අනතුරේ
පෙරලිය 46.........මා බිය ගැන නොකියා.... ලස්සනයි අනේ.....කීවෙමි...ටික වෙලාවකින් මටනින්ද ගිය නිසා ඇහරෙන විට කවුලුවෙන් ඉර එලිය වැටෙමින් තිබුනු නිසා පහල හොදින් පෙනෙන්ට වුනත් කදුවැටිමෙන් තැනින් තැන වලාකුලු තිබෙන බව දක්නට ලැබුනු නිසා පහල එතරම් පැහැදිලිව නොපෙනුනි..අපි පැරිස් ගුවන් තොටුපලෙන් බහිනවිට දවල් වෙමින් පැවතුනි. ලන්කාවේදී මෙන් නොව මෙහි සීතල හොදින් දැනෙන්ට වූ නිසා ඇග ගැහෙන්ට විය......ගුවන් තොටුපලින් පිටත්වූ අපි පැරිස් වල තිබුනු හෝටලයකට ගියෙමු....අපේ අශේන්
අයියයි දිස්නි අක්කයි ඉන්නෙ මෙහෙනෙ අක්කෙ.....කාමරයට ගිය පසු මල්ලී කීවේය....ඒ කවුද....මා පුදුමයෙන් ඇසුවෙමි....ඇයි අක්කට මතක නැද්ද අපේ නැන්දගෙ පුතයි දුවයිනෙ....කී විට....මට දැනුයි මතක් උනේ එයාල ඉගෙනගන්නෙ මෙහෙනෙ.....මට එදා මල්ලී ඔවුන්ගේ පින්තූර පෙන්වමින් විස්තර කල ආකාරය සිහිවී කීවෙමි.....මෙහෙ දවස් දෙකක් පමන සිට ස්වීඩන් යනබව තාත්තා පැවසූ අතර හෙට අපිට නගරය නැරබීම සූදානම් කල බවද සදහන් කලේය. ඒ අතර අපිට නැන්දාගේ දරු දෙදෙනා නැවතී සිටින ස්තානයටද යන බව ....අම්මා කීවේය.
පසුදා අපි පැරිසි නගරය නැරබීමට ගිය අතර එහි තිබුනු අයිපල් කුලුන කවදාවත් අමතක නොවන දර්ශනයක් විය. මා ප්රියන්ත වශයෙන් හිටියනම් තාමත් ඉන්නෙ පල්ලියෙ කාමරේට වෙලානෙ.....මාව ලස්සන කෙල්ලෙක් වෙලා මේවගෙ තැන් බලන්න ලැබුන එක කොයිතරම් වාසනාවක් ද.... කල්පනා කරන්ට වුනෙමි. සවස අපි නැන්දාගේ දරුවන් වන අශේන් අයියා සහ දිශ්නි අක්කා බැලීමට ගියෙමු.....මල්ලී පැවසූ පරිදි ඔවුන් මට වඩා වැඩිමල් නිසා අයියා සහ අක්කා යනුවෙන් පැවසීමට සිදුවන බව කල්පනා කලෙමි. අපි සිටි හෝටලයේ සිට කිලෝමීටර් කිහිපයක් ගිය අතර ඔව්න් නැවතී සිටි නිවසට ලඟාවුනෙමු.....දිස්නි අක්කා දුටුවිට මට ඇයව හදුනා ගැනීමට හැකිවූයේ ඇයව පොටෝ එකෙන් දැකඇති නිසාය....අනේ නන්ගියේ නන්ගිට මොකද වුනේ.....ඇය මාව තුරුලු කරගෙන ඇසුවාය......අර පුතා හින්ද අනූනවයෙන් බේරුනා....නැත්නම් මෙයාව දකින්න හම්බවෙන්නෙ නෑ....අම්මා පැවසුවාය.....අපේ අම්ම කිව්වම අපි එන්න හැදුවෙ අමාරුවක් නෑ කිව්ව හින්ද ආවෙ නෑ කී ඇය අපිව නිවස තුලට එක්ක ගියාය.....කෝ අක්කෙ අයිය.....මා ඇගෙන් ඇසුවෙමි.....මේ ළඟට ගියා දැන් එනව කිව්ව.....මිනිත්තුවෙන් එයි....කියන විටම වාහනයක් නවතනු දුටුවෙමි.....වාහනයෙන් බහින්නේ අශේන් අයියා බව මට හදුනාගැනීමට හැකිවිය.....නන්ගිට දන් හොදයිද.... ගෙට ගොඩවෙන අතරතුර ඔහු ඇසුවේය.....හොදයි නම් තමයි පුතේ ඒත් ඔයාලව හදුන ගන්න පුලුවන් වුන එකත් ලොකු දෙයක්.....මට හිතුන හදුන ගන්න බැරිවෙයි කියල.....අම්මා පවසන්ට විය.....මොකද තාම කල්පනාව නැද්ද.....අක්කා ඇසුවේය.....එහෙම එකක් නෑ දුවේ...දැන් තියෙන්නෙ පරන දේවල් අමතක වීම විතරලු.....අම්මා කීවිට.....එහෙම එකක් මටනම් පේන්න නෑ ඔය අපිව හදුනගත්තෙ අපූරුවට....අයියා පැවසුවේය.....තාම සමහර දේවල් අම්තක වෙලා ඕක තව ටික දවසකින් හරියයි පුතේ......කී තාත්තා....කොහොමද මෙහෙ පුතාලගෙ වැඩ කටයුතු.....ඇසුවේය.....අවුලක් නෑ මාමෙ.....තව මාස දෙහෙකින් විතර අම්මලත් ඇවිත් යන්න එනව කිව්ව.....මායි කිව්වෙ මේ මාසෙ මම ගිහින් බලන්නම් කියල.....නැත්නම් එයත් මේ මාසෙම එන්න ඉදල තියෙන්නෙ...තාත්තා කීවේය.......අපි අනිද්ද ස්විඩන් යනව...අනිද්ද තමා ප්ලයිට් එක තියෙන්නෙ.....ඔහු කීවිට....එහෙනම් මාමල අද රෑ මෙහෙ ඉන්න....මෙහෙ ඇන්ටිලත් අද උදේ ගමනක් ගිහින් හෙටයි එනව කිව්වෙ. ඉතින් කරදරයක් නෑනෙ....ඇය තවදුරටත් කීවේය.....ඉන්නනම් පුලුවන් දරුවනේ ඒත් අපි නවතින්න බලාගෙන ආවෙ නෑනෙ.....මගෙයි මාමගෙයි ඇදුන් දෙක තුනක් බෑක් එකේ දාගෙන ආව ඒත් මේදෙන්නට....අම්මා අපිව පෙන්වා කීවාය.....ඒව ගැන බයවෙන්න එපා නැන්දෙ නන්ගිට මගේ ඇදුමක් දෙන්නම් මල්ලිට අයියගෙ ඇදුමක් ඇදගන්න පුලුවන්නෙ.......අක්කා කී නිසා අම්මා නැවතීමට එකඟවූවාය. අම්මාට සහ තාත්තාට කාමරයක් ලෑස්තිකර දුන් අක්කා මට ඇගේ කාමරයත් මල්ලීට අයියාගේ කාමරය තුලත් නිදාගනීමට සූදානම් කලාය.....නංගි මේක ඇදගන්න ඔයා මට වඩා පොඩිහින්ද අදින්න පුලුවන්...... මට ඇගේ ගවුමක් දී කීවාය......මා ඇදගෙන පැමිනි ඇදුම් ඉවත්කර එම ගවුම ඇදගත්තෙමි.....මට අද නිදාගන්න වෙන්නෙ මේ අක්කත් එක්ක එකම ඇදේ.....කෙල්ලෙක් බවට පත්වූ මට ගැහැණු ලමයෙකු සමග එකට නිදැනීමට හැකිවනබව කල්පනා කල මට අමුතුම සතුටක් ඇතිවිය.
මහෙ ඉතින් බත් එහෙම නෑනෙ නැන්දෙ මස් වර්ගයි එලවලුයි තමා තියෙන්නෙ.....අක්ක රාත්රී ආහාරය පිලියෙල කිරීමට සූදානම් වෙමින් කීවාය..... ඒක අපි දන්නව දුවේ මොකද අපි මේ රටවලට ඇවිත් නැතුවද.....අම්මා ඇයට උදවුවෙමින් කීවාය.....අක්කට උයන්න පුලුවන් නේද..... ඇය වැඩකරන ආකාරය දෙස බලා සිටි මා ඇසුවෙමි.....මෙහෙ උයන්නෙ එහෙවගේ නෙවෙයිනෙ නංගි ප්රංශ ක්රමයකටනේ ඒත් අද මම උයන්නෙ දෙකම කලවම් කරල.....අක්කා සිනාසෙමින් කීවාය.....අක්කට සින්හල විදියට උයන්නත් පුලුවන්ද.....මා ඇසුවෙමි.....ගැහැනු ලමයෙක් උනාම උයන පිහන වැඩ දැනගෙන තියෙන්න ඕනැ....කොච්චර සල්ලි තිබුනත් ඒව ඕනැවෙනව.....ඇය කීවාය.....මාත් ආශයි අක්කෙ උයන්න ඉගෙනගන්න.....මා කීවිට....ඉනට අත තබාගෙන පුදුමයෙන් මෙන් බලා සිටි ඇය.....මටනම් දැන් හිතාගන්න පුලුවන් නැන්දෙ නන්ගිට වෙලා තියෙන දේ....කීවාය....ඒ මොකක්ද....අම්මා ඇසුවාය.....
No comments:
Post a Comment