ආත් අම්මාගේ පාඩම 10................මා වෙනදා පරිදි පාසැල් ගියෙමි......මචන් නිමල් උඹ කොහේද බන් ඊයෙ ගියේ. අපි උඹ එනකල් බලා හිටියනෙ.......මාව දුටු රන්ජිත් මා අසලට පැමින ඇසුවේය......ආත්තම්මගෙ වැඩකට ගියාබන්......මා එසේ පවසනවාත් සමගම යහලුවෝ කණ්ඩායමක් මා අසලට පැමිනෙනු දුටුවෙමි.....අදනම් මුන්ටික මාව කයි වගේ.... මා ඔවුන් දෙස බියමුසුව බලා සියෙමි......මොනවද උඹ ඊයෙකලේ......එක් අයෙක් මට දෝෂාරෝපනය කරන්ට විය......අනිත් අයද බට බනින්ට විය......ආත්තම්මගෙ වැඩකට ගියා බන්.....දන්නෙ නැද්ද ආත්තම්මගෙ හැටි මම එයා කියන ඒව කෙරුවෙ නැත්නම් ගෙදරිනුත් පන්නයි.... ඔවුන් ගෙන් ගැලවීමට එසේ කී මා......ඊයෙ මැච් එක කොහොමද ඇසුවෙමි....මැච් එක තමයි....මැච් එක කාගන්න උනා....උන් අපිට ගැහුව බන්....සරත් එසේ පවසන විට ඔහුගේ සිත තුල මා සමග තරහක් සමඟ තරඟය පැරදීම ගැන දුකකින්ද සිටි බව තේරුනි......උබ නැති හින්ද වසන්තනෙ ගත්තෙ......ඌ වස්සෙක්නෙ ඌට පුලුවන්ද හරියට බැට් එකවත් අල්ලන්න. උඹ හිටියනම් වැඩේ හරි බන්......රන්ජිත් පැවසුවේය.....ඔන්න අපි ලබන ඉරිද මැච් එක ගහනව.....උඹ එන්නම ඕනැ හොදද...ඔවුන් මට පවසන්ට විය.....හරි හරි ලබන ඉරිදනම් මම වරද්දන්නෙ නැතුවම එනව....මා ඔවුන්ට පොරොන්දු වුනෙමි.
ආත් අම්ම මාව ගැහැනු ලමයෙක් බවට පත්කලද එය දවසකට වඩා බල පෑවේ නැති බව මා නැවත නිමල් බවට පත්වීමෙන් තේරුම් ගත්තෙමි. ඇය නැවත එම කට්ටඩි මහතා සොයාගෙන යනබව මට විශ්වාසයක් තිබුනි......ගිය පාර මාව රවට්ටල මගේ ඔලුව උඩ තියාගෙන තඹ තහඩුවක් මැතුරුව.....මේසැරේනම් මම ඒවට අහුවෙන්නෙ නෑ....කට්ටඩිය ආවොත් මම ගෙදර පලාතෙ යන්නෙ නෑ.....ආත්තම්ම ආයෙත් මාව කෙල්ලෙක් බවට පත්කරල හමාරයි....සතුටින් කල්පනා කල මා.....අපි ලබන ඉරිද මැච් එක කොහොම හරි දිනමු. ඉස්කෝලෙ ඇරුනට පස්සෙ අපි ප්රැක්ටිස් කරමු....මා ඔවුන්ට යෝජනා කලෙමි.....හරි හරි අපි ලෑස්තියි..... කිහිපදෙනෙක් මා සමඟ එකඟ විය.
පාසැල අවසන් වීමෙන් පසු පොරොන්දු වූ කිහිපදෙනා ඔවුන්ගේ නිවාස වලට ගියේ.....ඇදුම් මාරුකරගෙන කෑම කා ආපසු පැමිනෙන බවට පොරොන්දු පිටය......මට එසේ ගෙදරට යෑමට නොහැක.....මා ගෙදරට ගිය වහාම ආත්තම්ම මට ආපසු එන්න නොදී දොස් කියන බව හොදටම දැනගෙන සිටියෙමි. මා ක්රීඩාගාරයට ගොස් පොත් බෑගය පුටුවක් මත තබා එහි පඩියක් මත වාඩිවුනෙමි.....මේ අවස්ථාවේදී පිට්ටනිය අසල සිටියේ මාත් ක්රීඩාවක් පුහුනු වීමට සූදානමින් සිටින මගේ පන්තියට ඉහල පන්තිවල සිටින අක්කලා කට්ටියක් පමනි.....මොකද මල්ලි ඔතැනට වෙලා තනියම.....එක් අක්කා කෙනෙක් මගෙන් ඇසුවාය.....ක්රිකට් ප්රැක්ටිස් කරන්න යාලුවො ටික එනව කිව්ව. ඒකයි බලාගෙන ඉන්නෙ.....මා පිලිතුරු දුන්නෙමි......එයාල ආවෙ නැත්නම් එන්න අපිත් එක්ක බාස්කට් බෝල සෙල්ලම් කරන්න.....තවත් අක්කා කෙනෙක් විහිලුවට මෙන් පැවසුවාය......කොල්ලෙක් කොහොමද අක්කලත් එක්ක සෙල්ලම්කරන්නෙ.....මා ඇසුවෙමි.....ආ ඒකට අවුලක් නෑ මල්ලි.....අපේ ගවුමක් දෙන්නම් ඒක ඇදගෙන එන්න.....තවත් අක්කා කෙනෙක් පැවසූ විට අනිත් අය හයියෙන් සිනාසෙන්ට විය......අනේ යන්න අක්කෙ යන්න.....එම විහිලුවට තරහ ගිය. මා පැවසුවෙමි.....එහෙම කියන්න එපා මල්ලි ගවුමක් ඇන්දොත් හැමදාම අදින්න හිතෙයි......කී එම අක්කා සිනාසෙමින් පිට්ටනිය දෙසට ගමන්කරන්ට විය......ඇය සමග අනිත් අයද මා අසලින් ඉවත්විය.
මෙයාල නොදන්නව උනාට මාත් ඊයෙ දවසෙම ගවුන් ඇදගෙන කෙල්ලෙක් වගේ තමා හිටියෙ. එක අතකට බලන කොට ඒ අක්ක කියන එකෙත් ඇත්තක් තියෙනව. ගවුමක් ඇන්දම ඇගට සනීප තමා....ඒත් මම කොහොමද කෙල්ලෙක් වෙලා ඉන්නෙ.....කෙල්ලෙක් උනාම කොහොමද කොල්ලො කට්ටියත් එක්ක සෙල්ලම් කරන්නෙ.....පිස්සු වැඩකරන්නෙ....අනේ මටනම් බෑ ආයෙත් කෙල්ලෙක් වෙන්න.....මා අක්කලා සෙල්ලම් කරනදෙස බලාගෙන කල්පනා කලෙමි....පැය බාගයක් පමන ගතවිය.....කිසිවෙකුත් පැමිනෙන බවකුත් නොමැත.....බඩගින්න නිසා බඩ කැලතෙන බවක් දැනුනි.....මේ විදියටනම් ප්රැක්ටිස් කරන්න බෑ මාත් ගෙදරට ගිහින් මොනව හරි කාල ආත් අම්මට හොරෙන් මෙහාට පැනගන්නව.....සිතූ මා පොත් බෑගය කරේ එල්ලාගෙන ගෙදරට යෑමට සැරසුනෙමි.....එවිටම......
No comments:
Post a Comment