑ දුවේ ලබන අවුරුද්දෙ විභාගෙ පාස්වුන ගමන් ඔයා ආයෙත් නිමල් වෙනව....කොල්ලෙක් උනා කියල මේව ඉගෙනගත්තට අහක යන්නෙ නෑනෙ......ඇය පවසන්ට වූවාය.
             උදෑසන ආහාරයෙන් පසු මා පාසැල් වැඩ කිරීමට පටන් ගත්තෙමි......උදෑසන දහය පමන වනවිට ආත් අම්මා තේ කෝප්පයක් පිලියෙල කරගෙන මා අසලට ආවාය......ඇයි ආත්තම්මෙ මෙහාට ගෙනාවෙ මට කතා කලානම් එනවනෙ.....මා කීවෙමි......දුව පාඩම් කරන හින්ද ඒකට භාධාකරන්න හොද නෑනෙ.....ආත් අම්මා පිලිතුරු දුන්නාය.
                ඉස්සර ආත් අම්මා මට තේ එක ලගට ගෙනත් දෙනවා තබා හදන තේ එකත් බීමට කතා කලේ තරහෙන් පිපිරෙමිනි.....තෝ මම කියන දේ අහන්නෙ නෑනෙ.....මෙන්න මේක බීල යන දිල්ලියක පල.....මට කතාකලේ මෙලෙසය.....මූව මගෙ ඇහැට නොපෙනි මක බෑවිලාවත් යන්නෙ නෑනෙ.....සමහර දිනවල  ආත් අම්මා මට පාවිච්චි කල වචන විය.....ඇය නිතර මට ආමන්ත්‍රනය කල වචන මාලාවේ....තෝ, පල,පින්ගුත්තරය....වැනි අශෝබන වචන බොහෝ තිබුනි.....ඇය කෙසේ කතා කලත් මට එම පුරුදු කිසිවක් අඩු කිරීමට උවමනාවක් තිබුනේ නැත. මා ගැහැණු ලමයෙකු බවට පත්වූ පසු ආත් අම්මාගේ මේ වාග්මාලාවේ එම වචන මෙතෙක් ඇසුනේ නැත....ඇය මට නිතර දුවේ යනුවෙන් ආමන්ත්‍රනය කරන්නේ ඉතාමත් සෙනෙහසෙන් ආදරයෙන් යුතුව බව පෙනෙන්ට තිබුනි....මම ඒදවස් වල කරපු විකාර වැඩවලට ආත් අම්ම මට ඒවිදියටවත් සලකපු එක ලොකු දෙයක් ගෙදරින් ගහල පන්නන්නෙ නැතුව....මේව ඔක්කොම මගේම වැරදි.....දැන් තමයි ඒව තේරෙන්නෙ...මා කල්පනා කරමින් තේ එක පානය කලෙමි.
                 ටික වේලාවක් පාඩම් කල මා කුස්සිය දෙසට ගියේ ආත් අම්මාට උයන්න උදවු කිරීම සදහාය. ....ආත් අම්මෙ පොල්ටිකක් ගාල දෙන්නද......මා ඇසුවෙමි......අනේ දුවේ දූගෙ වැඩවලට පාඩුවෙනවනෙ....ගිහින් පාඩම් කරන්නකෝ....මම උයල කතාකරන්නම්.....ඇය පවසන්ට වූවාය......දිගටම පාඩම් කරන්න බෑනෙ ආත්තම්මෙ.....පොඩ්ඩක් නිදහසකුත් ඕනැනෙ....මා පැවසූ විට.....සිනාසූ ඇය පොල් ගෙඩියක් බිඳ දුන්නාය....මා හිරනනය මත වාඩිවෙන ආකාරය බලා සිටි ඇය....ඔන්න ඔහොම තමයි ගැහැනු ලමයි වාඩිවෙන්න ඕනැ.....කොල්ලො වගේ කකුල් දෙක දෙපැත්තට දාල ඉන්නකොට කැතයි....දුවට ඊයෙ වගේ ටිකක් අඩන්න ඕනැද.....මා පොල් ගා අව්සන් වූ පසු ආත් අම්මා ලූනු ගෙඩි ටිකක් දී කීවාය.....අම්මෝ ආත් අම්මෙ ඕව සැරයිනේ අදත් ඇස් දෙක දන්න ගනියි.....මා කීවෙමි. පුරුදු වෙන්නත් එක්ක ගෙඩි දෙක තුනක් හරි ලෙලි ගහන්න.....ඇය පැවසූ නිසා ඇස් දෙකට දුරින් අල්ලාගෙන ගිඩි කිහිපයක් ලෙලිගැහුවෙමි.....දනව අනේ.....මා බේරෙන කදුලු ගවුමේ සායෙන් පිස දමමින් කීවෙමි.....හරි ඔය ඇති දුව ඇස් දෙක හෝදගෙන ගිහින් පාඩම් කරන්න.....ඇය කීවාය.....දැන් නාලම පාඩම් කරනව ආත්තම්මෙ උදේට  නෑවහම හොදට කොන්ඩෙ වේලෙනව....මා දිගු කොන්ඩය පපුව මතට ගෙන අතගාමින් කීවෙමි.
            දහවල් ආහාරයෙන් පසු පාඩම් කරන විට මගේ කාමරයට පැමිනි ආත් අම්මා...ඇදුම් රාක්කයේ තිබුනු කලිසම් දෙක සහ කමිස දෙක අතට ගන්නා අතර තුර.....හෙට ඉස්කෝලෙනෙ දුවේ.....නිමල් පුතාගෙ ඇදුම් ටික මැදල තියන්න ඕනැනෙ.....මද සිනහවකින් යුතුව පැවසූ ඇය කාමරයෙන් පිටවූවාය.....කාලයකට පසු නිමල් පුතා යනුවෙන් ඇසුවේ අද දිනයේදීය. එහෙත් මට නොව හෙට පාසැල් යෑමට සිටින නිමල්ටය.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: