Thursday, May 2, 2019

අනතුරේ  පෙරලිය 27............ඔයාගෙ යාලුවොත් උදවු කරනවනම් ඉස්කෝලෙ ගියා කියල ගැටලුවක් නෑ නේද දුවේ.....මා ගෙට පැමිනිවිට අම්මා ඇසුවාය......කෙල්ලෙක් වසයෙන් පාසැල් ගොස් ගැහැනු ළමයි අතර සිටීමට සිතතුල යම් සතුටක් හටගත්තද ගැහැනු ජීවිතය නොපුරුදු බව බැවින් යම් බියක්ද ඇතිවිය......දවසක් දෙකක් යනකන් අමුත්තක් වගේ තේරෙයි ඊට පස්සෙ හරියයි....මොකුත් උනොත් දේශානිගෙ යාලුවො ඉන්නවනෙ...එයාල උදවුකරයි...මා කල්පනා කලෙමි....අපි තාත්තට කියල බලමු හෙට ඉදන් යන්න පුලුවන්ද කියල.... පැවසූ අම්මා.....හෙට ඉදන් ගියා කියල දුවට අපහසුවක් නෑ නේද..... ඇසුවාය.....ඔක්කෝම අමතක එක තමා තියෙන්නෙ... වෙන අමාරුවක්නම් නෑ ....මම කීවෙමි.....අම්මේ හෙට ඉඳන් අක්ක ඉස්කෝලෙ යනවද.....මේ සාකච්චාව අසාගෙන සිටි මල්ලී ඇසුවේය......ඔව් පොඩි පුතේ එහෙමයි හිතාගෙන ඉන්නෙ....අම්මෝ අක්කට කිසිදෙයක් මතක නැතුව කොහේ යයිද දන්නෙ නෑ....මල්ලී කීවිට.....එයාගෙ යාලුවො උදවු කරයි...අම්මා කීවාය....එහෙනම් කමක් නෑ...පැවසූ ඔහු ටී වී එක දෙසට යන්ටවිය.....මට ඔක්කොටම වඩා සතුටු නයයි මුගටියයි වගේ හිටිය අක්කයි මල්ලියි යාලුවුන එක ගැනයි....අම්මා සතුටින් කියන අයුරු දුටුවෙමි.
                තත්තා ගෙදර පැමිනි පසු මගේ පසැල් ගමන ගැන අම්මා විමසන්ටවිය.....මෙයාව නිකන් යවල බෑ මැටිල්ඩා ...අපිත් මෙයත් එක්ක ගිහින් ප්රින්සිපල් මැඩම් හම්බවෙලා මෙයාගෙ මේ විස්තරේ කියල ඕනැ බාර දෙන්න.......තාත්තා පැවසූවිට...දුවගෙ යාලුවො දෙන්නත් ඇවිත් කියල ගියානෙ එයාල උදවු කරන්නම් කියල.....අම්මා පැවසුවාය.....ඒක හොදයි....ඒත් ගුරුවරුත් දැනුවත් කරන්න ඕනැනෙ....මාත් එන්නම් හෙට උදේට ලෑස්ති වෙන්නකො.....තාත්තා කිව්වේය.
               හෙට පටන් පාසැල් යෑමට සිදුවන බව තේරුනු මට සතුටක් සමග බයක්ද ඇතිවිය.....කෙල්ලෙක් විදියට ඉස්කෝලෙ යන්න තියෙනවනම් හොදයි.....ඒත් කෙල්ලෙක් විදියට හැසිරෙන්න පුලුවන්වෙයිද මන්ද....මා කාමරය තුලට ගොස් කල්පනා කල අතර....හෙට ඇදගෙන යන ඇදුම් සොයන්ට වුනෙමි.....රජයේ පාසැල් වල මෙන් මේ පාසැලටද ඇදගෙන යෑමට තිබුනේ සුදු ගවුමක් වන අතර ටයි පටිය රාක්කයේ එල්ලා ඇතිබව දක්නට ලැබුනි....සුදු ගවුමක් තිබුනත් අම්මාට පවසා සොයා ගැනීම සුදුසු යයි කල්පනා කල මා හෙට අදින ඇදුම් තෝරා දෙනලෙස පැවසුවෙමි. මගේ කාමරයට පැමිනි ඇය හෙට ඇදීමට සුදුසු සියලුම ඇදුම් තෝරාදෙන්ටවූවාය. ගවුම මැදීම සඳහා සේවිකාවකට දුන් ඇය මගේ සපත්තු දෙකද පිරිසිදු කරදෙන ලෙස පැවසුවාය.
                 පසුදින උදෑසන අවදිවූ මා පාසැල් යෑම සඳහා සූදානම් වන්ටවුනෙමි....සුදු පැහැති පාසැල් නිල ගවුම ඇදගත් මට ටයිපටිය ගැටගැසීම ගැන එතරම් ගැටලුවක් ඇති නොවුනේ මින් පෙර මා සිස්ය නායෙකයෙකු බැවින් ටයිපටිය ගැටගසාගෙන යෑමේ තිබුනු පලපුරුද්ද නිසාය. සුදු පැහැති පාසැල් නිල ගවුම ඇදගෙන කැඩපතින් බැලූවිට මා තුලින් අමුතුම සිරියාවක් ඇතිබව දුටු මා එය දෙසා ඉතාමත්ම ආශාවෙන් බලා සිටියෙමි.....ලෑස්තිද දුවේ....කාමරය තුලට පැමිනි අම්මා ඇසුවාය.... වනවිට අම්මාද සාරියකින් සැරසී සිටිනබව දක්නට ලැබුනි.....හරි අම්මෙ කොන්ඩෙ තමයි ප්රශ්නේ .....මා හිස අතගාමින් කියනවිට ස්කෝලෙට මෝස්තර දාන්න බෑ හින්ද ඔයා පීරන විදියට පීරගන්න....අඩුපාඩු තිබුනොත් මම හදන්නම්....කී ඇය ආපසු ගියාය. පනාව අතට ගත් මා කොන්ඩය පීරා මුහුනට කෙස් වැටෙන බැවින් කොන්ඩාකටු ගසා ගත්තෙමි.....මගෙ කොන්ඩෙ කොට හින්ද කැරලි දෙකකට ගොතන්න බැරිහින්ද හොදයි....නැත්නම් මට ගොතාගන්න බෑ.....ඒත් එහෙම කොන්ඩෙ ගොතාගෙන යන්න තිබුනනම් කොයිතරම් ලස්සනද....මා කල්පනා කලෙමි.

             පොත් බෑගයට පොත් කිහිපයක් දාගත් මා එයද අතට ගෙන එලියට ගියෙමි.....ඔය පීරගෙන ඉන්නෙ ලස්සනට...අම්මා මාදෙස බලා කීවාය....අම්මෝ ඇති යාන්තම් මම කොන්ඩෙ ලස්සනට පීරගෙන කිව්ව....මා සිතනවිට.....ඕනැකරන ඒව බෑක් එකට දාගත්තද...... ඇසුවාය....ඔව් අම්මෙ මතක හැටියට දාගත්ත.....මා කීවිට....කෝබලන්න අම්මා බැගය ඉල්ලාගෙන පරීක්ෂා කරන්ටවූවාය.....හරි...යනුවෙන් පැවසූ ඇය මගේ කාමරය තුලට යනු දුටුවෙමි...මාද ඇය සමග ගියෙමි.....කබඩය ඇරිය ඇය ඉන් කුඩා පාර්සලයක් ගෙන කොයි එකටත් මේකත් දාගෙන යන්න.....දුවට දැන් දිනලග ඇති......එම පාර්සලය කුමක්දැයි නොදන්නවා වුවද එය බෑගය තුලට දාගත් මා.....දින ලගයි කිව්වෙ මොකද...කල්පනා කරන්ට වුනෙමි. ඇය කාමරයෙන් පිටවූ පසු මා පර්සලය දිග හැර බැලුවෙමි. පෙම්ස් යනුවෙන් හදුන්වන ගැහැනු ලමිඋන්ගේ සනීපාරක්ෂක තුවා බව දැනගත්තේ එවිටය.....ගැහැනු අයට මාසෙකට සැරයක් ලේ පිටවෙනව කියනවනෙ.....මට ලගදිම වෙයි කියල තමයි මේව දෙන්න ඇත්තෙ.....දැන් ඉස්සර වගේ නෙවෙයි ඒක ගැනත් කල්පනාවෙන් ඉන්න ඕනැ.....සිතමින් පාර්සලය බෑගය අඩියට දාගත් මා කාමරයෙන් පිටවූවෙමි.....සේවිකාවක් මාගේ උදෑසන කෑම පාර්සලය ගෙන දුන් අතර එයද බෑගය තුලට දමාගත්තෙමි....මේ වනවිට සූදානම් වී සිටි මල්ලී වෙනදා මෙන් අපි සැමට යන්නම් කියා ඔහු යන වාහනයට ගොඩවිය. අපි තාත්තා සමග ප්රාඩෝ රථයට නැගී පිටත්වුනෙමු.   .

No comments: