අනතුරේ පෙරලිය 25..................ඒ මොකක්ද පාදර්.....මම පුදුමයෙන් ඇසුවෙමි......මම යනකොට සිහිය ඇවිත් තිබුනෙ...මා දිහා බැලුව එයා කෙදිරිගගා ඇහුවනෙ......මොකටද ආවෙ කියල.....ඉතින් මම කිව්ව ආශිර්වාද කරන්න කියල...ඒ සැරේ එයා කිව්වනෙ....මට දෙවියන්ගෙ ආශීර්වාද ඕනැ නෑ.....මම ඕව විස්වාසකරන්නෙ නෑ කියල.....ඉතින් පාදර් මොකද කිව්වෙ....මම මොකුත් කියන්නෙ නැතුව ආශිර්වාද කරන්න ගත්ත....එයා ඇහුවනෙ කෝ අම්මයි තාත්තයි කියල...ඒ සැරේ මම ඇහුව කවුද අම්මයි තාත්තයි කියල....ඒ සැරේ එයා කිව්වනෙ....විජේ එන්ට්රප්රිස් අයිතිකාරය මගේ තාත්ත කියල.....එතකොට එයා දේශානි විදියටද කතාකලේ.....මම පුදුමයෙන් ඇසුවෙමි.....ඔව් මටත් ඒ වෙලාවෙ පුදුම හිතුන ළමයො .....එතකොට දේශානි ඉන්නෙ ප්රියන්තගෙ ඇගේද.....මා ගැටලුකාරී ලෙස කල්පනා කලෙමි.....මේක වෙන්න පුලුවන්ද පාදර්....මා ඇසුවෙමි....ඒක තමයි ලමයෝ මාත් මේ කල්පනා කරන්නෙ.....මේ ගැන කාත් එක්කවත් කියන්නවත් බෑ....ඒ ලමයට ඔහොම්මම හොදවුනොත් තමා ගැටලුවක් වෙන්නෙ.....සනීපවුනොත් ඒ ලමය ඔක්කොම කියයි....මම දැන් කල්පනා කරන්නෙ ඒකට මොකද කරන්නෙ කියල......එතුමා කල්පනා කරන්ට විය.....කමක් නෑ අපි එන දේකට මුහුනදෙමු....මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නම් මේ ගැටලුව විසදල දෙන්න කියල....ඔයලමය බය නැතුව ඉන්න එතුමා පැවසුවේය......ඒක නෙවෙයි ලමයො ඔය දේශානි කියන්නෙ පල්ලියට විරුද්ධ කෙනෙක්ද.....එතුමා ඇසුවේය.....මට තේරෙන හැටියටනම් එයා ආගම් විශ්වාස කරන එක්කෙනෙක් නෙවෙයි.....මම පල්ලි එන්න ඕනැ කිව්වමත් අම්මයි දාත්තයි මගෙ දිහා පුදුම වෙලා වගේ බැලුවෙ.....අම්ම ඇහුව දැන්වත් දෙවියන් වහන්සේ විශ්වාස කරනවද කියල.....මම එතුමාට පැහැදිලිකරන්ට වුනෙමි......ඒකත් ලොකු ගැටලුවක්නෙ.....දැන් ඒලමයට සිහිය ඇවිත් හොදවුනොත් මේ පල්ලියටනම් එක්ක එන්න බෑ.....අම්මයි තාත්තයි මුනගස්වන්නත් හොදනෑ....එහෙම වුනොත් ඔක්කොටම ලොකු ගැටලුවක් වෙන්නෙ.....පියතුමා කියන්ට විය.....හරි වැඩේනෙ පාදර් දැන් මොකද කරන්නෙ....මා ඇසුවෙමි.....ඒක තමයි මේක හොදට කල්පනා කරන්න ඕනැ දෙයක්.....එතුමා කීවේය......ඇත්තම කියමුද පාදර්.....මා ඇසුවෙමි.....එපා බැරිම වුනොත් කියමු.... ඒකත් කියන්න ඕනැ විදියක් තියනව ඒ විදියට කිව්වොත් ගැටලුවක් වෙන්නෙ නෑ.....තව ටිකක් බලල මොකක් හරි කරමු.....පවසූ එතුමා ......... මටනම් හිතෙන්නෙ දරුවො ඒ ළමයට දෙවියන් වහන්සේ දඬුවමක් දීල ඔයාට තෑග්ගක් දීල කියල.....මේක දෙවියන් වහන්සේගේ වැඩක් හින්ද ගැටලුවක් වෙන එකක් නෑ....අපි මොකද වෙන්නෙ කියල බලමුකො....අවසානයේ පියතුමා පැවසූ වචන නිසා මගේ සිතට යම් සහනයක් ඇතිවිය.
අපි ගෙදර ගියත් මේ ගැටලුව මගේ සිතතුල ඉස්මතුවෙමින් තිබුණි..... දැන්නම් මෙයාලට ඇත්ත කියලත් බෑ නොකියත් බෑ...ඒත් පාදර් කිව්වනෙ ලොකු ගැටලුවක් වෙනවනම් විතරක් කියමු කියල...ඒ හින්ද මොකුත් හඟවන්නෙ නැතුව වෙනද වගේම ඉන්න ඕනැ....මා සිතාගත්තෙමි....අපිව ගෙදරට ඇරලූ තාත්තා නැවත බිස්නස් වැඩවලට පිටත්විය.....අනේ මන්ද මේ තාත්තට ගෙදර ඉන්නත් ඉවරයක් නෑනෙ....කල්පනා කරමින් කාමරය තුලට ගොස් ඇදුම් මාරුකරගත්තෙමි.....අනේ මන්ද මට අයිති නැති දේශානිගෙ සිරුර මම අරගෙන ඒ ළමයට වැරද්දක් කලාද මන්ද.....කන්නාඩිය තුලින් ඇගේ සිරුර නරඹමීන් කල්පනා කලෙමි....ඒත් මම හිතාමතා කල දෙයක් නෙවෙයිනෙ.......මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති. උන්වහන්සේට විරුද්ධ වෙන්න බෑනෙ.....කල්පනාකල මා සිත හදාගත්තෙමි
දහවල් ආහාරය ගත්පසු කාමරයට ගිය මා දේශානිගේ පේස්බුක් එකට ගොස් එය නැරබුවෙමි.....ඇත්තටම ඇය ආගම් විරෝධී ආකල්පයක් දරා ඇතිබව එහි තුබුනු තොරතුරුවලින් දැනගැනීමට ලැබුනි....දෙවියන් වහන්සේටයි ජේසුස් වහන්සේටයි අපහාස කරල දාන්න තරම් මෙයා පහත් මානසික තත්වයෙන්ද ඉදල තියෙන්නෙ....ඒ අතර ඇය අනිත් ආගම්වලටද අපහාස කරමින් සිටි කෙනෙක් බව පෙනෙන්ට තිබුනි.....මේවයේ විපාක තමයි මෙයා මේ අත්විදින්නෙ.....මට සිතුනි....පෝන් එකෙත් මොනව තියෙනවද දන්නෙ නෑ....සිතූ මම එහි ඇති තොරතුරුද බලන්ටවුනෙමි.....එහි නොයෙක් ආකාරයේ පොටෝ තිබුනු අතර ඒයාලා කවුරුන්දැයි මා නොදන්නා බව තේරුනි.
ටිකවේලාවකට පසු මා සාලයට ගියෙමි....ඒ වනවිට මල්ලී චිත්රපටියක් නරඹන අයුරු දුටු මාද එයට එකතුවුනෙමි......මල්ලිත් පිල්ම් පිස්සෙක් වගේ....එක අතකට මේවගේ ටී වී එකක් තියාගෙන මේවගේ සවුන්ඩ් සිස්ටම් එකක් තියාගෙන ඒවයෙන් ප්රයෝජන ගන්නෙ නැත්නම් වැඩක් නෑනෙ.....මට සිතුනි......අද මල්ලිට පන්ති නැද්ද....මා ඇසුවෙමි....ඇයි අක්කට මතක නැද්ද අද පහට සර් කෙනෙක් එනව කියල....අනේ මල්ලි මට මතක නෑනෙ....මා කීවෙමි......මටත් පන්ති තිබුනද මල්ලි.....ඒ අවසරයෙන් දේශානිගේ පන්ති ගැනත් ඇසුවෙමි.....ඇයි අක්කත් අද දෙක වෙනකොට පන්ති යනවනෙ.....මේ දවස් ටිකේ අක්කට යන්න බෑනෙ....ඔහු කීවේය...දැන් ඉතින් මගෙ පන්ති ගැනත් හොයල දැනගන්න වෙනව.......සිතූ මා.....මට මොකටද පන්ති උසස් පෙල විභාගෙට එන සියලුම පාඩම් ඉවරකරලනෙ ඉන්නෙ.....ඒ නෝට්ස් ටික අරන් ආවොත් පාඩම් කරගන්න පුලුවන්නෙ.....මා ප්රියන්ත ලෙස ජීවත්වූ කලයේ තිබුනු පොත්පත් ගැන සිහිවිය.
No comments:
Post a Comment