අනතුරේ
පෙරලිය
53............ටික දුරක් ගමන්කරනවිට මල්ලී ඉදිරිපස ආසනයක් ඉල්ලූ බැවින් ඔහු මා අසලින් ගියනිසා අක්කා මා අසල වාඩිවුවාය. අපි ලන්ඩන් නගරය වෙත ළඟාවූවිට නත්තල් ගස් සහ වෙනත් නත්තල් සැරසිරිවලින් නත්තල් දිනය ළඟ එනබව කියා පාන්නාක්මෙන් විය. පාරවල් පැහැදිලිව පැවතියත් අනිකුත් තැන් සුදු පැහැයෙන් දිලිසෙන හිමවලින් වැසීගොස් තිබුනි. හැමතැනම හිම තිබුනට පාරවල් වලනම් හිම නෑනෙ අක්කෙ මා කීවෙමි......ඒව නිතර අයින්ක්රනවනෙ නංගි .....අක්කා කීවාය....ලන්ඩන් නගරයේ ලස්සන සහ පවුරානික ස්ථාන කිහිපයක් නැරඹූ අපිට බාප්පා ඒවායේ විස්තර කියාදෙන්ට විය.ලන්ඩන් නුවර ගතකල කාලය අමුතුම ලොවකට ගියාක්මෙන් දැනෙන්ටවූවේ මෙවැනි ලස්සන නගරයක් මින්පෙර පැරිසයේදී හැරෙන්ට දැක නොතිබුනු බැවිනි....පින්තූරවලින් පමනක් නරඹා තිබුනු බිග්බෙන් ඔරලෝසුව සහ පාරිලිමේන්තු ගොඩනැගිලි ඇස්දෙකෙන්ම දැක බලා ගැනීම්ට වාසනාව ලැබුනි. ලන්ඩන් නුවර ඇති ටවර් බ්‍රිජ් එකද අමුතුම නිර්මානයක් විය......පාක්වල ඇවිදිමින් විනෝදවූ මගේ සිතට මෙය අමුතුම අත්දැකීමක් විය. ...මාව ප්‍රියන්ත වෙලා හිටියනම් කවදාවත් මේ රටවලට එන්න නොලැබෙන්න තිබුන....මා කල්පනා කරන්ට වුනෙමි.
අපි කොහේ ඇවිද්දත් මාලන් මාව මගහරිමින් අනිත් අය සමග කතාකිරීම මගේ සිතට වදදෙන කාරනාවක් විය.....කොහොම හරි එයා එක්ක එක වචනයක් හරි කතාකරන්න ඇත්නම්.....මට සිතුනි.එහෙත් කතාකිරීමට ගොස් තවත් ගැටලුවකට මුහුන දීමට සිදුවේ දැයි සැකයක් ඇතිවූ බැවින් එම අදහස අතහැර දමන්ට සිදුවිය. එසේ වුවද ඔහුගේ ප්‍රියමනාප හැසිරීම දකිනවිට ඔහුව මගහැරීමට නොසිතුනි..පාක් එකේ බන්කු මත වාඩිවූ සියලු දෙනාම මාලන් සමග කතාකරන අතරතුර මා පැත්තක තිබුනු බන්කුවක වාඩිවී...දේශානිගේ සහ මාලන්ගේ ගැටලුව කුමක් විය හැකිදැයි කල්පනා කරන්ටවුනෙමි.....මාලන් දේශානිට මොකක් හරි නොහොබිනා දෙයක් කරන්න ගිහින්ද මේතරම් තරහෙන් ඉන්නෙ.....නෑ එහෙම වෙන්න විදියක් නෑ ...එහෙමනම් අපේ අක්ක මාලන්ව ඔච්චර වර්නා කරන්නෙ නෑ.....මට හිතෙන්නෙ දේශානිගේ අතේ මොකක් හරි වැරැද්දක් තියෙන්න ඇති....මා කල්පනා කරන්ට වුනෙමි. ...මා අසලට පැමිනි අක්කා.....මොකද නංගි පැත්තකට වෙලා.....ඇසුවේය. .....ඔයාල ඔක්කොම මාලන් අයිය එක්ක කතාවනෙ....මම කා එක්ක කතා කරන්නද.....මා නෝක්කඩු ස්වරූපයෙන් කීවෙමි.....ඇයි නන්ගිට අපි එතැන ඉන්න එපා කිව්වෙ නෑනෙ...ඇය කීවාය.....ඒ උනාට මාලන් අයිය මාව ගනන්ගන්නෙවත් නෑනෙ....මම එතැන ඉන්න එක ඔයාලට කරදරයක්නෙ....මා පැවසුවෙමි.....ඉතින් නංගි ඔයාම කරගත්ත වැරැදි හින්දනෙ මාලන් අයිය ඔයාව ගනන්ගන්නෙ නැත්තෙ.....නිවැරෙද්දෙ කෙල්ලන්ගෙන් කුනු කතා අහන්න කොයි කොල්ලද නංගි කැමති....ඔයා කිව්ව ඒවට.....එයා මෙහෙ එන එකත් ලොකුදෙයක්.....ඇය පවසන්ට විය.....එහෙනම් ඒකයි මේ..... දේශානී නරක වචනවලින් මාලන්ට බැනල තියෙනව....ශික්... දේශානී මේතරම් නපුරු එකියක්ද....මට දේශානි ගැන තරහක් ඇතිවිය......මම ඒ දවස්වල එච්චර නපුරියක්ද අක්කෙ අසූ මා.....දැන් මට ඒව මතකත් නෑනෙ අක්කෙ.....පවසා ඇයි අක්කෙ මට මතක නැති වෙලත් ඒ අයිය ඒව මතක තියාගෙන මාව මග හරින්නෙ.....මා දුකෙන් මෙන් ඇසුවෙමි.....ඔයා කියන එකත් ඇත්ත නංගි .....ටිකවෙලවක් කල්පනාවේ නිරතවී සිට කී අක්කා.....දැන් ඔයා ඉස්සර වගේ නරක නපුරු කෙල්ලෙක් නෙවෙයිනෙ.....කීවාය......මම පොරොන්දුවෙනව අක්කෙ මම ආයෙත් එහෙම නරක කෙල්ලෙක් වෙන්නෙ නෑ කියල......අක්කගේ අත්දෙකෙන් අල්ලාගෙන කීවෙමි..... අපි මේක මාලන් අයියට තේරුම් කරල දෙමු....මාලන් කියන්නෙ නරක කොල්ලෙක් නෙවෙයි එයා බයයි ආයෙත් ප්‍රස්නයක් වෙයි කියල ඒකයි ඔය විදියට නංගිව මග හරින්නෙ.....අක්කා කීවිට.....එයා ලව් කරන්න එහෙම හැදුවද.....අපෝ නන්ගිත් එක්කද කොල්ලො ලව් ගැන කතාකරන්නෙ....නංගිට කොල්ලො පෙන්නනවත් පුලුවන් වෙලා හිටියද.....මාලන් අයියත් ඔයාගැන දැනගෙන හිටිය හින්ද ඒවට ආවෙ නෑ....ඒත් ඔයාට විහිලු කතාවක් කියන්න ගිහින් තමා ඔයා මාලන් අයියට බැන්නෙ....ඒ එයාගෙ හැටි....එයා නිතරම විහිලු තහලු කරගෙන සන්තෝසෙන් ඉන්න කෙනෙක්....නංගිට විහිලු අල්ලන්නෙ නැතිවුනාට එයා මොනව කරන්නද.....අක්කා සිදුවූ දේ ගැන දුකෙන් මෙන් කියන්ටවිය......දෙශානි කියන්නෙ විහිලුවක්වත් අල්ලන්නෙ නැති කෙල්ලෙක්ද...සිතූ මට දේශානිගේ ජීවිතේ ගැන තවත් වටහා ගැනීමට ලැබුනි.
එදින රාත්‍රිය ගතකිරීමට තෝරාගෙන තිබුනේ ලන්ඩන් වල පිහිටා තිබුනු විශාල හෝටලයකය...මේවගෙ හෝටලේක ඉන්න ගොඩක් සල්ලි තියෙන්න ඕනැ....තාත්ත කෝටිපතියෙක් හින්ද හොදයි.....මා හෝටලයේ කාමරය දෙස බලා කල්පනා කලෙමි.....රාත්‍රී කෑමගත් අපි සුලුවෙලාවක් කතා කරමින් සිටියෙමු.....මාලන් මල්ලි එක්ක ටිකක් කතා කරන්න ඕනැ.....මාලන් අසලට ගිය අක්කා කීවිට.....
මොකක් ගැනද....ඔහු ඇසුවේය.....මේ දේශානි නංගිත් එක්ක තියෙන ගැටලුව ගැන.....අක්කා කීවාය......ඕව ගැන කතා කරල වැඩක් නෑ අක්කෙ.....
අනේ මාත් එක්ක තරහ වෙන්න එපා අක්කෙ....මම එදා හිතාගත්ත ආයෙ ජීවිතේට ඔයාගෙ නංගි ඉන්න පැත්තවත් බලන්නෙ නෑ කියල.....මම අක්ක එක්ක මේ විදියට කතාකලාට මට එදා කෙල්ලො කියන ජාතියම එපාවුනා.....ඔහු තරහෙන් මෙන් කියන්ට විය.......එදා එහෙම උනාට දැන් නංගි එහෙම නෑනෙ මල්ලි....ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ නන්ගිට ඒව අමතක වෙලානෙ මල්ලි....ඒ හින්ද මීට පස්සෙ එහෙම ගැටලුවක් වෙන එකක් නෑ.....ඇය පැවසුවාය....මොනව අමතක වුනත් කෙල්ලොනෙ අක්කෙ.....ඔහු ඒ කිසිවක් ගනනකට නොගෙන කිවිට මට දුක හිතුනි.....කමක් නෑ අක්කෙ මේ ඔක්කොම මගෙ වැරෙද්දනෙ.....මා හැඩුම්බරව කීවේ දේශානි කල වැරැද්ද මගේ ඇගට ගැනීමෙනි.....මට අමතක වුනාට මාලන් අයියට ලොකු වැරැද්දක් වෙන්න ඇති මට ඒව මතක් වුනත් ආපහු එහෙම දෙයක් වෙන්නෙ නෑ අක්කෙ කී මා.....මමා ඒ සිද්ද වුන දේගැන සමාව ඉල්ලනව සමාව දෙන නොදෙන එක අයියගෙ වැඩක්.....කියන විට මගේ ඇස්දෙකේ කදුලු පිරුනු බැවින් ඇස්දෙකට ලේන්සුව තබාගෙන හැඩුම්බරව කාමරයට ගොස් ඇදේ ඇලවී අඩන්ටවූවේ හිතට ඇතිවූ දුක නිසාය.....
No comments:
Post a Comment