Thursday, May 2, 2019

අනතුරේ  පෙරලිය 21...................ඔහුගේ ඇඳමත වාඩිවූ මා....ඔයා දන්නවද මල්ලි එදා අක්සිඩන්ට් එක වුන දවසෙ මම කොහේ යන්න ගිහින්ද ඇක්සිඩන්ට් වුනෙ කියල...මා ඇසුවෙමි...ඔයා යන ගමන් මම තියා අම්මවත් දන්නවයෑ...ඔහු සෙමින් පැවසූ විට..... එතකොට අම්ම දන්නෙත් නැද්ද මම ගියෙ කොහේද කියල.....මා පුදුමයෙන් ඇසුවෙමි.....අම්මනම් කිව්වෙ කොහේහරි ගියා කියලනම් දන්නවලු කොහේද යන්නෙ කියලනම් කිව්වෙ නැතිලු......මටත් මතක නෑනෙ මල්ලියෙ කොහෙද ගියෙකියල.....මා බොරුවට මතක් කිරීමට උත්සාහකරමින් පැවසුවෙමි....ඔහොම යනකොට අක්කටත් මතක් වෙයි....කී ඔහු මොනවද සෙමින් මුමුනමින්.....ඔහුගේ වැඩවල නිරතවිය.... දේශානිට බනිනව වගේ කියල ඔහුගේ මුහුන දෙසබැලූ මට තේරුනි....එතකොට මම පයින් හරි බස් එකෙන් හරිද ටවුමට ගිහින් තියෙන්නෙ.....මා ඇසුවෙමි.....අක්ක කවද්ද අක්කෙ බස් වලිනුයි පයිනුයි ඔච්චර දුර ගිහින් තියෙන්නෙ....හරියට මේ ගෙදර වාහන නැතුව වගේනෙ අක්ක අහන්නෙ....ඔහුගේ පිලිතුර අනුව ඇය මේගමන ගොස් ඇත්තේ ගෙදර වාහනයකින් බව වැටහුනි.....එතකොට වාහනයෙන් ගියානම් පාර පනින්න ඕනැ නෑනෙ......මා ඇසුවෙමි....ඒකනම් මම දන්නෙ නෑ අක්කෙ.....අක්කත් එක්ක ගිය ඩ්රිවර් අන්කල් නම් කිව්වෙ...ටවුන් එක ලඟදී කවුරු හරි දැකල වාහනේ නවත්වන්න කිව්ව කියල....එයා වාහනේ නතරකරපුගමන්.....ඉක්මනට බැහැල වටපිට බලන්නෙත් නැතුව පාර පැන්නලු.....අර අයිය පාරට පැනල අක්කව බේරගත්ත හැටියි ඒ අයියව කාර් එකේ හැප්පෙන හැටියි....ඒ ඩ්රිවර් අන්කල් දැකල තියෙනව....එයා තමා ඔක්කොම කිව්වෙ.....ඔහු විස්තරකරන්ටවිය.....කවුද ඒ හදිස්සියෙ දැක්ක එක්කෙනා...එයත් එක්ක මෙයාගෙ මොකක් හරි ලොකු සම්භන්දකමක් ඇති නැත්නම් ඔච්චර කලබල වෙන්න ඕනැ නෑනෙ....කල්පනා කල මට.....මෙයාගෙ බෝයි ෆ්රෙන්ඩ් ද....මාතුල සැකයක් ඇතිවිය......ඒ දැක්ක එක්කෙනා කවුද දන්නෙ නෑ.....මා මල්ලිට ඇසෙනසේ පවසා...කල්පනා කරන්ටවුනෙමි.....ඒක ඉතින් දන්නෙ අක්කනෙ....මල්ලී කීවේය.....ඒක තමා මල්ලි මම මේ කල්පනා කලේ...මට මතක නෑනෙ....බෝය් ෆ්රෙන්ඩ් ද දන්නෙ නෑ...ඒත් එහෙම කෙනෙක් ගැන මතක නෑනෙ....මා ඔහුට ඇසෙන ලෙස පැවසුවේ ඇයට එහෙම කෙනෙක් සිටියානම් මල්ලිගේ කටින් අල්ලා ගැනීමේ අදහසිනි.....හපෝ අක්කෙ මමනන් දන්න විදියට අක්කට එහෙම කෙනෙක් හිටියෙ නෑ...ඔහු කීවිට.....හිටියෙ නෑ කියල...මල්ලි හරියටම දන්නවද..... ඇසුවෙමි.....අක්කට පිරිමි පෙන්නන්න බෑනෙ ඉතින් එහෙම කෙනෙක් ඉන්න බෑනෙ....ඔහු කීවේය....ඇයි දන්නෙ නෑ දේශානිට පිරිමි පෙන්වන්න බැරිවෙලා තියෙන්නෙ.....මා කල්පනා කලෙමි.ඒත් මෙයාල නොදන්නව වුනාට බෝයි ප්‍රෙන්ඩ් කෙනෙක් හිටියද දන්නෙ නෑ....ඒත් ඩ්රිවර් අන්කල්ට පේන්න එයාපස්සෙ දුවන එකක් නෑ....මට සිතුනි.....මටනම් හිතෙන්නෙ මල්ලි..... මම මොනව හරි ගන්න ශොප් එකකට යන්න ගිහින් තියෙන්නෙ.....මම කීවිට....අක්කට එහෙම මතකද ඇසුවේය.....මතකනම් නෑ.....මගෙ පර්ස් එකේ රුපියල් පන්දාහක් විතර තිබුනනෙ....මා කීවිට.....සිනාසුනු මල්ලී.....අක්කගෙ පර්ස් එකේ එච්චර ගානක් නොතිබුනානම් තමා පුදුමෙ..ඔහු කීවිට..ඒකියන්නෙ මම එච්චර සල්ලි තියාගෙන ඉන්නවද.....ඔහුගෙන් ඇසුවෙමි....අක්කටනන් ඉතින් තාත්ත ඕනැ තරම් සල්ලි දෙනවනෙ....මට තමයි හදිස්සියකට රුපියල් පන්සීයක් ඉල්ලුවත් මේ ලෝකෙ නැති ප්‍රශ්න  අහන්නෙ...මල්ලී දුක්බරව පවසනු දුටු මා.....ඔයා තාම පොඩි හින්ද වෙන්න ඇති මල්ලි....මල්ලිත් ඒ ලෙවෙල් වගේ පන්තිවලට ගියොත් මල්ලිටත් දෙයි......ඔහුගේ සිත සනසමින් කීවෙමි.....අනේ මන්ද අක්කෙ අක්කටනම් ඉතින් හැමදාම තාත්ත ආදරේනෙ.....මට තමා කවුරුවත් නැත්තෙ....හැඩුම් බරව පැවසූ ඔහු පොත පැත්තකින් තිබ්බේය.
               ඔහුගේ දුක්බර හැසිරීම් විලාසය ගැන දුක හිතුනු මා ඔහු අසලට ගොස් ඔහුගෙ හිස මගේ ඇඟට තුරුලු කරගෙන.....අනේ නෑ මල්ලියේ ඔයාට තාත්ත ගොඩක් ආදරෙයි.....දැන් මාත් ආදරෙයිනෙ....ඔහුගේ හිස අතගාමින් කීවෙමි....අක්කටත් ඉතින් පරනදේවල් අමතක වෙලා හින්දනෙ ඔහොම කියන්නෙ.....කවද හරි මතක්වුන දාට පරන අක්කම වෙයි.....ඔහු පැවසුවෙය.....අනේ නෑ මල්ලි මට පරන දේවල් මතක් වුනත් ඒ පරන අක්කනම් වෙන්නෙ නෑ.....මා කීවිට....ඔය ඇත්තමද පැවසූ.... ඔහු මගේ අතක්ගෙන මුහුනට ලන්කරගෙන සිපගත්තේය.
                මල්ලී සමග කතාකල මේ කාලය තුල දේශානිගැන තරමක් දුරට දැනගැනීමට හැකිවිය....දැන් මටත් කොහේ හරි යන්න ඕනැවුනොත් ඩ්රිවර්ට කතාකරන එක විතරයි තියෙන්නෙ.....ඒත් මමනම් අම්මට නොකිය කොහේවත් යන්නෙ නෑ.....එහෙම හිතුවක්කාර විදියට ගමන් ගිය හින්ද තමයි දේශානිට මේ දේ වුනේ....එයාට විතරක් නෙවෙයි මටත් දැන් ප්රස්නයක් වෙලානෙ තියෙන්නෙ....මටනම් දැනට කොච්චර ප්‍රශ්න ආවත් කෙල්ලෙක් වෙලාහරි හොදට සැපපහසුව ඉන්න පුලුවන්..... දැන් ඕනැ දේකට තාත්තට කියල සල්ලි ඉල්ලගන්නත් පුලුවන්.....ඒත් දේශානිට දැන් මොකක් වෙලා ඇත්ද........මා මල්ලිගේ ඇදේ වාඩිවී කල්පනා කරමින් සිටිනවිට......මොකක්ද අක්කෙ කල්පනා කරන්නෙ......තවත් පොතක් දිගහරිමින් මගෙන් ඇසුවේය......මගෙ පෝන් එකේ ලොක් එක මතක නෑනෙ මල්ලි.....මොකද කරන්නෙ කියල කල්පනාකලේ.....මා පැවසූවිට.....අයියෝ සිම්පල්නෙ අක්කෙ  මම ඒක හරිගස්සවල දෙන්නම්....ඔහු කීවේය.....

No comments: