අනතුරේ පෙරලිය 93..අවසාන කොටස..........පිරිමියෙක් ලෙස උප්පත්තිය ලැබූ මට ගැහැණු ලමයෙකු බවට පත්වී දියනියක්ද, සහෝදරියක්ද, පෙම්වතියක්ද, බිරිදක්ද, අම්මා කෙනෙක්ද, බවට පත්විමට වාසනාව ලැබුනේ දෙවියන් වහන්සේගේ කරුනාවෙන් බව මට නිතරම සිහිවිය. මාලන් මට සහ දරුවාට ආදරයෙන් සැලකන්ටවූ අතර අපේ පවුල් ජීවිතය ඉතාම සතුටින් ගලා යන්ටවිය. දියණියට වයස අවුරුදු තුනක් පමන වනවිට ඇය නිකමට මෙන් පැවසූ දෙයක් නිසා මා පුදුමයට පත්වුනෙමි. දිනක් අපි දියනියට දැමූ නම වන නෙතුමී කියමින් ඇය ඇමතුවෙමි.....මම නෙතුමි නෙවෙයි මම දේශානී.....ඇය පැවසුවාය.....දේශානි කියන්නෙ අම්මගෙ නමනෙ දුවේ...දුවගෙ නම නෙතුමිනෙ.....මා කීවෙමි...දේශානි කියන්නෙ අම්මගෙ නම නෙවෙයි මගෙ නම....ඇය තදින්ම කියා සිටියාය. මේ දුවට මගේ නමට ආශයි වගේ ඒකනෙ මෙහෙම කියන්නෙ....සිතූ මා....හරි හරි මම දුවට දෙශානි කියන්නම්කො..... කීවිට ඇය සතුටින් සිනාසුනාය.....ඉන් පසු ඇයටද ඒ නමින් අමතන්ට වූවේ ඇය නෙතුමී කියනවාට අකමැතිවූ නිසාය. දිනක් ඇයව පෙර පාසැල් එක්ක යන අවස්තාවේදී පාර පැනීමට සිදුවිය. මට බෑ අම්මේ වාහනවල හැප්පෙයි.....පැවසූ ඇය වාහනවලට දැඩි බියක් දක්වන්ට වූවාය.......මා බලකරමින් පාර පනින විට ඇය බියෙන් අඩන්ටවූවාය......ඇයි දුවේ ඔයතරම් බය.....මා අනිත් පැත්තට පැන ඇසුවෙමි.....අම්ම එදා මාව බේරගන්න හැදුවට මාව කාර් එකේ හැප්පුනානෙ....ඇය අඩමින් පිලිතුරු දුන්නාය....ඒ කවද්ද....මා ඇසුවෙමි.....ගොඩක් ඉස්සර...ඇය කීවිට....ඒ ගොඩක් ඉස්සරනෙ දුවේ දැන් එහෙම වෙන්නෙ නෑ නේ.....ඇයව සනසමින් කීවෙමි. එහෙත් ඇය කියන දේවල් වල කුමක් හෝ තේරුමක් ඇති බව සැකයක් ඇතිවිය.
මන් අම්මට ගොඩාක් ආදරේ ඇයි කියල දන්නවද.....දිනක් ඇය කීවාය....ඉතින් මම ඔයාගෙ අම්ම හින්දනේ.....ඇයව තුරුලු කරගනිමින් කීවෙමි.....ඒ හින්ද නෙවෙයි....ඇය මගේ මුහුන සිපගනිමින් කීවාය....එහෙනන්....මා ඇසුවෙමි....ඔයානෙ එදා මාව බේරගන්න හැදුවෙ.....කී ඇය.... ඒවුනාට මාව ඒ කරෙකේ හැප්පුනානෙ.....කනගාටුවෙන් කීවාය.....ඔයාව මොහොකවත් හැප්පුනේ නෑ... මගෙ දුවේ....මා පැවසුවෙමි....එහෙත් ඇය.....මොකද නැත්තෙ අම්මට මතක නෑ....ඇය කීවාය.....ඇයගේ මෙම කියමන එදා හදිසි අනතුර හා සැසදෙන බව තෙරුන මා මේ විස්තර දැන් ප්‍රන්ශයේ රැකියාවක නිරතවී සිටින දිශ්නී අක්කා සමග පැවසුවෙමි.....මටනම් සැකයි නංගියේ මේ දුව දේශානිද කියල.....ඇය මාව පුදුමයට පත්කරමින් කීවාය.
එදා සිටි දේශානි මාලන් සමග තරහෙන් සිටි බව දන්නා මා.....දුව දේශානිමනම් තවමත් දැන් ඇගේ තාත්තා වන මාලන් සමග තරහ ඇතිබව සැක කරමින්.....දුව තාත්තටත් ආදරෙයි නේද ඇසුවෙමි.....මගෙ තාත්ත හරි හොදයි අම්මෙ තාත්තටත් ගොඩක් ආදරෙයි....ඒ වුනාට මගෙ ඉස්සර තාත්තයි අම්මයි සීයයි ආච්චියිනේ.....ඇය මාව පුදුමයට පත්කරමින් කීවාය.....සීයයි ආච්චියි කිව්වෙ එංගලන්තෙ ඉන්න සීයයි ආච්චියිද.....මා නිකමට මෙන් ඇසුවෙමි.....එයාල නෙවෙයි අනේ... මෙහෙ ඉන්න සීයයි ආච්චියි.....මේ කියමන නිසා මේ සිටින්නේ දේශානිමයි කියන සැකය තවත් තහවුරු වීම නිසා .....අනේ කෙල්ලෙ ඔයා ආයෙත් මෙහාටම ආවද..... මා ඇයව අදරයෙන් සිපගනිමින් කීවෙමි.
මේ කාලය වනවිට මගේ මල්ලී පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංගිනේරු පාඨමාලාව සඳහා ඇතුලුවී සිටි අතර අනිකුත් අයියලා සහ අක්කලා සියලුදෙනාම කසාද බැදගෙන එම රටවලම රැකියා කරගෙන ජීවත්වන්ට විය. දියනියද දේශානීගේ පෙර ජීවිතයේ යම් යම් සිදුවීම් මා සමග පැවසූ අතර මා ඒවා දිස්නී අක්කා සහ නිමේශා අක්කා සමග පැවසුවත් අනිකුත් අය මේවා පිලි නොගන්නා නිසා ඇය කියන දේවල් පදනමක් නොමැති බව කියමින් එතරම් ගනන් නොගැනීම මගේ රහස එලිනොවීමට හේතුවක් විය. අපි විශ්වාස කලත් නොකලත් මේ ලෝකයේ අමුතු දේවල් සිදුවෙන බව මට ඇතිවූ මෙම සිද්ධි ජාලයෙන් පසුව තේරුම් ගත්තෙමි. දිස්නි අක්කාට මගේත් දියනියගෙත් කතාව ඇගේ පර්යේක්ෂණ ග්රන්තයකට හොද මාතෘකාවක් වී තිබුනි. දේශානී ඉස්සර ආගම් විරෝධි අදහස් දැරුවද අද ඇය පල්ලියට ගියවිට හොදින් යාඥා වල නිරතවී සිටීම පුදුමයට කරුනක් වූ අතර ඇය පෙරමෙන් නොව කරුනාවන්ත තැනැත්තියක් බවට පත්වෙන පෙර ලකුනු දක්නට ලැබීම මගේ සතුටට හේතුවක් විය. ... එයා ආයෙත් අපි අතරට ඇවිත් තියෙන්නෙ එයාට තිබුනු වැරදි හදාගෙන වගේ.... මා සතුටින් කල්පනා කරන්ට වුනෙමි.
ගැහැණු ජිවිතය යනු අපේ සමාජය තුල පහත් ජාතියක් ලෙස සැලකුවද මෙහි ඇති සුන්දරත්වය සහ වටිනාකම මට අවබෝධ වූවේ මා කාලයක් පිරිමි ජීවිතයක් ගතකර ගැහැනියක් බවට පත්වූ නිසාය. යම් යම් අවස්තා වලදී එම ජීවිතයට පිරිමින්ට සිදුනොවන වේදනා සහ අපහසුතා අතිවූවද ඒවා සිදුවන්නේ යම් යම් අවස්තා වලදී පමනක් බැවින් සමස්ත ගැහැනු ජීවිතයම ගත්විට පිරිමි ජීවිතයට වඩා ඉතාමත්ම සුන්දර සැහැල්ලු ජීවිතයක් බව මට මගේම අත්දැකිමෙන්ම පැවසිය හැකිය.එහෙත් උත්පත්තියෙන්ම පිරිමින් වී ඉපදී සිටින පිරිමින්ට ගැහැනු ජීවිතයේ වටිනාකම නොතේරෙන අතර කාන්තාවන් වී ඉපදී ඇති කාන්තාවන්ටද ඇගේ ගැහැනු ජීවිතයේ වටිනාකම නොතේරෙන බැවින් ඔව්න්ද පිරිමි ජීවිතය සුබ ලෙස දකී. එහෙත් ගැහැනු ජීවිතයේ වටිනාකම සහ සුන්දරත්වය හොදින්ම දැනගනීමට හැකිවූ මා නම් කිසිම දිනක පිරිමි ජීවිතයක් නොපතන අතර බයිබලයේ කෙසේ පැවසුවත් පුනරුපත්තියක් ඇතිබව පැහැදිලිවූ මට මින්පසු කිසිම ආත්මයක පිරිමි බවයක් නොලබා ඉපදෙන ඉපදෙන ආත්මවල ගැහැනු ආත්මවලම ඉපදීවායි පැතුම විය.
පිරිමි ජීවිතයක් ගතකල මාව ගැහැනු ජීවිතයක් බවට පත්කර ගැහැනු කමේ අගය කියාදෙමින් මට මේ පාඩම කියාදුන් දෙවියන් වහන්සේට ස්තූති වේවා.....
........ අවසානයි ......