Friday, May 3, 2019

අනතුරේ පෙරලිය 39............මෙතෙක් දිනක් දේශානිගේ යනුවෙන් සිතාගෙන සිටි මෙම ගැහැනු සිරුර ප්රියන්තගේ මරනයෙන් පසුව මගේම විම ගැන සතුටක් ඇතිවිය. මා දිනෙන් දින දේශානිගේ  ජීවිතයට අවතීරනය වෙමින් ඇය ගතකල ගැහැණු ජීවිතයට හුරුවන්ට වුනෙමි.දේශානිට පෙර තිබුනු නරක ගතිගුන දැන් මා තුලින් විද්යාමාන නොවන නිසා ගෙදර සියලුදෙනාම සතුටින් සිටිනබව පෙනෙන්ට තිබුනි.

           ප්රියන්තගේ මරනයෙන් පසු එලබුනු පලමු ඉරිදා අපි පල්ලි ගියෙමු. වෙනදා මෙන් දේව මෙහෙයට සහභාගීවූ අපි දේව මෙහෙයෙන් පසුව පියතුමා මුනගැසුනෙමු.....මේ දරුවත් ඉගෙනගන්නෙ ප්රියන්ත ඉගෙනගත්ත විශයන්ම නේද....කතාබහ අතරතුර එතුමා මගෙන් ඇසුවේ මා පෙර සිටි ප්රියන්ත යනුවෙන් කිසිවෙකුට නොහැගෙන ලෙසය.....ඔව් පාදර්....ඒත් විභාගෙ කරන්නෙ ලබන අවුරුද්දෙ.....දේශානිට තව අවුරුද්දක් කල් තිබෙන නිසා පිලිතුරු දුන්නෙමි....ප්රියන්ත පව්විච්චි කරපු පොත්පත් එහෙම තියෙනව ඔය දරුවට ඔන්නම් ඒව අරගන්න.....එතුමා පවසනවිට දිනවල මා භාවිතාකල පොත්පත් සහ උපකරන අවසයනම් ගෙනයන්න යන අදහස ඉදිරිපත්කල බව මට වැටහුනි..... අයිය මේ අවුරුද්දෙ නේද එක්සෑම් ලියන්න හිටියෙ....මා නොදන්නාක් මෙන් ඇසුවෙමි....ඔව්..මට හිතෙන්නෙ ඔනැකරන හැම දෙයක්ම ඇති...මොකද ප්රියන්ත කියන්නෙ ඉගෙනීමට හොදට දක්ෂව හිටිය දරුවෙක්නෙ.... හින්ද එයාගෙ පොත්පත්වලින් ඔය දරුවට ප්රයෝජනයක් වෙයි....එතුමා පැවසුවේය. මා ඉගෙනගත් එම විශයන් වල මා ලියාගත් සටහන් නැවත කියවීමෙන් දැනුම වැඩිවනබව තේරුම්ගත් මට ඒවා ගෙනයා හැකිනම් හොදයැයි සිතුනි.මේ සමගම මා භාවිතාකල තවත් දේවල් වලින් මට දැන් අවස්ය දෙවල්ද ගෙනයා හැකිබව  කල්පනා කලෙමි.....මේ අතර මා භාවිතා කල ලැප් ටොප් පරිඝණකයද තිබෙන බව කල්පනාවිය.....එය දැන් මා සන්තකයේ ඇති දේශානිගේ පරිඝණකය තරම් වටිනා එකක් නොවුනද එහි ගබඩාකරගෙන තිබුනු සමහර දේවල් වෙන අයෙක් බලයිද යන සැකය ඇතිවී තිබුනි.....දැන් මම කෙල්ලෙක් වුනාට කොල්ලෙක් වෙලා හිටිය මට ඒවගෙ දේවල් බලන්න ආශාව තිබුනනෙ......මට සිතුනි.....එහෙත් එහි පාස්වර්ඩ් එක කිසිවෙකුත් නොදන්නා නිසා ගැටලුවක් ඇතිනොවුනද....එය විවුර්ත කිරීමට දන්නා අයකු අතට පත්වුවහොත් බැලිය හැකිබව කල්පනා විය. මේ නිසා එම පරිගනකයද ගෙනයා යුතුබව සිතට ගත්තෙමි...... නෝට්ස් ටික දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් පාදර්....මම කීවෙමි.....එන්න මම ප්රියන්තගෙ කාමරේ පෙන්වන්නම්.....ඔය ලමයට ඕනැකරන ඕනැදෙයක් අරන්යන්න.....මා සිටි කාමරය මා දන්නා බව පූජකතුමා දැනසිටියත් නොදන්නා කෙනෙකුට මෙන් පැවසුවේය....මොකටද දුවේ ඒව ඔයා දැන් පන්ති එහෙම යනවනෙ....කාටහරි නැති බැරි ලමයෙකුට දෙන්න කිව්වනම් ඉවරනෙ.....අම්මා පැවසුවාය.....නෑ අම්මෙ මම මේ දවස් ටිකට දැනගත්ත විදියට ප්රියන්ත කියන්නෙ හුඟක් දක්ෂ කෙනෙක්....ඉතින් එයාගෙ නෝට්ස් බලන්න පුලුවන්නම් මටත් ලොකු දෙයක්නෙ අම්මෙ.....ඇයගේ විරුද්ධත්වය නිසා පැවසුවෙමි....දුවට හොදයි කියල හිතෙනවනම් ගිහින් බලන්න....අම්මා කීවාය......අපි මා පෙර සිටි කාමරයට ඇතුලුවුනෙමු.....මාගේ පැරනි ඇදුම් පැලදුම් සහ පොත්පත් එසේම තිබුනු අතර පරිඝණකයද මේසය මත තිබුනි.....මට දැන් ඉතින් කවදාවත් කලිසන් කමිස වගේ පිරිමි ඇඳුම් අදින්න වෙන්නෙ නෑ....මාගේ ඇදුම් රාක්කය දෙස බලා කල්පනා කල අතර..... ඊට වඩා මේ ගැහැණු ඇදුම් කොච්චර හොඳ්ද.....මා ඇදගෙන සිටි ගවුම ආශාවෙන් අතගාමින් කල්පනාකලෙමි. මේසය අසලට ගිය මා මාගේ හුරුපුරුදු පොත් ටික අදින්ට වුනෙමි. මා ඒවා උඩින්පල්ලෙන් බලමින් අවශ්යය පොත් ටික එකතුකරන්ට වුනෙමි.....ඕව අක්කට ඕනැ ඒවද නැති ඒවද කියල හරියට බලන්නෙත් නැතුවනෙ ගන්නෙ.....මා පොත් වෙන්කරන ආකාරය දෙස බලාසිටි මල්ලී පැවසුවේය.....මේව කියව කියව ඉන්න වෙලාවක් නෑ මල්ලි...මට හිතෙනව මේව ඕනැවෙයි කියල....ඕනැ නැත්නම් ආපහු ගෙනත්දෙන්න පුලුවන්නෙ.....මා පැවසුවෙමි.මාත් මල්ලිත් කාමරය තුල මේවා තෝරන අතරතුර අම්මා සහ තාත්තා එලියට වී පියතුමා සමග කතාකරමින් සිටිනබව දුටුවෙමි.මේ ලාච්චුවල මොනවද දන්නෙ නෑ තියෙන්නෙ.....පැවසූ මා මගේම ලාච්චු විවුර්ත කරමින් එය තුල තිබුනු වැදගත් දේවල් අරගත්තෙමි. මා භාවිතාකල ඇදුම් දමන බෑගය තුලට ඒවා අඩුක්කල මා පරිගනකය අතට ගත්විට....ඕක මොකටද අක්කට එකක් තියෙන්නෙ....මල්ලී ඇසුවේය....මේකෙත් මොනව හරි ඕනැකරන දේවල් ඇතිනෙ මල්ලි....අරගෙන ගිහින් බලමු ඕනැනැතිනම් ගෙනත් දෙමු....කී මා එයද බෑගයට දා ගත්තෙමි.....මා භාවිතාකල පෙන් ඩ්රයිව් දෙකක් ගත් අතර අනිත් ඒවා යහලුවන්ගේ බැවින් එසේම තිබෙන්ට හරියෙමි.     

No comments: