Thursday, May 2, 2019

අනතුරේ  පෙරලිය 26............සවස හතර පමනවිය. මා කාමරයතුල සිටිනවිට.... දුවේ මේ ඔයාගෙ යාලුවො වගයක් ඇවිල්ල ....අම්මාගේ කටහඬ ඇසුණි. මා කාමරයෙන් එලියට යන්න සූදානම්වීමත් සමගම ඉශාරී සහ තරුශිකා මාව සොයාගෙන කාමරය තුලට ඇතුලුවිය.......දැන් කොහොමද කෙල්ලෙ....ඉශාරී මගේ අත්දෙකෙන් අල්ලාගෙන ඇසුවාය......දැන්නම් හොදයි...මා කීවිට.....එහෙනම් ඔයාට අපිව මතකද....ඇසූ තරුශිකාද මගේ අතින් අල්ලාගත්තාය.....මෙච්චර කාලයක් කොල්ලෙක් වෙලා ඉදලත් කොල්ලොවත් මාව මෙච්චර ළඟින් මාව අල්ලගෙන ඉදල නෑ.....දැන් ලස්සන කෙල්ලො දෙන්නෙක්ම මාව අල්ලගෙන ඉන්නව....සිතුනු මට අමුතුම සුන්දර හැගීමක් ඇතිවිය......තාම මට කිසිදෙයක් මතක නෑ අනේ...කී මම..... මගේ පෝන් එකේ ලොක් එක ඇරගත්තනෙ....පැවසුවෙමි.....ඒක හොදයි කවුද ඇරල දුන්නෙ.....මල්ලි යාලුවෙකුට කියල හදල දුන්න...විකුම් ගැන නොකියා එසේ කීවෙමි.....ඉතින් ඒකෙ තියෙන පොටෝස් එහෙම බැලුවද.....ඉශාරී ඇසුවාය....බැලුවට මතක නෑ අනේ....මා කීවෙමි....මගෙ එෆ් බී එකත් බැලුව මමම දාපුව මටම මතක නෑ....කියනවිට මගේ මේසය මත තිබුනු දුරකතනය අතට ගත් ඉශාරී ඇද උඩින් වාඩිවුනාය.....මා එය ලොක්කර නොතිබුන බැවින් ඇයට එය බැලියහැකිවිය.....මේ තියෙන්නෙ බන් අපේ පොටෝස් එහෙම...ඇය මට එම පොටෝ පෙන්වමින් අතීත සිද්දීන් මතක් කර දීමට උත්සාහ ගත්තාය.....සුලු වෙලාවකින් ගෙදර වැඩකරන සේවිකාවක් තේ රැගත් ට්රොලිය තල්ලු කරගෙන කාමරය තුලට පැමිනියාය..... සමගම අම්මාද පැමිනියාය.....බලන්න ඇන්ටි මෙයාට තාම කිසි දෙයක් මතක නෑල්ලුනෙ.....ඉශාරි කියනවිට අපි මෙයාව ඩොක්ට කෙනෙකුට පෙන්නුව සී ටී ස්කෑන් එකකුත් කලා ඒත් ස්නායු සම්බන්ධ කිසිම ලෙඩක් නෑ කියනවනෙ....එවෙලෙ ඇතිවුන ශොක් එකටලු ඔහොම වෙලා තියෙන්නෙ......අම්මා කියන්ටවූවාය......ඒක තමා ඇන්ටි දැන් දේශනි ඉස්කෝලෙ යන්නෙ කොහොමද......තරුසිකා ඇසුවාය.....මෙයාට ඉස්කෝලෙ වැඩනම් මතකයිලුනෙ....අම්මා කීවිට ඇත්තටම ඒව මතකද..පුදුමයෙන් මෙන් ඇසූ ඉශාරි...එහෙනම් කියහන් බලන්න නිවුටන්ගේ නියම තුන.....මා එය නිවැරදිව කීවිට.....අපේ ශරීරයේ අශ්ටි කොටස් කීයක් තියෙනවද....මා එයද නිවැරදිව පැවසුවෙමි.....මේකනම් පුදුම වැඩක් නෙ...පොත්වල ඒව ඔක්කොම මතකයි අනිත් ඒව තමා මතක නැත්තෙ.....තරුසිකා සිනාසෙමින් කීවාය.....පාඩම් වැඩ ටික හොදට මතකනම් අනිත් ඒව අපිට මතක් කරල දෙන්න පුලුවන්නෙ ඇන්ටි.....ඉශාරී පැවසුවාය.....එහෙනම් ඇන්ටි මෙයාට ඉස්කෝලෙ යන්න ප්රශ්නයක් නෑ.....තරුසිකා කීවිට.....මෙයාට ගුරුවරුයි යාලුවොයි අදුනගන්න පුලුවන්වෙයිදද මන්ද.....එහෙම බැරිවුනොත් ප්රශ්නයක් නේද දරුවනේ....අම්මා ප්රස්නකලාය......අපි ඉන්නවනෙ ඇන්ටි අපි මතක්කරල දෙන්නම්....ඔය දූලත් උදවු කරනවනම් ලබන සතියෙ ඉදන් එවන්න පුලුවන්.....මෙයාගෙ තාත්තත් එක්ක කතාකරල බලන්නම්.....කී අම්මා තව මොනව හරි කාල තේ බොන්න....දුවේ ඕව යාලුවන්ට කන්න කියන්න....පැවසූ අම්මා කාමරයෙන් පිටවූවාය.....ඔයාල කිව්වට මේවිදියට ඉස්කෝලෙ එන්න මට හරි බයයි අනේ......මා පැවසුවේ මින් පෙර කවදාවත් ගැහැනු ලමයෙකු ලෙස පාසැල් ගොස් නොමැති නිසා සිත තුල ඇතුවූ චකිතයෙනි......ඔයා බයවෙන්න එපා අනේ... ඉස්කෝලෙ එන්න අපි ඉන්නවනේ.......ඉශාරි මාව බදා ගනිමින් කීවාය....කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක ඉන්නකොට මෙච්චර සුන්දර තාවයක් දැනෙනවනම් ඉස්කොලෙ ගිහින් කෙල්ලො ගොඩක් එක්ක ඉන්නකොට කොයිතරන් සුන්දරතාවයක් දැනෙයිද....ඇය  මාව තුරුල්කරගත් විට දැනුනු හැගීම නිසා කල්පනා කලෙමි.....ඇත්තටම දේශානි ඔයාට දැන් ඉස්කෝලෙ ඉන්න අය ගැන කිසිදෙයක් මතක නැද්ද....තරුශිකාද මාව තුරුලු කරගෙන ඇසුවාය..කෙල්ලො දෙන්නෙක්ම දැන් මාව තුරුලුකරගෙන....මේ ගැහැනු ලෝකය කියන්නෙ කොයිතරම් සුන්දර ලෝකයක්ද සිතූ මා......අනේ නෑ අනේ....ඔයාල දෙන්නයි එදා ආව මනෝජියි හැරුනාම වෙන කවුරුවත් දන්නෙ නෑ.....කොටින්ම කියනවනම් අපේ පන්තිය කොහේද තියෙන්නෙ කියලවත් දන්නෙ නෑ.....මා පැවසුවෙමි.

      ඉන් අනතුරුව මා ඔව්න් සමඟ දේශානිගේ පේස් බුක් එක බලමින් මා නොදන්නා කරුනු ඔව්න්ගෙන් අහන්ටවුනෙමි....ඔයා ඉතින් ඒදවස්වල ආගම් වලට විරුද්ද කෙනෙක්නෙ.....දැන් ඒව වෙනස් වෙලාලු නේද.....උදේ පල්ලිත් ගියා කියල අම්ම කිව්ව.....කී ඉශාරී......ඒක හොදයි බන් ඔය හැම ආගමකින්ම කියන්නෙ නරක වැඩ නොකර හොදින් ජීවත් වෙන්න කියලනෙ....එහෙම එකක් නැත්නම් මේ ලෝකෙ ඉන්න මිනිස්සු මීටවඩා තිරිසන්නු වෙනව....පැවසුවේය....ඔය ආගම් වලට  අපහාස වෙන්න දාල තියෙන ඒව මකන්න ඕනැ.....මම කීවෙමි.මාත් සමග සෑහෙන වෙලාවක් ගතකල ඔව්න් පිටත්වෙනවිට මගේ හිතතුලට දුකක් ඇතිවිය....මම කොල්ල කාලෙවත් මාව හම්බවෙන්න ආව යාලුවො ගියා කියල මේතරම් දුකක් ඇතිවුනේ නෑ....ඒත් මේ කෙල්ලො එක්ක ඉන්න කොට පුදුම සතුටක්නෙ දැන්නෙන්නෙ...නිතරම මෙයාලත් එක්ක ඉන්න පුලුවන්නම්......මා කල්පනා කරමින් ඔවුන් පැමිනි වාහනය අසලට යනතෙක්ම ඔවුන් සමග ගියෙමි....යන්නම් දේශානී බායි... කී ඔව්න්.... පුලුවන්තරම් ඉක්මනට ඉස්කෝලෙ එන්න....කීවාය....ජේසුපිහිටයි... කී මම ඔවුන්ට සමුදුන්නෙමි.

No comments: