Thursday, May 2, 2019

අනතුරේ  පෙරලිය 29......මතෙක් කලක් පිරිමි ලමයෙකු ලෙස පාසැල් ගිය මට මා වටා හිටියේ පිරිමි ළමුන් වන අතර ඇසුරුකරන්ට ලැබුනේ පිරිමි ළමුන්ය. එහෙත් අද මා වටේ ඉන්නේ ගැහැණු ළමුන් වන අතර ඇසුරුකිරීමට සිදුවන්නේ ගැහැණු ළමුන්ය. මෙය මට ඇතිවන අමුතුම අත්දැකීමක් වනබව කල්පනා කලෙමි. මාගේ සිතතුල මෙයට කැමත්තක් ඇතිවුවද ගැහැණු ලමයෙකු වශයෙන් සහ දේශානිගේ ජීවිතයට අවතීරනය වීමේ ගැටලුව පවතිනබව බව සිහිවනවිට  හිතට බයක් ඇතිවිය.එහෙත් දැන් කෙසේ හෝ මේ ජීවිතයට හුරුවීම හැර වෙන කල හැකි වෙනත් විකල්පයක්  නොමැතිබව කල්පනා කලෙමි. මාව පන්තියට එක්ක නිර්මලා මිස් රසායන විද්යා ගුරුවරිය බව මට තේරුනේ ඇය රසායන විද්යා පාඩම උගන්වන විටදීය....මම ඔයාලට උගන්වල තියෙනව ලීන් කාන්ඩයේ කාබනික සන්යෝග ගැන....දේශානිට මතකනම් කියන්න බලන්න එතිලීන් වල රසායන සන්යුතිය....ඇය මගෙන් ඇසුවේ මගේ මතකය පරීක්ෂා කිරීමේ අරමුනින් බව දැනගත් මා එහි පිලිතුර නිවැරදිව පැවසුවෙමි....පන්තියේ සියලුම ළමුන් පුදුමයෙන් මෙන් මා දෙස බලනු දුටු අතර.....දේශානිට පරන දේවල් අමතක වෙලා කිව්වට....විශය කරුනු හොඳට මතකනෙ.....මටනම් හිතාගන්න බෑ එහෙම උනේ කොහොමද කියල....ඇය කියන්ට වූවාය....ප්රියන්ත වශයෙන් මා මේවා පාඩම් කර ඇතිබව මොවුන්ට පවසන්නේ කෙසේද....මා සිතන්ට වුනෙමි. ටිකවෙලාවකින්  සත්ව විද්යාව උගන්වන ගුරුවරිය පැමිනි පසු මා ගැන ඇයද දැනගෙන සිටින බව දැනගත්තේ....දේශානිට විශය කරුනු මතක තියෙනවනම් ඉගෙනීමේ කටයුතු වලට භාදාවක් නෑ නේද....ඇසූ විටය.
               විවේක කාලය වුදාවූ විට මා කරන්නේ කුමක් දැයි කල්පනා කරමින් සිටින විට. මා අසලට පැමිනි යෙහෙලියක් ඔයා කෑමට මොනවත් ගෙනාවෙ නැද්ද ඇසුවාය....එවිටම මා අසලට පැමිනි ඉශානි....යමු කැන්ටිමට කී ඇය කැන්ටිම තියෙන තැන මතකද ඇසුවාය....මා නෑ යනුවෙන්....හිසවනා ප්රකාශ කරනවිට...යමු මාත් එක්ක...කී ඇය මාව එක්කගෙන යනවිට මා සමඟ කතාකල යෙහෙලියද ආවාය...එම කැන්ටිම මා ඉගෙන ගත් රජයේ පාඇලට වඩා විශාල එකක් බව දක්නට ලැබුණි...මේසයක වාඩිවූ අපි ගෙදරින් ගෙන කෑම බෙදාගෙන කන්ටවුනිමු. කෑම ගැනීමෙන් අනතුරුව තාත්තා දුන් සල්ලි මතවූ මා....අපි මොනව හරි කමුද අයිස් ක්රීම් හොදයි නේද මා ඔව්න් දෙදෙනාගෙන් ඇසුවෙමි....කමු කමු තවමත් නම නොදත් යෙහෙලිය කීවාය....එවිටම තරුශිකා සහ මනෝජි සමග තවත් යෙහෙලියන් කිහිපදෙනෙක් සමඟ අප දෙසට පැමිනෙනු දුටුවෙමි...ඔව්න් පැමිනි ගනන ගනන්කල මා...අයිස් ක්රීම් එකොලහක් ගෙන ඔව්න්ට බෙදා දුන්නෙමි....තෑන්ක් දේශානී කී ඔවුන් මාසමග ඒවායේ රසබලන්ට විය....මුන්ටික දැන් දේශානිගෙන් අයිස්ක්රීම් කනව.... අපි තුන්දෙනා තමයි මෙයාගෙ ලෙඩ බලන්නෙ ගියෙ නේද ඉශානි....තරුශිකා කීවිට....ඒක තමයි මෙයාලට මොකුත් දෙන්න හොඳනෑ ...මනෝජි සිනහසෙමින් කීවාය.....උඹල දේශානිව බලන්න නොගියට කමක් නෑ....දැන්වත් මෙයාව හොඳට බලා ගනිල්ල.....ඉශානි...කීවිට.....අනේ සොරි දේශානී අපි ඉතින් ගොඩක් දුර ඉදන්නෙ එන්නෙ....ඔව්න්ගෙන් කිහිපදෙනෙක් මට කනගාටුව ප්රකාශ කරමින් කතා කරන්ට විය.....කමක් නෑ අනේ මම කා එකවත් තරහ නෑ....මා පැවසුවෙමි.
            මට ගැටලුවක් ලෙස පැවති ගැහැණු ලමයෙකු වසයෙන් මගේ පලමු පාසැල් කාලය මෙතරම් හොදින් ගෙවී යෑම ගැන සතුටු වුනෙමි.පාසැල ඇරුනු පසු අම්මා මල්ලී එක්ක යන කාරයේ පැමින සිටිබව දුටු මා එම ස්තානයට ගියෙමි...ගැටලුවක් වුනේ නෑ නේද දුවේ ඇය මගේ හිස අතගාමින් ඇසුවාය.....නෑ අම්මෙ....මා සතුටින් පැවසූ විට...ඇයද සතුටුවනබව දුටුවෙමි....අපි පිටුපස ආසනයේ වාඩිවූ පසු වාහනය මල්ලීගේ පාසැල බලා පිටත්විය..අපි යනවිට මල්ලිද ගේට්ටුව අසල සිටිනු දක්නට ලැබුනි.....මල්ලී ඉදිරිපස ආසනයේ වාඩිවිය.....මෙය වටිනා නවීන පන්නයේ බී එම් වබ්ලිවු වරගයේ කාර් රතයක් බව මා හරියටම දැනගත්තේ අදය.....එදා දේශානිත් යන්න ඇත්තෙ මේ වාහනේ වෙන්න ඇති....මේක එලවන්නෙත් ටිකක් වයසක අන්කල් කෙනෙක් හින්ද ගැටලුවක් වෙන්නෙත් නෑනෙ....මා කල්පනා කලෙමි.

               දැන් ඉතින් මට පුලුවන් හැමදාම මේවිදියට ලස්සන කෙල්ලෙක් වෙලා ඉස්කෝලෙ යන්න.....කාමරය තුලට ගොස් පාසැල් ඇදුම් ඉවත්කරන අතරතුර සතුටින් කල්පනා කාලෙමි. එවිටම දේශානිගේ දුරකතනය නාදවිය....කවුද දන්නෙ නෑ ...කුතුහලයෙන් යුතුව එයට කතාකලෙමි......දේශානී අද හතරට පිසික්ස් පන්ති තියෙනව එනවද....අමතක වෙලාද කියල මතක් කලේ.....ඉශානිගේ කටහඩ ඇසුනි....කොහේද තියෙන්නෙ...මා ඇසුවේ  බවුතිකවිද්යා පන්ති කිහිපයක් තිබුනත්  කුමන පන්තියදැයි නොදන්නා බැවිනි.....මතක නැද්ද ඇසූ ඇය...යනවනම් මම කාර් එකේ එන්නම් ලෑස්තිවෙලා ඉන්න....ඇය කීවාය.....එහෙත් මට එයට නිස්චිත උත්තරයක් දීමට නොහැකි බැවින්...... අම්මගෙන් අහල තව චුට්ටකින් කියන්නම්....කීවෙමි. ......හරි හරි...අහල කියහන්කෝ....කී ඇය ඇමතුම විසන්දි කලාය....අම්මේ ඉශානි කෝල් කරල කිව්ව මට අද පන්ති තියෙනව කියල....යන්නද ඇසුවෙමි.....තනියම යන්න පුලුවන්ද ඇය ඇසුවාය.....ඉශානි මාව එක්ක යන්න එන්නම් කිව්ව..... ඒලමය එක්ක යනවනම් ප්රශ්නයක් නෑ...කිව්ව ඇය කොයි එකටත් තාත්තට කියන්න ඕනැ පැවසූ ඇය තාත්තාට කතාකරන්ටවූවාය.....මට කතාකල තාත්තා.....දුවට උදේ ගැටලුවක් උනේ නැත්නම් පන්තියට ගියාට කමක් නෑ....ඔයාගෙ යාලුවත් එක්ක යන්න.....මොකක් හරි ගැටලුවක් උනොත් මට කතාකරන්නකො....ඔහු කීවේය....තත්තා අවසර දුන් බැවින්....මා ඉශාරිට පැමිනෙන බව කීවෙමි.

No comments: