Friday, May 3, 2019


අනතුරේ පෙරලිය 49............ උදෑසන ආහාර ගත් අපි ඔවුන්ගෙන් සමුගෙන නැවත හෝටලය බලා පිටත්වූ අතර අක්කා සහ අයියා ඔවුන් ඉගෙනගන්න කැම්පස් එක බලා පිටත්විය. අපිට ස්වීඩන් බලා යෑමේ ගුවන්යානය තිබුනේ පසුදින දහවල් බැවින් හෝටලයේ නවා තැන්ගත්තෙමු. මා සහ මල්ලී එකම කාමරයේ නිදාගත්තෙමු.....වෙනදට මෙහෙ ආවහම මම අක්කත් එක්ක එක කාමරේ ඉන්නෙ නෑනෙ....මල්ලී පැවසුවේය....ඇයි .... මා ඇසුවෙමි....ඔයා කැමති නෑනෙ මම ඉන්නවට.....ඔහු කීවේය........දැන් අක්ක එහෙම නෑනෙ..... මා ඔහුගේ හිස අතගාමින් කීවෙමි....අක්ක හැම්දාම ඔහොම ඉන්නවනම් හොදයි.....ඔහු පැවසුවේය.
               පසුදින අපි ස්වීඩනය බලා පිටත්වුනෙමු. අපි තාත්තාගේ හෝටලට යනවිට සවස්වී තිබුනු අතර මිහිදුම් ගතිය සහ හිම පාවෙන නිසා අපේ රටේදී මෙන් හිරු එලියෙන් වෙලාව කීමට නොහැකිබව දක්නට ලැබුනි.....මාව දුටු දේශානිගේ මහප්පා සහ පුන්චි අම්මා මාව තුරුලට ගෙන මදෑ ඔයින් ගියා....දුවට පරන දේවල් අමතක උනාට හොදට කල්පනාව තියෙනවනෙ.....පවසන්ටවිය.....අක්කට පරන දේවල් අමතක උන එක හොදයි ලොකු අම්මෙ.....මල්ලී කියනවිට....නිතරම මේ දෙන්න වලිනෙ අක්කෙ... දැන් දෙන්න එකතුනෙ ඒකයි පුතා ඔහොම කියන්නෙ....අම්මා පැවසුවාය.....තාත්තාගේ හෝටලය තරමක විශාල එකක් වූ අතර ලොකු තාත්තා එහි පාලනය ගෙනියන බව දුටුවෙමි....කෝ අක්කෙ පුතාල අමා ඇසුවේය...එයාල වැඩට ගිහින් තව පොඩ්ඩකින් එයි.....කී ඇය යමුකො  කාමරේට කී ඇය අපිත් සමග කාමරයට යන්ටවිය. එය තරමක ලොකු කාමරයක් වූ අතර ඔවුන් නැවතී සිටින කාමරය එය බව දක්නට ලැබුනි......අපිටද වෙනම කාමර දෙකක් වෙන්කට තිබුනු බව දක්නට ලැබුනු අතර ඊයේ මෙන් මට සහ මල්ලීට එකම කාමරයේ සිටීමට සිදුවිය. මල්ලී වුවද පිරිමි ලමයෙකු නිසා ගැහැණු ලමයෙක් බවට පත්වී ඇති මට ඔහු අසල ඇදුම් මාරුකිරීමේ ගැටලුව ඇතිවිය. මා ඇදුම් මාරු කරගන්නා විට මල්ලී එලියට යන නිසා එය එතරම් ගැටලුවක් නොවුනි.
                    රෑවීගෙන එනවිට ලොකු තාත්තාගේ පුතාලා දෙදෙනා පැමිනි අතර ඔව්න්ද ලොකු තාත්තා මෙන් උස මහත අය විය.....මගේ අතීතය අමතක වීම ගැන ඔවුන්ද දෙනගෙන ඇතිබව ඔවුන්ගේ කතාවෙන් දැනගන්ට ලැබුනි. සතියක පමන කාලයක් එහි ගතකල අපි නොයෙක් ස්තාන නැරබීමට ගියෙමු.....ඉන්පසු ලන්ඩන් බලා යන්ට පිටත්වුනිමු.
                         පැය කිහිපයක ගුවන් ගමනකින් පසු අපි ලන්ඩන් වල පිහිටි හීත්රෝ ගුවන් තොටුපලට ගොඩබැස්සෙමු.....මා මීට ඉස්සර අසා තිබුනු මෙය දෑසින්ම දක්නට හැකිවීම වාසනාවක් ලෙස හැගෙන්ට විය.මෙය ඉතා විශාල සහ කාර්යක්ෂම ගුවන් තොටුපලක් බව දක්නට ලැබුනි. අපි එලියට යනවිට පුන්චි අම්මා සහ බාප්පා අපිව රැගෙන යෑම සදහා පැමින සිටිනබව දක්නට ලැබුනු අතර මීට පෙර පොටෝ වලින් දැක තිබුනු මට ඔව්න්ව හදුනා ගැනීමට හැකිවිය. පුන්චි අම්මාගේ නිවසට යෑම සදහා තවත් කිලෝමීටර් ගනනක් යෑමට සිදුවූ අතර අධිවේගී මාර්ග තිබුනු නිසා වේග්යෙන් යෑමට හැකිවිය.
                    නිවස පිහිටා තිබුනු පෙදෙස් නගරට දුරින් පිහිටා තිබුනු නිසාදෝ...අවට එතරම් ගෙවල් ඇතිබවක් පෙනෙන්ට නොතිබුනු අතර හැම තැනම හිම පතිතවී සුදු පැහැ ගැන්වී තිබුනි. නිවසට ලගාවන විටද නිවසේ වහලය මත හිම වැටී සුදු පැහැයෙන් තිබුනි. නිවස තුලට ගියවිට මා ඉදිරියට පැමිනි ඇගේ දුවවන අක්කා මාව තුරුලු කරගෙන සිපගන්ටවූවාය...නංගිව ආයෙත් දකින්න ලැබුන එකත් ලොකු දෙයක්...ඇය කීවාය. එම නිවස තරමක් විශාල එකක් බවත් හොදට ඉඩකඩ තිබෙනබව දක්නට ලැබුනි....බාප්පා මෙහි විශවවිද්යාලයක මහාචාර්ය වරයෙක් බව දැනගැනීමට ලැබුනේ ඔහුගේ නමට ඉදිරියෙන් ප්රොපේෂර් යන නාමය තිබුනු බැවිනි....දැන් බලන කොට දේශානිගේ පවුලෙ අය එසේ මෙසේ අය නෙවෙයි.....ඒක තමයි දේශානි මේ තරම් ආඩම්බර කම් පෙන්වගෙන ඉදල තියෙන්නෙ.......මා කල්පනාකරන්ට වුනෙමි.... වුනාට මල්ලි එහෙම නෑනෙ.....මට සිතුනි.

                    අක්කා සහ අයියා මෙහෙ විශ්වවිද්යාල වල ඉගෙන ගන්නා බව අසන්ට ලැබුනි. මෙහිදීද මට නිදාගනිමට ලැබුනේ අක්කාගේ කාමරයේ බැවින් මට ඇදුම් මාරුකර ගැනීමේ  ගැටලුවක් ඇතිනොවුනි. මෙහි සති දෙකක පමන කාලයක් ගත කරන බැවිනුත් මේකාලයේ නත්තල් නිවාඩුව පටන්ගෙන ඇති නිසාත් අපිට නොයෙක් පලාත්වල ඇවිදිමින් විනෝදවිය හැකිබව බාප්පා පැවසීය.....වෙනදටත් මෙහෙ ආවම ඇවිදිනවද මල්ලි....මා මල්ලිගෙන් ඇසුවේ නොදන්නා කමටය.....අක්කට අමතක උනාට අපි හැමදාම කොහේ හරි යනවනෙ.....මෙහෙ ඉන්න කොට මාර ජොලි අක්කෙ....ඔහු සතුටින් කියන්ට විය. මෙහෙ සිටින අක්කා අයියාට වඩා වැඩිමල් යනුවෙන් දැනගැනීමට ලැබුනේ ඇය ඔහුට මල්ලී යනුවෙන් අමතන බැවිනි.....ඔහු මට වඩා අවුරුද්දකට පමන වැඩිමල් බව දැනගන්ට ලැබුනි. සීතල වැඩි බැවින් සියලුම කාමරවලට උනුසුම් වීමේ උපකන සවිකර තිබුනු බැවින් එතරම් ගැටලුවක් ඇති නොවුනි.

No comments: