ආත් අම්මාගේ පාඩම 23...............අද නිදාගන්න ඉස්සෙල්ල ඔය කරාබු දෙක ගලවල තියල නිදාගන්න දුවේ.....මා රාත්රී නින්දට යෑමට සූදානම් වනවිට ආත් අම්මා කීවාය......ඒ මොකද ආත්තම්මෙ ගැහැණු ළමයි රෑට කරාබු ගලවලද නිදාගන්නෙ.....මා ප්රශ්න කලෙමි........ගැනු ළමයි ගලවල නෙවෙයි නිදාගන්නෙ ඒවුනාට ඔයා ගලවල තියල නිදාගන්න.....ඒ මොකද මට විතරක්.....පුදුමයට පත්වූ මා ඇසුවෙමි.....ඔයා හෙට පිරිමි ලමයෙක් වෙනකොට ඔය කරාබුදෙක කනේ තිබුනොත් ඒකත් එක්කම පිරිමි ලමයෙක් වෙයි. ඒක ගැලෙව්වත් කන් සිදුර එහෙමම තියෙන්න පුලුවන්. පිරිමි උනාම ඒක හොද නෑනෙ.....ඇය පැහැදිලි කරන්ට වූවාය.....ඒකත් ඇත්ත ආත් අම්මෙ .....කී මම.....එහෙනම් ආත් අම්මම මේක ගලවන්නකො......මා ඒවා ගැලවීමට නොදන්නා නිසා ඇයගෙන් ඉල්ලා සිටියෙමි.....ඒවා ගැලවූ ඇය මගේ අතට දී.....මේ දෙක පරිස්සන් කරල ගෙනාපු පෙට්ටියට දාන්න....හෙට හවසට ආයෙත් දාගන්න ඕනැනෙ.....කීවාය. මා එය රැගෙන ගොස් පෙට්ටියට දමා නයිට් ගවුම ඇදගෙන නින්දට ගියෙමි.
උදෑසන අවදිවූ මා නිමල් බවට පත් වනවිට සිරුර මහත් වී ශක්තිමත් වන නිසා එයට ඉඩ ලබාදීම සදහා නයිට් ගවුම ගලවා ඇදේම ඇලවී සිටියෙමි. මුල් දිනවල මෙන් නොව දැන් මගේ වෙනස සිදුවන විට එතරම් වේදනාවක් හෝ සිහි විකල්වීමක් සිදු නොවන බව පෙනෙන්ට තිබුනි. දින දෙකහමාරකින් පමන පසු නැවත නිමල් බවට පත්වූ මා සුපුරුදු ලෙස සාලුව ඇදගෙන නාන කාමරයට ගියෙමි.
ඊයේ මැද සකසා තිබුනු පිරිමි පාසැල් නිල ඇඳුම් කට්ටලය ඇදගත් මා නිමල් ලෙස පාසැල වෙත පිය මැන්නෙමි. වෙනදා මෙන් නොව මගේ යහලුවන් මාව නොදැක්කා මෙන් සිටීමෙන් ඔවුන් මගෙන් ඈත්වෙන බව තේරුනි.......ආ මචන් නිමල්....රන්ජිත් පමනක් එසේ කතා කලේය......යහලුවන්ගෙන් ඈත්වුනු මට පන්තියේ තනිවූවාසේ දැනෙන්ට විය.....හොදින් වැඩකරන අපි වැනි දඟවැඩ නොකරන පිරිමි ලමුන්ද අපේ පන්තියේ සිටියත් ඉස්සර මා ඔවුන්ව ගනන් නොගැනීම නිසා දැන් ඔවුන්ව ඇසුරු කිරීමට නොහැකිවී ඇත. එහෙත් මට දැන් මේවා ඉවසා දරාගෙන සිටීමට සිදුවී ඇත.
දිනපතා සවසට ගැහැණු ලමයෙක් ලෙස පරිවර්තනය වන මා උදේ වරුවට පමනක් නිමල් ලෙස සිටීමට සිදුවිය....දිනෙන් දින මා මේ ජීවිතයට හුරුවන්ට වුනෙමි......දිනක් පාසල් විවේක කාලයෙදී මා අසලට පැමිනි රන්ජිත්......මචන් අද හොදට හුළඟ තියෙනව පිට්ටනිය ගාවට ගියොත් අපිට හොද සොමියක් ගන්න පුලුවන්....පැවසුවේය....... මොකටද සරුංගල් අරින්නද.....ඔහු කතාකල ඇත්ත කාරනාව දැන හිටියත් නොදන්නා සේ එසේ ඇසුවෙමි.....ඇයි බන් උඹමනෙ අපිවත් ඇදගෙන කෙල්ලගෙ ගවුන් ඉස්සෙනව බලන්න යමුකියල යන්නෙ....ඔහු නෝක්කඩු ස්වරූපයෙන් කියන්ට විය. මෙවැනි සුලග ඇති දිනවල අපි පිට්ටනිය අසලට ගොස් ගැහැනු ලමුන්ගේ සායවල් ඉස්සෙන අයුරු බලා සිට ඔවුන්ට විහිලු කල අයුරු සිහිවිය.....එවැනි අවස්ථාවලදී ඔවුන් දෑත් වලින් ඒවා ඉස්සීම වැලැක්වීම සදහා බොහෝ වෙහෙසක් දරන බව දුටුවෙමි. මාත් දැන් කෙල්ලෙක් වන බැවින් මටත් මෙවැනි දෙයකට මුහුන දීමට සිදුවුවහොත් කෙතරම් පීඩාවකට පත්වේවිද. ඒක දකින කොල්ලන්ගේ විහිලු වලට ගොදුරු උවහොත් තවත් ලැජ්ජාවට පත්වෙනව නේද....කල්පනා කල මා..... .....ඉස්සර ඕව කලාට ඒව මහ ජරා වැඩ කියල තේරෙනව අපි පිරිමි, උන් කෙල්ලො උනුත් අපිවගේ මනුස්සයො බන් .......... ඔහුට කීවෙමි.......ඒයි මේ බලබන්කො මූ අපිට බන කියනව.....එය ඇසුනු හහලුවො ටික මාව වටකර ගත්විට රන්ජිත් මා දුන් පිලිතුර ඔවුන්ට පැවසුවේය.....උඹමයි අපිට ඉස්සෙල්ල කෙල්ලො පස්සෙ යන්නෙ... උන්ට විහිලු කරන්නෙ....දැන් උඹ කොහොමද ඔහොම කියන්නෙ.....ඔව් මූ තමයි අපිවත් ඇදගෙන ඕවට යන්නෙ....දැන් මූ අපෙන් ඈත්වෙලා සිල් ගන්නව.....ඔවුන් මට නොයෙක් ආකාරයෙන් බනින්ට විය......මට මේ මොකුත් ඕනනෑ මට දැන් ඕනැ කොහොම හරි විභාගෙ පාස්වෙන්න.....මා කීවෙමි.....මේ උඹ තනියෙම විභාගෙ පාස්වෙයන්කො ...අපි යමු බන් යන්න ඔවුන් මාගෙන් ඈත්විය.
තවත් දිනක .....මචන් ටොප් බඩුවක් ඇවිත් යමුද බලන්න.....සරත් යෝජනා කලේය......ඔෆිස් එකට මොනව හරි ගේන්න ඇති බන් ඕව බලල මොනව කරන්නද.....බඩුව යනුවෙන් අදහස් කල දේ තේරුම් ගත්තත් මා එසේ කීවෙමි......ඒ බඩු නෙවෙයි බන් ...උඹ දැන් කිසිදෙයක් දන්නෙ නෑ වගේනෙ කතා කරන්නෙ.....මම කියන්නෙ ලස්සන කෙල්ලෙක් අලුතින් ඇවිල්ල.....ඉතින් උඹ ගිහින් බලාගනින් කෙල්ලන්ට බඩු කියන්නෙ නැතුව. උන් බඩු නෙවෙයි උනුත් මනුස්සයෝ....ඔහුට කීවිට කේන්තිගිය ඔහු අනේ පලයන් බන් යන්න..... මට බැන අහකට ගියේය. මාව කෙල්ලෙක් වෙලා ඉන්නවිට මටත් මේවගේ බඩුව කිව්වොත් කොච්චර හිත රිදෙයිද....මා කල්පනා කලෙමි. කොල්ලො හිතාගෙන ඉන්නෙ කෙල්ලො කියන්නෙ උන්ගෙ සෙල්ලම් බඩු කියල ....මාත් මෙච්චර දවසක් හිතාගෙන හිටියෙ එහෙම තමයි මාවත් කෙල්ලෙක් බවට පත්වෙන්න පටන්ගත්තට පස්සෙ තමයි ඒක වැරදි කියල තේරුම් ගත්තෙ........
සති දෙකක් පමන මෙලෙස ගතවිය......දුවේ ඔයාට රහසක් කියන්න තියනව මේක ඔයාට කියන්නත් මොකක්ද වගේ ඒත් නොකියත් බෑ.....ආත් අම්මා කීවාය.....මොකක් ද ආත් අම්මෙ....මා ගැටලු සහගතව ඇසුවෙමි.
උදෑසන අවදිවූ මා නිමල් බවට පත් වනවිට සිරුර මහත් වී ශක්තිමත් වන නිසා එයට ඉඩ ලබාදීම සදහා නයිට් ගවුම ගලවා ඇදේම ඇලවී සිටියෙමි. මුල් දිනවල මෙන් නොව දැන් මගේ වෙනස සිදුවන විට එතරම් වේදනාවක් හෝ සිහි විකල්වීමක් සිදු නොවන බව පෙනෙන්ට තිබුනි. දින දෙකහමාරකින් පමන පසු නැවත නිමල් බවට පත්වූ මා සුපුරුදු ලෙස සාලුව ඇදගෙන නාන කාමරයට ගියෙමි.
ඊයේ මැද සකසා තිබුනු පිරිමි පාසැල් නිල ඇඳුම් කට්ටලය ඇදගත් මා නිමල් ලෙස පාසැල වෙත පිය මැන්නෙමි. වෙනදා මෙන් නොව මගේ යහලුවන් මාව නොදැක්කා මෙන් සිටීමෙන් ඔවුන් මගෙන් ඈත්වෙන බව තේරුනි.......ආ මචන් නිමල්....රන්ජිත් පමනක් එසේ කතා කලේය......යහලුවන්ගෙන් ඈත්වුනු මට පන්තියේ තනිවූවාසේ දැනෙන්ට විය.....හොදින් වැඩකරන අපි වැනි දඟවැඩ නොකරන පිරිමි ලමුන්ද අපේ පන්තියේ සිටියත් ඉස්සර මා ඔවුන්ව ගනන් නොගැනීම නිසා දැන් ඔවුන්ව ඇසුරු කිරීමට නොහැකිවී ඇත. එහෙත් මට දැන් මේවා ඉවසා දරාගෙන සිටීමට සිදුවී ඇත.
දිනපතා සවසට ගැහැණු ලමයෙක් ලෙස පරිවර්තනය වන මා උදේ වරුවට පමනක් නිමල් ලෙස සිටීමට සිදුවිය....දිනෙන් දින මා මේ ජීවිතයට හුරුවන්ට වුනෙමි......දිනක් පාසල් විවේක කාලයෙදී මා අසලට පැමිනි රන්ජිත්......මචන් අද හොදට හුළඟ තියෙනව පිට්ටනිය ගාවට ගියොත් අපිට හොද සොමියක් ගන්න පුලුවන්....පැවසුවේය.......
තවත් දිනක .....මචන් ටොප් බඩුවක් ඇවිත් යමුද බලන්න.....සරත් යෝජනා කලේය......ඔෆිස් එකට මොනව හරි ගේන්න ඇති බන් ඕව බලල මොනව කරන්නද.....බඩුව යනුවෙන් අදහස් කල දේ තේරුම් ගත්තත් මා එසේ කීවෙමි......ඒ බඩු නෙවෙයි බන් ...උඹ දැන් කිසිදෙයක් දන්නෙ නෑ වගේනෙ කතා කරන්නෙ.....මම කියන්නෙ ලස්සන කෙල්ලෙක් අලුතින් ඇවිල්ල.....ඉතින් උඹ ගිහින් බලාගනින් කෙල්ලන්ට බඩු කියන්නෙ නැතුව. උන් බඩු නෙවෙයි උනුත් මනුස්සයෝ....ඔහුට කීවිට කේන්තිගිය ඔහු අනේ පලයන් බන් යන්න..... මට බැන අහකට ගියේය. මාව කෙල්ලෙක් වෙලා ඉන්නවිට මටත් මේවගේ බඩුව කිව්වොත් කොච්චර හිත රිදෙයිද....මා කල්පනා කලෙමි. කොල්ලො හිතාගෙන ඉන්නෙ කෙල්ලො කියන්නෙ උන්ගෙ සෙල්ලම් බඩු කියල ....මාත් මෙච්චර දවසක් හිතාගෙන හිටියෙ එහෙම තමයි මාවත් කෙල්ලෙක් බවට පත්වෙන්න පටන්ගත්තට පස්සෙ තමයි ඒක වැරදි කියල තේරුම් ගත්තෙ........
සති දෙකක් පමන මෙලෙස ගතවිය......දුවේ ඔයාට රහසක් කියන්න තියනව මේක ඔයාට කියන්නත් මොකක්ද වගේ ඒත් නොකියත් බෑ.....ආත් අම්මා කීවාය.....මොකක් ද ආත් අම්මෙ....මා ගැටලු සහගතව ඇසුවෙමි.
No comments:
Post a Comment